කුර හඬෙකි වියැකෙන
නොදන්නා අතීතයක ඉඳන් තවලමක් ගව් යොදුන් දුර ගමන් කරන්නේ චාරිත්‍ර වාරිත්‍ර කැටුවය. මොවුහු අනුන්ගේ බත් පතක් රස ගන්වන ලුණු කැටයක් උදෙසා හත් අට මාසයක් අව්, වැසි, පිනි, නියඟ, ගංවතුර, සොර, සතුරු, මර බිය නොතකා, ලෙඩ දුක් නොසලකමින් කඳු හෙල්, ගංගා පසුකරමින්, දෙපයේ වීරියෙන් ඇවිද එති. රුදුරු වන සතුන් හා ගැටෙති. නපුරු විසකුරු සපුනට ගොදුරු වෙති. ඔවුන් ආපසු යන ගමනේ දී ද එබඳුම දුරක් ගෙවිය යුතුය. එබඳුම දුකක් අත්විඳිය යුතුය. බොහෝ විට ඔවුන් එනවා මිසක් ආපසු යන ගමනක් ගැන විශ්වාසය තබනු අසීරුය. එය හරියට මුහුදෙත්, අතුරෙත් යන ගමනක් වැනිය. ගිනි කාස්ටක අව්වේ හෙවණක හව්හරණයක් නැතුව රත්වුණු යවටක් බඳු ලුණු මිදුණු ලියැදිවලට බැස ගෝණිවලට ලුණු පැටවීම පණපිටින් අපාගත වන වැඩකි. මිදුණු ලුණු තට්ටුව යකඩ ඉණිවලින් ඇන කඩද්දී ලුණු කැට විසිරෙන්නේ බිඳුණු වීදුරු කැබලි වගේය. වාන් පතුල් දාගෙන හිටියත් යටි පතුල් කැපී ගලන ලෙයින් ධවල ලවණ තලාව රත් පැහැ ගනී. එවිට ලුණු කඩන, ගෝනිවලට අසුරන කම්කරුවන් පෙනෙන්නේ හරියට පන්සලේ විහාර මන්දිරයේ බිතු සිතුවම් තුළින් හමුවන අජාසත්ත පුතා විසින් පතුල් පළා ලුණු දමන බිම්බිසාර තාත්තලා වගේය. මේ හැම කුලීකාරයෙක්ම රජවරු වෙන්න සියලු සුදුසුකම් සහිත බිම්බිසාර තාත්තලාය. එහෙත් සංසාරගත යම් කරුම දෝෂයක් නිසා මේ වගේ පණපිටින් අපාගත කුලී කුරක්කමකට, ලුණුත් එක්ක දියව යන කරුම ජීවිතයකට ඔවුහු ගොදුරුව සිටිති.
ගීසර හීසර
ගතානුගතික සාම්ප්‍රදායික රසඥතාවයකින් යුත් මධ්‍යම පාංතික පවුලක දැරියක් වන ඇයගේ දඟකාර සොහොයුරා ඇගේ කැමැත්තකින් තොරව ඇයගේ නම හා ජායාරූපය දමමින් ජෝ නමැති සුපිරි ගායකයාගේ තරගයකට එක්වෙයි. ඔහු එයින් පළමුවැන්නාට එද්දී ඇයට සිදුවන්නේ තරගයේ ජයග්‍රහණය වන ගායකයා සමග එක් දිනක සංචාරයකට එක්වෙන්නටය.
එහිදි ඇයගේ සිතේ ඔහු කෙරෙහි ඇතිවන ආදරය ඇය සඟවා ගත්තද, ජෝගේ සිත ද ඇය කෙරෙහි බැඳෙන්නට වන්නේ ඔහුට ද රහසිනි…
ගිරිජා
දහනමවන සියවසේ මැද භාගයේ මහනුවර. සමාජය පැරැන්නෙන් නව හැඩයකට පරිවර්තනය වෙන්නට ඇරඹී තිබෙන මොහොතක්. නිදහස් සටන එහි අවසානය සලකුණු කරමින් සිටින අවස්ථාවක්. ගිරිජා – රම්මා සහෝදරියන් දෙදෙනාගේ හාවුණු ඇහි බැම යුගලක් තරමට නොබිඳෙන සහෝදරී බැඳුම මත්තේ අනේකාකාර රටා ගන්නා ස්ත්‍රී චිත්තයේ සංකීර්ණත්වය හා විවිධත්වය විචිත්‍රව චිත්‍රණය කරමින්, අතිශය නාටකීය ගොඩනැංවීමකින් මෙන්ම, පාඨකයා විස්ම ගැන්වෙන පෙරහරක් තරම් රමණීයත්වයෙන් හා බහුවර්ණයෙන් හෙබි භාෂා පෙළහරකින් පොහොසත්ව, ලාංකේය ඉතිහාසයේ එක් තීරණාත්මක සන්ධියකදී සිදුවන සමාජ පරිවර්තනයට අනුරූප වන්නට තරම් ධෛර්යසම්පන්න වූ ගැහැනුන් දෙනෙකුගේ ප්‍රේමකතා, අහිමි වීම්, දරා ගැනීම්, දුක් සුසුම්, කඳුළු සිනා එක්තැන් වුණු නවකතාවක්.
ලතා
අපල දුරු කිරීමේ ක්‍රමවේද කොතෙක් තිබුණත් තම ග්‍රහයන්ට ගැලපෙන ලෙස ගලපාගෙන කටයුතු කිරීමෙන් අනිටු විපාක වලින් වැලකිය හැක. කාමාශාව නිසාම මෙම කාන්තාව අගතියට පත්වු බව ඇයගේ වචනයෙන්ම ප්‍රකාශ කළේ සිද්ධිය පිළිබඳව පොලීසියේ පරික්ෂණයක් පැවැති දිනයේදී ය. එය සත්‍ය සිද්ධියකි. ඉවසීම නොමැතිකම, ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව ඉස්මතු වීම නිසා ජිවිතය ජය නොගතහැකි වු බව මෙම නවකතාවෙන් පැහැදිලි කිරීමට උත්සාහ කර ඇත.
අනාවැකිය
නවකතාවක තිබිය යුතු සියලුම සාධනීය ලක්ෂණ හෝ ඉන් බොහෝමයක් ඇතුළත් නවකතාවක් කියවීමට ලැබෙන්නේ කලාතුරකිනි. “අනාවැකිය” වු කලී එවැනි නවකතාවකි.
මෙතෙක් අවධානයට ලක්නොවු තේමාවක් වටා මුල සිට අග දක්වා පාඨක අවධානය හා කුතුහලය නොබිදී රැකෙන අයුරින් මනා හේතුඵල සම්බන්ධතාවක් ඇතිව කතාව විකාශනය වන අතර එය වඩාත් ඔපවත් වී ඇත්තේ ඉතා සාර්ථක චරිත නිරූපණය හා අඛ්‍යානයේදි මෙන්ම සංවාද නිර්මාණයේදී ද දක්වා ඇති කුසලතාව හේතුකොටගෙන ය.
කතා රසය කුළුගැන්වෙන අන්දමින් තම යථාර්ථවාදී දෘෂ්ටිය ඔස්සේ කතුවරයා විසින් සමාජයට ව්‍යංග්‍යයෙන් ලබාදෙන පණිවිඩය කාලෝචිත මෙන් ම සමාජ අභිවෘද්ධිය පිණිස ද වන්නේය.
මහාචාර්ය අනුර වික්‍රමසිංහ
දයාබර දියණිය
ජය කණුව කරා ඉදිරියටම යාමට
ඔබේ දියණියටත්, පුතණුවන්ටත් හැකිය.
එයට අවශ්‍ය වැඩිහිටියන්ගේ
නිවැරදි මග පෙන්වීමක්.
දරුවන්ගේ උනන්දුව හා කැපවීමත් ය.
කොටුවෙ තමයි වැඩ
චන්ද්‍රසේන නානායක්කාර මහතාගේ ඒ කෙටි කතා අද වන විට දක්නට ලැබෙන “ආකෘතිමය හරඹ” වලින් තොරවු රසවත් නිර්මාණ විය. ඒ නිර්මාණ රසවත් වීමට මූලික හේතුව වුයේ ඒවා ගැබ්කොට ගත් අව්‍යාජත්වයයි. ඒ අව්‍යාජත්වයට මූලික හේතුව වූයේ ඒවා අපේ ගැමි සමාජය පාදක කොටගත් අත්දැකීම් මත නිර්මාණය වී තිබීමයි.
පිරිනිවන් මංගල්‍යය
පොඩි හාමුදුරුවන් යන දෙස බලා සිටි තිලකරත්නගේ සිතට ඉමහත් සෙනෙහසක් ඇති විය.
සරුංගලය බිමට බෑමට පටන් ගත් තිලකරත්න, කුමන වැඩක් තිබුණ ද, සරුංගල් කාලය අවසන් වෙන තුරු පොඩි හාමුදුරුවනට සරුංගලය අහසට නංවා දීමට හිතා ගත්තේය.
සති දෙකකට පමණ පසු ඉපනැල්ලට දියවර හරවා ඇති අයුරු ගමේ කොල්ල කුරුට්ටනට දැක ගත හැකි විය.
පීකිං පෙම්පත
“පීකිං පෙම්පත” (Letter from Peking) නැමති මේ නවකථාවට පාදක ව ඇති ජාතිය, ජන්මය,දේශය හා දේශපාලනය පිළිබඳ පරස්පරතා නිසා පවුල් දිවිය, ආදරය, දාරක ප්‍රේමය, පැවැත්ම හා අපේක්ෂා තුළින් මතුව එන ඝටනාව මෙහි විරහ කාව්‍යයක විලාසයෙන් නිර්මිත ය. කාලය, අවකාශය හා දීපය බඳු බාධක මත වුව ද මෙහි කුළු ගැන්වී ඇති හා බැඳීම් ළබැඳියන්ගේ සංවේදී සංජානනය පළ කරයි.
නිම්නාගේ ඉතිහාසය
නිම්නා උපදින්නේ 1989 නොවැම්බර් 09වන දා යි. ඒක ඉතිහාසය අලුතෙන් ඇරඹෙන දවසක්. එතැන් පටන් දිගහැරෙන ඇගේ ජීවිතයට ඇගේ අම්මාගේ පරම්පරාවත්, මිත්තනියගේ පරම්පරාවත්, මී මිත්තණියගේ පරම්පරාවත් වරින් වර මුණගැසෙයි. මේ නිසා නිම්නාගේ වයස අවුරුදු 25 පමණ වන තෙක් ඇදෙන මේ කතාව ඇතුළේ සියවසක කතන්දර කැටිව ඇත. ඒ තුළ අතීතයේ රාත්‍රියට අනාගතයේ රාත්‍රිය මුණගැසෙන්නට ඉඩ ඇත; අනාගතයේ ආදරයට අතීතයේ ආදරය මුණගැසෙන්නට ඉඩ ඇත; අතීතයේ අධ්‍යාත්මිකත්වයට අනාගතයේ අධ්‍යාත්මිකත්වය මුණගැසෙන්නට ඉඩ ඇත; අනාගතයේ දේශපාලනයට අතීතයේ දේශපාලනය මුණගැසෙන්නට ඉඩ ඇත; අතීතයේ ආශාවට අනාගතයේ ආශාව මුණගැසෙන්නට ඉඩ ඇත; එසේ ම මේ කිසිවක් සිදු නොවන්නට ද ඉඩ ඇත. එසේනම් කොටස් 4කින් පරිච්ඡේද 75කින් හා පිටු 667කින් සමන්විත “නිම්නාගේ ඉතිහාසය” තුළ සිදුවනු ඇත්තේ කුමක් ද?
පියකු දුවට යැවූ ලියුම්
අවුරුදු දහයක් වයසැති කුඩා ඉන්දිරාට 1928 ග්‍රීස්ම සෘතුවේ දී සිය පියාගෙන් ලැබුණු පෞද්ගලික ලිපි, කවරදාක හෝ ලෝකයේ අනෙකුත් දූ දරුවන්ට ලෝක ඉතිහාසය හා ජනවර්ග පිළිබඳ කියාදෙන අත්පොතක් වනු ඇතැයි නොසිතුවාට සැක නැත. එහෙත් 1931 දී ඉංග්‍රීසි බසින් ප්‍රකාශයට පත් කළ, නේරු සිය දියණිය ඉන්දිරාට ලියු ලිපි පෙළට ලොව පුරා විද්වතුන්ගේ මෙන් ම දරු දැරියන්ගේ ද කිත් පැසසුම් ගලා එන්නට විය. එනිසා ම එම පොත ප්‍රාන්තීය භාෂාවන් ගණනාවකට වහ වහා පෙරළිණි. එය අද දවසේ ශ්‍රී ලංකාවේ ජීවත් වන අපේ දරු දැරියනට ද අතිශයින් ප්‍රයෝජනවත් ය. “නේරු – පියකු දුවට යැවූ ලියුම් ” කෘතිය කියවීමෙන් ඔබට මෙහි සැබෑ වටිනාකම අවබෝධ වනු ඇත.
ප්‍රේම මාත්‍ර
ඔබ මේ අතට ගත් රසවත් නවකතාව ආදරය තේමා කරගත්තක් වුවත් ප්‍රේමයක් නම් විවාහයෙන් හෝ වියෝගයකින් නිම විය යුතු යැයි පවත්නා පොදු අදහසට එරෙහිව යන්නකි. ඒ සුපුරුදු රාමුවෙන් පිට පනිමින් දේශය. වර්ණය සහ වර්ගය ඉක්මවා ගිය ප්‍රියංකර ආදරයක් නොසිතු මඟකට විකසිත වන ආකාරය මෙහි දැකිය හැකි වේ.
රතු කිමෝනාව
ජපානයේ පාරම්පරික ශිෂ්ටාචාරයේ බර තවමත් උසුලාගෙන දිවිගෙවන කාන්තාවන්ට ජපන් සංස්කෘතිය තුළ මුහුණ දීමට සිදුවන දුෂ්කරතා ඇසුරින් මෙහි අන්තර්ගතය සකස් වී තිබේ.
නිර්යානය
රෑට විශ්ව විද්‍යාලය කොතරම් අපූරුද? මේ අත් දැකීම විඳනැති විශ්ව විද්‍යාල ජීවිතයෙන් ද පලක් නැත. ඈත අදුරේ ගිලී නිදින, එහෙත් දිවා කාලයට පණ ලබන ගොඩනැගිලි මං මාවත්, ගහ කොළ, තෙල් බැම්ම, සිමෙන්ති බංකු ආදිය විදුලි පහන්වල මන්දාලෝකය වැටී සම්භාව්‍ය චිත්‍ර ශිල්පියෙකුගේ, දක්ෂ ජායාරූප ශිල්පියෙකුගේ රූප රචනයක් සේ පෙනේ. හොස්ටල් එකේ කාමරවල විදුලි පහන් එළි තවමත් දැල්වෙයි. බශා එක තිබෙන තැන සලකුණු කර ගන්නටවත් නොහැකි තරමේ ඝන අඳුරක එය ගිලී ඇත. ඊට ඈත පැවීලියන් එකටත් එහා ඉමේ නිවාස කරා දිවෙන මාර්ගයේ පහන් කණුවල විදුලි බුබුලුත්, එහා මෙහා දිවෙන වාහනවල විදුලි බුබුලුත් කනාමැදිරි එළි සේ දිස් වෙයි.කළු වලාවකින් වැසී එබෙන්නට තැත් දරන අඩපණ සඳ එළියට දිලෙන කොඩි වැල් අඳුරු වර්ණයේ එතී ඇත.
සිසිර ගීතය
උණුසුම් යුක්රේන ගිම්හාන කාලයේ ආරම්භවන සිසිර ගීතය, සැඟවුණු ගැඹුරු පණිවිඩයකින් අවසන් වේ. එය පාරම්පරික තත් භාන්ඩයක් වාදනය කිරීමෙන් සැනසීම ලබන, තම යුගයේ අකරතැබ්බයන්ට මුහුණ දුන් ඝනව රැවුල වැඩුණු අපූර්ව මිනිසෙකුගේ කථාවක් පමණක් නොව, ජීවිතය පිළිබඳ වර්ණනාවක් සහ මහළු වීම පිළිබඳ ප්‍රීති සැමරුමකි.
මිගුවල් වීදිය
මිගුවල් වීදිය’ නම් වූ මෙම කෘතියෙහි ට්‍රිනිඩෑඩ් නම් වූ සුළු ජනගහනයකින් යුතු ඉතා කුඩා දිවයිනක පිහිටා ඇති මිගුවල් වීදිය ආශ්‍රිත ජන ජීවිතය අන්තර්තය. එහි පිහිටි ස්පේන් වරායබඩ ප්‍රදේශ ආශ්‍රිතව දෙවන ලෝක සංග්‍රාම සමයේ ඇතිවන්නා වූ කුදු මහත් සිද්ධි සමුදායක සංකලනයකි මෙය. මෙහි ජීවමාන බොහෝ චරිත ඔබ හා අප අතර නිරන්තරව සැරිසරන්නෝම වෙති. මෙහි සඳහන් සිද්ධි ඔබ අප ජීවත් වන සමාජය තුළ සිදුවන සිදුවීම්මය. එහෙයින් මෙය විදේශයකින් අප වෙත පැමිණි ආගන්තුක කෘතියකැයි ඔබට නොහැඟෙනු ඇත.
මැන්ඩකෝන්ලාගේ නව යටත් විජිතය
කතුවරයා ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම ප්‍රදේශයේ කෙනෙකි. ගමේ පාසලෙන් අ. පො.ස (සා.පෙළ) සමත්ව බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරා කොළඹ විශ්ව විද්‍යාල වරම් ලබයි. උපාධියෙන් පසු හම්බන්තොට දිස්ත්‍රික්කයේ වසර 2ක් ගුරු වෘත්තියේ යෙදුන අතර 1984 දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට ඇතුළත්ව අරන්තලාව (මහඔය) ප්‍රදේශයේ උප දිසාපති ලෙස පරිපාලන සේවය ආරම්භ කොට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබයි. රත්ගම ප්‍රදේශයේ වාමාංශික දේශපාලන පන්නරයද සමග කතුවරයා කොළඹ විශ්ව විද්‍යාලයේ වාමාංශික ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉදිරි පෙළ ක්‍රියාකරුවකු වේ. ඒ හරහා ලබා ගන්නා ප්‍රායෝගික හා න්‍යායාත්මක දේශපාලන දැනුමත්, රාජ්‍ය පරිපාලන සේවයේ විචක්ෂණ රාජ්‍ය සේවාවක යෙදීමෙන් ලද දේශපාලන, පරිපාලනමය, සමාජමය හා ගෝලීය කටයුතු පිලිබඳව දැනුම හා විඥාණය, මෙම ග්‍රන්ථය තුළින් පිළිඹිබු වේ. දේශපාලන මෙන්ම සංවර්ධන පරිපාලනය නිසි මගට ප්‍රවිෂ්ඨ කිරීම සඳහා දේශපාලන න්‍යායාත්මක කරුණු හා නව යටන් විජිතවාදී උපක්‍රමයන් පිළිබඳ දැනුම අත්‍යවශ්‍ය බව මෙම ග්‍රන්ථය පරිශීලනය කරන්නන් අවබෝධ කරගනු ඇති බව කතුවරයා විශ්වාස කරයි.
ඊ.ටී හෙවත් පාරභෞමිකයා
හේ තාරකා තරම් ම පැරැණි ය. ඥානවන්ත ය. එහෙත් දැන් ඔහුට මිතුරකු අවශ්‍ය වී-ලා ය. විශ්වයේ රහස් කිසිවකින් ඔහුට ආධාරයක් නැත. හේ පෘථිවියෙහි අරමං වී සිටියි; විවාසන(තම වාස භූමිය වෙන් වීමේ) දුකින් පෙළෙමින් හුදකලා වී බියෙන්!
මේ සතුරු ග්‍රහ ලොවකි. පොලිසිය ඔහු පසු පස එමින් සිටිති. ඔහුට උදවු කිරීමට කිසිවකු නැත… එ විට ය ඔහුට ළමයින් මුණ ගැසෙනුයේ. ඔවුනට හේ අන් ලොවකින් පැමිණි මායාමය පුද්ගලයෙකි. ඔහුට ඔවුහු කිසි දා අමතක නො කළ හැකි මිතුරෝ ය.
රෝස විලාවේ අබිරහස
ලා රෝස තාප්පයෙන් පිටුපස ලොකු මිදුල – නොයෙකුත් තුරුලතා පිරි වත්ත – පොල්, කොස්, අඹ, ජම්බු ගස් – සුදු වැලි ඇතිරූ මිදුල මැද රවුමකට වැවුණු රෝස පඳුරු – අවට වැවෙන මීමන හා අන්දර වැට – එයින් ඔබ්බේ පෝටිකෝව – එතනින් දෙපසට විහිදී යන විසල් විවර ඉස්තෝප්පුව – රතු සිමෙන්ති දැමූ පොළොව – රතු උළු වහල – දකුණුපස පිටුපසට වෙන්නට උඩු මහල් කාමරයක් – එතැනට යන්නට වෙනම පඩි පේළියක්………. අලුතින් විවාහපත් වී රෝස විලාවට එන හේමා මේ බිත්ති මැද ජීවත්වෙන වෙරෝනිකා, එඩ්මන්, නීලා, පොරොන්සිනා, ගිමාරාහාමි වැනි චරිත මධ්‍යයේ සැඟවුණු අබිරහස් අතරේ සැබෑ ආදරයක් සොයන්නී ය. අසාමාන්‍ය සිදුවීම්වලින් ගහන අද්භූතජනක කතාවක් කියන, ‘රෝස විලාවේ අබිරහස’ පාඨකයාව කුතුහලයෙන් පිිරි වෙනස් ම ලොවකට කැඳවාගෙන යයි.
තුන් අවුරුද්ද
මෙම කතාවේ ප්‍රධාන චරිත අන්යොන්ය සබඳතා පිළිබඳ සංකීරණ සිද්ධීන් බොහෝ කාලයක් ඉවසති. සමාජ තත්වයන්ගේ ගැටගැසීම් නිසා ඔවුන්ට වාසනාව කරා ළඟා විය නොහැකිය. එහෙත් මානුෂික සබඳතාවන් පිලිබඳ අවංක සැබෑ ඔවුන්ගේ ශෝකය, පැහැදිලි දුක්බර ලීලාවක් ඇතිකරන ආධ්යාත්මික සුන්දරත්වයක් හා පාරිශුද්ධත්වයක් විශ්මය ජනක ලෙස ගෙන එයි
හෙළැණිය හෙවත් ධවල සේනාංකය
මේ කතාවට ඇලුම් කළෙමි. වික්‍රමාන්විත නයිටුවරුන් සහ ධීරත්වය අතරට කළවම් වූ මඳ පෙම් පුවතක් නිසා නව කතාව උත්කෘෂ්ට බවට පත්වෙයි. මෙතෙක් මේ කතාව අසංක්ෂිප්ත ලෙසින් සිංහලයට නො නැඟී තිබීම මහත් කනගාටුවට කරුණෙකි. මේ කතාවෙහි මා ගේ ප්‍රියතම චරිතයක් වන්නේ ශ්‍රීමත් නයිජල් ලෝරිං ය.
The Three Musketeers හෝ The Scarlet Pimpernel හෝ යන ආරට අයත් ආනන්ද ජනක වූත් අරුම වූත් සංත්‍රාසමය කතාවකි.
මැනැවින් පර්යේෂණ කරන ලදු ව, රැසැයෙන ලද කතාවෙන් නිසැක ව ම (සහ මනෝහර ලෙස) මැවෙන්නේ නූතන ලෝකයෙන් හාත් පසින් ම වෙනස් අරුමැසි ලෝකයකි. ෂර්ලොක් හෝම්ස් කීර්තියෙන් යුතු ඩොයිල්, නිරන්තර යුධ ගැටුම් පිරි වැඩවසම් යුරෝපයේ සෑහෙන දුරට නිවැරැදි චිත්‍රයක් මවයි. ඒ කාලයේ සොල්දාදුවා පිළිබඳව ද මනෝමය රූපයක් ඉදිරිපත් කරයි.එ වැනි චරිතවල මුල් බැසැ-ගත් අනියම් චර්යාවන් ඇත, ඩොයිල් ඒ චරිතවලට තාත්විකත්වයක් ජනිත කරවයි.
වුල්ෆන් -The Wolfen
වුල්ෆනයන් හෙවත් වියර්වුල්ෆයන් මේ අද්විතිය භීෂණ පුවතෙහි තේමාවයි. ඔවුහු මෑන්හැට්න් නගරයෙහි ම රැළ ගණනින් ජීවත්වෙති.සාමාන්‍යයෙන් ඔවුන් ගොදුරු කරගන්නේ සොයන්නට බලන්නට කිසිවකු නැති මහලු අසරන මිනිසුන් ය. තරුණ පොලිස් භටයන් දෙදෙනෙකු අඥාන ලෙස ඝාතනය කෙරුණු විට ජෝර්ජ් විල්සන් සහ බෙකි නෙෆ් යන රහස් පරීක්ෂකයන් ඒ රාජකාරිය සඳහා යොදවනු ලැබේ. එහෙත් නොබෝ කලකින් ම වුල්ෆනයෝ රහස් පරීක්ෂකයන් දෙ දෙන දඩයම් කිරීම අරඹති.
වුල්ෆනයන් යනු වෘකයන් බවට පරිවර්තනය වුණු මිනිසුන් නොවේ. ඔවුහු එහෙම පිටින් ම වෙනස් සත්ත්ව විශේෂයක් වෙති. බොහෝ දුරටම මිනිසා ගේ මුහුණ වැනි මුහුණු ද අත් වැනි ගාත්‍රා ද ආඝ්‍රාණයේ සහ ශ්‍රවනයේ පුදුමාකාර බලයෙහි ප්‍රතිඵලයක් වූ අධිමානුෂික බුද්ධි මහිමයන් ද ඔවුනට ඇත.
මහායොද්ධ කල්කි : ශිව අසිපත
සියල්ල හමාර කරගෙන ආපසු ඉන්ද්‍රගරයට පැමිණෙන කල්කිට දැනගන්නට ලැබෙන්නේ තම සොහොයුරාත්, තම ආදරවන්තියත් අසරණ අඩියකට වැටී සිටි බවය. ඔවුන් බේරා ගන්නට ද, වරක් වඳ වී ගියා යැයි සැලකුණු දැවැන්ත ධානවයන්ද අවදි කරගෙන සටන් කරන දුෂ්ට කාලිගෙන් මේ නගරය බේරා ගන්නටද ,නපුර හෙවත් අධර්මය පරාජය කරන්නට ද දැන් කල්කිට සිදුවෙයි. එහෙත් එක සිතුවිල්ලක් පසුපසට ගැනීමෙන් මුළු ලෝකයම විනාසයට පත්වීමේ අවදානමක්ද ඇති බව කල්කි නොදන්නවා නොවේ. ඉරණම තීන්දු කරන්නේ කුමක්දැයි ඔබට දැනගන්නට ලැබෙන්නේ මහායොද්ධ කල්කි – ශිව අසිපත හමාර කතාවේදී ය.
උසාවි ගිය නෙරූඩා නොහොත් කාම ඝෝර කවියා
නළලේ කැළලක් ඇති, නිතර මහන්සි පෙනුමෙන් සිටින
මහා කවියා වයෝවෘධ ය ;
බෝතල් අඩිවන් උපැස් අතරින් ගලන කඳුළු ඇති ය ; ඇසීම
දුබල ය.
බිරිඳ විසින් පරිවර්තනය කළ මොහුගේ කවි රටවල් කිහිපයක
ප්‍රකාශයට පත්ව ඇති විටෙක, ඔහුගේ කවි පාසැල් පෙළ
පොතින් ඉවත් කෙරේ. බෞද්ධ භික්ෂුවක ව සිටි කලෙක
ඔහු කියුබිසම් ආරේ චිත්‍ර අඳී.. ඔහු කියුබිසම් ආර තෝරා ගනුයේ
ගැහැනු හෙළුව ඒ තුළ සඟවන්න යැයි සඟ සමාජයෙන්
චෝදනා නැඟේ. ප්‍රදර්ශනයකට සූදානම් වන එක්තරා දිනක
ඔහු ඒ චිත්‍ර සියල්ලට ගිනි ලා සිවුරු හරී.
ඔහුගේ දිවියට සාමයක් නැත. දිවි නසාගැනුමට තැත්කළ ඔහු
මත්පැනට ඇබ්බැහි වේ.
කිවිඳියක විසින් ලියන සංවාදයට පත් කවියකි. එය උසස් කවියක්
නොවේ. එහෙත් එහි බරපතල චෝදනාවෙකි.
කවියේ එන කුකුළා මොහුම යැයි පළමුව කසුකුසුවක් නැඟේ.
ඒ හා ම කවදත් ඔහුට එරෙහි විචාර ගෙනා
කථිකාචාර්යවරියක විසින්
කිවිවරියක හා කළ සංවාදයක් එළි දැක්වේ.
තම අධිකාරී බලය යොදා මොහු මැදි වියේ දී අංකුර
කිවිඳියන් ඔසවා තබනුවස් ලිංගික අල්ලස් ගත් බවට චෝදනාවෙකි.
සැබැවින් ම මෙම මහා කිවිවරයා අංකුර කිවිඳියන් අපයෝජනයට
ලක් කළේද? ඔහුගේ මහාචාර්ය බිරිඳ ඔහුගේ මේ ලිංගික
හැසිරීමට රුකුල් දුන්නී ද?
ප්‍රේමාක්ෂර
මේ එළැඹ ඇත්තේ වාල්මිකී තැබූ පියසටහන් පසුකර යා යුතු නිමේෂය යි. සීතා පළමුව, රිසි සේ, ඇයගේ දිවි පුවතින් ඒ ඉසිවර ගැඹුරු වර්ණවත් කරන්නට ඇති. යම් හෙයකින් ඒ මුල්වරය රාමචන්ද්‍ර හෝ රාවණා ලද්දේ නම් ඔවුන් කුමක් පවසනු ඇත්දැයි මම තවමත් උපකල්පනය කරමි.
ප්‍රේමයේ විශ්වීයත්වය වූ රාධා – ක්‍රිෂ්ණා ද තවත් එබඳු වූ ප්‍රභාෂ්වරයකි. මේ සියල්ල අතීත ඥානය යි.
වත්මනෙහි, ප්‍රේමාක්ෂර මට ගැඹුරින් සාක්ෂාත් කළ, මේ දිවි පුවත, නල පවසන විට එය මා වින්දේ සංගීතයට සවන් දෙන්නාක් වැනි කෑදර සිතකිනි.
සංගීතයේදී අප විඳින්නේ ද ස්වර කම්පනයේ වේදනාව ය.
“ගැඹුරු නින්දේත් ප්‍රේමය අවදියෙන්. අප නිදන විට එය රිදුම් තැවුල් පිරිමැද ජීවිතය සුවපත් කරනවා. ප්‍රේමයෙන් විසීම යනු ම අනෙකා තුළ හදවතින් විසීම යි,” සකුන්තලා එසේ කියමින් සිටියා ය.
මේ පුවත සාහිත්‍යමය අතිශයෝක්තියක් නොවන්නේ ඔවුන් තවමත් අප සමඟ වෙසෙන බැවිනි.
ශිෂ්ටාචාරයේ අක් මුල් සොයා
අවුරුදු 16 දී පාසල් සිසුවකුව සිටියදී පතල් කැනීම් කණ්ඩායමකට බැදුණු මිචෙල් හෙජස් කැනඩාවටත් නිව්යෝක් නුවරටත් මෙක්සිකෝවටත් ඉන්පසු කැරිබියානු දුපත් හා සීසෙල්ෂ් වලටත් මානව ශිෂ්ටාචාරයේ අක්මුල් සොයා චාරිකා කළේය. පුරාණ මායා ශිෂ්ටාචාරය සොයා ගැන්මෙහි ලා ඔහු කළ මෙහෙය අන්තර්ජාතික වශයෙන් සම්භාවනාවට පාත්‍ර වුයේය. මානව ශිෂ්ටාචාරයේ වර්ධනය දෙසත් නුතන මානව දියුණුව දෙසත් පෙරළිකාර කෝණයකින් මිචෙල් හෙජස් ඉදිරිපත් කළ අදහස් එකල සාම්ප්‍රදායික බුද්ධිමතුන්ගේ ගර්හාවට ලක්විය. එහෙත් එම අදහස් අද වනවිට මුළු ලෝකයාගේ ම පිළිගැනීමට ලක්ව ඇත.
මෙම කෘතිය එම අත්දැකීම් හා තොරතුරු ඉදිරිපත් කරන හුදු විවරණ ග්‍රන්ථයකට වඩා රසවත් නවකතාවක විලාශය ගන්නා බව මෙය කියවන ඔබට වැටහෙනු ඇත.
සොලමන් රජුගේ දෙවොල
“ඊජීප්තුව යනු සොලමන්ගේ දෙවොලේ හදවතයි. කාර්නැක් කියවිය යුතු ඕනෑම කෙනෙක් ජෙරුසෙලම කියවා ගනීවි. යාවේහ් දෙවොල කියවිය හැකි ඕනෑම කෙනෙක්, ජීවිතයේ නවාතැනේ අබිරහස් හා විද්‍යාව දැනගනීවි.”
මාස්ටර් හිරාම්
“තනිකමක් දැනෙන විට මා හිරු උදාවට පෙර මෙහි පැමිණ ඔබේ විශිෂ්ට ඉදිකිරීම දෙස බලා සිටිනවා. දෙවියන් මට අසම සම නිර්මාණ ශිල්පියෙකුගේ සහාය ලබා දුන්නා. එය, මිතුරකුගේ සහය වැනියි. ඔබ, මා සොයා යන ඒ ඥානය ලබා දෙන පණිවුඩකරුද හිරාම්?”
සොලමන් රජු
දඟ මෙනවිය
අදිති… මට හුඟාක් සතුටුයි දරුවො… මේ මම කවදාවත් බලාපොරොත්තු වුණ දෙයක් නෙවෙයිනේ…
කවීශ්වර ඇයව තදින් සිප ගනිමින් කීවේය.
ඔහු පොඩි දරුවෙකු මෙන් හඬා වැටුණේය.
අඩුම තරමෙ..අඩුම තරමෙ මම දෙවියන්ගෙන්වත් ඉල්ලුවේ නෑ.
ඉස්සර හිටිය අදිතිව මට ගෙනත් දෙන්න කියලා.. ඒ ඇයි කියලා ඔයා දන්නවා නේද…
තම විසල් දෝතට අදිතිගේ වත සිරකරාන කවීශ්වර ඇසුවේය.
අපේ විත්ති
සිංහල සාහිත්‍යයේ වර්තමාන අවධියක ගැන ලියවෙන කලක වික්‍රමසිංහ යන නම සම්භාවනීය ස්ථානයක් ගන්නා බව කිවමනා නොවේ.අපරදිග සාහිත්‍යය ආශ්‍රය කරමින් අප අතර පෙර නොවු නානාවිධ සාහිත්‍යාංගයන් සිංහලයට ඇතුළත් කොට අප සාහිත්‍යයේ නවෝදය සැලැස්වූවන්ගේ මාර්ටින් වික්‍රමසිංහ ප්‍රමුඛ කෙනෙකි.වික්‍රමසිංහ විසින් රචිත නවකතා ද විචාරපුර්ණ ලිපි ද, දෘෂ්‍ය කාව්‍ය ද, දාර්ශනික නිබන්ධ ද කෙටිකතා ද ඔහුගේ නිර්මාණ ශක්තියේ විවිධත්වය ප්‍රකාශ කරත්.
දෙනුවර රණමඬල (මුල්ලේරියා අභිමානය II)
මෙකල්හි..
මෙනුවර ඇත්තෝ පරම්පරා හා ඉතිහාසය දැනුමෙන්ද
දේශප්‍රේමයෙන් හා ජාතිකානුරාගයෙන්ද
දුප්පත් වූය..
ඔවුන්ගේ මීමුත්තන් රට බිළිගන්නට ආ පරංගින්
එක්දහස් හයසියයක් කඩුගා මුල්ලේරියාවෙල
ලෙයින් පුරවා, සිංහලයාගේ අභිමානය රැකදුන් බව හෝ
නොදැන සිටින්නාය.
වෙල්ලස්සේ රන්මැණිකේ
මැණිකෙගෙ සොහොන එක්කම කෙළවර ඉදිරි
නැග එන සිතින් හඬකිය කෙනෙකුගෙ කෙඳිරි
ඒ දෙස නෙත් හෙළී යළි බියවුන ටිකිරි
සෙනෙවි ඳු මහනාම එහි ඉන්නේ වැතිරී
තුන්තරා
අදුරු ගුහාකුහරය තුළින් මම තවතවත් ඉදිරියට ඇදීයමින් උන්නෙමි. සිදුවූ දෙය දරා ගන්නට මට ශක්තියක් නොවිණ. වටකර තිබූ ගන කළුවර තුනීවෙමින් පොළව මන සිදුවන දෙය මට පෙනෙන්නට පටන්ගත්තේය.
මගේ අම්මා කටුමැටි කුස්සියේ දොරකඩ දෙදණ මත මුහුණ හොවා ඉකිබිඳිමින් උන්නාය. ඇය අසළ ඇගේ දෙමාපියන් ඇයව අස්වසන්නට උත්සාහ දරමින් උන්නෝය.
සියල්ලන්ට වඩා වේදනාවක් වූයේ මා සතුය. මන්ද සියල්ල අහිමිවූයේ මටය. මේ අවාසනාවන්ත දෙය සිදු නොවී මා රැතගන්නට මගේ අම්මා උපරිම උත්සාහයක් දැරුවාය.
“අම්මේ… අනේ අඬන්න එපා…”
දුහුල් වලාකුළු
ආදරය දුකයි
එකම එක සමයි
සතුට කියා වදනක්වත්
ඉතිරිදැයි සැකයි..
ප්‍රේමයම දුකයි
සැනසුමෙන් තොරය
ගිලිහිලා ගිහින් ඉතිං
හිස්කමින් දැවෙයි…
නපුරුවුණෙ කිමැයි
මට නින්ද නෑ දුරයි
හුස්ම වැටෙන ජීවිතයම
මියදුණා සමයි…
දඬුමොණරය
ලොකු පුදුමයකි! පිපුණු මල මැද්දේ මාපට ඇඟිල්ල උරමින් සිටි ඉතා ශෝභන කුමාරියකි! කුඩා දරුවෙකු දුටු කෙනෙකුන් තුළ ඒ දරුවාට ආදරයක් හට ගැනීම සිරිතකි. ඇඟිල්ල උර උරා බොන කුමරිය දුටු හැටියේ තාපසයා තුළත් ඈට ලොකු ආදරයක් හට ගත්තේය. ඔහු කවමින් පොවමින් නාවමින් කුමාරිය ඇති දැඩි කළේය. මේ කුමාරිකාව වැඩි වයසට පැමිණි කල සුරංගනාවක් පරදවන තරම් ශෝභන වී ය.
මගේ නඩුව ඉවරයි
අපි දේශපාලනඥයන්ගේ නොමනා කටයුතු ගැන නිතර කතා කරන්නෙමු. විවේචනය කරන්නෙමු. එහෙත් සිය උගත්කම හා සිවිල් බලය ඉවහල් කරගෙන ප්‍රතිරූප ගොඩ නගාගෙන කටයුතු කරන උදවිය ගැන කතා නොකරන්නෙමු. මේ පිරිසගේ කටයුතු දේශපාලනඥයන්ගේ කටයුතුවලට වඩා සාහසිකය. මන්ද ඔවුන් සතු බලය එක්තරා කාලයකට පමණක් අදාළ නොවන හෙයිනි.
මේ ගද්‍යමය ආඛ්‍යානය වාග් ප්‍රහාරයකි. එය ආවේගාත්මකය. කර්කෂය. තමන් සතු සිවිල් බලය දඩමීමා කරගෙන නොපනත් කටයුතු කරන්නන් හෙළිදරව් කිරීම සඳහා තනා ගන්නා රීතියකට වඩා ස්වාභාවික වූ ආවේගාත්මක රීතියක් පාඨකයාට ප්‍රබල බලපෑමක් ඇති කිරීමට ඉවහල් වේ.
නිසළ නේත්‍රා 1
“මේ නේත්‍රා නෙමේ.. උඹලට මාව රවට්ටන්ඩ බෑ… මේ නේත්‍රා නෙමේ කියලා මං දන්නවා….”
සාලය මැද හිටගෙන උන් යුවතිය වටා යමින් නිසල කෑගෑවේය.
‘හරි ඒකාලෙ මං අන්ධයනේ…ඇස් පේන්නැති එකා කොහොමද නේත්‍රාව හොයාගන්නෙ
කියල හිතුවද…මට නේත්‍රා අඳුරගන්න ඇස් දෙකක් ඕන්නෑ …මං එයාව වින්ඳෙ ඇස් දෙකින්
නෙමේ.ආත්මෙන්…ජීවිතෙන්… හදවතින්…
පැහැරගෙන යාමට පෙර
නිදහස තරම් වටිනා යමක් තිබේ ද?
ජීවත් වීමට, අදහස් ප්‍රකාශ කිරීමට පමණක් නොව, දරුවන්ට අනාගතයක් උරුම කිරීමට ද, නිදහස ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ස්ථාපිත විය යුතුය.
මනුෂ්‍ය ජීවිත භීතියෙන් වෙලී තිබීම විදහාපාන්නේ ජිවත් වීමට, අදහස් නොපවතින බව නිල නොවන අයුරින් ප්‍රකාශයට පත් කර තිබීම නොවන්නේ ද?
නිහඬ ආදරය
මෙහි දැක්වෙන්නේ වියට්නාම යුද්ධයේ බිහිසුණු අවස්ථාවන්ය. ඇමරිකාව ප්‍රංශය, චීනය සමඟ යුද වදිද්දි එයට බිළි වන වියට්නාම් තරුණියන් බොහෝ දුරට අයාලේ යමින් සිටී. පුවත්වත් කලාවේදියෙක් හා යුද ආධාර නිලධාරියෙක් එකම තරුණියකට පෙම් බඳිද්දී ඔවුන් දෙදෙනා අතර ඇතිවන නිහඬ සටන යුද බිය අතරින් මෙහි කියැවේ.
තහනම් කළ දියණී
“මට ලැබෙන්න ඉන්නේ පුතෙක් ද? එහෙම නැත්නම්… දෙවියනි එහෙම වෙන්න නම් එපා.. ඒ දුවෙක් ද?”
අවසානයේ දී, ඊෂාගේ සිතට වද දුන් ඒ පෑනයට පිළිතුර ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විශේෂඥවරයාගේ සායනයේ පරිලෝකන තිරය මත සටහන්වේ. ඒ ගැහැනු දරුවෙකි. දැන් ඊෂා හා නිඛිල් කුමක් කරනු ඇත්ද?
වෘකයන්ගේ අඩවිය හෙවත් වයිට් ෆෑන්ග්
වයිට් ෆෑන්ග් කෘතියෙන් කියැවෙන්නේ වනාන්තරයෙන් ශිෂ්ටාචාරයට සම්ප්‍රාප්ත වීමකි. එහි කතා නායකයා වන වයිට් ෆෑන්ග්, අර්ධ සුනඛ, අර්ධ වෘක ප්‍රාණියෙකි. අකාරුණික, අදාන්ත වනයේ පුත්‍රයකු වූ ඔහුගේ පැවැත්ම වනයේ කුරිරුබව නිසාම තර්ජනයට හසුවෙයි. ක්‍රෑර මිනිස් ඇසුරෙහි ඔහු වඩ වඩාත් දුෂ්ට සත්වයකු බවට පත්වෙයි. අන්තිමේදී ඔහුගේ ජීවිතයේ මැළවී ගිය ශක්තීන්, කරුණාවන්තකමින් ස්පර්ශ කරන දෙවියකු ඇසුරට වැටෙන වයිට් ෆෑන්ග්, මානව දයාව, හිරු කිරණක් මෙන් ඔහු මත පතිත වන්නට වෙද්දී, සරු බිම පිපුණු මලක් මෙන් සමෘද්ධව වැඩෙන්නට පටන් ගනියි.
නිර්මල රේඛා
“දරුවො හැදුවා වගේ නෙවෙයි පුතෝ, උන් පාරට ගිහිල්ල වාහනයකට අඩ තිව් දාට තමයි උඹලගෙ ඇස් ඇරෙන්නෙ. ඔන්න අද නම් පූරුවෙ වාසනාවකට තමයි කොලුවා බේරුණේ. කොහෙද ඉතින්- මෙතන දරුවා බලා ගන්න කෙනෙක් නැති වග කවුරුත් දන්නෙ නැහැ නේ.” ආච්චි ආරම්භ කළේ එසේ ය.
අල්යෝෂා
“විල්හෙල්ම් කයිසරුයි, ඒ රටේ ධනපතියොයි ඒ ගොල්ලන්ව යුද්දෙට යැව්වා. අපේ සාර් රජ්ජුරුවොයි, අපේ ධනපතියො ටිකයි අපිව යුද්දෙට එව්වා. කොහොම බැලුවත් අන්තිමට යුද්දෙන් වාසි ගන්නේ පාලකයො. සොල්දාදු වන්ගෙ ලේවලින් ඒ ගොල්ලො අලුත් බිම් අයිති කර ගන්නව…”
අරටු
ඕනම ජඩ වැඩක් කරලා අටපිරිකරයි තව අඩුම කුඩුම ටිකකුයි අරං සුදු ඇඳුමක් අස්සට රිංගගෙන එන පරයින්ටත් පිරිත් පැන් පොවල, පාක්කුඩම් වලටයි පන්සල ඇතුලෙ දිව්‍ය විමානෙක තරං සැප සම්පත් වළඳන්නයි පුරුදු උන උන්නාන්සෙලත් අපේ රටේ ඉන්නවනෙ, ඉතිහාසෙත් එහෙමයි, අදත් එහෙමයි.
පරණ උන තරමටවත්, අරටුවෙ හයිය තරමටවත් නෙවෙයි වටිනාකම හැදෙන්නෙ. අරටුවකින් මේ සමාජෙට තියෙන පල ප්‍රයෝජනය තරමටයි හේමපාල මහත්තයො. එහෙම නැතුව කොයි තරං පැරණි ගහක් උනත් ඒකෙ ඇති වටිනාකමක් නෑ…
සිතින් විතරයි ආදරේ
“මට හංගන්න දෙයක් නෑ පොඩි පුතා. ඔයා ඉන්නෙ සතුටින් නෙමෙයි ඔයා විතරක් නෙමෙයි අර දරුවන් ඉන්නෙ හිතේ කිසිම සතුටකින් නෙමෙයි කියන්ට මන් දන්නවා. පිටතින් බලද්දි නොපෙනෙන නොගැලපීම් එකට ජීවත් වෙන්න ගියාම පේනවා දැනෙනවා වැඩියි. අපි හැමෝටම වැරදුන තැන එතැන කියලා මටත් දැනුයි තේරෙන්නේ.”
“අම්මා කියන්න හදන්නේ…”
“ඔව් පුතා අපි හැමෝම එකතු වෙලා මීට අවුරුදු විස්සකට විසිපහකට උඩදි අරන් තියෙන්නෙ වැරදි තීන්දුවක්.”
නුරා සිත්තරාවි
“ඔයා ඒ අයියට ආදරෙයි…”
නැගණිය පහන්දි පැවසුවේ මගේ වත දෙස බලා එහි හැඟීම් මැනවින් නිරීක්ෂණය කරමිනි. ඔව්.. සත්‍ය එය විය හැක. මම පිළිගතයුතුව ඇති…
“මට එයාව පෙන්නන්න..”
මම වහා දුරකථනය ඇතුළත තිබු ඔහුගේ ඡායාරූපය නැගණියට පෙන්වුවෙමි.
විදෙස් සංචාරයකට ගොස් තිබියදී ඡායාරූපගත කර තිබු එහි නිරේශ් සිටියේ පසෙක හැරී ඉදිරිය බලමින් නමුදු සිනහ නොමැති වතෙනි. ඔහු කඩවසම්ය.
සුසුමක සුවඳ මිස
මේ..සඳසිගෙයි බුමිතගෙයි මංගල රාත්‍රීය හීනියට පෙරෙන අඳුර දිහා සඳසි බලන් උන්නේ ඔවුන් උන්නු කාමරයේ ජනෙල් කවුළුවෙන්.
පුංචි කෙල්ලගේ හිත ගැහෙනවා. මුළු ඇඟම හීතල වෙලා වගේ වෙව්ලනවා. දෙයියනේ… මට බයයි. ඇස් ඇරලා බුමිතගේ ඇස් දිහා කෙළින් බලන්න බැරි මං කොහොමද…? අද බුමිතට ජීවිතය උදුරගන්න ඉඩ දෙන්නේ.
ගෙත්තම් කල සිත්තම්වල හැටි
“මින් ඉදිරියට අයියාටයි මටයි එළවලු කොටුවට වතුර දාන්න ලැබෙන්නේ නැහැ.
තව දවස් පහකින් මම මෙහෙන් කැන්දගෙන යනවා.
අද තමයි මුණගැහෙන අන්තිම දවස.
අනේ අයියේ මං ගැන හිතලා දුක් වෙන්න එපා.”
“ගීතානි අක්කා බැඳලා සතුටින් ඉන්න.
මමත් මගේ මහත්තය එක්ක සතුටින් ඉන්න උත්සාහ ගන්නවා.”
“අයියා මොන වරදක් කලත් මම අයියට සමාව දෙනවා.”
“අයියට මගේ හිතේ තියෙන ආදරේ අබ මල් රේණුවකින්වත් අඩු නැහැ කියලා හිතා ගන්න.”
වෙලාගත් දෑත් ගැල වී දෙදෙනා දෙපැත්තට ගියේ හදවත් ගිණි සුලකින් දැවී යද්දීය.
රිදී ඇල්ල
“එරන්දතී මැණිකෙගෙ ජීවිතේ රිදී ඇල්ලට බිලිවුණා.”
ගම්මුන් කීවේ එහෙමය.
එය සියදිවිනසා ගැනීමක්ද නැත්නම් මිනීමැරුමක්ද නොදන්නා අභිරහසකි. මා මේ කනින් අසන්නේ මගේම පෙර භවය ගැන බව දැනෙද්දී හිතට දැනෙන්නේ පුදුමාකාර හැඟීමකි.
“එරන්දතී මැණිකෙට පණවගේ ආදරය කරපු දේවක තාම ජීවත්වෙනවා..”
දේව්…ආදරණීය දේව්.. තාම ජීවතුන් අතරය.
මා මියගියද මානමින් ඔහු ජීවිතකාලය පුරා තනිකඩව ජීවත්වී ඇත.
“මට දේව් බලන්න ඕන.. අනේ මාව දේව් ළඟට එක්ක යන්න..”
හිත වේදනාවෙන් බරවෙද්දී මම කීවෙමි.
තාත්තා
“පුතාට අමාරු ද?”
තාත්තා මට ‘පුතා’ යනුවෙන් ඇමතූ පළමුවැනි වතාව එය විය. මට මගේ කන් අදහා ගත හැකි නොවී ය.
“නෑ” මම ඔහුට පිළිතුරු දුන්නෙමි.
තාත්තට අමාරු දැයි ඇසීමට මට ඕනෑ වුවත් මගේ මුවින් එම වදන් පිට වූයේ නැත.
තාත්තා දෙකට නැමී සරමෙන් නළල පිසදා ගත්තේ ය. සරම තවත් ලෙයින් තෙත් විය.
නිසල නේත්‍රා 2
“මං දැන් ලස්සන හීනෙක ජීවත්වෙනවා මතීෂ.. ඒ හීනෙන් ඇහැරෙන්න මං කැමති නෑ. උඹ දන්නවද ඇස් දෙක පේන්නැතුවම ගොඩක් දේවල් ජීවිතේට හුඟාක් තදින් විඳින්න පුළුවන්.. ආදරේ උනත්. තේත්‍රාගෙ හැම හුස්මක්ම මං අඳුරනවා. විඳිනවා. එයා හුස්ම ගන්න විදිහෙන් මට කියන්න පුළුවන් එයා ඉන්නෙ සතුටින්ද, දුකින්ද කියලා.
කැඩපත් දහයක්
සිරුර දෙපැත්තේ ම නෙරා පෙනෙන අංගෝපාංග පමණට වඩා සොලවමින් ඇවිදින ස්ත්‍රියකගේ ඒ ගමන ඇගේ වයසට නොගැළපෙන්නේ යයි ඩග්ලස්ට සිතුණ ද ඔහු ඒ ඇවිදිල්ල වඩා තියුණු ඇසකින් නිරීක්ෂණය කළේය. දුර දිවීමේ තරගයකට පුහුණු වන්නකු සේ ඇවිදින තවත් අයෙක් අනෙක් සියල්ලන් පසුකරමින් යයි.
** බයිපාස් සොසයිටි **
“මට ඕන වෙලා තියෙන්නෙ මිනිහගෙ තුවාලෙ සනීප කරවලා බෙල්ල කෙළින් කරවලා අරන් හැන්දෑවක අපේ මිදුලෙ අඹ ගහ යට වාඩිවෙලා පොඩි අඩියකුත් ගහන ගමන් කවි ගැන කතාබහ කරන්න. ඒ වගේ දියුණු රසිකයෙක් එක්ක මොන තරම් දේවල් කතා කරන්ඩ පුළුවන්ද?
** රසිකයෙක් සහ කවියෙක්**
මිනිපිරියගේ ලියුම
පියෙකුගේ ආදරය රැකවරණය මට අහිමි විය. එහෙත් කිසිම දරුවෙකුට හිමි වී නැති අන්දමේ ආදරණීය මවකගේ සෙනෙහස මට නොමඳව ලැබිණි. දයාව, කරුණාව, ආදරය පමණක් නොව මට මගේ මව උරුම කළේ…….. ඇය අකම්පිත ගැහැනියක ලෙස ජීවත්වීමෙන් මට ජීවිතය ගැන නිහඬව ලබා දුන් අවබෝධය මෙනෙහි කරන විට ඇය සැබැවින්ම පරමාදර්ශී කාන්තාවකි.
මම සීයාට මේ ගැන ලියන්නට කල්පනා කළේ මගේ තාත්තා හා සීයා අතර පවතින ගුප්ත වූ සමානකමත් මගේ අම්මා හා මගේ ආච්චි අම්මා අතර තිබෙන හෘදයාංගම සමානකමත් මට ම වඩාත් හොඳින් පසක් කර ගැනීමටය.
දයාබර තාත්තාට
මේ කෙටි නවකතාව වූ කලී දියණියක විසින් පියෙකුට ලියන ලද ලිපියකි. ඒ ලිපිය දියණියගේ ආත්ම භාෂණයකි. එහෙත් ඒ ඔස්සේ දිග හැරෙන්නේ දෙමාපියන් හා දරුවන් අතර සම්බන්ධතාවල ස්වභාවය හා ප්‍රමාණයයි. ගැහැණු දරුවෙකු රැක බලා ගැනීම – ඉගැන්වීම – විවාහ කරදීම – විවාහය – පමණක් නොව දෙමාපියන්ගේ ජීවිතයේ පදනම හා එහි ස්වභාවය පිළිබඳව ද පාඨකයා සමඟ හෘදයාංගම වූ සාකච්ඡාවක් සඳහා මේ කෘතිය ඇරයුම් කරයි.
මිහිරි හැඟුම්
සිතට, සැනසුම සතුට ළඟා කර ගැනීමට පෘතග්ජන කොයි කවුරුනුත් කැමති බව කිව යුතු නැත. සැනසුම- සතුට, භෞතික වස්තූන් අත්පත් කර ගැනීම ඔස්සේ සැබවින්ම හිමි නොවන්නේය. සැනසුම-සතුට අදාළ වන්නේ මිනිස් මනසටය.
“මිහිරි හැඟුම්” නමැති මේ කෘතියෙහි ඇතුළත් වන්නේ මිනිස් සිතට සුවය සදන අත්දැකීම්ය. ඒ අත්දැකීම්වල වෙනසක් ඇත. ඒවා කවි කල්පිත අත්දැකීම්වල වෙනසක් ඇත. ඒවා කවි කල්පිත අත්දැකීම් නොවන්නේය. සත්‍ය අත්දැකීම් වන්නේය.
GIRAYA
A giraya is a familiar object in most Sinhala homes. Fashioned out of brass, steel, silver or gold it comes in a variety of shapes and sizes according to the status of it’s owner. Sometimes it comes in a human shape with a woman’s face and palms clasped in mute worship. A giraya could be called upon to play a dual role… …in this story, recorded in a diary, a sensitive young woman is caught like an arecaunt between the blades of giraya. Surrounded by twisted, abnormal characters, in an atmosphere of frustration, passion and thwarted desire, living in a crumbling old walauwe which is hostile to a fast changing society, where she is desperate.
බොබ්සි නිවුන්නු
“හානේ, සටන පටන් ගන්නයි යන්නෙ!” නැන් මහත් උද්‍යෝගයෙන් කෑගෑවා ය.
“දැක්කද ඒගොල්ලො කන්ද උඩට එනවා!”
“ඒගොල්ලො වෙඩි තියයි ද?” ෆ්ලොසී මඳක් චංචලව ඇසුවා ය.
“ඒගොල්ලො වෙඩි තියන්නෙ නෑ.” ෆ්‍රෙඩ් පිළිතුරු දුන්නේ ය. “හිම බෝලවලින් වෙඩි තියන්න පුළුවනෑ?
ඒවා ඇතුළේ වෙඩි බේත් නෑ නෙ.”
නිදහසේ රැජින 1 (අඳුරු අධිරාජ්‍යය පළමු කොටස)
ක්‍රි.පූර්ව 17 වන ශතවර්ෂයයි. හික්සෝවරුන් ඊජිප්තුව යටත් කරගත් අඳුරු කාලපරිච්ඡේදයයි. හික්සෝවරුන් යනු වෙනත් රාජ්‍ය වලින් පැමිණි කුමාරවරුන්ය. මේ කෘෘර ඒකාධිපති පාලකයන්ගේ ආක්‍රමණයත් සමගම ඒ වනතෙක් ඊජිප්තුවේ පැවැති සාධාරණත්වය, ආදරය, නීතිගරුක බව යන උතුම් ගුණාංග සියල්ල යටපත් විය. කෘෘරකම, ආත්මාර්ථකාමී බව ඉස්මතු විය.
ඊජිප්තුවට බලපෑ මේ ආක්‍රමණික පාලනයෙන් බේරී අවසානයේ ඉතිරි වූයේ තීබසය නම් වූ කුඩා රාජ්‍යය පමණි. තීබසය පාලනය කළ ටේටි රැජිනගේ දියණිය අහොටෙප් කුමරියයි. ඊජිප්තුව, ආක්‍රමණිකයාගේ කෘෘර හස්තයෙන් ගලවාගැනීමට ඉදිරිපත් වූයේ ආහොටෙප් කුමරියයි.
ඉතින් තම මෑණියක් වූ ටේටි රැජින, සැමියා වු සීක්වෙන්, සුරතලා වූ සිනාසෙන්නා සහ ආවතේවකරු වූ ක්වාරිස් සමග මේ දරුණු පාලකයා පරාජය කිරීමට ඇයට හැකි වේද?
පුතාට ලියමි
“පුතාට ලියමි” අර්ධ නව කතාවකි. දෙමාපියන් හා ගුරුභවතුන් මේ පොතෙහි පාඨකයන් ලෙස සැලකීමට කතුවරයා කල්පනා කරයි.
ඩැල්මේෂන් 101
පොන්ගෝට සහ මිසිස්ට සිටි සුරතල් ඩැල්මේෂන් පැටව් පහළොස් දෙනා අබිරහස් ලෙස අතුරුදහන් වෙති. දුෂ්ට අසල්වැසි කාන්තාවක වන කෘවෙලා ඩි විල් ගැන සැක කරන බුද්ධිමත් පොන්ගෝ,මිසිස් සමග සිය පැටවුන් සොයා යයි. බොහෝ අනතුරුවලට මුහුණ දෙන ඔවුහු, අතරමග දී හමු වන මිතුරු සුනඛයින්ගේ සහ වෙනත් සතුන්ගේ උදව්වෙන් අන්තිමේ දී දුෂ්ට සතුරන් පරාජය කර සිය පැටවුන් සමග එක් වෙති.
කසුන් ගිර තරණය
‘මට බස් එකේ යන්න සල්ලි නැහැ’
එයාට හිනාවක් ගියා. සාක්කුව ඇදලා මට ශත විසිපහක් දුන්නා.
‘එපා. මට ශත පහළොවක් ඇති’
ටිකට් කවුන්ටරයෙන් ශත විසිපහ මාරු කරලා මට ශත පහළොවක් දීලා ඉතුරු දහය එයා සාක්කුවෙ දා ගත්තා.
‘බොහොම ස්තුතියි’
මම ආයෙත් වරක් දණ ගහලා වැන්දා.
‘හොඳට ඉගෙන ගන්න’
එහෙම කිව්වෙ නැගිටින කොට ඔලුව අතගාලා.