Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-551-757-7 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
ඈන් 5 සිහින මන්දිරය
රු400.00
Price Summary
- රු400.00
- රු400.00
- රු400.00
දහ හතර වසරක පමණ කාලයක් තමා ජිවත් වු අරඹෙගෙදරට ආයුබෝවන් කියන ඈන් ගේ අලුත් නිවහන වනුයේ හුදෙකලා පරිසරයක පිහිටි “සිහින මන්දිරය” යි ඒ සමඟ ම ඇය පිවිසෙනුයේ අලුත් ලොවකට ය.
“සිහින මන්දිරය” ජීවත් වන කාලය තුළ දී ඇයටා මුණ ගැසෙන කොර්නේලියා, කැප්ටන් ජිම්, ලෙස්ලි වැනි චරිත ඇගේ ජීවිතයට බලපානුයේ කෙබඳු ආකාරයට ද? ඒ චරිත මගින් කැරෙනුයේ ඇගේ ජීවිතාවබෝධය හා පරිණත බව ඉදිරියට ගෙන යාමක් ද? නොඑසේ නම් ඇය තව දුරටත් මනෝ ලෝකය වෙත කැඳවාගෙන යාමක් ද? යන ප්‍රශ්නවලට පිළිතුරු ” සිහින මන්දිරය” නවකතාවෙන් ළැබේ.
Notify me when item is back in stock.
Be the first to review “ඈන් 5 සිහින මන්දිරය” Cancel reply
Related Products
මිලිඳු රාජ ප්රශ්නය 04
රාග ද්වේෂ මෝහ නැසු – සියලුම කෙලෙසුන් වැනසූ
තණ්හා නැති ඇල්මක් නැති – බුදු සව්වෝ වසන්නෝ ය
දහම් නගරයෙහි.
වන සෙනසුන්වල ස්ටිමින් – ධුතාංග ගුණ දරමින්
රළු සිවුරුත් පොරොවාගෙන – නිරතුරුව ම දැහැන් වඩන
විවේකයට ඇලුණු සිතින් – නුවණින් වීරිය වඩනා
බුදු සව්වෝ වසන්නෝ ය – දහම් නගරයෙහි.
වාඩිවෙමින් රැය ගෙවනා – ලද කුටියෙන් තුටු වෙමිනා
සිටිමින්, සක්මනින් යුතුව – පංශුකූල සිවුරු ඇති ව
බුදු සව්වෝ වසන්නෝ ය – දහම් නගරයෙහි.
තුන් සිව්රෙන් අමතර කොට – හිඳිනා සම්කඩයක් ඇති ව
එක් අසුනක හිඳ වළඳන – මැනැවින් සිහි නුවණ යොදන
බුදු සව්වෝ වසන්නෝ ය – දහම් නගරයෙහි.
( මිළිඳු රජතුමා විසින් නාගසේන මහරහතන් වහන්සේගෙන් ඇසු ප්‍රශ්න )
හන්සයො ඉගිළෙති
“සමහරු කියනවා තනි වෙන අය ඉක්මනින් නිවන් දකිනවා කියලා. මම මේ දවස්වල භාවනා කරනවා. භාවනා නිමිත්තත් කකුල් කොටේ. පාළුව භාවනාවට මහගු අත්වැලැක්. මහත්තයා ගෙදර ඇවිත්, මාලි තිබහයි කියන්නෙවත්. දරුවෝ ඇවිත් අම්මා බඩගිනියි කියන්නෙවත් නෑ. මට මගේ කියලා රකින්න දෙයක් නෑ. මම ඉහත ආත්මයක කාගේ හරි අත පය කඩලා පවුලක් අසරණ කරපු නිසා තමයි මම අබ්බගාත වෙලා, දුක්ඳින්නේ. මම දවසට දෙතුන් සැරයක් මෛත්‍රී භාවනා වඩවනවා.කකුලක් කොට කරලා, විවහ ජීවිතේ කොට කරල මගේ හිතට කාවැද්දු පණිවිඩය තමයි සංසාර ගමන කොට කරගනින් කියන එක. බිය, සැකනැතුව මරණ මංචකයේ ඇලවෙන්න පුළුවන්නම් අපි දිනුම්.
දඟකාර ළමයි
මෙම පවුලේ මව මිය යාමෙන් පසු පියා රෝගාතුර වෙයි. ඔහුගේ
ව්‍යාපාර කටයුතු ද අසාර්ථක වේ. ඔහු ගෙදරින් පිටව ගොස් උපයන
සුළු මුදල පවුලේ නඩත්තුවට ප්‍රමාණවත් නොවේ. ළමයින්ගේ අතට
මිටට මුදල් නොලැබේ. පවුලේ බිඳ වටුණු ආර්ථිකය යලි ගොඩ
නැංවිමේ අදහසින් ළමයි ලොකු වැඩට අත පොවති.එහෙත් සෑම
කාර්යයක්ම අවසන් වන්නේ බලාපොරොත්තු රහිත ලෙස ය.
ව්‍යාපාර අධ්‍යයනය I කොටස
උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය නව විෂය නිර්දේශය I කොටස
2017 වසරේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශය අලලා අ.පො.ස. (උසස් පෙළ) ව්‍යාපාර අධ්‍යයනය විෂය ආශ්‍රිතව 12 ශේණිය විෂය ඒකක 1-4 දක්වා කොටස් ආවරණය වන ආකාරයට මෙම සිද්ධාන්ත ග්‍රන්ථය සකස් කර ඇත.
සිංහල – ඉංග්‍රීසි දෙබස්
මෙම පොත සිංහල ඉංග්‍රීසි දෙකෙන්ම සකස්වූ දෙබස් ඇතුළත් පාඩම් 32 කින් යුක්තය. දෙබස්මාලා තනා තිබෙන්නේ කතුවරයාගේම කෘතියක් වන “ශ්‍රී ලාංකික අපි” යන ඉංග්‍රීසි කියවීම් පොතේ කථා පුවත් මුල්කරගෙන ය.
10 ශ්‍රේණිය ඉතිහාසය මාසික ඇගයීම් පාඩමෙන් පාඩමට
6 ශ්‍රේණියේ සිට සා/පෙළ දක්වා ශිල්ප හදාරන සිසුන්ට නියමිත විෂය මාලාවේ නිපුණතා සාධනය වන අයුරින් පාඩමෙන් පාඩම ආවරණය වන සේ ක්රමික සැලසුමකට අනුව මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර පෙළ සකස් කර තිබේ.
මිනී කන ව්යාඝ්රයන්ට මැදිව
මහා වනාන්තරය ද වන සතුන් ද
තවත් බොහෝ හැලහැප්පීම් ද අළලා ලියැවුණු පොත පත
කියවීම මහත් ආශ්වාදයක් කොට ගත් පඨක පිරිස්
ලෝ පුරා විහිදී විසිරි සිටි.
“මිනී කන ව්‍යාඝ්‍රයන්” යන වචන කිහිපය පවා
යමෙකුගේ සියොලඟ භීතියෙන් මුසපත් කරවන්නට සමත් ය.
මිනී කන ව්‍යාඝ්‍රයකු හා මුහුණට මුහුණ මුණ ගැසීම නපුරු
සිහිනයකි!
ඒ නපුරු හීනය ඔබ ඉදිරියේ දිග හැරෙන්නේ
මිනී කන ව්යාඝ්රයන ට මැදිවුවකුගේ අත්දැකීම්
සමගිනි.
සන්තර්පණ
ලොව පුරා නොමද පාඨක ආකර්ෂණයක් දිනාගත් සාහිත්‍යමය ශානරයක් වශයෙන් “රහස් පරික්ෂක කතා ” හැඳින්විය හැකි ය. යුරෝපීය සාහිත්‍යය තුළ නිර්මිත ෂර්ලොක් හෝම්ස් වැනි රහස් පරික්ෂක චරිත ඇතුළත් ප්‍රබන්ධ ලොව පුරා පාඨකයින් අතිශය ආදරයෙන් වැළඳගෙන තිබීම ඊට කදිම උදාහරණයකි.
බැස්කර්විල් දඩබල්ලා
සර් ආතර් කොනන් ඩොයිල් ගේ රහස් පරීක්ෂක නව කථා අතුරෙන් මෙය ඉතා ම ප්‍රකට හා අතිශයින් ම ත්‍රාස ජනක නව කථාව ය. රාත්‍රී කාලයෙහි මුඩු බිමෙහි අවතාරයක් මෙන් සැරි සරන භීෂණාත්මක දඩ බල්ලකු පිළිබඳ ලොමු දැහැගැන්වෙන මෙම නව කථාවට පසු බිම වී ඇත්තේ, බැස්කවිල් පරම්පරාවේ භයංකර පුරාවෘත්තයකි. රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් මේ අබිරහස් මිනී මැරුම අනාවරණය කරන්නේ පාඨකයා භීතියෙන් හා ත්‍රාසයෙන් කම්පා කරවමිනි.
අකුර – 8 ශ්‍රේණිය ගණිතය [කෙටි සටහන්]
තාර්කීකරණය කරන ලද නව විෂය නිර්දේශයන්හි
මූලික අරමුණු වන්නේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන
රටාවක් හා වඩාත් ක්‍රියාකාරකම් මත පදනම් වූ
අධ්‍යාපන රටාවක් මඟින් වැඩ ලෝකයට අවශ්‍ය
වන්නා වූ නිපුණතා සහ කුසලතාවයන්ගෙන් යුක්ත
මානව සම්පතක් බවට ශිෂ්‍ය ප්‍රඡාව සංවර්ධනය
කිරීමයි .
මෙම ක්‍රියාවලියේ දී සියලුම විශයන්ගේ නිපුණතා මට්ටම්
ඉහළ නංවා ගැනීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශනය
හා දැනුම ශිෂ්‍යාට මෙන් ම පන්ති කාමරය තුළ විෂය
දැනුම බෙදන ගුරු භවතුන්ට ද ලබා දීම අධ්‍යාපන
ප්‍රකාශන ආයතනයක ප්රමුඛ කාර්ය භාර්ය විය යුතු ය .
එම කාර්ය භාරය අනූව යමින් පන්ති කාමරය තුළ දී
ශිෂ්‍යයෙකු ලෙස ඔබ ලබන දැනුම වඩාත් නිරවුල් ව
මනසට ග්‍රහණය කර ගැනීම සඳහාත්,අවබෝධයෙන්
යුතුව විෂය කරුණු මතක තබා ගැනීම සඳහාත්
“Akura Pilot පාඩම් සාරාංශ”කෙටි සටහන් පොත්
පෙළ ඔබ අතට පත් කිරීමේ මුලික අරමුණ විය.
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ඡේද හා පැවරුම් – 3 ශ්‍රේණිය (නව විෂය නිර්දේශය අනුව සම්පාදිත)
නව විෂය නිර්දේශයට අනුකූලව 3,4,5 ශ්‍රේණි සඳහා ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ නිර්දිෂ්ට සියලු ජේද හා පැවරුම් සහිත පොත් පෙළක් ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාවෙන් ඔබ වෙත ඉදිරිපත් කර ඇත. මෙහි අන්තර්ගතය ජාතික අධ්‍යාපන ආයතනය මඟින් සම්පාදිත ගුරු මාර්ගෝපදේශවලින් උපුටා ගෙන ඇති බව කෘතවේදීව සඳහන් කරමු. මේ එම පොත් පෙළෙහි 3 ශ්‍රේණිය සඳහා සම්පාදිත කෘතියයි.
මහා කාෂ්‍යප මහ රහතන් වහන්සේ
මහා ශ්‍රාවක චරිත පොත් පෙළේ තෙවැනි ග්‍රන්ථය “මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ” නම් වු මෙම ධර්ම ග්‍රන්ථය යි.
මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ වනාහී අප මහා ශාන්තිනායක ශාක්‍යමුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ශාසනයේ ධුතාධ්ගධාරි භික්ෂුන් අතුරින් අගතැන්පත් මහ තෙරුන් වහන්සේ යි. බුදුරදුන් ගේ තෘතීය මහා ශ්‍රාවකයන් වහන්සේ වු. මුන් වහන්සේට ගෞතම බුදුසසුනේ ධර්මාධිකාරී තනතුර ද හිමි වී තිබුණි. “අනුබුද්ධ” යන ගෞරව නාමයෙන්ද මුන් වහන්සේ හඳුන්වනු ලැබේ.
There are no reviews yet.