Fiction

Fiction

(Showing 421 – 480 products of 1297 products)

Show:
10% DISCOUNTSold Out

සඳමඬල

Highlights:

“ක්‍රෝධ කිරීමත්, අසත්පුරුෂ භාවයත්, මසුරු කමත්, අසත්‍ය කීමත් ඔවුන්ට තිබෙනවා.බුදුන් වහන්සේ කියා තිබෙන්නේ ක්‍රෝධය අක්‍රෝධයෙන් ජය ගත යුතු බවත්, අසත් පුරුෂයින් සත්පුරුෂ භාවයෙන් ජය ගත යුතු බවත්, මසුරා පරිත්‍යාගයෙන් ජය ගත යුතු බවත්, අසත්‍ය පවසන්නා සත්‍ය කීමෙන් ජය ගත යුතු බවත්ය”

රු360.00
10% DISCOUNTSold Out

ඇය ද පටාචාරාවකි

Highlights:

“ඕක මගෙ රූට් එක. මං නැති ටිකේ ඒකි ඒක අල්ලගෙන. ඒකිටත් ළමයි තුන් දෙනෙක් ඉන්නවා… අම්මා ලෙඩින් වැටිලා… රෝල ගහන්ඩ තමයි බං මේ හැමදේම.. උඹ ඔයින් බේරිලා ආව මදැයි. මාත් ඉස්සර උන් එක්ක ගහ ගන්නවා.”
මිහිරිගෙ කතාවෙන් පස්සෙ තමයි අමිලගෙ ඇඟේ දාඩිය නිවුණෙ.

රු621.00
10% DISCOUNTSold Out

ආදරයේ අකුරූ

Highlights:

“මේ තරම් පරිස්සමින් මේක කරන්ඩ වුනේ පත්තරකාරියක් ඇහගහගෙන ඉන්න හින්දා. නැත්තං උඹව කැලේ ඇතුලෙදීම ඉවර කරන්න තිබ්බා.”

ඔහුගේ පහරවලින් සිහිසුන්ව උන් තියංගීට, අසරණ කෙල්ලට ඔහු කී දේවල් ඇසුනේ නැත. ඉතින් ඔහු සිත් සේ ඇගේ සිහිසුන් සිරුර හත් අට වතාවක්ම රස වින්දේය.

රු450.00
10% DISCOUNTSold Out

සුසුම් සිත්තම්

Highlights:

දයාබර හංස….
හිත තිබුණෙ ඔයා ලියන
ආදරණීය කතා අස්සෙ…
මේ පාළු පුංචි හිත
ඔයාගෙ කවිකාර පොත් සුවපත් කළා…
ඒත්…
ඔයාව සුන්දර මිනිහෙක් කළේ “කල්පනා”…
ඔයා ඇහැරවපු මගෙ හිත අස්සට
රිංගා ගත්තෙ “මිත්‍ර”…..

රු414.00
10% DISCOUNTSold Out

සෙනෙහෙ ගඟුල්

Highlights:

මගේ හිතට සැනසුමක් දැනෙයි. මේ වෛද්‍යවරයා බුදුවේවා.. යයි මම ප්‍රාර්ථනා කළෙමි.
ඒ තරමටම එවෙලෙහි ඔහු මට දෙවියෙක් විය.
විනාඩි විස්සක්වත් ගියේ නැත “ඔහෑ… ඔහෑ…” යන ශබ්දය තියටර් එක දෙදරන්නට තරම් විය.
“ඩොක්ටර්.. මට බබා පෙන්නන්න..”
“මේ… චේතක වගේ කළු කොල්ලෙක්…”

රු450.00
10% DISCOUNTSold Out

මාල ගිරා තටු

Highlights:

“මම මේ චිත්‍රය නම් කළේ බෝසත් කියලා. ඇත්තටම.. මේ තරුණයා දුටු පළමු මොහොතෙම ක්ෂණිකව හිතට ආපු සිතුවිල්ල තමයි බෝසත් කියන එක. මට ඒක හිතා ගන්න බෑ.. මගේ අප්පච්චි නැති වෙනකොට මට අවුරුදු පහයි.”

රු450.00
10% DISCOUNTSold Out

පහන් තාරකා

Highlights:

ජීවිතේ පාලු ඉසව්වක මල් පීපි තිබෙන විට මල් සුවඳ දැනෙනවිට හිතට දැනෙන පිරිසිදු සුවඳ වචනයෙන් විස්තර කරන්නට නොහැකිය. මම ජීවිතයේ බොහෝ අවමාන වින්දෙමි. ආදරය වෙනුවෙන් අවමාන වින්දෙමි. මගේ කුස තුල මෝර මෝරා වැඩුණේ ඒ අවමානයයි. නමුත් ඒ අවමානයම විසින් දිනෙක මා සම්මානනීය ගැහැනියක කරන වග ඇදහූවෙමි. මට ඇඟිල්ල දිගු කළ බොහෝ අයගේ ක්‍රියාවන් දිනෙක බොරු කරන්නට මම අදිටන් කර ගත්තෙමි.

රු405.00
10% DISCOUNTSold Out

මං දයාබර වැඩිද මන්දා

Highlights:

මගේ සුරතල් බලු පැටවා බීතෝන්ට වස දී තිබිණ. ඌ ලේ වමනය කර මැරී තිබිණ. මගේය කියන්නට කිසිවෙකුත් නැති මගේම ගෙය ඇතුලේ වන තාත්තාගේ දෙවන විවාහයේ ඥාතීන් ගැන මට බයක් දැනිණැ. විශ්වාසය… මේ ඔවුන්ගේ වැඩය.

“තාත්තා හිතාගන්න.. දවසක ඔයා ගෙදර එද්දී මමත් මේ විදිහට මැරිල වැටිල ඉදීවි… මට වහ දුන්නෙ කවුද කියලා අහන්න කෙනෙක්වත්, ඇත්ත කියන්න කෙනෙක්වත් එදාට මේ ගෙදර ඉන්න එකක් නෑ… අද බීතෝන් වගේ එදාට මාත් අභිරහස් විදිහට මේ ජීවිතේ අතෑරලා සඳහටම යන්න යාවි..”

රු405.00
10% DISCOUNTSold Out

ප්‍රේමයේ යාදිනී

Highlights:

“එක ඇඳක එකට බදාගෙන නිදා ගත්තත් හුඟක් පිරිමින්ට තමුන්ගේ ගෑනිගෙ හිත තේරුම් ගන්න බෑ..”
සත්‍ය‍යක් හෝ අසත්‍ය‍යක් වේවා මගේ හිතට නැගෙන දේ
මම වචනයට පෙරලුවෙමි
සැබවින්ම සසිත්ට තිබුණේ මාව අයිති කර ගැනීමේ
උන්මාදයකැයි මට සිතේ

රු450.00
10% DISCOUNTSold Out

සුපෙම්වත ඔබ මගේ

Highlights:

හමුවේ වා ඔබ මතු අත්භවයක ඔබ මගේම වූ ආත්මයක සංසාරේ….

ඔබ මගේම වූ ආදරය නම්
ඔබගේ නික්ම යාම
මගේ ජීවිතයේ අවසානයයි..
එහෙත්
ඔබේ ජීව රුධිරය
ජීවත් කරනු වස්…
මම ලෝකය පවතින තාක්කල්
ඔබටම ආදරය කරමි.

රු540.00
10% DISCOUNTSold Out

මල් පවන් රැල්

Highlights:

“පහන් තරුව වගේ කෙනෙක් මට පාර පෙන්නුවා… ඒ පහන් තරුව දිහා බලාගෙන මම මගේ දුක කිව්වා..
මං හිතාගෙන හිටියෙ පහන් තරුව අයිති දුර ආකාශෙට කියලා…
ඒක නෙමේ ඇත්ත… දෙයක් අයිති වෙන්න ඕන මොනවා හරි දේකට ආදරේ වෙන කෙනෙකුටයි…
ආදරය කරන කෙනෙකුට භෞතික දුර වැදගත් නෑ… ඒ කියන්නෙ පහන් තරුව අයිති
පහන් තරුවට  ආදරේ කරපු මටම තමා…
මට පහන් තරුව වෙලා උන්නෙ ඔයා අසංක අයියෙ…
ඇත්තමයි මට අයිති මගෙ පහන් තරුව ඔයා….”

රු423.00
10% DISCOUNTSold Out

වස්සාන මැදියම

Highlights:

ජලනි වහා බැල්කනියේ කණුව අල්ලා ගත්තාය. සුදු ගවුම ඇඳ ගත් කොණ්ඩය දිග යුවතියක් කෝපි ගස් අස්සෙන් වත්ත පල්ලෙහාට දිව යන අයුරු ජලනී දුටුවාය.

“මුතුලී.. එහෙනම් ඔයා ආයෙත් ඇවිත්..”

ජලනී තමාටම කොඳුරු ගත්තාය. මෙම අවතාරය  තමා කැඳවාගෙන යන්නට හදන්නේ කුමන කරුණක් අරඹයාද.. ජලනීට බියක් නොසිතේ. ඇය සෙමෙන් සෙමෙන් වලව්වේ මැද මිදුලේ ඇති දොරින් පිටවූවාය.

රු441.00
10% DISCOUNTSold Out

ලිහිණියකුගේ ප්‍රයාමය

Highlights:

ගුවන් යානා නියමුවකු විසින් ලියන ලද ගුවන් යානා නියමු ඡායාරූප ශිල්පියකු විසින් අලංකාර කරන ලද මේ අපූර්ව කුඩා කථාව අති සුන්දර ගීතයක් වැනිය.
මෙය ලෝකයේ සම්භාව්‍ය සාහිත්‍ය කෘතියක් ලෙස සැලකෙන්නකි.
මුහුදු ලිහිණියන්ට ජීවිතය යනු හුදෙක්ම ආහාර ගැනීම සහ නොමැරී සිටීම යන කාරණාවලට පමණක් සීමා වූවකි.
පියාසර කිරීම යනු තනිකරම ආහාර සෙවීමේ උත්සාහයක් පමණකි.
එසේ වුවද මුහුදුලිහිණි ජොනතන් ලිවිංස්ටන් ගැටවරයාට නම් පියාසර කිරීම යනු ජීවිතයම වේ.

රු423.00
10% DISCOUNTSold Out

අලුයම් සිහිනය

Highlights:

දේවකී ඇඟ මැලි කඩමින් ඇඳ මත පෙරළී සිටිය දී ඇය වෙත දිව ආ දියණිය දනූෂා ඇගේ සවනට ළං වී තැතිගත් ස්වරූපයෙන් රහසක් කොඳුරා කීවා ය.
“අම්මේ අරය පේන්න නෑ.”
දේවකී ක්ෂණික ව ගල් ගැසුනාක් සේ වූවා ය. තැතිගත් සිතින් යුක්ත ව ඈ දියණියගේ මුහුණ දෙස බැලුවා ය.
“ඉක්මනට වත්තෙ හැම තැන ම හොයල බලන්න දරුවෝ.”

රු270.00
10% DISCOUNTSold Out

පලංචිය

Highlights:

“හොරෙක් හොරෙක්… මෙන්න හොරෙක්…”
සෙලානෝනා හැකිවෙර යොදා කෑගෑවාය.
කාමගින්නෙන් පිච්චි පිච්චී චාරුලතාගේ ගෙට රිංගන්නට මාන බලබලා උන් දනියෙල් ඒ හඬට ගැස්සිණ. සෙලානෝනාගේ සද්දයට වෙලේ නාන ළිඳ ළඟ උන් තරුණයින් කීපදෙනා මහනියර දිගේ දුවඑන්නේ මේ පැත්තටය. දනියෙල් වහා පාර පැත්තට දිව්වේය.
“මෙන්න හොරෙක් .. මේන් හොරා පැන්නෝ…”

රු441.00
10% DISCOUNTSold Out

දෑරඟමිණ

Highlights:

“මොකක්ද නංගා අවුල?”
“මම දහයෙ ඉඳලා ඩාන්සින් දිගටම කරන්නද ඇහුවා කියලා.”
“කොහොමටත් අපේ තාත්තිට නැටුම් සංගීත පේන්න බැරි ලෙඩක් තියෙනවනෙ.”
“අම්මිටත් බැන්නා. මට ඉංග්ලිෂ් ලිට්‍රිච කරන්නලු. ඒක ලේසි සබ්ජෙක්ට් එකක් නෙවෙටිනෙ අයියා. අන්තිමට ඒ ගත්තත් මට ඒකට අනිවාර්යයෙන්ම සී.”

රු450.00
10% DISCOUNTSold Out

සඳුන් ගින්දර

Highlights:

“එදා මහ වැස්ස දවසක්. පාරට වාහනේ දාලා ටික දුරක් එනකොටයි තේරුණේ ආපු මෝඩකම කියලා. ඒත් හිත හයිය කරගෙන පාලිගෙ ආසාව හින්ද මං ඩ්‍රයිව් කලා. ටෙක්නිකල් හංදිය පහුකරලා ටිකක් ඉස්සරහට එනකොට එකපාරටම මාර ගහක් කඩන් වැටෙන්න යනවා වගේ මං දැක්ක. ඒ එක්කම මම වාහනේ අනිත් පැත්තට හැරෙව්වෙ පුතාවයි දරුවා ලැබෙන්න ඉන්න පාලිවයි බේරගන්න හිතාගෙනයි … ඒත් …”

රු621.00
10% DISCOUNTSold Out

වීදුරු හීන

Highlights:

ප්‍රේමය
වෙන්දේසි කල
නො හැකි බවට
උපමා නැත
රූපකය ම උඹය …

රැජිනකට ඇති අයිතිය
පරෙස්සම් කරන එක
ප්‍රේමය නම් …
ඒ ප්‍රේමයේ පිකාසෝ උඹය …

සල්ලාල හිත් තියෙන
පිරිමි පපු අතරේ
මම උඹට කැමති වන
හේතුවම ඒකය …

රු531.00
10% DISCOUNTSold Out

ඇසළ මද්දහන

Highlights:

“මට මොකක්ද දැනෙනවා රුවියො … සර් ගැන… පුදුම ආදරයක් මගෙ හිතේ තියෙනවා… හැබැයි ඒක සර්ව ලබාගන්න ආසාව නෙවෙයි… ”

“හැම පිම්මක්ම පැනල ඉන්න උඹ කොහොමද සර්ට ආදරේ කරන්නෙ..සිදුහත් කුමරෙකුට ආදරේ කරන්න පුළුවන් යශෝධරාවකට විතරයි. චිංචි මානවිකාවකට ඒක කරන්න බෑ.”

රු495.00
10% DISCOUNTSold Out

සසර චාරිකා

Highlights:

“මිස්… මං දුප්පත් කොල්ලෙක්.. මාව අත ඇරලා දාන්න. මට මිස්ව රැක බලාගන්න පුළුවන්කමක් නෑ.. මං මිස්ගෙ තාත්තා ළඟ පඩියට වැඩ කරන සේවකයෙක්…”

නමුදු ඔහුගේ හේතු කාරණාවලට මගේ ආදරය පරාද වූයේ නැත. ප්‍රතාප අයියා මගේ ජීවිතයට බලපෑම් එල්ල කරද්දී ඔහුට මගේ සෙනෙහස අවශ්‍ය විය.

රු441.00
10% DISCOUNTSold Out

හිතුමතේ හිත පුරා මල් පිපේ

Highlights:

පුංචි අම්මා කියවන්නේ බෝසත් ගානටය. ඇය මල්ලීටත් මටත් කළ වෙනස් කම මට සිහිපත් වෙයි. හැමදේම වෙන්නේ හොඳටයි කියන්නේ සැබෑවකි. පුංචි අම්මා වෙනස්කම් නොකළා නම් අප ගම හැර යන්නේ නැත. ගම හැර නොගියා නම් මට මෙවන් වාසනාවක් පෑදෙන්නේ ද නැත. මා එම නිවසේ වැඩකාරියක බව සැබෑවකි. එහෙත් කිසිදු විටෙකත් ඒ වග මට දැනෙන්නට ඔවුන් ඉඩ හැරියේ නැත.

රු450.00
10% DISCOUNTSold Out

සත් සියක් සුසුම්

Highlights:

“මැරෙන තරමට මට ආදරේ කළාද?”
ඒ ස්වරය ඔහුගේය. ඔහුගේමය.
එහෙත් මම ඇස් හැර නොබැලීමි.
දකිමින් උන්නේ සිහිනයක් නම් ඉන් නොඇහැරී
ඉන්නට මට උවමනා විය.
“ඇස් අරින්න බයවෙන්න එපා…
මේක හීනයක් නෙමේ….
ආ බබා මට මැරෙන තරමට ආදරය කළාද…”
නදුක ඇසුවේය.
පිදු ආදරය නිසා මට බොහෝ දේ අතහැරුණු බව…
මට මාවම මගහැරී ගිය බව… කියාගත නොහී
මම ගොළුව හිඳියෙමි. එහෙත් මසිත දුක කියමින් උන්නේය.

රු720.00
10% DISCOUNTSold Out

වලව්වක ඉලව්වක්

Highlights:

“මොන බොරු ද පුතේ උඹ මට නිකන් කෝචොක් කතා කියනවා. හාමු මහ රැස්පොට් කාරයා, මෙහෙ ඉන්නැද්දි. දැන් කොළඹ ගිහින් ඊටත් වැඩි ඇති.”

“එහෙම තමා ආච්චි කලින් කලට මිනිස්සු වෙනස් වෙනවා. හාමුගෙ වලව්වත් දැන් මගේ. ළඟදීම හාමුගෙ ලස්සන කුලවන්ත දෙවැනි දුව මගේ බිරිඳ වෙනවා.”

රු405.00
10% DISCOUNTSold Out

ගිරි දුර්ග අතරින්

Highlights:

“දැන් දුව කල්ප ළමය තීන්දු කරලා තියෙන එකේ ඒ ළමය ආපුහාම ටිකක් කතාබහ කරල දෙන්න ඇඳින ගන්න. මඟ ඇරලා පැත්තට වෙලා ඉන්න එපා. අපි වැඩිකල් නෑර මේ මංගල්ලෙත් කරනවා” මව දියණියට උපදෙස් දුන්නා ය.

“එයා එන්නෙ මාවම බලන්න නෙමෙයිනෙ. තමන්ගෙ නංගිව බලන්නනෙ” කියා මල්ෂා ලිස්සා යයි.

රු495.00
10% DISCOUNTSold Out

වන රජදහන

Highlights:

ප්‍රභාමත්ව වූ අරුණෝදය හිරු කිරණ විචිත්‍ර ලෙසින් පරිසරය සිසාරා ගියේය. ඝන අන්ධකාරයෙන් පීඩිතව සිටි සියොතුන් හිරු එළිය පැතිරීමත් සමගම සුකුමාල ලාලිත්‍යයෙන් ඔකද වී ඒ මේ අත පියඹන්නට විණි. ගස් වැල් හඹාගෙන ආ මද සුළග තුරින්තුරට ළං වෙමින් ඒ මේ අත ගියේය.උදා අසිරිය අතිශයින් චමත්කාරජනකය, සුන්දරය, මනස්කාන්තය, සෝභනය.

මේ පැහැබර දිනයේ වන මැදින් වැටුණු අඩි පාර දිගේ පෙරට යන යෞවනයන් තිදෙනෙකි. ඔව්! සම වයසේ දගකාර යෞවනයන් තිදෙනෙකි. වනාන්තරයටම ආවේණික ඇදුමින් සැරසී ඔරොත්තු නොදෙන තරමේ භාණ්ඩ ප්‍රමාණයක් ද ගෙන ඔව්හු පෙරට ම යති. සමහර විට ඔබට ඔවුන් තිදෙනා මතක ඇති. ‘නෙල්ලි කැලේ වීරයෝ’ හා ‘ගල්ගේ කන්ද ‘ වික්‍රමයන් තුළින් ඔබට සමීප වූ මේ තිදෙනා සුනිල්, සමන් හා ප්‍රියන්ත ය.

සෝබමාන වූ රුවින් ද, නොපසුබට අධිෂ්ඨානයෙන් ද, උට්ඨාන වීර්යයෙන් ද හෙබි, මේ තිදෙනා පුදුම උපදවන සුළු කාර්යය සම්පන්නය. මාපිය අවසරය මත ,දෙටු පෙළ පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් ඔවුන් ගමන් කරන ගවේෂණ චාරිකාවකි මේ…..

රු225.00
10% DISCOUNTSold Out

සිකිපිල් අසෙනිය

Highlights:

“ඔයාල මොකට ද අඬන්නේ ? මෙයාලට පිස්සු”
අක්කා එසේ කියමින් අම්මාගේ රූරා වැටෙන්නට වෙර දරන කඳුළු කැටයක් පිසදා හැරියා ය.
දරුවන් කුමන වරදක් කළත් මවුවරුන්ට ඔවුන් දරුවන්ම ය. දසමසකට ආසන්න කාලයක් කුස තුළ හොවා පෝෂණය කර ඉන් අනතුරුව රුහිරු කිරට හරවා ඇති දැඩි කළේ යම් අනතුරක සේයාවක් දැනෙන විට ද මවුවරුන්ගේ දෙනෙතේ කොනක කඳුල උපදී. පියවරුන් ද එසේ නැතුවාම නොවේ.”

රු720.00
10% DISCOUNTSold Out

නික්ම නොයන්නෙමි

Highlights:

“මගේ ජීවිතේ කිසිවක් කිසිදින මට උවමනා අයුරින් සිදුවී නැත. මගේ දෛවය යැයි කියමින් මා එය දෛවයට භාර නොදෙන්නෙමි. සිදු වූ දේ ජීවිතයට අත්දැකීමක් කර ගනිමින් මම ජීවිතයට මුහුණ දෙන්නෙමි. දේවකගේ වෙන්වීම දරා ගත නොහැකිව හඬා වැලපුණ මා එම දුක ජීවිතයට ආශීර්වාදයක් කරගනිමින් මාධ්‍ය කේෂ්ත්‍රය තුළ නමක් හදා ගත්තෙමි. ඒ් තුළින් මා ජීවිතයට බොහෝ දේ එකතු කර ගත්තෙමි. කිසිදින නැවත විවාහ නොවෙමියි කිසිදා පිරිමියෙකු සමඟ ඇසුරක් අරඹා නොගනිමියි සිතා සිටි මා මිගාර ගේ මුදු කාරුණික ගති හමුවේ මටම පොරොන්දු වු සියලු පොරොන්දු බිඳ හෙළමින් ඔහුගේ අසීමිත ආදරය වින්දෙමි. අදටත් හෙටටත් එය මටම උරුම වනු ඇතැයි මග බලා සිටින්නෙමි .”

 

රු675.00
10% DISCOUNTSold Out

ඒදන් උයන

Highlights:

සෞර්යග්‍රහ මණ්ඩලය මත විහිද වූ බලයේ ආඩම්බරයෙන් පෘථිවිය බොහෝ මන්ද ලෙස පරිභ්‍රමණය වෙමින් පැවතිණ. ඇය සුර්යයා වටා ගමනේ ය. අවුරුදු බිලියන ගණනක් ඇය එකම මාර්ගයේ ය. සුවපහසු නොවූ පාෂාණ මතින් පස ජනනය විය.ඒ මත පැළෑටි වර්ධනය විය.සතුන් බිහිවිය.ජීවය සෑම විටකම බොහෝ සුවපහසු මාවතක් වූයේ නැත.

රු369.00
10% DISCOUNTSold Out

අවසානයක් සොයා

Highlights:

2018 ඌව පළාත් රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ ප්‍රශස්තම පරිවර්තන කෘතිය උදෙසා වු සම්මානය දිනාගත් කෘතියකි

රු855.00
10% DISCOUNTSold Out

රන්ගිරි අරණ

Highlights:

“අපිත් මාස ගණනාවකින් ගෙදර ගියේ නෑ” සිරිපාල පැවසුවේ නෝක්කාඩුවක් ලෙසිනි. චාලි ඒ සියලු දේට සිනාවෙන් පිළිතුරු දුන්නා විනා කිසිවක් කීවේ නැත.

පසුදා උදයේම ලකලෑස්ති වූ චාලි හෝටලයෙන් පිටවන විට ඔහුගේ මාසයේ පඩියට අමතරව තවත් මුදලක් එඩ්වඩ් ලබාදුන්නේ මවට අවශ්‍ය දෙයක් රැගෙන යාමට උපදෙස් දෙමිනි.

රු315.00
10% DISCOUNTSold Out

අසනග වැසි

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

ආලත්ති අම්ම නිසොල්මනේ ඔළුව පහත් කරගෙන හිටිය. පාං එළියට පිටුපාලා නිසා හෙවණැල්ල වැටිල බිත්තියට. ආලත්ති අම්මගෙ නිකටෙන් අල්ලල බිත්තිය පැත්තට හැරෙව්වම තමයි දැක්කෙ හෙවණැලි දෙක නියපොත්තෙන් බිත්තියෙ ඇඳල. දඟකාරකමක් කළ පොඩි එකෙක් වගේ බලාගෙන ඉන්නව. තමාගෙ හිතේ ඇති පාර පාරා තියෙන දුක බය ගැන වගක්වත් නැහැ. ආලත්ති අම්ම හිතුව කෙළින්ම කතා කරන්න ඕනය කියල.“මහත්තය… අපි දෙන්නම එකතු වෙලා වැරැද්දක් කළා.”

රු1,260.00
10% DISCOUNTSold Out

අහස්කුඩය

Highlights:

දැන් ප්ලම්බ් ඔහුගේ අසන්නන්ගෙන් ප්‍රශ්ණ කරයි. “කවුද ඔයාගේ පැරෂුට් එක එතුවේ?” ඔහු දිගින් දිගටම ප්‍රශ්ණ කරයි. දිනය ගෙවා දැමීමට උපකාරී වන කවුරුන් හෝ අප සැමටම සිටියි. සතුරු අඩවියේදි ඔහුගේ ගුවන් යානය බිම හෙලනු ලැබු විට ප්ලම්බ්ට බොහෝ වර්ගයේ පැරෂුට් අවශ්‍ය විය. ඔහුගේ ශාරීරික පැරෂුටය, ඔහුගේ මානසික පැරෂුටය සහ ඔහුගේ ආධ්‍යාත්මික පැරෂුටය.

රු315.00
10% DISCOUNTSold Out

මිණි බැඳි දොර

Highlights:

“ඒත් මේ මෑතකදි මං දැනගත්තා, මහත්තයා
නීතීඥයෙක් ය කියන කාරණේ. ඒ විතරක්
නෙවෙයි, මං කාලයක් තිස්සේ ටයිප් කරලා
තියෙන්නෙත් මහත්තයගේ අතින් ලියලා එවන
දේවල් ය කියලා.”

කුමුදුනී කතාව නවත්තලා තද හුස්මක්
ගත්තා. ආයෙමත් කතාව පටන්ගත්තා.

රු450.00
10% DISCOUNTSold Out

නමක් නැති නුඹ

Highlights:

“ඔයා නම් පුදුම ශක්තියක් තියෙන කෙල්ලෙක්
ඒ මනුස්සයට වාසනාවක් නෑ ඔයත් එක්ක ඉන්න”

“ඔය කතාව මට නොකියපු කෙනෙක් නැති තරම් හසරැල්…
ඒත් එයාට මගේ අගයක් නැති නම් මට වෙන කරන්න
දෙයක් නෑ හිත හදාගෙන පැත්තකට වෙනවා ඇරෙන්න..”

“ඔව්…. ඒක ඇත්ත. ඔයා අරන් තියෙන්නෙ ගන්න තියෙන
හොඳම තීරණේ. ඒත් ඔයා තාමත් එයා මත්තේ නැහෙන
එක නම් මම අනුමත කරන්නෙ නෑ.”

“ඒක මට වචනයෙන් විස්තර කරන්න අමාරුයි… ඒත් වෙන
කෙනෙක් ගාව නවතින්න තරම් මං හිත හදාගෙන නෑ තවම.
බලමු… ජීවිතේ කවදාහරි මට පුළුවන් වෙයි. ”

රු765.00
10% DISCOUNT

වන සංග්‍රාමය

Highlights:

“අහෝ, විල්ප්‍රද්! කුණාටුවකට මැදිවූ සින්දුර තුරක් මෙන් මා තනි කර-දා පලායන්නට තොපට සිත් දුන්නේ කෙසේදැ”යි දුක් මුසු පහත් හඬෙකින් පවසා, නැවත අසුන් ගෙන විෂණ්ණ චින්තාවලියෙක පැටළුණ හ.

රු522.00
10% DISCOUNTSold Out

කැමීලියා

Highlights:

බලාපොරොත්තු කිසිදු විශේෂ හේතුවකින් තොරවම බිඳ වැටෙයි.

ප්‍රාර්ථනා මීදුමක් සේ නොකියාම මැකී යයි.

සියල්ල බිඳ වැටී මුළු ලොවම කළුවර වු පසු පවා – දිගු අඳුරු මාවත කෙළවර නිසැක ලෙසම ආලෝකය උදා වනු ඇතැයි සිතන මිනිස්සු සිටි

බලාපොරොත්තු හා ප්‍රාර්ථනාවන්ට වඩා විශ්වාස බලවත්ය.

රු1,620.00
10% DISCOUNTSold Out

වනස්පතිනිය

Highlights:

“අපිට සර් කනෙං ඇදල, ටොකු ඇනල ඉගැන්නුවේ නැත්නම් අපිට අද මේ තැනට එන්න ලැබෙන්නෙ නැහැ” හැමෝගෙ ම මුවින් පිට වෙන්නේ එවන් වදන් ය. සභාපති මහත්තයාට මේවා ඇහුවම සන්තෝෂ හිතෙනු ඇත. “අනේ මාත් එක්ක ආව නම් එක සුමානයකට හරි” කියමින් ඇය ශෝක වෙයි.

රු675.00
10% DISCOUNT

එයාර්පෝට්

Highlights:

දරුණු හිම කුණාටුවකින් අඩපණ වූ කලබලකාරී ගුවන් තොටුපොළක, පුරා පැය හතක් තුළ සිදුවෙමින් පැවති එකිනෙක හා බැඳුණු සිදුවීම් වැලක් පෙළගස්වමින් ආතර් හේලි නවකතාවක් ලෙස ඉදිරිපත් කරන්නේ ගුවන්ගමන් ක්‍ෂේත්‍රය පිලිබඳ පෙළපොතකි. ත්‍රාසයේත්, කුතුහලයේත්, තාක්‍ෂණයේත් අපූරු සම්මිශ්‍රණයක් වූ එය 1968 වසරේ වඩාත්ම ජනප්‍රිය නවකතාව බවට පත්විය.

දීප්තිමත් විදුලි ආලෝකයෙන් බැබළෙන සැණකෙලි බිමක් බඳු ගුවන් තොටුපළේත්, අව් වැසි හිම නොතකා ක්‍රියාත්මක වන ගුවන් යාත්‍රාංගණයේත්, ඉන් ඔබ්බෙහි හුදෙකලා අඳුරු පාලන මැදිරියේත් පමණක් නොව ඈත අහසේ ගමන් ගන්නා ගුවන් යානාවන්ගේත්, දිවා රෑ වෙනසක් නැති සේවාවන්හි නිරත වූවන්ගේ ජීවන ජීවන අභියෝගයන් පිළිබඳ පැහැදිලි පැතිකඩක් කතුවරයා ඉදිරිපත් කරයි.

හැටේ දශකය අවසන බිහි වී ලොව පුරා ප්‍රචලිත වූ Airport නවකතාව, පසුකාලීනව අතිශය ජනප්‍රියත්වයට පත් වූ සිනමාපටයක ආරම්භයද වූයේය. දීර්ඝකාලීන වෘත්තීය නවකතාකරුවකු ලෙස කෘතීන් එකොළහක් ආතර් හේලි අතින් නිමව වූ අතර එ අතුරින් බොහොමයක් මේ වන විට භාෂා ගණනාවකට පරිවර්තනය කොට ඇත.

රු1,080.00
10% DISCOUNTSold Out

ක්‍රිස්ටීන් ස්පිට්ල් මතක සටහන්

Highlights:

“ක්‍රිස්ටීන් ස්පිට්ල් මතක සටහන්” නමින් මෙසේ ඔබ අතට පත් කැරෙන්නේ සුරංගනා කතා ලිවීම සඳහා සය හැවිරිදි වියේදී පෑන අතට ගත් ක්‍රිස්ටීන් ස්පිට්ල් ඇගේ පසළොස් වැනි කෘතිය වශයෙන් ප්‍රකාශයට පත් කළ CHRISTINE  – A Memoir නම් කෘතියේ සිංහල පරිවර්තනයයි.

සුප්‍රකට ශල්‍ය වෛද්‍ය හා ලේඛක රිචඩ් ලයනල් ස්පිට්ල්ගේ හා වෛද්‍ය ක්ලේරී ස්පිට්ල්ගේ වැඩිමහල් දුහිතෘව, කොළඹ ඇලෙක්සැන්ඩ්‍රා පෙදෙසේ කුඩා නිවසක ජන්ම ලාභය ලත් ක්‍රිස්ටීන් ඇගේ ළමා වියේ මතක සටහන්වලින් ආරම්භ කරන මේ කෘතිය ජීවිතයේ මෙතෙක් ලත් සකල විධ අත් දැකීම් පිළිබඳ විග්‍රහයයකි.

රු684.00
10% DISCOUNT

සාපරාධී ගංගාව

Highlights:

වසර දහයකට පසු සිය රටට පැමිණෙන වංශාධිපති තරුණයෙකුට තම මව ජීවත්ව සිටි කාලයේ ඇය බොහෝ සේ ඇළුම්කළ දුප්පත් දැරියක, දැන් නව යොවුන් තරුණියක ලෙස මුණ ගැසෙයි. ඔවුන් දෙදෙනා එකිනෙකා කෙරෙහි ආදරයෙන් බැඳෙද්දී, තරුණයා දෛවය විසින් බිහිසුණු අත්දැකීම් සමූහයකට ගොදුරු කරයි. අවසානයේ මරණයේ දොරකඩ හමුවේදී ඔවුන්ගේ ඉරණම කෙසේ සටහන්ව තිබේද?..

රු405.00
10% DISCOUNTSold Out

සිරකාරිය

Highlights:

මුහුදුබත් වී කාන්තාර දිවයිනකට ගොඩ ගැසීමේ සිට තුර්කි පාෂාවරයකුගේ අන්තඃපුරයක හුදෙකලා දිවියට සහ නුපුරුදු කුමන්ත්‍රණ අත්විදීමට වන රොසෙටා හට කෝන්වෝල්හි ප්‍රතාපවත් සහ ගුප්ත නිවහනක ජීවත් වීමටත් සිදු වේ. ඒ සෑම අවස්ථාවකම, තම දෛවය වෙනස් කළ නොහැකි අයුරින් පුරුෂයන් දෙදෙනෙකුගේ දිවිය සමඟ බැඳී ඇති බව ඇය සොයා ගනියි.

ලූකස් ලොරිමර් ආකර්ෂණීය, ප්‍රායෝගික සහ සර්ව දෝෂදර්ශී පුද්ගලයෙකි. ගුප්ත පුද්ගලයෙක් වන ජෝන් ප්ලේයර් අබිරහසකට සම්බන්ධයක් ඇති අයෙකි. අහඹු ලෙසින් ඔවුන් දෙදෙනා ගම්බද ප්‍ර දේශයේ අසල්වැසියෝය. ආබාධිත ලූකස් බැලීමට යන අතරවාරයේ රොසෙටා හට සත්‍යය හෙළි කිරීමට අවස්ථාවක් ලැබෙයි.

ඇය මෙසේ තමන්ටම පවරා ගත් මෙහෙයුම ඔවුන් මෙතරම් කලක් එකට මුහුණ දුන් ඔීනෑම විස්මයාකාර වික්‍රමයක් සේම භයානකය.

රු2,070.00
10% DISCOUNTSold Out

ඇබ්නුක්ටා

Highlights:

එහි සිටියේ,
රළු සළුවකින් සිරුර වසාගත් කාන්තාවකි.
සුළඟ ප්‍රචණ්ඩ වූ බැවින්
අර්ධ නග්න නාරි දේහයේ
සළු පිළි සුළගෙහි නටන්නට වූයේ
ගොදුරකට පනින්නට සැරසෙන
සර්පයින් රොත්තක් සේය.
ඔහු ඇය දෙස බැලුවේය.
ඇගේ නෙතු ඔහුගේ නෙතු හා ගැටුණ
පළවෙනි මොහොතේම
විදුලි සැරයක් වැදුනාක් මෙන් හැඟිමකින්
ඔහුගේ හිත සලිත වී ගියේය.

රු855.00
10% DISCOUNTSold Out

අම්මා

Highlights:

‘අම්මා ගැන හිතලා හිතලා ම තමයි මගේ පපුව
ඇතුළෙ තියෙන මස් වැදැල්ල හදවතක් වුණේ.
මෙතන ඉන්න වැඩි දෙනෙක් ලබන ආත්මයක්
විශ්වාස කරනවා. එහෙම ලබන ආත්මයක්
තියෙනවා නම් මං කැමතියි ගැහැනියක් වෙලා
උපදින්න. ඒ ආත්මේ දී මගේ අම්මා මගේ කුසේ
පිරිමි කළලයක් වෙලා උපදින්න ඕන
එතකොට මට පුළුවන් පිරිමි පුතෙක් හදන්න
මං අම්මා වගේ ගෑනියෙක් වෙලා
ඒ පුතා වෙනුවෙන් මට පුළුවන් දුක් විදින්න
ඒ හින්දා නිවන් යන්න ඉස්සෙල්ලා ආයෙත්
මගේ බඩේ පිරිමි පුතෙක් වෙලා උපදින්න
රත්තරං අම්මේ!’

රු1,440.00
10% DISCOUNTSold Out

අත්ලන්තීදාවේ අවසාන මිනිසා

Highlights:

ආඝාත තත්වයෙන් සුවය ලැබ, වෛද්‍ය උපදෙස් මත සිය ව්‍යාපාර කටයුතුවලට පෙරළා පැමිණීම ඇහිරී ගිය ධන කුවේර සෝලිගේ නෙත ගැටෙන රොෂර් ඩේවීන්යේගේ ‘අත්ලන්තීදාව: අතුරුදන් වූ මහාද්වීපය’ නම් ග්‍රන්ථය පුරාතනික ජාතීන්ගේ පූර්වජයන් නිදන මේ පූජනීය බිම සොයා අත්ලාන්තික් සාගර ගවේෂණයකට ඔහු සතු සියලු සේසත යොමු කරවන්නේය.

ගවේෂණයේ ප්‍රධාන නියමුවා වූ මහාචාර්ය ලැරිසන්ගේ මරණයෙන් පසු ඔහුගේ නිවසේ අට්ටාලයේ තිබී සොයා ගැනුණු අත් පිටපතක් අත්ලන්තීදාවේ ශ්‍රී විභූතිය හා එහි අවසානය පිලිබඳ ලෝ වැසි හද සන්තානය තුළ විචිත්‍ර මෙන්ම බියකරු සිතුවමක් මවන්නේය. ලැරිසන්ගේ වෘත්තාන්තය, වෘන්තාන්තයක් සඳහා අතිශයින් විද්‍යාත්මකය. විද්‍යාව සඳහාද බොහෝ සෙයින් ශෘංගාරාත්මකය.

ලැරිසන්ගේ අත්පිටපත ඔස්සේ සයුරු දියේ නොපෙනී ගිය අත්ලන්තීදාවේ අද්විතීය බව, එහි වහලුන්ගේ නිදහස් අරගලයේ කාහල නාදය මෙන්ම සීමා නැති ආදරයේ ප්‍රතිමූර්තීන් සිය නිර්මාණශීලීත්වයේ දඬුඅඬුවට හසු කර ගනිමින් බිල්යායෙෆ් ‘අත්ලන්තීදාවේ අවසාන මිනිසා’ වියමන නිම කරන්නේය. බිල්යායෙෆ්ගේ ‘උභයජීව’ හා ‘කුංචනාද’ ග්‍රන්ථ සිංහල පාඨකයාගේ මන දොළ රසාලිප්ත කල අයුරෙන්ම, ඔහුගේ මේ අසමසම අත්ලාන්ත වියමනද ඔවුන් ආනන්දයට පත් කරනු නිසැකය

රු855.00
10% DISCOUNTSold Out

වීණාවක් රැගෙන ගිය දරුවා

Highlights:

කිසිදු මං සලකුණක් නැති වන ලැහැබවලින් වේලී තිබූ මුල්ලිවයික්කාල් ප්‍රදේශය ගන කැළෑවක් බවට පත් ව තිබූණි.ඒ වන ලැහැබ් තුළ පක්ෂීහු රහසේ බිත්තර දමා ඇති සේ ය.ඒ දරුවා එම වන ලැහැබ් අතරේ නොපෙනී ගියේ ඇයි ද කියා ඔහු මිමිනුවේ ය. හිස් සුළඟ පැමිණ මුහුණේ ගැටී ඔහුගේ මතක සාගරයේ රැළී බිඳ හෙළුවේය.

අධිකාරීවරයා නල්ලසාමිගේ මළ සිරුර පිළිබඳ සැලකිල්ලක් නො දැක්වුව ද ඔහුගේ ප්‍රශ්න දහස් ගණනකට පිළිතුරු දීමට අපට සිදුවිය.අවසානයේ අසවල් තැනට ගෙනිහින් වළදාපල්ලා යන නියෝගය ලැබුණි.ඔහු සදහන් කළේ අපගේ පැල්පත් පිහිටා තිබෙන කඳුකර පෙදෙසේ ස්ථානයකි.අපි නැවතත් මළ සිරුර ඔසවාගෙන කන්ද නගින්නට වූයෙමු.කාලය ගෙවී ගියත් ම මැස්සේ බර ද වැඩි විය.උරපත්ත දැවී යන්නාක් සේ දැනුණි.දුර්ගන්ධය ද ඉසිලිය නොහැකි තරම් ය.කෙසේ හෝ සියල්ල දරාගෙන යා යුතුයි.

වලවන් මගේ ග්‍රහණයෙන් මිදෙන්නට දැඟලුවේය.කකුල්වලින් ඇන්නේය.මගේ පපුවට අත තබා තල්ලු කලේය.”මම බිමින් තියන්න”මට එයා වීරත්වයට පත් කරලා අවසන් ගෞරව දක්වන්නට ඕනි.බිමින් තියන්න යි කියමින් අඬනන්නට පටන් ගත්තේ ය.ඔහුගේ හැඬුම් හඬ මගේ හඬ පරයමින්ඒ භූමිය පුරා පැතිර යන්නට විය.

රු900.00
10% DISCOUNTSold Out

Going Solo

Highlights:
Going Solo is the action-packed tale of Roald Dahl’s exploits as a World War II pilot. Learn all about his encounters with the enemy, his worldwide travels, the life-threatening injuries he sustained in a plane accident, and the rest of his sometimes bizarre, often unnerving, and always colorful adventures. Told with the same irresistible appeal that has made Roald Dahl one of the world’s best-loved writers, Going Solo brings you directly into the action and into the mind of this fascinating man.
රු1,795.50
10% DISCOUNT

Kick Up Some Moon Dust ! – Volume 1

Highlights:
Kick Up Some Moon Dust! Volume I is a collection of short stories by local authors for Lankan teenagers aged twelve to thirteen. From challenging “monsters” to stalking “crocodiles”, from sniffing out dognappers to testing ancient family spells, readers will find plenty to make them think, smile, and laugh out loud.
රු486.00
10% DISCOUNTSold Out

අද්භූත යුවතිය

Highlights:

ක්වීන් වික්ටෝරියා පාසල, නෙයිනිතාල්

ආරම්භය – 1855

“එයා ඇඳගෙන ඉන්නෙ පරණ තාලෙ යුනිෆෝම්
එකක්…”නීශා කියාගෙන ගියාය. “සුදුමැලි සුදු
පාට මූණ…. එයාගෙ ඇස් වටේට අඳුරු වෙලා…
එයා ඔය පුටුවෙම වාඩිවෙලා ඉන්නව සමහරු
දැකලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔය පුටුව….
කොහෙට ගෙනිහින් දැම්මත්, ආයෙමත් මේ
කණ්ණාඩිය ඉස්සරහටම එනවලු…”

රොහාන් අගර්වාල්, පාසැල් නාට්‍යයක
කළමනාකාරවරයා ලෙසින් පත් කරනු ලැබිණ.
චාන්දනී ජෝෂි සමඟ එකට වැඩ කරන්නට
ලැබීමම ඔහුට මහත් සතුටක් විය. ඉතින්
එතැනදී, ඔහු කිසිසේත්ම බලාපොරොත්තු
නොවූ යමක් ඔහුට හමුවෙයි.

රු1,440.00
10% DISCOUNTSold Out

තුහින පිනි සළු

Highlights:

එහෙනම් මට කියන්න වෙන්නේ වෙඩින් එක අවුරුද්දකට කල් දාලා මිස් නේත්‍රාට කොළඹට ට්‍රාන්සර් වෙන්න කියන එක තමයි.කරන්න බැරි වැඩක් නොවනේ ඒක.ලොකු වෙනසක් වෙන්නෙ නැහැ.

-රිතේෂ්-

මාස දෙකකුයි අවුරුද්දකුයි අතරෙ මාස දහයක වෙනසක් තියනවා
මිස්ට මාලියද්ද.මොනම හේතුවකටවත් මම මගේ වෙඩින් එක කල් දාන්නේ නැහැ.

-නේත්‍රා-

රු1,728.00
10% DISCOUNTSold Out

හිරිකඩ

Highlights:
දැනෙන හැඟෙන ජීවිත මත ඉහෙන….

“මට නම් බෑ ඕව කරන්න… මට ඕන ලොකු වුණාම වීරයෙක් වෙන්න. හරියට අපේ තාත්තා වගේ සතුරත් එක්ක සටන් කරන්න යුද්ධ කරල ජය ගන්න”

එලෙස නැඟි හිච්චාගේ උස් හඬ නවතිත්ම මෙතෙක් හිච්චා මුව රැඳි අඳුර මහල්ලාටද එවර බෝ විය.

“ගිණිබටේ තරම්වත් උස නැති උනාට බලහල්ලකො මුගෙ කථාව ඈ… දැන් කොහෙද යුද්ධ කරන්න සතුරෙක් උඹට? උන් ඔක්කොම කම්මුතුයි… අයිත් ඉතිං උඹට වීරයෙක් වෙන්නෙ ලැබෙන්නෙ ලබන ආත්මෙ තමයි ඉතිං. කොහොමින් කොහොම හරි හමුදාවෙ දරුවො පණ නහගෙන හරි යුද්ධ කරල උඹලට ජීවත් වෙන්න දැන් රටක් බේරල තියෙනවා. එහෙව් එකේ උඹල ැන් දැනගන්න ඕන මේ රට දියුණු කරන්න. අන්න එහෙම උනොත් නම් උඹට වීරයෙක් වෙන්න පුළුවන්. නැතුව අතපය අකුළගෙන බුදියගෙන හරියන්නෑ බොල. කුඹුරු කොටල්ලා… වගා කරපල්ලා… එවුව මෙව්වා හදපල්ලා… ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න හිතපල්ලා. දවසෙන් දවස දියුණු වෙයල්ලා. දැන් ඉතිං නිදහසේ හුස්ම ගනින් මයෙ පුතේ. මේ අහස යට උඹල දැන් නිදහස්!   “

රු1,665.00
10% DISCOUNTSold Out

ප්‍රොමීතියස්ගේ දරුවෝ

Highlights:

අද ලොව පුරා දක්නට ලැබෙන,පළමු පෙළේ සාහිත්‍යකරුවන් තම නවතම නිර්මාණ විද්‍යා ප්‍රබන්ධ ලෙස එළිදැක්වීමේ ප්‍රවණතාවයෙන් සනාථ වන්නේ විද්‍යාව හා තාක්ෂණය මත පදනම් වන අනාගත ලෝකයේ ප්‍රධාන සාහිත්‍යාංගය බවට විද්‍යා ප්‍රබන්ධය පත් වීම නො වැළැක්විය හැකි බවයි.

මේ වන තෙක් ශ්‍රි ලංකාවේ විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍ය බොහෝ දුරට පරිවර්තන වලට සීමා වී තිබූ නමුත් දැන් අපේ තරුණ ලේඛකයන් අතින්ද සාර්ථක විද්‍යා ප්‍රබන්ධ බිහි වීමෙන් පෙනී යන්නේ ගෝලීය ප්‍රවණතාව අනුගමනය කරමින් අනාගතයේ අප රටේ ද සාහිත්‍යයේ ප්‍රධාන ධාරාව බවට විද්‍යා ප්‍රබන්ධය පත් වීමේ සුබ ලකුණයි.

රු1,188.00
10% DISCOUNTSold Out

ආදරේ ඒ වගේ

Highlights:
“අහස පොළොව ගැටල ගැටල කල්පනා කරන්නෙ මොකක්ද” කුෂී විදුලි වේගයෙන් තුෂේන් දෙස බැලුවේ ඒ හඩට. ඇය තවත් රතු වුණා.

“මොකෝ….. බයවෙලා….” හේතුව දැන දැනම ඔහු ඇසුවේ ඒ රතු වී ඇති වත තවත් රතු කරන්නට ඇතිවූ ආසාවෙනි.

“ම්… මගේ ඇඳුම…..  ඒක කොහොමද ගැලවුනේ….” ඇය ගොත ගසමින් ඇසුවේ

ඒ දෑස් මගහරිමිනි

“හරි වැඩේ තමා. මොකෙක් හරි ඊයේ රෑ කාමරේට ඇවිත් ගවුම ගලවලා තියෙනවා. ”

ඔහු ඇයව විහිළුවට ගන්නේය.

“අනේ බය කරන්න එපා”

මම නම් දන්නේ නෑ කවුරු ගැලෙව්වද කියලා නම්. මම මැඩම්ව ඊයේ රෑ ඇඳෙන් තිබ්බෙ ගවුම පිටින්මයි

ඔයාම වෙන්නැති රෑ නින්දෙන් ගලවන්න ඇත්තේ. ”

“මම ගැලෙව්වේ නෑනේ….” ඇයගේ මුවින් ඒ වදන් පෙළ පිට වූයේ නම් සිහින් හඬිනි.

“හරි එතකොට ඔයා කියන්නේ ඔය ගවුම මම ගැලෙව්වා කියලද” තුෂේන් ඇඳෙන් නැගිට්ටේ සිනහව සඟවාගෙන ය.

,හැබැයි ඉතිං මම ගැලෙව්වා නම් ඒක විතරක් ගලවලා නිකා ඉන්නේ නෑ ……. ඉතුරු ටිකත් ගලවනවා………” රතු වූ ඇය තව තවත් රතු වෙද්දී , ඒ කෝල හැඟීම ඇයට නිදහසේ විඳින්නට ඉඩදී තුෂේන් නාන කාමරයට වැදුණේය.

රු1,485.00
10% DISCOUNT

හීරා මණ්ඩි අභිසාරිකාවෝ

Highlights:

හීරා මණ්ඩි අභිසාරිකාවෝ හෙවත් ලාහෝරයේ නැට්ටුක්කාරියෝ පාකිස්තානයේ ලාහෝර් විනෝද දිස්ත්‍රික්කය හෙවත් රක්තාලෝක කලාපයේ ඩාන්සින් ගර්ල්ස් (නැට්ටුම්කාරියන්) වශයෙන් හඳුන්වන යුවතියන්ගේ ආදරය අලෙවිකීරිම හා සිහින සුරැකීම හා අදාළ කතාන්තරයයි. මෙය එම යුවතියන්ගේ ජීවිත පිළිබඳව, විශ්වවිද්‍යාලයීය කථිකාර්යවරියක වන ලුවිස් බ්‍රවුන් මහත්මිය විසින් කරන ලද පර්යේෂණ පාදක කරගෙන අමතක නොවන හා දයානුකම්පිත බැල්මකින් හෙලිකරන කතාවකි. (කතුවරියගේ විශේෂත්වය වන්නේ ඇය ලොව ප්‍රථම නළ දරුවා ලෙස උපත ලබා ඉතිහාසයට එක්වීමයි.)

මෙම නැට්ටුක්කාරියන් වාසය කරන්නේ ලාහෝරයේ මහ පල්ලියක සෙවනේය. 21 වෙනි සියවසේදී ඔවුහු පැරණි නගරයේ තාප්පවලින් පිටතට පැමිණෙති. ඔවුන්ගේ වෙළෙඳාම ගණිකා වෘත්තිය ලෙස නිරවද්‍යතාවයෙන් විස්තර කළ හැකි වුව ද එසේ නර්තනයේ යෙදෙන යුවතියන්ට කීර්තිමත් ඉතිහාසයක් ඇත.

ඔවුන්ට සුල්තාන්වරුන් විසින් දැඩි රුචිකත්වයක් දැක්වු අතර මෝගල් සංස්කෘතියේ හොඳම විදග්ධ සහ විචිත්‍ර සම්ප්‍රදායන් ඔවුන් සතු විය. වර්තමානයේ නූතන බොලිවුඩ් සෞන්දර්යය, එහි විචිත්‍රවත් සංදර්ශන, සංගීතය සහ නැටුම්වලට ආදරය කිරීම එම යුවතියන්ගේ දුරස්ථ උරුමයයි. එහෙත් මාහා හා ඇගේ දියණියන් තිදෙනා දැන් ගත කරන්නේ පම්පෝරි ගැසිය හැකි ජීවිතයක් නොවේ. ආගමික නායකයන් විසින් ඉවසා සිටින නමුත් ඔවුන්ගේ වැඩ කටයුතු ඉස්ලාමය මගින් තහනම් කර ඇති දේවල්ය. ඔවුන් ගණ්ජි (අපිරිසිදු) ලෙස සැලකෙන නමුත් මාහාට මෙන්ම ඇගේ දියණියන්ට ද එයින් ඉවත්විය නොහැකියි.

රු1,575.00
10% DISCOUNTSold Out

ජයන්

Highlights:

“මම කවදාවත් ගිහින් නෑ. කමක් නෑ යමු” කියලා ජයන් කිව්වා.

ඒවා ජයන්ලාගේ කුස්සිය තරම්වත් නැති ටකරන් හෙවිල්ලපු, සිමෙන්ති ගලෙන් බැඳපු පොඩි ගෙවල්. ගෙමිදුල්වල කහ පාට දහස්පෙති, වද මල්, කූඩළු වර්ග හෙම වවලා. ඒ ගමේ වැලි පාරවල් දෙපැත්තෙ කඳු බෑවුම්වල මීවන වර්ග වැවිලා. ඒ අතර හුදකලා වුණු පුංචි වන මල් පිපිලා.

රු495.00
10% DISCOUNT

සම්මුකී

Highlights:

විශ්ව දණ්දෙනිය අතීතය සමඟ ගනුදෙනු කරනා අයෙක්ද? ඒ පැනය මා මගෙන්ම අසාගත් වාර ගණන අපමණය. විශ්ව මුණගැසීමට අතීතයේ සිට ආදරණීය පණිවිඩකාරියක් පැමිණියාද? එලෙස ආවා නම්, ඇය ඔහු වෙත රැගෙන ආ අමුතු පණිවිඩය කුමක්ද? විශ්වගේ මේ අතීතය හා කෙරෙන ගනුදෙනුව, හුදු ඇබ්බැහියක්ද? එසේත් නැතිනම් කිසියම් ව්‍යාධියක්ද?

රු315.00
10% DISCOUNT

මග බලා හිඳිමි මම

Highlights:

විරාජිනී හා කාන්ති වෙත
මාරුවෙන් මාරුවට බැලූ ඔහු
වීරසිරිය. ඔහුගේ පෙනුම
එදාට වඩා අද හාත්පසින්ම
වෙනස්ය. වෙනදා තිබූ
අහිංසක පෙනුම වෙනුවට
ඇත්තේ හමුදා නිලධාරියෙකුටම සරිලන
ප්‍රතාපවත්, තේජස් ගතියකි.
“විරාජිනී…..කාලෙකට
පස්සෙ….”
ඔහු දිගු කළ අතට විරාජිනී
සිය සුරත දුන්නාය. ඔහු
දෑතින්ම ඒ අත අල්වා
සෙලවීය.
“හරි සන්තෝෂයි.
හමුවුණාට….”

රු765.00
10% DISCOUNT

කොළඹයා සහ ෂැංහයියා

Highlights:

ෂැංහයි මහාග්‍රපුරය අහසට ද පොළොවට ද අභියෝග කරන පශ්චාත් නූතන ගෘහ නිර්මාණ ශිල්පයේ විසල් ප්‍රදර්ශනයකි. එය කොළඹ පමණක් නොව, දිල්ලියේ හා මුම්බායි නගරයේ සිහිනවල පමණක් තිබෙන යුගයකට අවතීර්ණ වී ඇත; එහෙත් ක්‍රමයෙන් විශාල වන පාරිසරික ප්‍රශ්න හා ඇති නැති පරතරය හ සසඳන විට ෂැංහයි ද කොළඹ හා සමානය.

මේ කෘතිය හුදෙක් කොළඹ හා ෂැංහයි අතර සිද්ධි දාමයක් නොවේ. එය අතීතය හා වර්තමානය පිළිබඳ කතාන්දරයක් මැදින් කොළඹ දේශපාලන චිත්‍රය පිළිබිඹු කරන්නකි.

රු405.00
10% DISCOUNTSold Out

විල් තෙර නිවහන

Highlights:

අත්හැර දැමූ නිවෙසක්…..

1933 ජූනි මස, දහසය හැවිරිදි ඇලිස් ඇඩවේන් ඇගේ පවුලේ ගම්බද නිවහන, ලොඇනත්හි පැවැත්වීමට යන මධ්‍යම ගිම්හාන සෑඳෑ සාදයට සූදානම් වෙයි. නමුදු, මැදියම් රැය එළඹී, ගිනි කෙළි රාත්‍රී අහස ආලෝකවත් කරන වේලාවේ, එඩ්වෙන් පවුලට ඉතාමත් වටිනා යමක් අහඅමි වෙයි. එම අහිමිවීමේ වේදනාව කොතරම්ද යත් ඔවුහු සදහටම ලොඇනන් හැර යති.

අතුරුදහන් වූ දරුවෙක්….

එයින් අවුරුදු හැත්තෑවක් ගතව ගිය පසු, සිතට විශේෂයෙන්ම වදදෙන අපරාධ පරීක්‍ෂණයකට පසු, අපරාධ පරීක්‍ෂක සේඩි ස්පැරෝ කෝන්වෝල්හි පිහිටි ඇගේ ආදරණීය සීයාගේ නිවස්නට යයි. එහි ගිය පසු අහම්බයකින් ඇය අත්හැර දැමූ නිවෙසක් සොයා ගනියි. කිසිම ලකුණක් ඉතිරි නොකර අතුරුදහන් වූ කුඩා පිරිමි දරුවකු ගැන ඇයට දැනගන්න ලැබෙයි.

නොවිසඳුණු අබිරහසක්……

රු2,430.00
10% DISCOUNTSold Out

ලී පහුර

Highlights:

1988 වසරේ ළමයින් සඳහා වූ ඉංග්‍රීසි සාහිත්‍ය ග්‍රන්ථ වෙනුවෙන් ලංකා කලා මණ්ඩලයේ සම්මානය දිනූ ළමා නවකතාව.

“තමන්ට තහනම් වූ ලී පහුරේ ගමනට දස හැවිරිදි ජිනේ එක්වන්නේ ලී කොටවල ගැටගැසු කඹයක ආධාරයෙනි. මාළුවකු මෙන් පීනමින් කඹයේ එල්ලී වතුර යට ගමන් ගන්නා ජිනේගේ අපූරු එමෙන්ම ත්‍රාසජනක අත්දැකීම් සම්භාරය.

රු432.00
10% DISCOUNTSold Out

සිත්මි

Highlights:

…සිත්මි ජීවිතයේ පළමු වතාවට ආදරය කරන්නට ඇත්තේ ජයේට වෙන්නට ඇත. ජයේගේ හැසිරීමේ ඒ ආදරය මරා දැමුවා නම් පුදුමයක් නැත. වේදනාව ඇද බැඳ තබා ගන්නට කිසිවකුටත් අවශ්‍ය නැත. බොහෝ දෙනා උත්සාහ ගන්නේ ඒ වේදනාව දුන් දෙයින් ඈත් වන්නටය. ඒ නිසා සිත්මි ජයේගෙන් ඈත්වන්නට දරණ උත්සාහය පුදුමයක් නොවේ.

නැවත කිසිම දිනෙක ජයේව මුණ ගැසෙන්නට නම් ඇය නොසිතනු ඇත. ජයේ මතක් වෙද්දී ඇය දකිනවා ඇත්තේ තම සිත බොහෝ සෙයින් රිද වූ කෙනෙකු පිළිබඳ මතකය පමණක් වන්නට ඇත.

රු594.00
1 2 6 7 8 9 10 21 22
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping