ගෙදර යන අතරමග
1894 වසරේදී ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්, ඇගේ සැමියා අල්මන්සෝ සහ ඔවුන්ගේ කුඩා දියණිය රෝස් සමග දකුණු ඩකෝටාවේ,ඩි ස්මෙට් නගරයේ ඔවුන් ජීවත් වූ නිසව අතහැර දමා මිසුරියේ මෑන්ස්ෆීල්ඩ් ප්‍රදේශයේ පදිංචියට ගියාය. අවුරුදු හතක් පුරා වර්ෂාව ලැබී තිබුණේ ඉතා අල්ප වශයෙන් වූ අතර අස්වැන්නක් අස්වැන්නක් ගානේ නිසරු වී ගොස් තැනිතලා දුවිලි ගොඩවල් බවට පත්වී තිබිණි.
වයිල්ඩර් පවුල ඔවුන්ගේ බඩුමුට්ටු ගැලට පටවාගෙන, නෑ හිතවතුන්ගෙන් සමුගෙන, මිසුරියේ අලුත් ජීවිතයක් පටන් ගැනීමේ බලාපොරොත්තුවෙන් ගමන් ආරම්භ කළහ. ලෝරා ඒ ගමන් විස්තරය දින පොතක ලීවාය. මේ ඈ ලියූ දින සටහන් පෙළයි.
මුල්ලෙරියා පෙම්පුවත
දෑ අබිමනය ඉහටත් ඉහළින් රන්දා
වෙළ මැද සටන් කොට අපි ජය දද බැන්දා
මුල්ලෙරියාව නම විහිළුවකට අන්දා
නොකරවු මිනිසුනේ පරපුරකට නින්දා
හෙට අලුත් ජීවිතයක්
සාර්ථක ව අධ්‍යාපන කටයුතු සිදු කර ගන්නා තරුණ තරුණියන් අනපේක්ෂිත කාරණා හේතුවෙන් අනාගත අපේක්ෂා බිඳ දමා ගන්නා අවස්ථා අද අපමණය. තරුණ වියේ දී ම විවාහ ජීවිත පටන් ගෙන අවුල් සහගත දිවි පෙවතක් උරුම කර ගන්නා තත්ත්වයන් ද කැපී පෙනේ.ජීවිතය ඉදිරියට ගෙන යෑමට නම්, ජීවන අපේක්ෂා බිඳ වැටුණ විට ඒ ගැන පියවි සිහියෙන් කල්පනා කළ යුතු ය.
මේ පොත තමන් ගැන විචාරශීලී වීමට කැමති කාටත් ඒ සඳහා අවශ්‍ය අත්දැකීම් සංග්‍රහ කරමින් ජීවිතාවබෝධය උදෙසා සම්පාදනය වූවකි.
ළමා මනාලියකගේ කඳුළු කතාව
සානියා ක්‍රැවන් එංගලන්තයේ ජීවත්වූ වයස අවුරුදු දහතුනක ගැහැනු ළමයෙකි. පාසල් ගිය. අසල්වැසි පංති මිතුරන් සමඟ ගතකළේ ප්‍රීතිමත් ජීවිතයකි. නමුත් ඇගේ ඉරණම වෙනස් වුයේ පියාගේ මරණයත් සමඟය.
සිතුවිලි කළවම
ජීවිතාවබෝධය හා සමාජාවබෝධය පිණිස කවරෙකු වුව සංවේදී විය යුතු ක්ෂේත්‍ර කිහිපයක් ඇත. සාහිත්‍ය කියවීම, කලාව ආස්වාදනය, සමාජ දේශපාලන සංසිද්ධීන් කෙරේ විචාරශීලී වීම ඒ අතර වැදගත් ය. ‘සිතුවිලි කළවම’ ඒ වෙනුවෙන් සම්පාදනය කරන ලද කෘතියකි. ජීවිතය හා සමාජය මෙහි ඇතුළත් ය.
රිදී නූලේ මායාව
අඟහරුවාදා දිනයක උපන් නිසා, ටියුස්ඩේ නම ලැබූ දැරියක සිටියාය. ඇගේ මව ළමා පොත් ලියන ලේඛිකාවකි. දිනක් හදිසියේ තම මව අතුරුදන්ව ඇතැයි දැන ගන්නා ටියුස්ඩේ, ඈ සෙවීමට වෑයම් කරයි. එහිදී හමුවන විශ්මිත රිදී නූලක් මගින් ඈ අපුරු ලෝකයකට පිවිසේ. එහිදී ඈ ලබන ත්‍රාසජනක අත්දැකීම් රැසක් මෙම පොතට පසුබිම් වී තිබේ.
සත්‍යය ම පමණයි
මඳ වේලාවකට පසු දුරකතනය නාද වීමෙන් හූ අවදි වුණා ය. ඇය අඬමින් ම නින්දට ගොස් තිබුණි.
“හලෝ?” ඇය කීවා ය. ඇඬීම නිසා ඇගේ කට හඬ වියළී තිබුණි.
“මට හූ ඈන් යුවාන් මහත්තයත් එක්ක කතා කරන්න පුළුවන් ද? මම බැංකොක් අන්තර්ජාතික විශ්ව විද්‍යාලයෙන් ඩේවිඩ් රයිඩීන් කතා කරන්නෙ.”
හූ ගේ හදවත නැවතුනි. “මම හූ. තාත්ත තවම වැඩ ඇරිල ගෙදර ආවේ නෑ. ඔයා ළඟ එයාගෙ අංකය තියෙනව ද?”
තරුසුණු වැස්ස
මගේ සිතිවිලි මගේ ජීවිතයේ ප්‍රීතිමත් ම කාලය වෙත දිව ගියේ ය. කලට් ඩීසා හි සිට මා හර්ජ් වෙතට ගියේ මගේ සැමියා මුණගැසීම සඳහා ය. මට නිමක් නොමැති ව කදුළු හෙළීමට සිදු වන බව එදින මම නො දැන සිටියෙමි. ආදරයෙන් බැඳුණු ළාබාල තරුණියක වන මා මගේ සියලු සිහින සැබෑ වී ඇති බවක් සිතුවෙමි.
නිමාවිය ගමන අද මෙතනින්..
“කරන කලට පවු මීරිය මීසේ – විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ”. එසේම දිට්ඨ ධම්මවේදනීය කර්මය ගැන ද දහමේ කියවෙයි. මේ හැමකෙකින්ම කියැවෙන්නේ කළකම් පලදීම ගැන ය. මෙම කතාවේ ප්‍රධාන චරිතය වූ ක්‍රිස්ටි සමරකෝන් හැමවිටම බලා ඇත්තේ යුක්තිය සාධාරණය නොව තම ආත්මලාභය සඳහා කවර අන්දමින් හෝ තම මඩිය පුරවා ගැනීම ය. බලය තරකර ගැනීම ය.
ඔහු ජීවිත කාලයක් එසේ කර පුරවාගත් මඩියත්, තරකරගත් බලයත් නිමේෂයෙන් වැනසී යයි. මේ කතාව තුළ ගම්‍ය වන්නේ එම යථාර්ථවාදී දහම් පණිවිඩයයි.
වැලි පොල්කටු කෝම්පිට්ටු
මද්දුගේ ජීවිතය ගෙවුණේ වත්ත පහල ඇල ඉවුරේය. නිල්දිය පිරි ඇලේය. වෙල් එළියේය. මැද කමතේය. එගොඩ ගොඩේ කූඹි කැලේය. මද්දු ඇවිදින්න ගිහින් අම්මාගෙන් ගුටි කෑවේ වරක් දෙවරක් නොවේය.
“හොඳවැඩේ මෙයාට රවුම් ගහන්න යනවට..”
අක්කා බනින්නේ මද්දුටය.
‘මං රවුම් ගහන්න ගියෙ නෑ…’
අම්මාගෙන් ගුටි කෑ මද්දු අක්කාට කඩා පැන්නාය.
‘මෙයාගෙ කටේ සැර… අම්මට තිබ්බෙ තව දෙකක් දෙන්ඩ…’
‘බතලි…බතලි…යක්ෂණී…බටකොළ ආච්චි…’
වන අරණක කුඩා නිවස
“ඔන්න ඉතින්, සීයගෙ ගෙදර තියෙන්නෙ උස කන්දක් බැහැගෙන බාගයක් දුර ගියපු තැන. කන්ද මුදුනෙ ඉඳන් පල්ලෙහාට වැටුණු පාර ගෙදර ඉස්සරහ දොර ළඟින් යනවා. සීත කාලෙට පල්ලෙහාට ලිස්සලා යන්න කියාපු තැන එතන. ඔයගොල්ලන්ට හිතාගත්තැකි නෙව.”
තරු දෙකක්
ඇටියාවල විජිත ධනංජය, කුලී වැඩ කර ජීවත් වූවෙක්. එතරම් උගතකු නොවූ ඔහුට කුලී වැඩ හැර වෙන රැකියාවක් සොයා ගත නො හැකි වුණේ වෙනත් රැකියා සඳහා ශිල්පීය දැනුමක් හෝ පුරුද්දක් හෝ නො තිබුණ හෙයින්. දිනපතා ම කුලී වැඩ නො ලැබුණ ඔහු බිරිඳ හා දරු දෙදෙනා ද සමඟ ජිවිකාව කළේ අග හිඟකම් මැද අපහසුවෙන්.
දොරකඩ දෙවොල
අනිත්තෙක නාමලියො.. මේ එක තත්පරේකටවත් ජීවිතේ අංගසම්පූර්ණයි කියලා හිතන්ඩ එපා.. මේ මනුස්ස ජීවිතේ වැරදෙන එවුන් අනන්තයි. කෙණෙහෙලිකම්, මදිපුංචිකම්, හතුරු පීඩා අනන්තයි අප්‍රමාණයි. බුදු හාමුදුරුවන්ටත්.. නින්දා අපහාස, කරදර තිබ්බ එකේ… උඹල අපි කව්ද බං..?
නැන්දම්මටනම් කියන්ඩ බැරියැ.. විඳවලා බලන්ඩ ඕනෙ..”
සඳමඬල
“ක්‍රෝධ කිරීමත්, අසත්පුරුෂ භාවයත්, මසුරු කමත්, අසත්‍ය කීමත් ඔවුන්ට තිබෙනවා.බුදුන් වහන්සේ කියා තිබෙන්නේ ක්‍රෝධය අක්‍රෝධයෙන් ජය ගත යුතු බවත්, අසත් පුරුෂයින් සත්පුරුෂ භාවයෙන් ජය ගත යුතු බවත්, මසුරා පරිත්‍යාගයෙන් ජය ගත යුතු බවත්, අසත්‍ය පවසන්නා සත්‍ය කීමෙන් ජය ගත යුතු බවත්ය”
ඇය ද පටාචාරාවකි
“ඕක මගෙ රූට් එක. මං නැති ටිකේ ඒකි ඒක අල්ලගෙන. ඒකිටත් ළමයි තුන් දෙනෙක් ඉන්නවා… අම්මා ලෙඩින් වැටිලා… රෝල ගහන්ඩ තමයි බං මේ හැමදේම.. උඹ ඔයින් බේරිලා ආව මදැයි. මාත් ඉස්සර උන් එක්ක ගහ ගන්නවා.”
මිහිරිගෙ කතාවෙන් පස්සෙ තමයි අමිලගෙ ඇඟේ දාඩිය නිවුණෙ.
ආදරයේ අකුරූ
“මේ තරම් පරිස්සමින් මේක කරන්ඩ වුනේ පත්තරකාරියක් ඇහගහගෙන ඉන්න හින්දා. නැත්තං උඹව කැලේ ඇතුලෙදීම ඉවර කරන්න තිබ්බා.”
ඔහුගේ පහරවලින් සිහිසුන්ව උන් තියංගීට, අසරණ කෙල්ලට ඔහු කී දේවල් ඇසුනේ නැත. ඉතින් ඔහු සිත් සේ ඇගේ සිහිසුන් සිරුර හත් අට වතාවක්ම රස වින්දේය.
සුසුම් සිත්තම්
දයාබර හංස….
හිත තිබුණෙ ඔයා ලියන
ආදරණීය කතා අස්සෙ…
මේ පාළු පුංචි හිත
ඔයාගෙ කවිකාර පොත් සුවපත් කළා…
ඒත්…
ඔයාව සුන්දර මිනිහෙක් කළේ “කල්පනා”…
ඔයා ඇහැරවපු මගෙ හිත අස්සට
රිංගා ගත්තෙ “මිත්‍ර”…..
සෙනෙහෙ ගඟුල්
මගේ හිතට සැනසුමක් දැනෙයි. මේ වෛද්‍යවරයා බුදුවේවා.. යයි මම ප්‍රාර්ථනා කළෙමි.
ඒ තරමටම එවෙලෙහි ඔහු මට දෙවියෙක් විය.
විනාඩි විස්සක්වත් ගියේ නැත “ඔහෑ… ඔහෑ…” යන ශබ්දය තියටර් එක දෙදරන්නට තරම් විය.
“ඩොක්ටර්.. මට බබා පෙන්නන්න..”
“මේ… චේතක වගේ කළු කොල්ලෙක්…”
මාල ගිරා තටු
“මම මේ චිත්‍රය නම් කළේ බෝසත් කියලා. ඇත්තටම.. මේ තරුණයා දුටු පළමු මොහොතෙම ක්ෂණිකව හිතට ආපු සිතුවිල්ල තමයි බෝසත් කියන එක. මට ඒක හිතා ගන්න බෑ.. මගේ අප්පච්චි නැති වෙනකොට මට අවුරුදු පහයි.”
පහන් තාරකා
ජීවිතේ පාලු ඉසව්වක මල් පීපි තිබෙන විට මල් සුවඳ දැනෙනවිට හිතට දැනෙන පිරිසිදු සුවඳ වචනයෙන් විස්තර කරන්නට නොහැකිය. මම ජීවිතයේ බොහෝ අවමාන වින්දෙමි. ආදරය වෙනුවෙන් අවමාන වින්දෙමි. මගේ කුස තුල මෝර මෝරා වැඩුණේ ඒ අවමානයයි. නමුත් ඒ අවමානයම විසින් දිනෙක මා සම්මානනීය ගැහැනියක කරන වග ඇදහූවෙමි. මට ඇඟිල්ල දිගු කළ බොහෝ අයගේ ක්‍රියාවන් දිනෙක බොරු කරන්නට මම අදිටන් කර ගත්තෙමි.
මං දයාබර වැඩිද මන්දා
මගේ සුරතල් බලු පැටවා බීතෝන්ට වස දී තිබිණ. ඌ ලේ වමනය කර මැරී තිබිණ. මගේය කියන්නට කිසිවෙකුත් නැති මගේම ගෙය ඇතුලේ වන තාත්තාගේ දෙවන විවාහයේ ඥාතීන් ගැන මට බයක් දැනිණැ. විශ්වාසය… මේ ඔවුන්ගේ වැඩය.
“තාත්තා හිතාගන්න.. දවසක ඔයා ගෙදර එද්දී මමත් මේ විදිහට මැරිල වැටිල ඉදීවි… මට වහ දුන්නෙ කවුද කියලා අහන්න කෙනෙක්වත්, ඇත්ත කියන්න කෙනෙක්වත් එදාට මේ ගෙදර ඉන්න එකක් නෑ… අද බීතෝන් වගේ එදාට මාත් අභිරහස් විදිහට මේ ජීවිතේ අතෑරලා සඳහටම යන්න යාවි..”
ප්‍රේමයේ යාදිනී
“එක ඇඳක එකට බදාගෙන නිදා ගත්තත් හුඟක් පිරිමින්ට තමුන්ගේ ගෑනිගෙ හිත තේරුම් ගන්න බෑ..”
සත්‍යයක් හෝ අසත්‍යයක් වේවා මගේ හිතට නැගෙන දේ
මම වචනයට පෙරලුවෙමි
සැබවින්ම සසිත්ට තිබුණේ මාව අයිති කර ගැනීමේ
උන්මාදයකැයි මට සිතේ
සුපෙම්වත ඔබ මගේ
හමුවේ වා ඔබ මතු අත්භවයක ඔබ මගේම වූ ආත්මයක සංසාරේ….
ඔබ මගේම වූ ආදරය නම්
ඔබගේ නික්ම යාම
මගේ ජීවිතයේ අවසානයයි..
එහෙත්
ඔබේ ජීව රුධිරය
ජීවත් කරනු වස්…
මම ලෝකය පවතින තාක්කල්
ඔබටම ආදරය කරමි.
මල් පවන් රැල්
“පහන් තරුව වගේ කෙනෙක් මට පාර පෙන්නුවා… ඒ පහන් තරුව දිහා බලාගෙන මම මගේ දුක කිව්වා..
මං හිතාගෙන හිටියෙ පහන් තරුව අයිති දුර ආකාශෙට කියලා…
ඒක නෙමේ ඇත්ත… දෙයක් අයිති වෙන්න ඕන මොනවා හරි දේකට ආදරේ වෙන කෙනෙකුටයි…
ආදරය කරන කෙනෙකුට භෞතික දුර වැදගත් නෑ… ඒ කියන්නෙ පහන් තරුව අයිති
පහන් තරුවට ආදරේ කරපු මටම තමා…
මට පහන් තරුව වෙලා උන්නෙ ඔයා අසංක අයියෙ…
ඇත්තමයි මට අයිති මගෙ පහන් තරුව ඔයා….”
වස්සාන මැදියම
ජලනි වහා බැල්කනියේ කණුව අල්ලා ගත්තාය. සුදු ගවුම ඇඳ ගත් කොණ්ඩය දිග යුවතියක් කෝපි ගස් අස්සෙන් වත්ත පල්ලෙහාට දිව යන අයුරු ජලනී දුටුවාය.
“මුතුලී.. එහෙනම් ඔයා ආයෙත් ඇවිත්..”
ජලනී තමාටම කොඳුරු ගත්තාය. මෙම අවතාරය තමා කැඳවාගෙන යන්නට හදන්නේ කුමන කරුණක් අරඹයාද.. ජලනීට බියක් නොසිතේ. ඇය සෙමෙන් සෙමෙන් වලව්වේ මැද මිදුලේ ඇති දොරින් පිටවූවාය.
ලිහිණියකුගේ ප්‍රයාමය
ගුවන් යානා නියමුවකු විසින් ලියන ලද ගුවන් යානා නියමු ඡායාරූප ශිල්පියකු විසින් අලංකාර කරන ලද මේ අපූර්ව කුඩා කථාව අති සුන්දර ගීතයක් වැනිය.
මෙය ලෝකයේ සම්භාව්‍ය සාහිත්‍ය කෘතියක් ලෙස සැලකෙන්නකි.
මුහුදු ලිහිණියන්ට ජීවිතය යනු හුදෙක්ම ආහාර ගැනීම සහ නොමැරී සිටීම යන කාරණාවලට පමණක් සීමා වූවකි.
පියාසර කිරීම යනු තනිකරම ආහාර සෙවීමේ උත්සාහයක් පමණකි.
එසේ වුවද මුහුදුලිහිණි ජොනතන් ලිවිංස්ටන් ගැටවරයාට නම් පියාසර කිරීම යනු ජීවිතයම වේ.
අලුයම් සිහිනය
දේවකී ඇඟ මැලි කඩමින් ඇඳ මත පෙරළී සිටිය දී ඇය වෙත දිව ආ දියණිය දනූෂා ඇගේ සවනට ළං වී තැතිගත් ස්වරූපයෙන් රහසක් කොඳුරා කීවා ය.
“අම්මේ අරය පේන්න නෑ.”
දේවකී ක්ෂණික ව ගල් ගැසුනාක් සේ වූවා ය. තැතිගත් සිතින් යුක්ත ව ඈ දියණියගේ මුහුණ දෙස බැලුවා ය.
“ඉක්මනට වත්තෙ හැම තැන ම හොයල බලන්න දරුවෝ.”
පලංචිය
“හොරෙක් හොරෙක්… මෙන්න හොරෙක්…”
සෙලානෝනා හැකිවෙර යොදා කෑගෑවාය.
කාමගින්නෙන් පිච්චි පිච්චී චාරුලතාගේ ගෙට රිංගන්නට මාන බලබලා උන් දනියෙල් ඒ හඬට ගැස්සිණ. සෙලානෝනාගේ සද්දයට වෙලේ නාන ළිඳ ළඟ උන් තරුණයින් කීපදෙනා මහනියර දිගේ දුවඑන්නේ මේ පැත්තටය. දනියෙල් වහා පාර පැත්තට දිව්වේය.
“මෙන්න හොරෙක් .. මේන් හොරා පැන්නෝ…”
දෑරඟමිණ
“මොකක්ද නංගා අවුල?”
“මම දහයෙ ඉඳලා ඩාන්සින් දිගටම කරන්නද ඇහුවා කියලා.”
“කොහොමටත් අපේ තාත්තිට නැටුම් සංගීත පේන්න බැරි ලෙඩක් තියෙනවනෙ.”
“අම්මිටත් බැන්නා. මට ඉංග්ලිෂ් ලිට්‍රිච කරන්නලු. ඒක ලේසි සබ්ජෙක්ට් එකක් නෙවෙටිනෙ අයියා. අන්තිමට ඒ ගත්තත් මට ඒකට අනිවාර්යයෙන්ම සී.”
සඳුන් ගින්දර
“එදා මහ වැස්ස දවසක්. පාරට වාහනේ දාලා ටික දුරක් එනකොටයි තේරුණේ ආපු මෝඩකම කියලා. ඒත් හිත හයිය කරගෙන පාලිගෙ ආසාව හින්ද මං ඩ්‍රයිව් කලා. ටෙක්නිකල් හංදිය පහුකරලා ටිකක් ඉස්සරහට එනකොට එකපාරටම මාර ගහක් කඩන් වැටෙන්න යනවා වගේ මං දැක්ක. ඒ එක්කම මම වාහනේ අනිත් පැත්තට හැරෙව්වෙ පුතාවයි දරුවා ලැබෙන්න ඉන්න පාලිවයි බේරගන්න හිතාගෙනයි … ඒත් …”
වීදුරු හීන
ප්‍රේමය
වෙන්දේසි කල
නො හැකි බවට
උපමා නැත
රූපකය ම උඹය …
රැජිනකට ඇති අයිතිය
පරෙස්සම් කරන එක
ප්‍රේමය නම් …
ඒ ප්‍රේමයේ පිකාසෝ උඹය …
සල්ලාල හිත් තියෙන
පිරිමි පපු අතරේ
මම උඹට කැමති වන
හේතුවම ඒකය …
ඇසළ මද්දහන
“මට මොකක්ද දැනෙනවා රුවියො … සර් ගැන… පුදුම ආදරයක් මගෙ හිතේ තියෙනවා… හැබැයි ඒක සර්ව ලබාගන්න ආසාව නෙවෙයි… ”
“හැම පිම්මක්ම පැනල ඉන්න උඹ කොහොමද සර්ට ආදරේ කරන්නෙ..සිදුහත් කුමරෙකුට ආදරේ කරන්න පුළුවන් යශෝධරාවකට විතරයි. චිංචි මානවිකාවකට ඒක කරන්න බෑ.”
සසර චාරිකා
“මිස්… මං දුප්පත් කොල්ලෙක්.. මාව අත ඇරලා දාන්න. මට මිස්ව රැක බලාගන්න පුළුවන්කමක් නෑ.. මං මිස්ගෙ තාත්තා ළඟ පඩියට වැඩ කරන සේවකයෙක්…”
නමුදු ඔහුගේ හේතු කාරණාවලට මගේ ආදරය පරාද වූයේ නැත. ප්‍රතාප අයියා මගේ ජීවිතයට බලපෑම් එල්ල කරද්දී ඔහුට මගේ සෙනෙහස අවශ්‍ය විය.
හිතුමතේ හිත පුරා මල් පිපේ
පුංචි අම්මා කියවන්නේ බෝසත් ගානටය. ඇය මල්ලීටත් මටත් කළ වෙනස් කම මට සිහිපත් වෙයි. හැමදේම වෙන්නේ හොඳටයි කියන්නේ සැබෑවකි. පුංචි අම්මා වෙනස්කම් නොකළා නම් අප ගම හැර යන්නේ නැත. ගම හැර නොගියා නම් මට මෙවන් වාසනාවක් පෑදෙන්නේ ද නැත. මා එම නිවසේ වැඩකාරියක බව සැබෑවකි. එහෙත් කිසිදු විටෙකත් ඒ වග මට දැනෙන්නට ඔවුන් ඉඩ හැරියේ නැත.
සත් සියක් සුසුම්
“මැරෙන තරමට මට ආදරේ කළාද?”
ඒ ස්වරය ඔහුගේය. ඔහුගේමය.
එහෙත් මම ඇස් හැර නොබැලීමි.
දකිමින් උන්නේ සිහිනයක් නම් ඉන් නොඇහැරී
ඉන්නට මට උවමනා විය.
“ඇස් අරින්න බයවෙන්න එපා…
මේක හීනයක් නෙමේ….
ආ බබා මට මැරෙන තරමට ආදරය කළාද…”
නදුක ඇසුවේය.
පිදු ආදරය නිසා මට බොහෝ දේ අතහැරුණු බව…
මට මාවම මගහැරී ගිය බව… කියාගත නොහී
මම ගොළුව හිඳියෙමි. එහෙත් මසිත දුක කියමින් උන්නේය.
වලව්වක ඉලව්වක්
“මොන බොරු ද පුතේ උඹ මට නිකන් කෝචොක් කතා කියනවා. හාමු මහ රැස්පොට් කාරයා, මෙහෙ ඉන්නැද්දි. දැන් කොළඹ ගිහින් ඊටත් වැඩි ඇති.”
“එහෙම තමා ආච්චි කලින් කලට මිනිස්සු වෙනස් වෙනවා. හාමුගෙ වලව්වත් දැන් මගේ. ළඟදීම හාමුගෙ ලස්සන කුලවන්ත දෙවැනි දුව මගේ බිරිඳ වෙනවා.”
ගිරි දුර්ග අතරින්
“දැන් දුව කල්ප ළමය තීන්දු කරලා තියෙන එකේ ඒ ළමය ආපුහාම ටිකක් කතාබහ කරල දෙන්න ඇඳින ගන්න. මඟ ඇරලා පැත්තට වෙලා ඉන්න එපා. අපි වැඩිකල් නෑර මේ මංගල්ලෙත් කරනවා” මව දියණියට උපදෙස් දුන්නා ය.
“එයා එන්නෙ මාවම බලන්න නෙමෙයිනෙ. තමන්ගෙ නංගිව බලන්නනෙ” කියා මල්ෂා ලිස්සා යයි.
වන රජදහන
ප්‍රභාමත්ව වූ අරුණෝදය හිරු කිරණ විචිත්‍ර ලෙසින් පරිසරය සිසාරා ගියේය. ඝන අන්ධකාරයෙන් පීඩිතව සිටි සියොතුන් හිරු එළිය පැතිරීමත් සමගම සුකුමාල ලාලිත්‍යයෙන් ඔකද වී ඒ මේ අත පියඹන්නට විණි. ගස් වැල් හඹාගෙන ආ මද සුළග තුරින්තුරට ළං වෙමින් ඒ මේ අත ගියේය.උදා අසිරිය අතිශයින් චමත්කාරජනකය, සුන්දරය, මනස්කාන්තය, සෝභනය.
මේ පැහැබර දිනයේ වන මැදින් වැටුණු අඩි පාර දිගේ පෙරට යන යෞවනයන් තිදෙනෙකි. ඔව්! සම වයසේ දගකාර යෞවනයන් තිදෙනෙකි. වනාන්තරයටම ආවේණික ඇදුමින් සැරසී ඔරොත්තු නොදෙන තරමේ භාණ්ඩ ප්‍රමාණයක් ද ගෙන ඔව්හු පෙරට ම යති. සමහර විට ඔබට ඔවුන් තිදෙනා මතක ඇති. ‘නෙල්ලි කැලේ වීරයෝ’ හා ‘ගල්ගේ කන්ද ‘ වික්‍රමයන් තුළින් ඔබට සමීප වූ මේ තිදෙනා සුනිල්, සමන් හා ප්‍රියන්ත ය.
සෝබමාන වූ රුවින් ද, නොපසුබට අධිෂ්ඨානයෙන් ද, උට්ඨාන වීර්යයෙන් ද හෙබි, මේ තිදෙනා පුදුම උපදවන සුළු කාර්යය සම්පන්නය. මාපිය අවසරය මත ,දෙටු පෙළ පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් ඔවුන් ගමන් කරන ගවේෂණ චාරිකාවකි මේ…..
සිකිපිල් අසෙනිය
“ඔයාල මොකට ද අඬන්නේ ? මෙයාලට පිස්සු”
අක්කා එසේ කියමින් අම්මාගේ රූරා වැටෙන්නට වෙර දරන කඳුළු කැටයක් පිසදා හැරියා ය.
දරුවන් කුමන වරදක් කළත් මවුවරුන්ට ඔවුන් දරුවන්ම ය. දසමසකට ආසන්න කාලයක් කුස තුළ හොවා පෝෂණය කර ඉන් අනතුරුව රුහිරු කිරට හරවා ඇති දැඩි කළේ යම් අනතුරක සේයාවක් දැනෙන විට ද මවුවරුන්ගේ දෙනෙතේ කොනක කඳුල උපදී. පියවරුන් ද එසේ නැතුවාම නොවේ.”
නික්ම නොයන්නෙමි
|
ඒදන් උයන
සෞර්යග්‍රහ මණ්ඩලය මත විහිද වූ බලයේ ආඩම්බරයෙන් පෘථිවිය බොහෝ මන්ද ලෙස පරිභ්‍රමණය වෙමින් පැවතිණ. ඇය සුර්යයා වටා ගමනේ ය. අවුරුදු බිලියන ගණනක් ඇය එකම මාර්ගයේ ය. සුවපහසු නොවූ පාෂාණ මතින් පස ජනනය විය.ඒ මත පැළෑටි වර්ධනය විය.සතුන් බිහිවිය.ජීවය සෑම විටකම බොහෝ සුවපහසු මාවතක් වූයේ නැත.
අවසානයක් සොයා
2018 ඌව පළාත් රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ ප්‍රශස්තම පරිවර්තන කෘතිය උදෙසා වු සම්මානය දිනාගත් කෘතියකි
රන්ගිරි අරණ
“අපිත් මාස ගණනාවකින් ගෙදර ගියේ නෑ” සිරිපාල පැවසුවේ නෝක්කාඩුවක් ලෙසිනි. චාලි ඒ සියලු දේට සිනාවෙන් පිළිතුරු දුන්නා විනා කිසිවක් කීවේ නැත.
පසුදා උදයේම ලකලෑස්ති වූ චාලි හෝටලයෙන් පිටවන විට ඔහුගේ මාසයේ පඩියට අමතරව තවත් මුදලක් එඩ්වඩ් ලබාදුන්නේ මවට අවශ්‍ය දෙයක් රැගෙන යාමට උපදෙස් දෙමිනි.
අසනග වැසි
ආලත්ති අම්ම නිසොල්මනේ ඔළුව පහත් කරගෙන හිටිය. පාං එළියට පිටුපාලා නිසා හෙවණැල්ල වැටිල බිත්තියට. ආලත්ති අම්මගෙ නිකටෙන් අල්ලල බිත්තිය පැත්තට හැරෙව්වම තමයි දැක්කෙ හෙවණැලි දෙක නියපොත්තෙන් බිත්තියෙ ඇඳල. දඟකාරකමක් කළ පොඩි එකෙක් වගේ බලාගෙන ඉන්නව. තමාගෙ හිතේ ඇති පාර පාරා තියෙන දුක බය ගැන වගක්වත් නැහැ. ආලත්ති අම්ම හිතුව කෙළින්ම කතා කරන්න ඕනය කියල.“මහත්තය… අපි දෙන්නම එකතු වෙලා වැරැද්දක් කළා.”
අහස්කුඩය
දැන් ප්ලම්බ් ඔහුගේ අසන්නන්ගෙන් ප්‍රශ්ණ කරයි. “කවුද ඔයාගේ පැරෂුට් එක එතුවේ?” ඔහු දිගින් දිගටම ප්‍රශ්ණ කරයි. දිනය ගෙවා දැමීමට උපකාරී වන කවුරුන් හෝ අප සැමටම සිටියි. සතුරු අඩවියේදි ඔහුගේ ගුවන් යානය බිම හෙලනු ලැබු විට ප්ලම්බ්ට බොහෝ වර්ගයේ පැරෂුට් අවශ්‍ය විය. ඔහුගේ ශාරීරික පැරෂුටය, ඔහුගේ මානසික පැරෂුටය සහ ඔහුගේ ආධ්‍යාත්මික පැරෂුටය.
මිණි බැඳි දොර
“ඒත් මේ මෑතකදි මං දැනගත්තා, මහත්තයා
නීතීඥයෙක් ය කියන කාරණේ. ඒ විතරක්
නෙවෙයි, මං කාලයක් තිස්සේ ටයිප් කරලා
තියෙන්නෙත් මහත්තයගේ අතින් ලියලා එවන
දේවල් ය කියලා.”
කුමුදුනී කතාව නවත්තලා තද හුස්මක්
ගත්තා. ආයෙමත් කතාව පටන්ගත්තා.
නමක් නැති නුඹ
“ඔයා නම් පුදුම ශක්තියක් තියෙන කෙල්ලෙක්
ඒ මනුස්සයට වාසනාවක් නෑ ඔයත් එක්ක ඉන්න”
“ඔය කතාව මට නොකියපු කෙනෙක් නැති තරම් හසරැල්…
ඒත් එයාට මගේ අගයක් නැති නම් මට වෙන කරන්න
දෙයක් නෑ හිත හදාගෙන පැත්තකට වෙනවා ඇරෙන්න..”
“ඔව්…. ඒක ඇත්ත. ඔයා අරන් තියෙන්නෙ ගන්න තියෙන
හොඳම තීරණේ. ඒත් ඔයා තාමත් එයා මත්තේ නැහෙන
එක නම් මම අනුමත කරන්නෙ නෑ.”
“ඒක මට වචනයෙන් විස්තර කරන්න අමාරුයි… ඒත් වෙන
කෙනෙක් ගාව නවතින්න තරම් මං හිත හදාගෙන නෑ තවම.
බලමු… ජීවිතේ කවදාහරි මට පුළුවන් වෙයි. ”
වන සංග්‍රාමය
“අහෝ, විල්ප්‍රද්! කුණාටුවකට මැදිවූ සින්දුර තුරක් මෙන් මා තනි කර-දා පලායන්නට තොපට සිත් දුන්නේ කෙසේදැ”යි දුක් මුසු පහත් හඬෙකින් පවසා, නැවත අසුන් ගෙන විෂණ්ණ චින්තාවලියෙක පැටළුණ හ.
කැමීලියා
බලාපොරොත්තු කිසිදු විශේෂ හේතුවකින් තොරවම බිඳ වැටෙයි.
ප්‍රාර්ථනා මීදුමක් සේ නොකියාම මැකී යයි.
සියල්ල බිඳ වැටී මුළු ලොවම කළුවර වු පසු පවා – දිගු අඳුරු මාවත කෙළවර නිසැක ලෙසම ආලෝකය උදා වනු ඇතැයි සිතන මිනිස්සු සිටි
බලාපොරොත්තු හා ප්‍රාර්ථනාවන්ට වඩා විශ්වාස බලවත්ය.
වනස්පතිනිය
“අපිට සර් කනෙං ඇදල, ටොකු ඇනල ඉගැන්නුවේ නැත්නම් අපිට අද මේ තැනට එන්න ලැබෙන්නෙ නැහැ” හැමෝගෙ ම මුවින් පිට වෙන්නේ එවන් වදන් ය. සභාපති මහත්තයාට මේවා ඇහුවම සන්තෝෂ හිතෙනු ඇත. “අනේ මාත් එක්ක ආව නම් එක සුමානයකට හරි” කියමින් ඇය ශෝක වෙයි.
එයාර්පෝට්
දරුණු හිම කුණාටුවකින් අඩපණ වූ කලබලකාරී ගුවන් තොටුපොළක, පුරා පැය හතක් තුළ සිදුවෙමින් පැවති එකිනෙක හා බැඳුණු සිදුවීම් වැලක් පෙළගස්වමින් ආතර් හේලි නවකතාවක් ලෙස ඉදිරිපත් කරන්නේ ගුවන්ගමන් ක්‍ෂේත්‍රය පිලිබඳ පෙළපොතකි. ත්‍රාසයේත්, කුතුහලයේත්, තාක්‍ෂණයේත් අපූරු සම්මිශ්‍රණයක් වූ එය 1968 වසරේ වඩාත්ම ජනප්‍රිය නවකතාව බවට පත්විය.
දීප්තිමත් විදුලි ආලෝකයෙන් බැබළෙන සැණකෙලි බිමක් බඳු ගුවන් තොටුපළේත්, අව් වැසි හිම නොතකා ක්‍රියාත්මක වන ගුවන් යාත්‍රාංගණයේත්, ඉන් ඔබ්බෙහි හුදෙකලා අඳුරු පාලන මැදිරියේත් පමණක් නොව ඈත අහසේ ගමන් ගන්නා ගුවන් යානාවන්ගේත්, දිවා රෑ වෙනසක් නැති සේවාවන්හි නිරත වූවන්ගේ ජීවන ජීවන අභියෝගයන් පිළිබඳ පැහැදිලි පැතිකඩක් කතුවරයා ඉදිරිපත් කරයි.
හැටේ දශකය අවසන බිහි වී ලොව පුරා ප්‍රචලිත වූ Airport නවකතාව, පසුකාලීනව අතිශය ජනප්‍රියත්වයට පත් වූ සිනමාපටයක ආරම්භයද වූයේය. දීර්ඝකාලීන වෘත්තීය නවකතාකරුවකු ලෙස කෘතීන් එකොළහක් ආතර් හේලි අතින් නිමව වූ අතර එ අතුරින් බොහොමයක් මේ වන විට භාෂා ගණනාවකට පරිවර්තනය කොට ඇත.
ක්‍රිස්ටීන් ස්පිට්ල් මතක සටහන්
“ක්‍රිස්ටීන් ස්පිට්ල් මතක සටහන්” නමින් මෙසේ ඔබ අතට පත් කැරෙන්නේ සුරංගනා කතා ලිවීම සඳහා සය හැවිරිදි වියේදී පෑන අතට ගත් ක්‍රිස්ටීන් ස්පිට්ල් ඇගේ පසළොස් වැනි කෘතිය වශයෙන් ප්‍රකාශයට පත් කළ CHRISTINE – A Memoir නම් කෘතියේ සිංහල පරිවර්තනයයි.
සුප්‍රකට ශල්‍ය වෛද්‍ය හා ලේඛක රිචඩ් ලයනල් ස්පිට්ල්ගේ හා වෛද්‍ය ක්ලේරී ස්පිට්ල්ගේ වැඩිමහල් දුහිතෘව, කොළඹ ඇලෙක්සැන්ඩ්‍රා පෙදෙසේ කුඩා නිවසක ජන්ම ලාභය ලත් ක්‍රිස්ටීන් ඇගේ ළමා වියේ මතක සටහන්වලින් ආරම්භ කරන මේ කෘතිය ජීවිතයේ මෙතෙක් ලත් සකල විධ අත් දැකීම් පිළිබඳ විග්‍රහයයකි.
සාපරාධී ගංගාව
වසර දහයකට පසු සිය රටට පැමිණෙන වංශාධිපති තරුණයෙකුට තම මව ජීවත්ව සිටි කාලයේ ඇය බොහෝ සේ ඇළුම්කළ දුප්පත් දැරියක, දැන් නව යොවුන් තරුණියක ලෙස මුණ ගැසෙයි. ඔවුන් දෙදෙනා එකිනෙකා කෙරෙහි ආදරයෙන් බැඳෙද්දී, තරුණයා දෛවය විසින් බිහිසුණු අත්දැකීම් සමූහයකට ගොදුරු කරයි. අවසානයේ මරණයේ දොරකඩ හමුවේදී ඔවුන්ගේ ඉරණම කෙසේ සටහන්ව තිබේද?..
සිරකාරිය
මුහුදුබත් වී කාන්තාර දිවයිනකට ගොඩ ගැසීමේ සිට තුර්කි පාෂාවරයකුගේ අන්තඃපුරයක හුදෙකලා දිවියට සහ නුපුරුදු කුමන්ත්‍රණ අත්විදීමට වන රොසෙටා හට කෝන්වෝල්හි ප්‍රතාපවත් සහ ගුප්ත නිවහනක ජීවත් වීමටත් සිදු වේ. ඒ සෑම අවස්ථාවකම, තම දෛවය වෙනස් කළ නොහැකි අයුරින් පුරුෂයන් දෙදෙනෙකුගේ දිවිය සමඟ බැඳී ඇති බව ඇය සොයා ගනියි.
ලූකස් ලොරිමර් ආකර්ෂණීය, ප්‍රායෝගික සහ සර්ව දෝෂදර්ශී පුද්ගලයෙකි. ගුප්ත පුද්ගලයෙක් වන ජෝන් ප්ලේයර් අබිරහසකට සම්බන්ධයක් ඇති අයෙකි. අහඹු ලෙසින් ඔවුන් දෙදෙනා ගම්බද ප්‍ර දේශයේ අසල්වැසියෝය. ආබාධිත ලූකස් බැලීමට යන අතරවාරයේ රොසෙටා හට සත්‍යය හෙළි කිරීමට අවස්ථාවක් ලැබෙයි.
ඇය මෙසේ තමන්ටම පවරා ගත් මෙහෙයුම ඔවුන් මෙතරම් කලක් එකට මුහුණ දුන් ඔීනෑම විස්මයාකාර වික්‍රමයක් සේම භයානකය.
ඇබ්නුක්ටා
එහි සිටියේ,
රළු සළුවකින් සිරුර වසාගත් කාන්තාවකි.
සුළඟ ප්‍රචණ්ඩ වූ බැවින්
අර්ධ නග්න නාරි දේහයේ
සළු පිළි සුළගෙහි නටන්නට වූයේ
ගොදුරකට පනින්නට සැරසෙන
සර්පයින් රොත්තක් සේය.
ඔහු ඇය දෙස බැලුවේය.
ඇගේ නෙතු ඔහුගේ නෙතු හා ගැටුණ
පළවෙනි මොහොතේම
විදුලි සැරයක් වැදුනාක් මෙන් හැඟිමකින්
ඔහුගේ හිත සලිත වී ගියේය.
අම්මා
‘අම්මා ගැන හිතලා හිතලා ම තමයි මගේ පපුව
ඇතුළෙ තියෙන මස් වැදැල්ල හදවතක් වුණේ.
මෙතන ඉන්න වැඩි දෙනෙක් ලබන ආත්මයක්
විශ්වාස කරනවා. එහෙම ලබන ආත්මයක්
තියෙනවා නම් මං කැමතියි ගැහැනියක් වෙලා
උපදින්න. ඒ ආත්මේ දී මගේ අම්මා මගේ කුසේ
පිරිමි කළලයක් වෙලා උපදින්න ඕන
එතකොට මට පුළුවන් පිරිමි පුතෙක් හදන්න
මං අම්මා වගේ ගෑනියෙක් වෙලා
ඒ පුතා වෙනුවෙන් මට පුළුවන් දුක් විදින්න
ඒ හින්දා නිවන් යන්න ඉස්සෙල්ලා ආයෙත්
මගේ බඩේ පිරිමි පුතෙක් වෙලා උපදින්න
රත්තරං අම්මේ!’
අත්ලන්තීදාවේ අවසාන මිනිසා
ආඝාත තත්වයෙන් සුවය ලැබ, වෛද්‍ය උපදෙස් මත සිය ව්‍යාපාර කටයුතුවලට පෙරළා පැමිණීම ඇහිරී ගිය ධන කුවේර සෝලිගේ නෙත ගැටෙන රොෂර් ඩේවීන්යේගේ ‘අත්ලන්තීදාව: අතුරුදන් වූ මහාද්වීපය’ නම් ග්‍රන්ථය පුරාතනික ජාතීන්ගේ පූර්වජයන් නිදන මේ පූජනීය බිම සොයා අත්ලාන්තික් සාගර ගවේෂණයකට ඔහු සතු සියලු සේසත යොමු කරවන්නේය.
ගවේෂණයේ ප්‍රධාන නියමුවා වූ මහාචාර්ය ලැරිසන්ගේ මරණයෙන් පසු ඔහුගේ නිවසේ අට්ටාලයේ තිබී සොයා ගැනුණු අත් පිටපතක් අත්ලන්තීදාවේ ශ්‍රී විභූතිය හා එහි අවසානය පිලිබඳ ලෝ වැසි හද සන්තානය තුළ විචිත්‍ර මෙන්ම බියකරු සිතුවමක් මවන්නේය. ලැරිසන්ගේ වෘත්තාන්තය, වෘන්තාන්තයක් සඳහා අතිශයින් විද්‍යාත්මකය. විද්‍යාව සඳහාද බොහෝ සෙයින් ශෘංගාරාත්මකය.
ලැරිසන්ගේ අත්පිටපත ඔස්සේ සයුරු දියේ නොපෙනී ගිය අත්ලන්තීදාවේ අද්විතීය බව, එහි වහලුන්ගේ නිදහස් අරගලයේ කාහල නාදය මෙන්ම සීමා නැති ආදරයේ ප්‍රතිමූර්තීන් සිය නිර්මාණශීලීත්වයේ දඬුඅඬුවට හසු කර ගනිමින් බිල්යායෙෆ් ‘අත්ලන්තීදාවේ අවසාන මිනිසා’ වියමන නිම කරන්නේය. බිල්යායෙෆ්ගේ ‘උභයජීව’ හා ‘කුංචනාද’ ග්‍රන්ථ සිංහල පාඨකයාගේ මන දොළ රසාලිප්ත කල අයුරෙන්ම, ඔහුගේ මේ අසමසම අත්ලාන්ත වියමනද ඔවුන් ආනන්දයට පත් කරනු නිසැකය
වීණාවක් රැගෙන ගිය දරුවා
කිසිදු මං සලකුණක් නැති වන ලැහැබවලින් වේලී තිබූ මුල්ලිවයික්කාල් ප්‍රදේශය ගන කැළෑවක් බවට පත් ව තිබූණි.ඒ වන ලැහැබ් තුළ පක්ෂීහු රහසේ බිත්තර දමා ඇති සේ ය.ඒ දරුවා එම වන ලැහැබ් අතරේ නොපෙනී ගියේ ඇයි ද කියා ඔහු මිමිනුවේ ය. හිස් සුළඟ පැමිණ මුහුණේ ගැටී ඔහුගේ මතක සාගරයේ රැළී බිඳ හෙළුවේය.
අධිකාරීවරයා නල්ලසාමිගේ මළ සිරුර පිළිබඳ සැලකිල්ලක් නො දැක්වුව ද ඔහුගේ ප්‍රශ්න දහස් ගණනකට පිළිතුරු දීමට අපට සිදුවිය.අවසානයේ අසවල් තැනට ගෙනිහින් වළදාපල්ලා යන නියෝගය ලැබුණි.ඔහු සදහන් කළේ අපගේ පැල්පත් පිහිටා තිබෙන කඳුකර පෙදෙසේ ස්ථානයකි.අපි නැවතත් මළ සිරුර ඔසවාගෙන කන්ද නගින්නට වූයෙමු.කාලය ගෙවී ගියත් ම මැස්සේ බර ද වැඩි විය.උරපත්ත දැවී යන්නාක් සේ දැනුණි.දුර්ගන්ධය ද ඉසිලිය නොහැකි තරම් ය.කෙසේ හෝ සියල්ල දරාගෙන යා යුතුයි.
වලවන් මගේ ග්‍රහණයෙන් මිදෙන්නට දැඟලුවේය.කකුල්වලින් ඇන්නේය.මගේ පපුවට අත තබා තල්ලු කලේය.”මම බිමින් තියන්න”මට එයා වීරත්වයට පත් කරලා අවසන් ගෞරව දක්වන්නට ඕනි.බිමින් තියන්න යි කියමින් අඬනන්නට පටන් ගත්තේ ය.ඔහුගේ හැඬුම් හඬ මගේ හඬ පරයමින්ඒ භූමිය පුරා පැතිර යන්නට විය.
Going Solo
Going Solo is the action-packed tale of Roald Dahl’s exploits as a World War II pilot. Learn all about his encounters with the enemy, his worldwide travels, the life-threatening injuries he sustained in a plane accident, and the rest of his sometimes bizarre, often unnerving, and always colorful adventures. Told with the same irresistible appeal that has made Roald Dahl one of the world’s best-loved writers, Going Solo brings you directly into the action and into the mind of this fascinating man.
Kick Up Some Moon Dust ! – Volume 1
Kick Up Some Moon Dust! Volume I is a collection of short stories by local authors for Lankan teenagers aged twelve to thirteen. From challenging “monsters” to stalking “crocodiles”, from sniffing out dognappers to testing ancient family spells, readers will find plenty to make them think, smile, and laugh out loud.