Fiction & Literature

Fiction & Literature

(Showing 1981 – 2040 products of 2386 products)

Show:

ඇනා කැරනිනා

Highlights:

ඇනා කැරනිනා යනු ලෝක ප්‍රකට ලේඛක ලියෝ ටෝල්ස්ටෝයි විසින් රචිත කෘතියකි. සාර් රජවරුන් රුසියාව පාලනය කළ 1870 වැනි සමයක ලියැවුණු බැවින් මෙහි චරිතවලින් බොහොමයක් ධනවක් පැලැන්තියට හා රජවරුන්ට අයත් වේ. එම සමය පිළිබඳ තොරතුරු අධ්‍යයනය කරන්නට ද මෙයින් මහඟු පිටිවහලක් ලැබේ.

BUY EBOOK VERSION

ජයතිස්ස සහ රොස්ලින්

Highlights:

ජාතික නිදහස හා අනන්‍යතාව රැකගනු වස් සිය පන්හිඳ තියුණු අවියක් කොට ගත් පියදාස සිරිසේන සූරීන්ගේ ශ්‍රේෂ්ඨ ප්‍රබන්ධයකි. ජයතිස්ස සහ රොස්ලින් සරල භාෂා රිද්මයකින් සහ ලේඛන රීතියකින් කෘතිය නිමවා ඇත.

BUY EBOOK VERSION

අක්කර පහ

Highlights:

සිංහල නවකතා කලාවට එක් වූ අති විශිෂ්ඨ කෘතියක් ලෙස අක්කර පහ හඳුන්වා දිය හැකි ය. පෙරදිග ධාන්‍යාගාරය නමින් අතීතයේ හැඳින් වූ මේ ලක්බිම පිටරටට අතපාන්නේ මන්ද යන්න මැනවින් ප්‍රශ්න කරමින් මේ කතාව ගෙතී ඇත.

සාහිත්‍ය මැවූ ගැහැනිය

Highlights:

සාහිත්‍ය සහ ගැහැනිය අතර පවතින සම්බන්ධතාවය පිළිබඳ විචාරාත්මක අධ්‍යයනයක් සිදු කරමින් සම්පාදිත ග්‍රන්ථයකි. මෙහි කතුවරිය වන ලතා ගුරුසිංහ කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ද වන්නීය.

BUY EBOOK VERSION

පද්‍යාවලී

Highlights:

කාව්‍ය ඉතිහාසය විමසා බලන කල්හි සිංහල කවි කෙත සරු කරවූ කවීන් අපට හමුවෙති. කුමාරතුංග මුනිදාස, පී බී අල්විස් පෙරේරා, ඇස් මහින්ද හිමි, සාගර පලන්සූරිය ඉන් කීප දෙනෙකි. පද්‍යාවලිය ග්‍රන්ථය තෝරා ගන්නා ලද කවීන්ගේ පද්‍ය පන්ති සමූහයක් හඳුන්වා දීමට සම්පාදනය කරන ලදී. අර්ථවත් පද මාලාවක් යටතේ ලියවුණු කෘති රැසක් පද්‍යාවලිය වින්දනය කළ හැකිය

අපූරු ගමන

Highlights:

අපූරු ගමන නම් මේ කතන්දරය ජාතීන් දෙකකට අයත් ළමුන් දෙදෙනෙකුට සිදු වූ ත්‍රාසය, කුතුහලය පිරි අපූරුතම සිද්ධි මාලාවකින් පිරී ගිය එකකි. එකමුතුකම, කල්‍යාණ මිත්‍රත්වය, උත්සාහය, ස්ථානෝචිත ප්‍රඥාව ආදිය මේ තුළින් විද්‍යමාන වේ.

පුංචි වීරයෝ

Highlights:

ඓතිහාසික ප්‍රවාද, ජනශ්‍රැති ආදිය පදනම් කොට ගනිමින් මහාචාර්ය බන්දුසේන ගුණසේකරයන් විසින් නිර්මාණය කරන ලද යොවුන් නවකතාවකි. පරසතුරු පහරදීමක් නිසා සිය ගම් පළාත අතහැර අලුත් දිවියකට හුරු වන සොහොයුරන් දෙදෙනෙකුගේ ජීවිත කතාව මෙයින් නිරූපණය කෙරේ. අනාගත ලෝකයට පිය මනින දරු දැරියන්ගේ උසස් ආකල්ප, ජාතිමාමක හැඟීම් හා පෞරුෂය වර්ධනය වන ආකාරයෙන් සමස්ත කතාවම ගොඩ නගා තිබේ. දරුවන්ට උපතින් හිමි වන වීර වික්‍රමාන්විත අදහස් තව දුරටත් වර්ධනය කරවීම ද මෙම යොවුන් නවකතාවේ තවත් එක් අරමුණකි.

BUY EBOOK VERSION

රාමා සහ දිනූ

Highlights:

දරුවන් යහමගට පත්වන්නේ දෙමාපියන්ගේ හා ගුරුවරුන්ගේ යහපත් මග පෙන්වීමත් ගුණගරුක බවත් තුළිනි. ඒ සඳහා ආගම් හා ජාති භේද අවශ්‍ය නොවේ. රාමා හා දිනූ නවකතාව අපට පවසන්නේ එයයි. ‍‍

BUY EBOOK VERSION

නන්ද හා සරණ

Highlights:

නන්ද හා සරණ සම වයසේ වූ පාසල් මිතුරෝය. නන්ද මහණ දම් පිරූ නමුදු සරණගේ මිතු දමින් ඈත් නොවිණි. පොඩි හාමුදුරුවන් නිසාවෙන් සරණ ද පන්සලේ ඇසුර නිරතුරු ලබයි. ඒ හේතුවෙන් ඔහුත්, වැරදි මාර්ගයේ ගිය ඔහුගේ පියාගේ දිවියත් යහමගට යොමුවෙයි.

BUY EBOOK VERSION

ගලිවරය

Highlights:

කුරුමිට්ටන ඉදිරියේ තමන් යෝධයන් යැයි සිතන බොහෝ අය සැබෑ යෝධයන් හමුවේ කුරුමිට්ටන් බවට පත් වෙති. මේ සත්‍යය ගලිවරය කෘතිය තුළින් පාඨකයාට පසක් කර දෙන්නේ ත්‍රාසය කැටි වූ අපූරු කතන්දරයක මිහිර ද සිතට ළඟා කර දෙමිනි.

වන දරුවෝ

Highlights:

වන දරුවෝ කැප්ටන් මැරියට්ගේ Children of the New Forest කෘතියේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනයයි. පාසල් ශිෂ්‍යයන්ට යෝග්‍ය පරිදි ඉතා සරල බසින් මෙය සම්පාදිත ය.

වැනිසියේ වෙළෙන්දා

Highlights:

සුප්‍රකට බටහිර ලේඛකයකු වූ විලියම් ශේක්ස්පියර් විසින් සම්පාදිත කෘතියක සිංහල පරිවර්තනය මෙසේ ‘වැනිසියේ වෙළෙන්දා’ නමින් ප්‍රකාශයට පත් ව තිබේ. මේ ඇසුරින් විවිධ නාට්‍ය සහ චිත්‍රපට ද නිර්මාණය වී තිබේ.

නල දමයන්ති

Highlights:

නල දමයන්ති කතා පුවත පුරාණ ගද්‍ය සාහිත්‍යයෙහි ප්‍රකට කතන්දරයකි. සම්භාව්‍ය ග්‍රන්ථ පරිශීලනය සඳහා දරුවන්ට ඉඟිකිරීම ඉතා වැදගත් වේ. නල – දමයන්ති වෘත්තාන්තය ළමා ලෝකයට සරිලන පරිදි ඉදිරිපත් කොට තිබේ.

BUY EBOOK VERSION

දොස්තර පිනී සමග විදෙස් නේවාසිකයා

Highlights:

පාස්කු බෝම්බ ප්‍රහාර සිදුවීම පාදක කර ගනිමින් නිර්මාණය කෙරුණු යොවුන් නව කතාවකි.

BUY EBOOK VERSION

විලාප දෙන ගෙවිපළේ වික්‍රමය

Highlights:

පිටිසර බද පළාතක ගොවිපළක සිදුවන නීති විරෝධී ක්‍රියාවන් හෙළිකරගන්නා දරුවන් පිරිසක් වටා ගෙතුණු වීර වික්‍රම කතාවකි.

BUY EBOOK VERSION

දෙල් ගහ යට පුංචි ගෙදර

Highlights:

අද ළමා පරපුරට අහිමිව ඇති ගම්බද සුන්දර පරිසරය, සිරිත් විරිත්, ජනශ්‍රැතිය, සහජීවනය වැනි අංග ද, වැඩිහිටියන්ට සැලකීම වැනි යහගුණ දම් ද, අංශු මාත්‍රයක් හෝ දැයේ දූදරුවන්ට තිළිණ කිරීමට ගත් උත්සාහයක් ලෙස මෙම කෘතිය හැඳින්විය හැකිය.

BUY EBOOK VERSION
15% DISCOUNT

වෙස්සන්තර කතාව

Highlights:

වෙස්සන්තර කතාව සිංහල සාහිත්‍යයට පිවිසෙන්නේ පන්සිය පනස් ජාතක පොත ඇසුරිනි. අනාදිමත් කාලයක් මේ කතා පුවත ජනයා අතර ප්‍රකට ය. පාසල් පද්ධතිය තුළත්, උසස් විභාගවලටත් මේ කතා නිර්දේශිත ය. එයට සරිලන ලෙස මෙය සම්පාදිත ය.

රු297.50

වනේ ඇදුනු පිය සටහන්

Highlights:

බණ්ඩාරදුවේ විසු කාලයේ නෙතට යොමු වු දෑ හා අත්දැකීම් මෙහි විස්තර වෙයි මාතෘකා 16 ක් යටතේ ඒ අත්දැකීම් පෙළගැස්වෙයි. විස්තරය දීර්ඝ වන තැන්හිදී උප මාතෘකා යොදා ඇත.සිංහල 5 වසර පොතට පාඩමක් වශයෙන් ද යොදා ඇත.

වන ගත ළමෝ

Highlights:

වන ගත ළමෝ

තුන්මංහන්දිය

Highlights:

ගමේ කාටත් පහේ නම් දෙකක් ඇත එකක් උප්පැන්න සහතිකේ තියෙන නම අනික මිනිස්සු දාගත්ත නම මිස්ටගේ නියම නම රුචිතන්. රුචිතන් එක්තරා කාලයක පෙරකදෝරුවෙකු ළග වැඩ කර තිබේ. පෙරකදෝරුවා ඔහුට කතා කළේ මිස්ට රුචිතන් කියලයි.

පේත

Highlights:

සාකච්ජා සමුළු – කටඋත්තර – ජායාරූප – කෙටි නට්‍ය – කෙටිකථා – දින සටහන් යනාදිය ඇසුරෙන් ලියැවෙන මේ කෙටි නවකථාව බිහිසුණු ව්‍යාකුලත්වයේ ගිලුණු සමාජයක තද අදුරු ඇතුළාන්තය නිරුපණය කරයි. ජීවමාන මිනිස් චරීත තරමටම ක්‍රියාකාරී වන්නා වු මහජන මතය, හෘදසාක්ෂීය, විගලිතභාවය, මනෝවිකාර වැනි දේ මෙන්ම මරණාපර ප්‍රේත ලෝකය හා අකාමකා දැමිය නොහැකි කටුක මතකය ද පිළිබිඹු කරන මේ ප්‍රබන්ධය , පිළිකා රෝගී කොටි කතකට රැකවරණය ලබා දුන් සිංහල තේ කඩයක් පිළිබද නඩුවේ හා මහජන අවසන් විනිශ්චයේ විවාදාත්මක පුවත පවසයි.

මළවුන්ගේ අවුරුදු දා

Highlights:

” මළවුන්ගේ අවුරුදු දා ” යන මේ නව කථාව “මළගිය ඇත්තෝ ” යන්නෙහි දෙවෙනි කොටස සේ සැලකිය හැකි ය. “මළගිය ඇත්තෝ ” කියවා එහි එන දෙවෙන්දොර සං හා නොරීකො යන පාත්‍රයන් යළි හදුනා ගැනීමටත් ඔවුන්ගේ ඉරණම දැන ගැනීමටත් මෙය ඉතා ආසාවෙන් කියවනු නොඅනුමාන ය.

හිඟන කොල්ලා

Highlights:

හිඟන කොල්ලා

ගොදුරු ලොබ

Highlights:

ගොදුරු ලොබ

ගඟ අද්දර කැලේ

Highlights:

ගඟ අද්දර කැලේ

ඇට මැස්සා

Highlights:

ඇට මැස්සා වු කලී පාඨකයාගේ පරිකල්පනය අවදි කරන අතිශයින් විචිත්‍ වු ද විසිතුරු වු ද වේගී වු ද විවාදජනක වෘතාන්තයකී. සංස්ථානයන් බිඳ හෙළීමේ ලා නිරන්තර අරගලයක කැප වී සිටින විමුක්තිකාමීන් ආකර්ෂණය කිරීමේ ලා මේ කෘතිය වඩාත් පොහොසත් ය.

අව පෑලවිය

Highlights:

ඒ කලේ කොයිතරම් සාරසුබාවට තිබුණු ගමක්ද මේක කොයි ගෙදරත් අටු කොටු පිරිලා. පැණි පට්ට දුමේ එල්ලෙනවා. කිරිකොස් මාළුවක් ඒ ගෙදරීන් මෙහාට… මේ ගෙදරින් කොස් ඇට මාලුවක්…. වල් අඔ ඇඹුලක් එහාට…. කොයියම්ම දේත් අපි බෙදා හදා ගත්තා ජීවිතේ.

විලාසිනියකගේ ප්‍රේමය

Highlights:

“උත්තරා හිතනවද මට ආයෙමත් ඒ ජීවිතේ ගත කරන්ට පුළුවන් කියලා? මට පුළුවන් ද පිරිමියෙක්ව ආයෙමත් ළගට ගන්ට, පිරිමින්ගෙ ද්‍රෝහිකම්වලට මෙහෙම ගොදුරු වෙලා?” “මට තේරෙනවා අක්කණ්ඩිගෙ හිතේ තියෙන වේදනාව. මට පුළුවන් කමක් නෑ අක්කණ්ඩිට අනුසාසනා කරන්ට. ඒත් එක දෙයක් මම කියන්ට කැමතියි. ආදරය කියන එක කෙනෙකුගේ හිතේ බලයෙන් ආරෝපණය කරන්ට පුළුවන් දෙයක් නොවේ. ඒක ඉබේම හටගන්න ඕන. ඒ කියන්නේ, කාටවත් බෑ කෙනෙකුට ආදරය කරන්ට, තමාගෙ හිත ඉඩ දුන්නොත් මිස, එයා වෙනුවෙන් ඔබ කොයි දේ කළත් එයාගේ හිතේ ඔබ කෙරෙහි ආදරයක් උපදින්නෙ නෑ”.

ජුලියස් සීසර්

Highlights:

ජුලියස් සීසර් යනු මහාකවි විලියම් ෂේක්ස්පියර් නාට්‍ය අතුරින් අතිශයින්
සාර්ථක නාට්‍ය කිහිපයෙන් එකකි. ෂේක්ස්පියර් නාට්‍ය ට්‍රැජඩි,කොමඩි හා
ඓතිහාසික නාට්‍ය වශයෙන් වර්ග ත්‍රයකට අයත් වේ. ඒ අතුරින් ජූලියස්
සීසර් අයත් වන්නේ ඓතිහාසික නාට්‍ය කුලයකට ය. ක්‍රි.පූ.1 වැනි සියවසේ
පොම්පේගෙන් පසුව රෝම අධිරාජ්‍ය‍ය ශක්තිමත් කළ බලසම්පන්න ස්වෛරී
පාලකයා වුයේ ජූලියස් සීසර් ය. ඔහු රෝම අධිරාජයා බවට පත්වන්නට ඔන්න
මෙන්න කියා තිබිය දී ඔහු ස්වාර්ථසිද්ධිය සඳහා විජිගීෂාවෙන් පෙළෙන්නෙකැයි
සිතූ බෲටස් කැසියස් ආදි කොටගත් ඔහුගේ කුලුපග මිත්‍ර මන්ත්‍රිවරු ඔහුට
විරුද්ධව කුමන්ත්‍රණය කොට. කැපිටෝල් ශාලාවේදි ම් මහ දහවල් ඔහු ක්‍රෑර
ලෙස ඝාතනය කළහ. මෙම නාට්‍ය‍යේ සාකච්ජා වන්නේ එම ඝාතනයට තුඩුදුන්
හේතු කාරණා සහ ඉන්පසු ඝාතනයට මෙන් ම රෝම අධිරාජ්‍ය‍යට ද අත් වු
ඉරනම ය. මෙහි කථාව සීසර්ගේ චරිතය වටා ගෙතුණ ද, නාට්‍ය‍යේ අඬක්
ගෙවී යන්නටත් පෙර හේ මියයයි. මෙහි කථා නායකයා වශයෙන් කැපී
පෙනෙන්නේසීසර් හට එරෙහි ව කුමන්ත්‍රණය මෙහෙයැවු සීසර්ගේ ඉතා ම
සමීප මිතුරා වු බෲටස් ය.

තල මල පිපිලා

Highlights:

සුන්දරත්වයෙන් පරිපුර්ණ වුවද සිංහල සමාජයෙහි තලමල පිපිම විනාශයේ සංකේතයක් ලෙස සැලකේ, ඒ සියුම් සංකේතය මෙරට සමාජයේ පුරා මඩු දිවූ පිලිලයක තරම වේදිකාව මත අතිශය රමණිය ලෙස තලමල පිපිලා නාට්‍ය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සන්ධිස්ථානයක් බවට පත්ව තිබේ.

වැනීසියේ වෙළෙන්දා

Highlights:

වැනිසියේ වෙළෙන්දා නාට්‍යයයේ ආකෘතිය රැදෙන්නේ විනිශ්චය සහ පරීක්ෂණ අවස්ථා කීපයක් මතය. ක්‍රියාදාමය විකාශනය වන විවිධ අවස්ථාවන්හිදී චරීතයක් විභාග කරනු ලබයි. නැත්නම් නඩු විභාගයක් පැවැත්වෙයි. මෙම විභාගයන්හිදී සදාචාරය, මිනුම් දණ්ඩ කොට ගැනේ. කරඬු තුනෙන් එකක් තෝරා ගැනීම නිදසුනකි. මහා නඩු විභාගයේදී යුක්තිය ද නැත්නම් අනුකම්පාවද වඩා හොඳ යන්න තීරණය වන්නේ මතුපිට පෙනුම සහ යථාර්ථය අතරය.

කතා අහුර

Highlights:

මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ කතා රීතියේ විකාශනය පිළිබිඹු කෙරෙන ‘කතා අහුර’ සිංහල සාහිත්‍ය උගන්වන ගුරුභවතුන්ට හා එය හදාරන සිසුන්ට විශේෂයෙන් ප්‍රයෝජනවත් වන ග්‍රන්ථයකි. 1924 වර්ෂයේ එළි දුටු පළමු ලාංකික යථාර්ථවාදි කෙටිකතා සංග්‍රහය වන ‘ගැහැනියක්‌’ ග්‍රන්ථයේ පටන්‌ තිස්‌ වසරක්‌ තුළ වික්‍රමසිංහයන්‌ අතින්‌ ලියැවුණු කතා දහනවයක්‌ මෙම කතා එකතුවේ අඩංගු වෙයි. මඩොල්‌ දූව. අපේ ගම, රෝහිණී යන ග්‍රන්ථයන්හි එන රසභාව පූර්ණ කතාංග කිහිපයක්‌ ද එක්‌ වීම නිසා මේ කෙටිකතා සංග්‍රහය විචිත්‍ර බවින්‌ අනූන ය. ‘කතා අහුර’ සංග්‍රහ කළ ලාල්‌ ප්‍රේමනාත්‌ ද මැල්‌ මහතා විසින්‌ වික්‍රමසිංහ සාහිත්‍ය මෙහෙවර අරභයා ලියන ලද අනගි පෙරවදන ද මේ පොතට ඇතළත්‌ ය.

බිල්ල සහ අපූරු මුහුණ

Highlights:

මාර්ටින් වික්‍රමසිංහයන් විසින් වරින් වර ලියා පළ කරන ලද කෙටිකතා පසළොසක් මේ කෙටිකතා සංග්‍රහයට ඇතුළත්ය. ගැමියන්ගේ ඇදහිලි , විශ්වාස, සිරිත් විරිත්, මසුරුකම් යනාදී ගති ලක්ෂණ මෙන්ම නාගරික මැද පන්ති ජනයාගේ බොරු සමාජ හර හා රැවටිලිකාර ජීවිතය ද මේ කෙටිකතාවලින් විවරණය කොට ඇත්තේ සදය උපහාසය මුසු දයානුකම්පාවකින් යයි කිය හැකිය.

හඳ සාක්කි කීම

Highlights:

1946 මාර්ටින් වික්‍රමසිංහ ලියූ හඳ සාක්කි කීම, ජීවිත පරිඥානයෙන් හා කලාවිඥානයෙන් පැසුණු ඔහුගේ නිර්මාණ ශක්තිය පළ කෙරෙන කෙටිකතා සංග්‍රහයකි. ලේලි කෙටිකතාව ගැන ජීවිතයෙහි සංකීර්ණ අංගයක් පිළිබඳ චිත්ත චෛතසික පරිකථාවක් වැන්න. සමාජවාදියා නගරයේ ඉහළ පන්තියේ පවුලක් ගෘහ ජීවිතය ඇසුරෙන් රචිත සමාජ වාදීය කතාවකි. ඒ කතාව කියන තරුණයා ඔහුගේ ගෙදර විසිතුරු දේ හා අනුකාරක සිරිත් ද වස්තු කොට ගැනීමෙනි මවුපියන්ගෙ ගතානුගතික චරිත නිරූපණය කරන්නේ කීර්ති ලෝභයෙන් සුදු නිලධාරීන් ඇසුරු කළ නගරයේ සිංහල නිලධාරියකුගේ ජීවිතයෙහි බොල් අරුතත් ඔහු නිසා ඔහුගේ සහෝදරියගේ ගැමි ජීවිතය අවුල් වීම හා ඇගේ දූන් ද අනාථයන් වන සැටි ත් හෙළි කෙරෙන ප්‍රචන්න උපහාසයකි. මුදියන්සේ මාමා,  තරුණ භික්ෂුව භික්ෂු ජීවිතය සැඟවුණු ආධ්‍යාත්මික අංග හෙළි කරයි. මරණය ආර්ථික දුෂ්කරතා හා පාරම්පරික සිරිත් නිසා කම්කරු ජීවිතය අවුල් වන සැටි හෙළි කෙරෙන සෝපාහාස ශෝකාලාපයකි.

පව්කාරයාට ගල් ගැසීම

Highlights:

1936 දී පළවූ මාර්ටින්‌ වික්‍රමසිංහගේ “පව්කාරයාට ගල්‌ ගැසීම” වූ කෙටිකතා සංග්‍රහයෙහි එන කෙටිකතා ජීවිතයෙහි උපහාස ජනක අවස්ථා ආශ්‍රය කොට ලියන ලද රචනා ලෙස හැඳින්වි හැකි ය. සිංහලයන්ගේ චරිතයෙහි විශෙෂ අංග සමහරක්‌ මෙහි චිවරණයට පාත්‍රවේ. මෙහි කතා, හාස්‍ය රසයෙන්‌ පූණී ය. තමා ආරුඪ කර ගත්‌ තවුස්‌ වෙස නිසා යම්‌ යම්‌ අවස්ථාවන්‌ පැමිණෙන විට වර්තමාන සිංහලයා කුහකයකු වන සැටි වික්‍රමසිංහ මේ කතාවන්හි උපහාස මුඛයෙන්‌ දක්වයි. වික්‍රමසිංහ සිංහලයාගේ උපාසක වේශය ඇද ඉවත දමා ඔහුගේ නෛසර්ගික මනුෂ්‍ය ගති ගුණ අනාවරණය කරයි.

වහල්ලු

Highlights:

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ වහල්ලු කෙටිකතා සංග්‍රහය මුලින්ම පළ වූයේ 1951 වසරේදී ය. මෙය වූ කලී එහි එකොළොස්වන මුද්‍රණයයි. ‘කෙටිකතාව’ යන ශීර්ෂය යටතේ ලියවුණු දීර්ඝ විවරණයකින් යුතු ප්‍රස්තාවනාව මෙම සංග්‍රහයේ අගට යොදන ලද්දේ කෙටිකතා කියවා ඉන් අනතුරුව එය කියවීමෙන් පුළුල් අවබෝධයක් ලබාගත හැකි බැවිනි. ප්‍රස්තාවනාව ගැන වික්‍රමසිංහ මහතා මෙසේ පවසයි. මා මෙම ප්‍රස්තාවනාව ලියුවේ උසස් කෙටි කතාවෙන් ආස්වාදයක් ලබනු පිණිස තමන්ගේ ශක්තිය හික්මවනු කැමැත්තෙන් උදෙසාය. කෙටිකතා ආස්වාදයක් ලබනු පිණිස තමන්ගේ ශක්තිය හික්මවනු කැමැත්තෙන් උදෙසාය. කෙටිකතා රචනය පිළිබඳ උපදෙස් ගතහොත් එය බෙහෙවින් ප්‍රයෝජනවත් යැයි හැඟේ.

ගැහැනියක් සහ තවත් කෙටි කතා

Highlights:

ගැහැනියක්‌ කතා සංග්‍රහයෙහි කෙටිකතාවලට තුඬු දුන්‌ අත්දැකීමි පිළිබඳව මාර්ටින්‌ වික්‍රමසිංහයන්‌ සිය උපන්දාසිට පොතෙහි දැක්වූ කියුමක්‌ මේය. “මගේ ගැහැනියක්‌ කෙටිකතා පොත පිට වූයේ මිරිඟුවට අවුරැද්දකට පෙර ය. එහි කතාවලට වස්තු වූයේ ගැමි ජීවිතය පිළිබඳ මගේ සුහද අත්දැකීම්‌ කිහිපයකි. එතෙක්‌ අනික්‌ එකම පොතකුදු ලිවීමෙන්‌ නොලත්‌ සන්තෝෂයක්‌ මම ගැහැනියක්‌ පොතේ කෙටිකතා ලිවීමෙන්‌ ලැබීමි. මා එතෙක්‌ ලියූ කතාවලින්‌ හොඳම කතා ගැහැනියක්‌ පොතේ කතා ය.”

ලේ

Highlights:

තොට මැරෙන්ඩ හිතිලද? මෙච්චර වෙලා මට කතා නොකර මොකද ගොනෝ කෙරුවේ? අම්මා පරල වී අවුත් මල්ලිකාගේ නළලට අතක් තබා ඒ අත මේ අත සෙලෙව්වාය.

අතීතය ගුරුවරයෙකි

Highlights:

අප හැම කෙනෙකුටම අතීතයක් ඇත. ඒ අතීතය සිහි කිරීමෙන් සතුටක් හෝ දුකක් ඇති විය හැකිය. ඉන් කවරක් වුව කම් නැත. අතීතයෙන් අනාගතයට අසාමාන්‍ය දැනුමක් ලබා ගත හැකි බව නම් පැහැදිලිය.

ඉස්කෝලෙට භාර දීම

Highlights:

ඉස්කෝලෙට භාර දීම

ආදරය දැනෙන්න ජීවත්වෙන්න

Highlights:

මේ පොත රචනා කර ඇත්තේ අඹු සැමියන් වීමට අපේක්ෂා කරන යටත් අඹු සැමියන් ලෙස ජීවිත ගොඩනගා ගත් අයටත් කියවීමටය.

ජීවිතයට ගරු කරන්න

Highlights:

අඹු සෑමියන් උනුන් කෙරේ ගෞරවයකින් තොරව ජීවත් වීමට මුල පුරන්නේ කෙසේද? එය කෙනෙකුගේ පෑවත්මේ වරදක්ද?දෙමාපියන්ගෙන් උරුම වූ ජීවිතයද? අධ්‍යාපනයෙන් පිබිදීම, මිල මුදල් අත් කර ගැනීම, කායිකාස්වාදය අත් කර ගැනීම, සැබවින්ම ශක්තිමත් ජීවිතයක පදනමට වැදගත් වන්නේ කවරාකාරයෙන්ද? අඹු සෑමියන් එක වහලක් යට ජීවත් වුවද, උනුන් කෙරේ ගෞරවනීය බැදීමක් නැත්නම් ජීවිතය වෙහසකරය. පීඩාකාරිය. ඉමහත් සතුටින් කාලය ගෙවා උනුන් කෙරේ තරහින් ජීවත් වන්නේ ඇයි? මේ පොත ගෞරවනීය බැදීම් වලින් තොර වීමෙන් වෙහෙසට පත් වූවන් ජීවිතය අත් නොහැර අභියෝග වලට මුහුණ දුන් හැටි විස්තර කරයි.

සිතක වෙහෙස භාර්යාවන් ගේ පැමිණිලි

Highlights:

මේ පොතේ අන්තර්ගත වන්නේ විවාහක කාන්තාවන් තමන්ගේ ජීවිතය තම ස්වාමිපුරුෂයන්ගේ ඇතැම් චර්යාවන් හා ගති පැවතුම් නිසා අසහනකාරී තත්වයට පත්වී යැයි පවසමින් ඒ හා සම්බන්ධයෙන් කරන විස්තරයන්ය. ආවර්ජනයන්ය. ඇතැම් කාන්තාවන් උගත් කමින්,සමාජ ආර්ථික මට්ටම් වලින් විවිධ වෙනස්කම් පල කළ ද බහුතරයකගේ මානසික වෙහෙස සඳහා මුල් වන්නේ ප්‍රධාන කාරණා කිහිපයකි. ඒ අතර විශ්වාසය බිඳ දැමීම, ලිංගික ජීවිතය, මානව ගරුත්වය පිලිබඳ ව අසංවේදීතාව කැපී පෙනේ. ප්‍රේමය, ආදරය ගැන අවබෝධයක් නොමැතිකම, දරුවන් කෙරෙහි අසංවේදී වීම මෙන්ම විවිධ සමාජ ආර්ථික පීඩාවන්ද පොදු තත්වයන් යටතේ කැපී පෙනේ.

දිගාමඩුල්ලේ ආශ්චර්ය

Highlights:

දිගාමඩුලු වනපෙත මෙරට පාඨකයාට අතපොවන මානයේ බිම්කඩක් තරමට සමීප ය. එහෙයින්,නෙල්ලිකැලය හා වඩිනාගල වනපෙත උපන් ගම්දොර තරම් හිතේෂිවන්ත ය.අලිබොට්ටු,වගවලසුන් හා දිවිහපුවන් ඇගෑලුම්කම් පාන්නේ මිතුරු ලීලාවෙනි.හේනට කුඹුරට මහපොළොව හා ඔට්ටුවෙන මිනිසුන්ගේ ජන දිවිය සමීප ඥාතීන් මුණගැසීමක් තරමට ආශ්වාදජනක ය.මේ අපූර්වත්වය පාඨක මනසෙහි මුද්‍රාගත කළේ,මෙරට පළමු පුරෝගාමී වනවිත්තිකරුවා ය.ඒ දිගාමඩුල්ලේ ආශ්චර්ය කෘතියෙන් මායාරංජන් මැවූ භාෂා වියමන මගිනි.

අපි නිවුන්නු

Highlights:

අපි නිවුන්නු

අක්කයි නංගියි

Highlights:

ජෝඩ් ජෙඩි ගැන කිවුවේ ඇත්තමද කියලා මම කල්පනා කළා. නමුත් ජෝඩි ඉක්මනින් කරදරයක් ඇති කර ගන්නට ඉඩ තියෙනවා. මේ ගැන අම්මට කියනවද නැද්ද කියලා මං හිතුවා. නමුත් එහෙම වුණොත් ජෝඩි ලොකු කරදරයක වැටෙයි. මට එහෙම වෙන්න හිතක් නැහැ.

මං දැන් සතුටින්

Highlights:

මං දැන් සතුටින්

මම තස්ලිමා

Highlights:

මම තස්ලිමා

හාස්කම

Highlights:

හාස්කම

අඳුරින් මතුවූ සොඳූරිය

Highlights:

අඳුරින් මතුවූ සොඳූරිය

සැඟවුණු සංකේතය

Highlights:

සිතිය නොහැකි තරම් බලසම්පන්න වූ එය ආරක්‍ෂා කරගන්නට මෙන්ම ලොවට හෙළිදරව් කිරීමට උත්සාහ ගත් සියලූ දෙන මියගියහ. එය අපගේ දෑස් ඉදිරියේම සියවස් ගණනාවක් තිස්සේ සඟවා තැබූ පණිවිඩයක්ද වූයේය. එම පණිවිඩය සංකේතයක්ද? ග‍්‍රන්ථයක්ද? එකමෙක වචනයක් පමණක්ද? අබිරහස සොයා ඉදිරියටම ගමන් කළ රොබට් ලැන්ග්ඩන් ඉන්ද්‍රිය සංවේදී විහීනතා ටැංකියක් ඇතුළතදී මරණයේ නිමේෂය අත්වින්දේය.

භූතාවේශය

Highlights:

අප පැමිණියේ කොතැනක සිට ද? අප යන්නේ කොතැනකට ද? ආදියේ පටන් මානවයා නැඟූ ප‍්‍රශ්න ද්වය යළිත් ලෝකය ඉදිරියට ගෙන ආවේ එඞ්මන්ඞ් කියර්ෂ් ය. එ්වාට පිළිතුරු සැපයීමට කියර්ෂ් සූදානම් ව සිටි නමුත් ඊට පෙර ඔහු ඝාතනය කෙරිණි. මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් ස්පාඤ්ඤයේ අනාගත රැජින අම්බ‍්‍රා සමගින් එක් වූයේ කියර්ෂ් ගේ පිළිතුරු ජනගත කරනු සඳහා ය. කියර්ෂ් නිහඩ කළ අයට එ් දෙදෙනා ද නිහඬ කරවීමට හැකි වෙයි ද?

සම්භවය

Highlights:

අප පැමිණියේ කොතැනක සිට ද? අප යන්නේ කොතැනකට ද? ආදියේ පටන් මානවයා නැඟූ ප‍්‍රශ්න ද්වය යළිත් ලෝකය ඉදිරියට ගෙන ආවේ එඞ්මන්ඞ් කියර්ෂ් ය. එ්වාට පිළිතුරු සැපයීමට කියර්ෂ් සූදානම් ව සිටි නමුත් ඊට පෙර ඔහු ඝාතනය කෙරිණි. මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් ස්පාඤ්ඤයේ අනාගත රැජින අම්බ‍්‍රා සමගින් එක් වූයේ කියර්ෂ් ගේ පිළිතුරු ජනගත කරනු සඳහා ය. කියර්ෂ් නිහඩ කළ අයට එ් දෙදෙනා ද නිහඬ කරවීමට හැකි වෙයි ද?

නිරය

Highlights:

ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර රෝහලක යහනක් මත දී රොබට් ලැන්ග්ඩන් අවදි වන්නේ බියකරු සිහිනයක් දකිමිනි. ජලය රක්ත වර්ණයෙන් ගලා යන නදියක අනෙක් ඉවුරේ මළ සිරුරු දහස් ගණනක් මැද සිටගෙන සිටින රිදී පැහැ හිසකේ සහිත කාන්තාව ඔහුට පවසන්නේ ‘සොයන්න. සම්බවේවි.’ කියාය. අවදි වන රොබට් ලැන්ග්ඩන් හට ගත වූ දින දෙකක මතකය අහිමිව තිබේ. හිසේ වෙඩි උණ්ඩයක් නිසා ඇති වූ තුවාලයකි. කළු හැඳගත් ඝාතක කාන්තාවක සහ කළු නිල ඇඳුමෙන් සැරසුණු සෙබළු ඔහු පසුපස ලූහුබැඳීම අරඹති. තරුණ වෛද්‍යවරියක වූ සියෙනා බෲක්ස් ඔහුගේ සහායට පැමිණෙන අතර මාරක වසංගතයකින් ලෝකය ගලවා ගැනීමේ අභියෝගය ඔහු ඉදිරියේ වෙයි. අභියෝගය ජය ගන්නට නම් ඔහු සියවස් හතකට පමණ පෙර ඉතාලියේ විසූ කවියා දාන්තේ අලිගියරි සමඟ ‘නිරය’ හරහා යා යුතු වෙයි.

හේඩීස්ගේ දෙවොල

Highlights:

ඇතීනාගේ සළකුණ අවසානයේ දී, පර්සි සහ ඇනබෙත් පාතාල ලෝකය දක්වාම දිව යන්නා වූ ගැඹුරු ආගාධයකට ඇද වැටෙයි. අනෙක් උප දෙවිවරු පස් දෙනා ඔවුන්ගේ ශෝකය පසෙක ලා, පර්සිගේ උපදෙස් අනුව යමින් මරණයේ දොරටු වල මනුෂ්‍ය පැතිකඩ සොයාගත යුතුය.ගයියාගේ හමුදාවන් සමග සටන් කරමින් ඔවුන්ට ඉදිරියට යා හැකිනම්, පර්සි ට හා ඇනබෙත් ට හේඞීස් ගේ දෙවොල හරහා නැවතත් මනුලොවට පිවිසීමටත්, ගයියා ගේ යෝධයින් ව පරදවා මරණයේ දොරටු අගුල දැමීමටත් හැකිය.ඔවුන්ට ඉතිරිව ඇත්තේ සීමිත කාලයකි. මාසයකට අඩු කාලයක් ඇතුලත රෝමාණුවන් අර්ධ ලෝහිත කඳවුර පහර දෙනු ඇත. ඊට පෙර ඇතීනා පාතිනොස් ප‍්‍රතිමාව නැවත ස්ථාපිත කොට සාමයට මග සැලසිය යුතුය.හේසල් ට, ෆ‍්‍රෑන්ක් ට, නිකෝ ට, ජේසන් ට හා, පයිපර් ට මේ සියල්ල කල හැකි වේද ? මරණීය වේදනාව විඳිමින් ටාටරස් හරහා ඇවිද එන පර්සිට හා ඇනබෙත් ට නැවතත් මනුෂ්‍ය ලෝකයට පිවිසීම සඳහා මරණයේ දොරටු සොයාගත හැකි වේවි ද ?යොවුන් පාඨකයින් අතර වඩාත් ජනප‍්‍රිය වූ ‘හීරෝස් ඔෆ් ඔලිම්පස්’ කතා මාලාවේ සිව්වන කෘතිය ‘‘හේඩීස්ගේ දෙවොල’’, තම ප‍්‍රථම පරිවර්තනය වූ ‘‘මායා කවය’’ තුලින් ම ශ‍්‍රී ලංකාව පුරා පාඨක හදවත් අමන්දානන්දයට පත් කල රුෂේනි මානිංගමුව ගේ පරිවර්තනයෙන්.

ශිව – වායුපුත්‍රවරුන්ගේ ශපථය

Highlights:

හිස ඔසොවා තිබූ දුෂ්ඨ බව නතර කළ හැකි වන්නේ දෙවියකුට පමණකි. සිය හමුදා එක්කරගත් ශිව හෙවත් නීලකණ්ඨ නාගයන් ගේ අග නගරය පංචවතියට පැමිණියේ ය. එම පැමිණීමට එරෙහිව පිපිරී ගිය දිව්‍ය අස්ත‍්‍රවලින් පැවසුණේ සත්‍ය සතුරාට එරෙහිව ශුද්ධ යුද්ධය, ධර්ම යුද්ධය ඇරඹීමට කාලය එළඹ ඇති බව ය. එය ජාතියේ ආත්මය බේරාගැනීම පිණිස කළ යුතු වූ සං ග‍්‍රාමයක් වූයේ ය. ජීවිත ලක්‍ෂ ගණනින් අහිමි වූවත් නීලකණ්ඨ ට අසාර්ථක වීමේ හැකියාවක් තිබුණේ නැත. සාර්ථක වන්නට නම් එතෙක් නීලකණ්ඨ ගේ ප‍්‍රකටවීම පිළිනොගත් වායුපුත‍්‍රවරුන් ගේ උපකාරය ශිවට අවශ්‍යය.ඉන්දියාව ගිලගත් දුෂ්ඨ භාවය කුමක් ද? එම දුෂ්ඨ බව වැනසීමට මහ දෙවියා සන්නද්ධ විය යුත්තේ පශුපති අස්ත‍්‍රයෙන් ද? බ‍්‍රහ්ම අස්ත‍්‍රයෙන් ද?

ගෝඩ් ෆාදර්

Highlights:

අමෙරිකානු ජාතික ලේඛක මාරියෝ පූසෝගේ ලෝ ප්‍රකට ‘God Father’ නවකතාවේ සිංහල පරිවර්තනයයි. ඉරණමට එරෙහිවන මිනිසකු, මැර අධිරාජ්‍යයක නායකයකු ලෙසින් දෛවෝපගතව හා සිය අභිමතය අනුව ජය පැරදුම විසඳාගන්නා අයුරු කියැවෙන අපූරු කතාවකි.

මොනර පිලේ ශාපය

Highlights:

ෆ‍්‍රැම්ලිංග් මන්දිරය ඇතුළේ සඟවා ඇති මිල කළ නොහැකි අවාන කොතරම් ලස්සනට මොනර පිහාටුවලින් සාදා තිබුණත් එය තමන්ගේ අයිතිකරුවාගේ ජීවිතයට විනාශය හා මරණය රැුගෙන එන්නේයx එහි ඒ ශාපය තමාටත් උරුම වී ඇති බව ඩෘසිලා ඩිලේනි නොදන්නීය. නමුත් අවානට උරුම අඳුරු අතීතයට වඩා ෆේබියන් ෆ‍්‍රැම්ලිංග් භයානක විය හැකිය.අඳුරු චරිතයක් වෙන, නිතරම කල්පනාවේ ගැලූණු, තමා වටේ ඉන්නා සියලූ දෙනාවම පාලනය කරන්න පුරුදු වී සිටින ඔහු ඩෘසිලා, අවාන ලබා දෙන නපුරු ඉරණමෙන් බේරා ගනීවිද නැත්නම් ඇගේ මරණයට මඟ පාදයිද?

ඩ වින්චි කේතය

Highlights:

ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ නවකතාවකි. මේ ඇසුරෙන් නිමැවූ සිනමාපටය මෙරට ප‍්‍රදර්ශනය තහනම් කෙරුණු නමුත් පසු කලෙක එය රූපවාහිනී නාළිකාවකින් විකාශය කෙරිණි.පැරීසියේ ලූවර් කෞතුකාගාරයේ භාරකරු ජැක් සෝනියෙරෙ මියෙන්නට පෙර තම සිරුර අසල පණිවිඩයක් තබන්නේ කේතවලිනි. ඔහුගේ මිනිපිරිය සොෆී නෙවෙයු සහ සංකේත පිළිබඳ අමෙරිකානු මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් එම කේතමය පණිවිඩ විශ්ලේෂණය කරන්නේ විවිධ අනතුරු හා අභියෝගවලට මුහුණ දෙමිනි. අනාවරණය වන ඓතිහාසික කාරණා කොතරම් බරපතළද? ඒවා අභියෝගයන් වන්නේ කා හටද?

මොස්කව් පෙරළිය

Highlights:

රුසියාවේ කොමියුනිට්ස් පාලනය බිද වැටීමෙන් පසු 2000 ජනවාරි මස 16 වන දින පැවැත්වීමට නියමිතව තිබු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජනප්‍රිය දේශපලනයෙකුගේ රහස් ප්‍රතිපත්ති ප්‍රකාශනය අස්ථාන ගත වෙයි.

1 2 32 33 34 35 36 39 40
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
25 Cart
Close

My Cart

Decoration sticker
Decoration sticker
Decoration sticker