Product Tag: nawa katha

nawa katha

Showing all 24 results

Show:
20% DISCOUNT

මුම්මාරිය

Highlights:

දඩබ්බර යොවුන් විය විසින් මුරණ්ඩු කළ හිතුවක්කාර තාරුණ්‍යයේ ආවේගශීලීත්වය, අත්දැකීම් හමුවේ හික්මෙන අපූරුව දැක්වෙන නවකතාවකි “මුම්මාරිය”. ආදරය, විරහව, අහිමි වීම, දරාගැනීම මෙන්ම ජීවිතයේ බොහෝ ගැටලුවලට අධිෂ්ඨානශීලීව මුහුණ දෙන තරුණයෙකුගේ ජීවන සුවඳ මේ නවකතාවෙන් ඔබට විඳ ගත හැකිය

රු560.00
20% DISCOUNT

ගිරිහිස ඉඳුවර

Highlights:

නිමක් නැති කඳුළු මැද ගෙ⁣වෙන පරම්පරා කීපයක කතාන්දරයකට පස්සේ, ඒ සියලු දුක්ඛ දෝමනස්සයන් රිදී කාසි සැලෙන හඬින් සිනාසෙමින් අමතක කරලූ ඒ මල් කැකුළ… පෙති තළා පොඩිකළ කැකුළු මල විකසිතව, බඹරෙකුට ළං නොවී පෙම් කරන අපූරුව…
නේකවිධ වේදනා, දුක් සුසුම්, සතුට මැද ගෙවෙන ජීවිතවල අපූරු කතාන්දරයයි ‘ගිරි හිස ඉඳුවර’

රු1,200.00
20% DISCOUNT

කන්ද උඩ ගින්දර

4.8 ★
4.8 ★
6 Ratings
5 ★
5
4 ★
1
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

සෙල්ලම් නිරිඳු ලෙසින් ප්‍රකට වූ කුන්ඩසාලේ කුමාරයා රාජාවලියේ හමුවන අවසන් සිංහල රජු වේ. ඒ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුය. එතුමාගේ ජීවිතයෙන් එක්තරා කාල පරිච්ඡේදයක් මෙම කෘතියට පසුබිම් වී තිබේ. ඒ කාලයේ රජු වටා සිටි චරිත අතර ප්‍රමිලා දේවිය, දස්කොන් අදිකාරම, මොණරවිල කුමාරිහාමි, කැප්පෙටිපොළ මහ නිළමේ, රම්මොලක මහ අදිකාරම, වැලිවිට සරණංකර හිමි ආදී ඓතිහාසික චරිත රැසක් සමග නිර්මාණාත්මක ලෙසින් ප්‍රබන්ධ කොට ඇති ඓතිහාසික නවකතාවකි. ප්‍රවීණ කලාවේදී ජැක්සන් ඇන්තනී මහතාගේ පළමු නවකතාව වන මෙය පාඨක මනස ඇදබැඳ ගැනීමට සමත් වූ භාෂා ශෛලියකින් සමන්විතය.

රු1,160.00
20% DISCOUNT

අපි මහලු වයසේ

4.8 ★
4.8 ★
4 Ratings
5 ★
3
4 ★
1
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

විදේශිකයකු හා ශ්‍රී ලාංකික කාන්තාවක් අතර ඇති වන ආදර සම්බන්ධයක් වටා මේ කතාව ගෙතී තිබේ. ඔවුන් ආදරය කළ ද විවාහ වන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැත. ඒ ඔවුන්ගේ වෙනස් වටපිටාවන් නිසා ය. කෙසේ නමුත් මහලු වියේ දී ඔවුනට යළි එක්වන්නට අවස්ථාව උදා වේ. ප්‍රවීණ කතුවරියක වන අනුල ද සිල්වා විසින් ලියා තිබේ.

BUY EBOOK VERSION
රු720.00
20% DISCOUNT

සිංහලේ අවසන් රජදහන

Highlights:

කැප්ටන් එල්මෝ ජයවර්ධනයන්ගේ The Last Kingdom of Sinhalay කෘතියේ සිංහල පරිවර්තනය ‘සිංහලේ අවසන් රජදහන’ නමින් ප්‍රේමසිරි මාහිංගොඩ විසින් මෙසේ පිළිගන්වයි. අප රට අවසන් රාජධානිය වූ මහනුවර යුගය ඇසුරින් මෙය ලියැවී තිබේ.

රු2,200.00
20% DISCOUNTSold Out

වැඩකට නැති පොත

5 ★
5 ★
2 Ratings
5 ★
2
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

‘වැඩකට නැති පොත‘ ප්‍රවීණ මාධ්‍යවේදියකු වන සංඛ අමර්ජිත් විසින් රචනා කරන ලද්දකි. සිය මාධ්‍ය ජීවිතය තුළ අත්දුටු රසවත් සිදුවීම් උපහාසාත්මක ශෛලියකින් නිර්මාණශීලීව මෙහි අන්තර්ගත කොට තිබේ.

BUY EBOOK VERSION
රු200.00
20% DISCOUNT

The Dalada Chronicles

Highlights:

The book, Dalada Chronicle is basically written about the arrival of the Tooth Relic in our country. But this is written not as a report but as a novel. It is noteworthy that some facts which the historian did not find have been included here in the form of fiction.

BUY EBOOK VERSION
රු300.00
20% DISCOUNTSold Out

Kakiyan

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

Captain Elmo Jayawardena’s latest book ‘Kakian’ is published as follows. Written in English, it contains, quite simply, the story of the ravens we often see. The raven is a nuisance to many, but the author sees it differently. This book describes very interestingly how he sees the life of a raven.

BUY EBOOK VERSION
රු1,000.00
20% DISCOUNTSold Out

පාර දිගේ

Highlights:

උපන් විගස මව් සෙනෙහස අහිමි වන දරුවෙක් මේ නවකතාවේ ප්‍රධාන චරිතයයි. සමාජය තුළ විඳින්නට හැකි සෑම ආකාරයකම දුක් ගැහැටකම්වලට මුහුණ දී අවසානයේ ජීවිතයට වාසනාව උදා කරගන්නා ආකාරය මේ නවකතාවෙන් පැවසේ. ධනාත්මක අදහස් සමාජය තුළට කවන්නට සමත් නවකතාවක ලෙස මෙය හැඳින්විය හැකිය.

BUY EBOOK VERSION
රු400.00
20% DISCOUNTSold Out

මට මතකයි

Highlights:

වැඩිහිටි වියට පැමිණි පසු සිය ළමා විය පිළිබඳ ස්මරණය කරමින් ලියන ලද නවකතාවකි.

රු380.00
10% DISCOUNT

ගඟ අද්දර

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

මානසික රෝගයක් සහිත රූමත් තරුණියක් සහ ඇයට ප්‍රතිකාර කරන්නට පැමිණෙන තරුණ වෛද්‍යවරයකු අතර ඇති වන සිදුවීම් මාලාවක් වටා ගෙතුණු කතාවකි. සුප්‍රකට ගඟ අද්දර සිනමා කෘතිය සඳහා ද පාදක වූයේ මේ කෘතියයි. මෙයින් පසුකාලීනව ටෙලිනාට්‍යයක් ද නිර්මාණය කෙරිණි.

BUY EBOOK VERSION
රු585.00
20% DISCOUNTSold Out

අලුත් නැන්දම්මලා

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

තම නිවස කුළ නැන්දම්මා ලේලි අරගලයට නැවතීමේ ලකුණක් දැමූ ඈ තවත් බොහෝ නැන්දම්මලා හා ඒ සතුට බෙදාගැනීමේ අභිලාශයෙන් ඒ අත්දැකීම් ලියා තැබීමට ගත් උත්සහයකි මේ අලුත් නැන්දම්මලා.

BUY EBOOK VERSION
රු160.00
20% DISCOUNT

දුවකගේ කඳුළු

4 ★
4 ★
2 Ratings
5 ★
1
4 ★
0
3 ★
1
2 ★
0
1 ★
0
Highlights:

රුචිරා සුරංගී ද අල්විස් විසින් සම්පාදිත ‘දුවකගේ කඳුළු’ කෘතිය ලක්බිම පුවත්පතේ සතිපතා පළ වූ ලිපි මාලාවක එකතුවකි. නීතියෙන් වෙන් වූ දෙමාපියන් හිමි දැරියක්, තම ජීවිතයේ අනේක විද දුක් දොම්නස් හමුවේ ඒවාට මුහුණ දුන් අන්දම මේ කෘතියෙන් විස්තර කෙරේ. මෙහි ඇති සියලු දේ කතුවරියගේ පෞද්ගලික අත්දැකීම් වේ. ජීවිතයේ විවිධ ගැටලු හමුවේ ඉක්මන් තීරණ ගන්නට සිතන සියලු කාන්තාවන්ට මේ කෘතියෙන් ලබා දෙන්නේ ජීවිතය දින්නනට අවශ්‍ය අත්වැලකි.

BUY EBOOK VERSION
රු640.00
20% DISCOUNT

ගස් මිනිස්සු

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

‘මිනිස්සු ගස් වෙලා ගස් මිනිස්සු වුණොත් මොනවා වෙයිද?‘ නදිෂ් දික්කුඹුර මේ යොවුන් නවකතාවට අරඹන්නේ එලෙසිනි. එවැනි අරුමැසි සිදුවීමක් මේ කෘතියෙහි අන්තර්ගත වේ. මෙයින් අවසානයේ අපට පවසන්නේ මිනිසුන් වන අප සොබා දහමට කෙසේ, කෙතරම් ආදරය කළ යුතුද යන්නය. සොබා දහමට පෙම් බඳින යොවුන් පාඨත පරපුරට මේ කෘතිය අගනා තිළිණයකි.

BUY EBOOK VERSION
රු600.00
20% DISCOUNTSold Out

බිසව් සීගිරි

4.5 ★
4.5 ★
2 Ratings
5 ★
1
4 ★
1
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

‘බිසව් සීගිරි‘ කෘතිය සීගිරිය රාජධානි යුගයත් කාශ්‍යප රජුත් අලළා නිර්මාණය කරන ලද ඓතිහාසික නවකතාවකි. ඓතිහාසික නවකතාවක් යනු ඉතිහාසය පිළිබඳ වාර්තාවක් නොවේ. මේ කෘතියේ කතුවරයා වන හෂන්ත පෙරේරාගේ සිතෙහි කාශ්‍යප රජුත්, සීගිරිය පර්වතය, බිතුසිතුවම් ආදියත් පිළිබඳ පරිකල්පනය කරන ලද සිතිවිලි සමුදායක් නවකතාවක් ලෙස නිර්මාණය වීමකි.

BUY EBOOK VERSION
රු400.00
20% DISCOUNT

මහා වියවුල

Highlights:

සිංහල නවකතාවේ මුල් යුගයේ කතුවරුන් අතර පියදාස සිරිසේනයන්ට හිමිවන්නේ ඉතා වැදගත් ස්ථානයකි. ඔහුගේ කතා තුළින් තත්කාලීන සමාජ ප්‍රශ්න ඉතා ප්‍රබලව විවරණය විය. මහා වියවුල ඔහු විසින් කරන ලද එවැනි උත්සාහයක් ලෙස හැඳින්විය හැකි ය.

BUY EBOOK VERSION
රු440.00
20% DISCOUNT

මාතා

Highlights:

විවිධ හැළ හැප්පීම් මැද ගැහැනියක් ජීවිතය ජය ගන්නා ආකාරය පිළිබඳ කියැවෙන නවකතාවක් ලෙස ‘මාතා’ කෘතිය හඳුන්වා දිය හැකිය. ඉවසීම, කරුණාව හා මාතෘත්වය ඔස්සේ දැරියක, ගැහැනියක සහ මවක විසින් කළ යුතු එක්තරා ආකාරයක විප්ලවයක් පිළිබඳ මෙම කෘතියෙන් කතා කරයි. මෙම කෘතිය නිර්මාණය කළ තුෂාරි අබේසේකර සුප්‍රකට නවකතාකාරියක මෙන්ම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරියක ද වෙයි. දූලි පින්තාරු, ගංගාතොමෝ, අපුවකි ඒ අරණ ආදිය ඈ විසින් නිර්මාණය කරන ලද නවකතා කිහිපයක් වන අතර ආරාරිරෝ, සල් සපු නා, හෝපලු අරණ ආදිය ඈ විසින් තිර රචනය කොට අධ්‍යක්ෂණය කරන ලද ටෙලි නාට්‍ය අතර වේ.

BUY EBOOK VERSION
රු1,200.00
20% DISCOUNTSold Out

ඇදහිය නොහැකි සත්‍ය කතා

Highlights:

එදිනෙදා ජීවිතයේ දී අපට අසන්නට ලැබෙන ඇතැම් සිදුවීම අදහා ගත නො හැකි, විස්මය ජනක දෑ වලින් පිරී පවතී. ලක්බිම පුවත්පතේ රිද්ම අතිරේකයට කතුවරයා විසින් සතිපතා ලියන ලද එවැනි විවිධ කතා රැසක් එකතු කරමින් මෙම කෘතිය සම්පාදනය කොට තිබේ.

BUY EBOOK VERSION
රු440.00
20% DISCOUNTSold Out

ගීයක සැඟවුණු ඇත්ත

Highlights:

ගීතයක් නිර්මාණය වීමට විවිධ හේතු බලපෑ හැකිය. ඒ හේතු අතර සත්‍ය සිදුවීම්වලට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයකි. සත්‍ය සිදුවීම්වලින් නිර්මාණය වූ සිංහල ගීත බොහොමයකි. ගීතවලට ප්‍රියකරන්නන්, ඒ සිදුවීම් පිළිබඳ තොරතුරු දැනගන්නට කැමැත්තෙන් පසුවන්නේ එයින් ගීතයේ අරුත තවත් තීව්‍ර කරගත හැකි නිසාය. මේ කෘතිය සම්පාදනය වී ඇත්තේ එවැනි පාඨකයන් උදෙසාය. හැත්තෑව, අසූව සහ අනූව යන දශකවල නිර්මාණය වූ අර්ථාන්තිව සුභාවිත ගීත බොහොමක් පසුපස සැඟවුණු සැබෑ කතා මෙයින් ඉතා රසවත්ව විස්තර කොට තිබේ.

BUY EBOOK VERSION
රු360.00
20% DISCOUNT

විනිවිඳින සිතිවිලි

Highlights:

‘විනිවිඳින සිතිවිලි’ යනු ප්‍රවීණ මාධ්‍යවේදිනියක වන සුමුදු චතුරාණි ජයවර්ධන විසින් සිළුමිණ පුවත්පතට මෙනමින්ම කළ තීරු ලිපි පෙළක එකතුවකි. තීරු ලිපියක් යනු ඉතා කෙටියෙන් එක්තරා කාරණයක් පිළිබඳ කරුණු විස්තර කිරීමකි. මේ ලිපි පෙළින් ජීවිතය හා බැඳුණු විවිධ කාරණාවන් ඉතා කෙටියෙන්, රසවත්ව, ඇතැම් විට ගැඹුරින් සාහිත්‍යමය අයුරින් කරුණු පහදයි. ජීවිතයේ මෙතක් නොදුටු පැති මේ තීරු ලිපි මගින් පෙන්වා දෙයි.

BUY EBOOK VERSION
රු360.00
20% DISCOUNTSold Out

හෙදියකගේ නොදුටු දින පොත

Highlights:

සිය වෘත්තීය ජීවිතය හෙදියක ලද සැබෑ අනුවේදනීය අත්දැකීම් අලළා සම්පාදනය කරන ලද කෘතියකි.

BUY EBOOK VERSION
රු460.00
20% DISCOUNTSold Out

සසර

Highlights:

ටී.බී. ඉලංගරත්න සූරීන් විසින් ලියන ලද ‘සසර’ නවකතාව තුළින් අනුන්ගේ යහපත උදෙසා පරාර්ථකාමීව කාලය යොදවූ ස්වකීය සමාජ දර්ශනය පිළිබිඹු කිරීමට කතුවරය උත්සාහ කරයි.

BUY EBOOK VERSION
රු360.00
10% DISCOUNT

ගම්මානේ අපි

Highlights:

ගම්මානයක ජීවත්වන කුඩා ළමුන් පිරිසක් වටා ගෙතුණු නවකතාවකි. වැඩිහිටියන්ගේ වැඩකටයුතුවලට උදව්වෙමින් සමගියෙන් ගමක ජීවත්වන ආකාරය මෙයින් කියැවෙයි.

BUY EBOOK VERSION
රු180.00
20% DISCOUNTSold Out

ආදරණීය මාක්ස්

4 ★
4 ★
2 Ratings
5 ★
1
4 ★
0
3 ★
1
2 ★
0
1 ★
0
Highlights:

නදිෂ් දික්කුඹුර විසින් පුවත්පතකට ලියන ලද ලිපි මාලාවක් ඇසුරින් සම්පාදනය වී ඇති ‘ආදරණීය මාක්ස්‘ කෘතිය යනු මාක්ස් යන චරිතය සහ මාක්ස්වාදය දෙස වෙනත් දෘෂ්ටිකෝණයකින් බැලීමකි. මාක්ස්වාදයේ අනුගාමිකයන් එය ඉගෙන ගන්නවා මිසක එය අවබෝධ කර නොගන්නා බව කතුවරයා පවසයි. අද අප රටේ අසන දකින මාක්ස්වාදයට වඩා සැබෑ මාක්ස්වාදයේත් කාර්ල් මාක්ස් නම් චරිතයේත් ඇති ආදරණීය බව, රස වින්දනාත්මක බව මතු කරන්නට කතුවරයා මේ කෘතියේ ඇති ලිපි මාලාව තුළින් උත්සාහ දරයි.

BUY EBOOK VERSION
රු392.00
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
1 Cart
Close

My Cart