Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-624-5572-33-5 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
සූර්යනාශ
රු780.00
Price Summary
- රු780.00
- රු780.00
- රු780.00
ඇය තම දෑස් විවර කළාය.
ඒ දෑස් කෝපාග්නියෙන් දැවෙමින් පැවතුණි.
වසර විස්සකට පෙරාතුව ඒ ඛේදජනක රාත්රියේදී
සිදු වූ සෑම සිදුවීමක්ම පාහේ කිසිදු අඩුවක් නොමැතිව
ඇගේ මතකයෙහි ගැඹුරෙහිම රැඳී තිබුණි. ඒ මතකයන් ස්මරණය
කරන්නා වූ සෑම මොහොතක් පාසාම ඇය තුළ වූ වෛරයේ
අග්නිජාලාවන් බුර බුරා ඇවිළෙන්නට වූයේ ඇය තුළ තමන්ට සෑම
සියලු දෙයක්ම අහිමි කළවුන් කෙරෙහි වූ බද්ධ වෛරය තව තවත්
ලියලමින් වඩවාලමින්ය.විසි වසක් මුළුල්ලෙහිම ඇය ඒ වෛරයට
තමන්ගේ සන්තානය තුළ රිසි සේ වර්ධනයට අවකාශය ලබා දී තිබුණි.
ඇයට අවැසිව තිබුණේ එකම දෙයකි.ඒ පළිගැනීමම පමණි…
විසි වසක් මුළුල්ලෙහිම අප්‍රමාණ වූ දුක්ඛදෝමනස්සයන්, වධහිංසනයන්
ඉවසා දරා ගනිමින් කෙසේ හෝ ජීවිතය ගැටගසා ගනිමින් ඇය ඇගේ
අරමුණ වෙතට ක්‍රම ක්‍රමයෙන් ළඟාව තිබුණි. දැන් ඇය අහිමුව වූයේ ඒ
අරමුණෙහි අවසාන පියවර ක්‍රියාත්මක කිරීම පමණි…
Notify me when item is back in stock.
Be the first to review “සූර්යනාශ” Cancel reply
Related Products
හෙයිඩි
‘හෙයිඩි’ යනු 1881 වසරේ දී ස්විස් ජාතික ජොහැන්නා ස්පයිරි විසින් ලියන ලද ළමා කෘතියක් වන අතර වර්තමානය වන විට එය ලෝක සාහිත්‍යයේ අද්විතීය ස්ථානය වැජඹෙයි. මෙය ස්විස් සාහිත්‍යයේ ඉතා ඉහළ අළෙවියක් ඇති කෘතිවලින් එකකි. කතාව ගෙතී ඇත්තේ සිය දෙමාපියන් මිය යාම නිසා මව් පාර්ශ්වයේ නැන්දනියකගේ භාරයට පත්වන ‘හෙයිඩි’ නම් දැරියක වටාය. මේ නැන්දනිය විසින් හෙයිඩිව හදාවඩා ගැනීමට ස්විට්සර්ලන්තයේ කඳුකර පෙදෙසක ඇගේ සීයාට බාර කෙරෙන අතර ඒ ගම්බද පරිසරයේ ඇය සොබා දහමත් සමග හැදී වැඩෙන අයුරු මේ කෘතියෙන් විස්තර කෙරේ. වර්ෂ 1920 සිට මේ දක්වා මෙම කෘතිය ඇසුරින් නිර්මාණය වූ චිත්‍රපට සංඛ්‍යාව 12 කට අධිකය. මෙය භාෂා 50 කට අධික සංඛ්‍යාවකට පරිවර්තනය වී ඇති අතර ලොව වටා මිලියන 50 කට අධික සංඛ්‍යාවක් අළෙවි වී තිබේ.
BUY EBOOK VERSIONපාර දිගේ
උපන් විගස මව් සෙනෙහස අහිමි වන දරුවෙක් මේ නවකතාවේ ප්‍රධාන චරිතයයි. සමාජය තුළ විඳින්නට හැකි සෑම ආකාරයකම දුක් ගැහැටකම්වලට මුහුණ දී අවසානයේ ජීවිතයට වාසනාව උදා කරගන්නා ආකාරය මේ නවකතාවෙන් පැවසේ. ධනාත්මක අදහස් සමාජය තුළට කවන්නට සමත් නවකතාවක ලෙස මෙය හැඳින්විය හැකිය.
BUY EBOOK VERSIONවැඩකට නැති පොත
‘වැඩකට නැති පොත‘ ප්‍රවීණ මාධ්‍යවේදියකු වන සංඛ අමර්ජිත් විසින් රචනා කරන ලද්දකි. සිය මාධ්‍ය ජීවිතය තුළ අත්දුටු රසවත් සිදුවීම් උපහාසාත්මක ශෛලියකින් නිර්මාණශීලීව මෙහි අන්තර්ගත කොට තිබේ.
BUY EBOOK VERSIONThe Last Thing He Told Me
*SOON TO BE A MAJOR TV SERIES STARRING JENNIFER GARNER, FROM THE MAKERS OF BIG LITTLE LIES*
‘The ultimate page turner. There’s so much to love about this roller coaster of a novel’ – REESE WITHERSPOON
_______________________________________IT WAS THE LAST THING HE TOLD ME: PROTECT HER
Before Owen Michaels disappears, he manages to smuggle a note to his new wife, Hannah: protect her. Hannah knows exactly who Owen needs her to protect – his teenage daughter, Bailey, who lost her mother tragically as a child. And who wants absolutely nothing to do with her new stepmother.
As her desperate calls to Owen go unanswered, his boss is arrested for fraud and the police start questioning her, Hannah realises that her husband isn’t who he said he was. And that Bailey might hold the key to discovering Owen’s true identity, and why he disappeared. Together they set out to discover the truth. But as they start putting together the pieces of Owen’s past, they soon realise that their lives will never be the same again…
A beautiful and thrilling mystery, perfect for readers of Lianne Moriarty and Celeste Ng.
මේ මිනිස්සු – ලිහිණි පොත්
එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ ලාල් ප්‍රේමනාත් ද මැල් මහතාගේ ‘මේ මිනිස්සු’ නම් කෙටි කතා සංග්‍රහයයි.
අලුත් නැන්දම්මලා
තම නිවස කුළ නැන්දම්මා ලේලි අරගලයට නැවතීමේ ලකුණක් දැමූ ඈ තවත් බොහෝ නැන්දම්මලා හා ඒ සතුට බෙදාගැනීමේ අභිලාශයෙන් ඒ අත්දැකීම් ලියා තැබීමට ගත් උත්සහයකි මේ අලුත් නැන්දම්මලා.
BUY EBOOK VERSIONබිසව් සීගිරි
‘බිසව් සීගිරි‘ කෘතිය සීගිරිය රාජධානි යුගයත් කාශ්‍යප රජුත් අලළා නිර්මාණය කරන ලද ඓතිහාසික නවකතාවකි. ඓතිහාසික නවකතාවක් යනු ඉතිහාසය පිළිබඳ වාර්තාවක් නොවේ. මේ කෘතියේ කතුවරයා වන හෂන්ත පෙරේරාගේ සිතෙහි කාශ්‍යප රජුත්, සීගිරිය පර්වතය, බිතුසිතුවම් ආදියත් පිළිබඳ පරිකල්පනය කරන ලද සිතිවිලි සමුදායක් නවකතාවක් ලෙස නිර්මාණය වීමකි.
BUY EBOOK VERSIONKakiyan
Captain Elmo Jayawardena’s latest book ‘Kakian’ is published as follows. Written in English, it contains, quite simply, the story of the ravens we often see. The raven is a nuisance to many, but the author sees it differently. This book describes very interestingly how he sees the life of a raven.
BUY EBOOK VERSIONවිනිවිඳින සිතිවිලි
‘විනිවිඳින සිතිවිලි’ යනු ප්‍රවීණ මාධ්‍යවේදිනියක වන සුමුදු චතුරාණි ජයවර්ධන විසින් සිළුමිණ පුවත්පතට මෙනමින්ම කළ තීරු ලිපි පෙළක එකතුවකි. තීරු ලිපියක් යනු ඉතා කෙටියෙන් එක්තරා කාරණයක් පිළිබඳ කරුණු විස්තර කිරීමකි. මේ ලිපි පෙළින් ජීවිතය හා බැඳුණු විවිධ කාරණාවන් ඉතා කෙටියෙන්, රසවත්ව, ඇතැම් විට ගැඹුරින් සාහිත්‍යමය අයුරින් කරුණු පහදයි. ජීවිතයේ මෙතක් නොදුටු පැති මේ තීරු ලිපි මගින් පෙන්වා දෙයි.
BUY EBOOK VERSIONකන්ද උඩ ගින්දර
සෙල්ලම් නිරිඳු ලෙසින් ප්‍රකට වූ කුන්ඩසාලේ කුමාරයා රාජාවලියේ හමුවන අවසන් සිංහල රජු වේ. ඒ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුය. එතුමාගේ ජීවිතයෙන් එක්තරා කාල පරිච්ඡේදයක් මෙම කෘතියට පසුබිම් වී තිබේ. ඒ කාලයේ රජු වටා සිටි චරිත අතර ප්‍රමිලා දේවිය, දස්කොන් අදිකාරම, මොණරවිල කුමාරිහාමි, කැප්පෙටිපොළ මහ නිළමේ, රම්මොලක මහ අදිකාරම, වැලිවිට සරණංකර හිමි ආදී ඓතිහාසික චරිත රැසක් සමග නිර්මාණාත්මක ලෙසින් ප්‍රබන්ධ කොට ඇති ඓතිහාසික නවකතාවකි. ප්‍රවීණ කලාවේදී ජැක්සන් ඇන්තනී මහතාගේ පළමු නවකතාව වන මෙය පාඨක මනස ඇදබැඳ ගැනීමට සමත් වූ භාෂා ශෛලියකින් සමන්විතය.
වනගත මැණික – ලිහිණි පොත්
එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ පී.ටී. මඩවල මහතාගේ ‘වනගත මැණික’ නම් කෙටි කතා සංග්‍රහයයි.
ආදරණීය මාක්ස්
නදිෂ් දික්කුඹුර විසින් පුවත්පතකට ලියන ලද ලිපි මාලාවක් ඇසුරින් සම්පාදනය වී ඇති ‘ආදරණීය මාක්ස්‘ කෘතිය යනු මාක්ස් යන චරිතය සහ මාක්ස්වාදය දෙස වෙනත් දෘෂ්ටිකෝණයකින් බැලීමකි. මාක්ස්වාදයේ අනුගාමිකයන් එය ඉගෙන ගන්නවා මිසක එය අවබෝධ කර නොගන්නා බව කතුවරයා පවසයි. අද අප රටේ අසන දකින මාක්ස්වාදයට වඩා සැබෑ මාක්ස්වාදයේත් කාර්ල් මාක්ස් නම් චරිතයේත් ඇති ආදරණීය බව, රස වින්දනාත්මක බව මතු කරන්නට කතුවරයා මේ කෘතියේ ඇති ලිපි මාලාව තුළින් උත්සාහ දරයි.
BUY EBOOK VERSIONRecently Viewed
කතා කරන මහවැව
ලංකා ඉතිහාසයේ එක් එක් කාල වකවානුවල රාජධානි බිඳ වැටෙන විට, ඒ සමඟ ම බිහි ව තිබූ විශාල පරිමාණයේ වාරි කර්මාන්ත ද අභාවයට ගියේය. එහෙත් කුඩා පරිමාණ වාරිමාර්ග පද්ධති සහ කුඩා ගම්මාන එසේ අභාවයට නොගොස් චිරාත් කාලයක් අඛණ්ඩ ව පණනල රැකගෙන ඒමට සමත් විය. එයට ප්‍රධාන හේතුව වූයේ ඒවායේ පරිමාණයේ ඇති සරල බව, සහ එම සරල බවට පදනම් වූ ග්‍රාමීය ජීවන රටාව පරිසරය සමඟ ඇති කරනෙ තිබූ සමෝධානයයි. කතා කරන මහවැව හඬනඟා කියා පෑමට උත්සාහ දරන්නේ වාරි තාක්ෂණය හා බැඳුණු ඒ අපේ ජන ජීවිතයේ අවියෝජනීය සබැඳියාව පිළිබඳ කතන්දරයයි.
කේරළීය භාව රහස්‍ය
පෙළගැස්ම
- පළමුවන අදියර – ලග්න භාවය /1
- දෙවන අදියර – ධන භාවය /3
- තෙවන අදියර – භ්‍රාතෘ භාවය /9
- සිව්වන අදියර – මාතෘ භාවය /15
- පස්වන අදියර – පුත්‍ර භාවය /21… යනාදිය
අරුම පුදුම අති විස්මිත නාඩි වාක්‍ය 4
අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමි විසිවන සියවසේ විසූ ථෙරවාද බුදු දහම පිළිබඳ විද්වත් භික්ෂූන් වහන්සේ නමක් විය. උන්වහන්සේ ශ්‍රී ලාංකීය බෞද්ධ භික්ෂූන් වහන්සේලා අතර වඩාත් සම්භාවනාවට පාත්‍ර වූ භික්ෂුවක් ලෙස සැලකෙයි. උන්වහන්සේ භාවනාව තුළින් ඉහළ තලයේ ආධ්‍යාත්මික සංවර්ධනයක් ළගා කරගත් හිමි නමකි. නිරහංකාර සරල දිවිපෙවතක් අනුගමනය කළ උන්වහන්සේ බුදුදහම ලොව පුරා ප්‍රචලිත කිරීමට අගනා සේවාවක් ඉටුකරන ලදී. ශ්‍රී ලාංකික බෞද්ධයෝ ආනන්ද මෛත්‍රෙය හිමියන් බෝධිසත්ත්වවරයෙකු ලෙස සලකති.
Inspirational Poster – නෙල්සන් මැන්ඩෙලා
“ඔබට ලෝකය වෙනස් කිරිමට හැකියාවත් ඇති අතර එය වඩාත් යහපත් තැනක් කළ හැකියි.එහෙත් එය රැදී ඇත්තේ ඔබගේ දැත් මතයි.” ~ නෙල්සන් මැන්ඩෙලා
- Width – 24 inch
- Height – 36 inch
- Material – 150 GSM Art Paper
මහ නරනිඳු වලගම්බා
මහ නරනිඳු වලගම්බා සාර්ථක ඓතිහාසික නවකතාවකි. වලගම්බා රජතුමා ගැන මූලාශ්‍ර හා ජනශ්රැතියෙන් හෙළි කෙරෙන තොරතුරු පරිශීලනය කරමින් රචිත මෙය නවකතාවක් වුණත් මූලාශ්‍රයක් වශයෙන් සැළකීමට තරම් රැසක් තොරතුරු මෙහි අන්තර්ගතය.
සෝමා දේවිය, අනුලා දේවිය රජුගේ සප්ත මහා සෙනෙවිවරු, මහාතිස්ස හිමියන් පමණක් නොව ගිරිනිගණ්ඨයා ගැන ද මෙම කෘතියෙන් විස්තර කර තිබේ.
දැනමුතු මාමා කී කතා – 3
“දැනමුතු මාමා කී කතා” පොත් පෙළ, ළමුන්ට වඩාත් සමීප විය හැකි, පරිසර හිතකාමී විද්වතකු වන “දැනමුතු මාමා කී කතා” ගේ චරිතය හඳුන්වා දෙමින් සාහිත්‍ය, රසය තුළින් විවිධ විෂයන් පිළිබඳ ළමුන් තුළ දැනුම වර්ධනය කිරීමට උත්සාහ ගනී.
Sales Day Book 200pgs
Sales Day Book 200pgs
දම් දියෙන් පණ දෙව් විමන් සැප
පෙළගැස්ම…
- වේළුද්වාරෙය්‍ය සූත්‍රය
- විශාඛා උපෝසථ සූත්‍රය
- බන්ධන සූත්‍රය
- අත්ථිරාග සූත්‍රය
- කාම සූත්‍රය
නස්රුදීන්ගේ අපූරු කතා
නස්රුදින් ගැන දැනට ප්රකටව පවතින බොහෝ තොරතුරුවලින් කියැවෙන්නේ වර්තමාන තුර්කියේ එක්ෂෙහිර් පළාතේ සිව්රිහිසාර්හි හෝටු ගම්මානයේ උපන් අයකු බවය. ඒ 13 වැනි සියවසේදීය. ඔහු එක්ෂෙහිර්වල පදිංචිව සිට පසුව සෙල්යුක් පාලන සමයේ කොන්යා නගරයේ පදිංචියට ගිය බව සඳහන් වෙයි. ලෝකයේ බොහෝ රටවල විවිධ නම්වලින් නස්රුදින්ගේ කතා පළ වී තිබේ. මෙහි ඇතුළත් වන්නේ ද නස්රුදින්ගේ තවත් කතා එකතුවකි.
BUY EBOOK VERSIONIprimary English Fiction Anthology Year 5
iPrimary English Activity Books and Anthologies provide easy to understand, structured support for schools teaching iPrimary English.
8 ශ්‍රේණිය විද්‍යාව (කෙටි සටහන්)
විද්‍යාව විෂයට අදාළ කෙටි සටහන් (පාඩම් සාරංශ) මෙහි දැක්වේ.
Practise Your Grammar – Grade 7
Practise Your Grammar – Grade 7
Unit by Unit Grammar Exercises for Grade 7 Based on the 2016 Text Book.
There are no reviews yet.