Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-686-192-1 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
අඤ්ඤො කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ
රු350.00
Price Summary
- රු350.00
- රු350.00
- රු350.00
අඤ්ඤො කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුදුරජාණන් වහන්සේගේ පළමු පැවිදි ශ්රාවකයා ය. එසේම ගෞතම බුදුසසුනේ පළමු ව චතුරාර්යා සත්‍ය ධර්මයන් අවබෝධ කළ භික්ෂුන්ගෙන් අග්‍රස්ථානය ලබා ගත් මහ රහතන් වහන්සේ ය. මේ නිසා අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර මුලින්ම නම සදහන් ව ඇත්තේ මහානුභාව සම්පන්න වූ අඤ්ඤො කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේගේ ය. මෙහි ඇතුළත් වන්නේ උන්වහන්සේගේ චරිතය හා සම්බන්ධ කතා පුවතය.
Be the first to review “අඤ්ඤො කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ” Cancel reply
Related Products
බෝධිපාක්ශික ධර්ම විස්තරය
“ මේ බුද්ධ ජයන්ති කාලයේ ධර්මය සෙවීමට නිවන් සෙවීමට නැමුණු සිත් ඇත්තියවුන්ගේ සංඛාව තරමක් ඉහල නැග තිබේ. නිවන් සොයන්නා වූ ඒ පින්වතුන්ට බෝධි පාක්ෂික ධර්ම පිලිබද පිරිසිදු දැනුමක් පහසුවෙන් ඇති කරගැනීමට ක්‍රමයක් සැලසීම් වශයෙන් බෝධි පාක්ෂික ධර්ම විස්තරය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදි. ”
උපසම්පදා ශීලය
අතීතයේ විසූ භික්ෂූහු ධර්ම වින පමණක් උගත්හ. වර්තමාන භික්ෂුවට උගතයුතු දේ බොහෝ වී ඇත. එබැවින් දැනට පිරිවෙන් වල, විද්‍යාල වල උගන්නා භික්ෂූන්ට ප්රාතිමෝක්ෂය පමණවත් විස්තර වශයෙන් උගන්නට නොලැබේ.එහෙයින් වර්තමාන භික්ෂුවගේ විනය දැනීම අල්ප වී ඇත. උපසම්පදා ශීලය රැකීමට ප්රාතිමෝක්ෂය උගෙනීමද ප්‍රමාණවත් නොවේ. උපසම්පදා ශීලයට අයත් ප්රාතිමෝක්ෂයට ඇතුලත් වී නැකි බොහෝ සිඛ පද ඛන්ධක වලට එන්නේය. ඒවාද භික්ෂූන් විසින් අවශ්‍යයෙන්ම දැන සිටිය යුතුය. මේ කාලයේ සැදැහැයෙන් පැවිදි වූ බොහෝ ශික්ෂාකාමී භික්ෂූහු ආරණ්‍යවලද වාසය කරති. ඔවුනට විනය උගෙනීමට ක්‍රමද අඩුය. ඒ නිසා අප විසින් වර්තමාන භික්ෂූන්ට අවශ්‍යයෙන්ම දත යුතු විනය පහසුවෙන් දැන ගැනීමට පිලියම් කිරීම් ව්ශයෙන් උපසම්පදා ශීලය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී .
ඉතා පැරණි සිංහල බණ කතා
මෙම ග්‍රන්ථය සීහලවත්ථුවේ සිංහල අනුවාදයයි.
මෙහි කතා අසූ දෙකක් ඇත. එයින් වැඩි හරිය බණ කතාය.
බණ කතා නොවන කතාත් අතරින් පතර ඇත.
ඒ හැම කතාවක්ම බාල තරුණ මහලු ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැම දෙනාට එකසේ කියවිය හැකිය.
සුත්‍ර ධර්ම නාමාවලිය
සූත්‍ර ධර්ම නාමාවලිය – ත්‍රිපිටකයට අයත් සූත්‍ර පිටකයෙහි ලියැවී ඇති සියලූම සූත්‍ර අකාරාදි පිළිවෙලට, මෙම පොත පරිශීලනය කිරීමෙන් පහසුවෙන් සොයාගත හැක.
සාමණේර බණ දහම් පොත(බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය )
සැදැහැයෙන් සසුන් වන් කුල දරුවන් විසින් අනිවාර්යයෙන්ම අධ්‍යායනය කළ යුතු සාමණේර බණ දහම් පොත ප්‍රධාන මාතෘකා විසි දෙකක් යටතේ අලුතින් කරන ලද සංස්කරණයකි.දහර භික්ෂුවකට අවශ්‍ය සෑම පාඩමක්ම ඇතුළත් වී ඇත.
ආනාපානාසති භාවනාව
ආනාපානසති භාවනාව පිළිබද ලියැවී ඇති ඉතා ක්‍රමවත් එමෙන්ම ඉතා සරල කුඩා පොතකි
බුදුන් වදාළ ධර්මය
ඉංග්‍රීසි පොතේ සිංහල පරිවර්තනයකි.මේ වනාහී පැරණිම ග්‍රන්ථවල ඇතුළත් බුද්ධ දේශනාවේ මූලධර්ම සෑම දෙනාටම තේරුම් ගතහැකි පරිද්දෙන් පැහැදිලිව රචිත දීප්තිමත් විවරණයකි.
දුක් බිය නැති ජීවිතය
ලෝකයේ විවිධ භාෂා රැසකට පෙරළා ඇති මේ අගනා කෘතිය සිත් ඇදගන්නා අයුරින් දැන් සිංහලයෙන් පළ වී ඇත.කිසිදු ආගමකට ගුරුකුලයකට සීමා නොවී නාහිමිපාණන් විසින් රචනා කොට ඇති මේ කෘතිය දුක් බියෙන් තොර සුන්දර ජිවිතයකට මං පෙන්වන පහන් වැටක් බදුය.
සිංහල අර්ථ සහිත ධම්මපදය
බෞද්ධයාගේ අත්පොත වශයෙන් සැලකෙන ධම්මපදය නම සරල සුගම සිංහල අනුවාදයකින් ද යුක්තව දර්ශනීය ලෙසින් නිමවා ඇත.
අභිධර්ම මාර්ගය
“ මේ පොතට ඇතුලු කර ඇත්තේ සාමාන්‍යයෙන් ධර්මඥානය ඇති කරගන්නා කෙනෙකු විසින් අවශ්‍යයෙන් දතයුතු කරුණු පමණකි, ” ලෙසින්ද “ අභිධර්ම මාර්ගය නැමැති මේ පොත පහසුවෙන් උගැන්විය හැකි පරිදි පිළියෙල කර ඇති බැවින්ද,” බුදුරජාණන් ව වහන්සේ විසින් දේශිත ගැඹුරුම විද්‍යාවක් බදු වූ අභිධර්ම දේශනාවේ ඇති මූලික කරුණු ඉතාහොදින් තේරුම් ගත හැකි වන පරිදි මේ ග්‍රන්ථය සම්පාදනය කර ඇත
ත්‍රිපිටකයේ සංකෘතික ලක්ෂණ පර්යේෂණාත්මක
තලල්ලේ ධම්මානන්ද නායකහිමියන් විසින් ලියන ලද පර්යේෂණාත්මක ග්රන්ථයකි.අටුවා ටීකාවලින් කරුණු පරික්සා ලියා ඇති මෙහි ත්‍රිපිටකයේ එන රාජ්‍ය දර්ශන අධිකරණ ක්‍රම ඖෂධ වර්ග ශ්‍රමණ හා වෙනත් ආජීවක වර්ග ශාරීරික විද්‍යව ලෝකෝත්පත්තිය ආදී විවිධ විෂයයන් පිළිබද විස්තර ඇතුළත්ය.විභාග සදහා පමණක් නොව බෞද්ධ ගෙදරක තබා ගෙන කියවිය යුතු පොතකි.
මනෝකාය, මරණය සහ සසර ප්රගමනය
මෙහි කතුවරයා ගැන කිවයුතු දෙයක් නැත.සැබෑව නම් එය හුදු පාඨක ඔබගේ සිතෙහි හටගත් මිත්‍යා සංකල්පයක් මිස, සත්‍ය එවැනි කෙනෙකු නැති බවයි.කවදා හෝ පුද්ගල සංඥාව ඔබේ සිතෙනුත් නැති වූ කල ඔබට මෙහි සත්‍යතාව අවබෝධ වනු ඇත.
There are no reviews yet.