Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-652-383-6 |
Language | Sinhala |
Pages | 132 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
දයාබර තාත්තාට
රු300.00
Price Summary
- රු300.00
- රු300.00
- රු300.00
මේ කෙටි නවකතාව වූ කලී දියණියක විසින් පියෙකුට ලියන ලද ලිපියකි. ඒ ලිපිය දියණියගේ ආත්ම භාෂණයකි. එහෙත් ඒ ඔස්සේ දිග හැරෙන්නේ දෙමාපියන් හා දරුවන් අතර සම්බන්ධතාවල ස්වභාවය හා ප්‍රමාණයයි. ගැහැණු දරුවෙකු රැක බලා ගැනීම – ඉගැන්වීම – විවාහ කරදීම – විවාහය – පමණක් නොව දෙමාපියන්ගේ ජීවිතයේ පදනම හා එහි ස්වභාවය පිළිබඳව ද පාඨකයා සමඟ හෘදයාංගම වූ සාකච්ඡාවක් සඳහා මේ කෘතිය ඇරයුම් කරයි.
Be the first to review “දයාබර තාත්තාට” Cancel reply
Related Products
ළමා මනාලියකගේ කඳුළු කතාව
සානියා ක්‍රැවන් එංගලන්තයේ ජීවත්වූ වයස අවුරුදු දහතුනක ගැහැනු ළමයෙකි. පාසල් ගිය. අසල්වැසි පංති මිතුරන් සමඟ ගතකළේ ප්‍රීතිමත් ජීවිතයකි. නමුත් ඇගේ ඉරණම වෙනස් වුයේ පියාගේ මරණයත් සමඟය.
මිනිස් මනසේ මහිමය
ලෝකයට විමුක්තියක් හෝ සහායයක් ලැබේ නම් හුදෙක්ම දරුවා වෙතින් පමණෙකි. කවර හෙයින් ද යත්, දරුවා මිනිසාගේ ද සමාජයේ ද නිර්මාපකයා වන බැවිනි.
දරුවා සහජයෙන්ම උරුම කර ගෙන ඇති අතිමහත් හැකියා සම්භාරය, නව ලොවක් නිර්මාණය සඳහා උදව් වන පරිදි, පෙර පාසල් වියේ දී උන්නතියට පත් කරනු වස් සහාය විය හැකි අන්දම මෙහි පැහැදිලි කෙරේ.
මිනිපිරියගේ ලියුම
පියෙකුගේ ආදරය රැකවරණය මට අහිමි විය. එහෙත් කිසිම දරුවෙකුට හිමි වී නැති අන්දමේ ආදරණීය මවකගේ සෙනෙහස මට නොමඳව ලැබිණි. දයාව, කරුණාව, ආදරය පමණක් නොව මට මගේ මව උරුම කළේ…….. ඇය අකම්පිත ගැහැනියක ලෙස ජීවත්වීමෙන් මට ජීවිතය ගැන නිහඬව ලබා දුන් අවබෝධය මෙනෙහි කරන විට ඇය සැබැවින්ම පරමාදර්ශී කාන්තාවකි.
මම සීයාට මේ ගැන ලියන්නට කල්පනා කළේ මගේ තාත්තා හා සීයා අතර පවතින ගුප්ත වූ සමානකමත් මගේ අම්මා හා මගේ ආච්චි අම්මා අතර තිබෙන හෘදයාංගම සමානකමත් මට ම වඩාත් හොඳින් පසක් කර ගැනීමටය.
සත්‍යය ම පමණයි
මඳ වේලාවකට පසු දුරකතනය නාද වීමෙන් හූ අවදි වුණා ය. ඇය අඬමින් ම නින්දට ගොස් තිබුණි.
“හලෝ?” ඇය කීවා ය. ඇඬීම නිසා ඇගේ කට හඬ වියළී තිබුණි.
“මට හූ ඈන් යුවාන් මහත්තයත් එක්ක කතා කරන්න පුළුවන් ද? මම බැංකොක් අන්තර්ජාතික විශ්ව විද්‍යාලයෙන් ඩේවිඩ් රයිඩීන් කතා කරන්නෙ.”
හූ ගේ හදවත නැවතුනි. “මම හූ. තාත්ත තවම වැඩ ඇරිල ගෙදර ආවේ නෑ. ඔයා ළඟ එයාගෙ අංකය තියෙනව ද?”
පුතාට ලියමි
“පුතාට ලියමි” අර්ධ නව කතාවකි. දෙමාපියන් හා ගුරුභවතුන් මේ පොතෙහි පාඨකයන් ලෙස සැලකීමට කතුවරයා කල්පනා කරයි.
බොබ්සි නිවුන්නු
“හානේ, සටන පටන් ගන්නයි යන්නෙ!” නැන් මහත් උද්යෝගයෙන් කෑගෑවා ය.
“දැක්කද ඒගොල්ලො කන්ද උඩට එනවා!”
“ඒගොල්ලො වෙඩි තියයි ද?” ෆ්ලොසී මඳක් චංචලව ඇසුවා ය.
“ඒගොල්ලො වෙඩි තියන්නෙ නෑ.” ෆ්‍රෙඩ් පිළිතුරු දුන්නේ ය. “හිම බෝලවලින් වෙඩි තියන්න පුළුවනෑ?
ඒවා ඇතුළේ වෙඩි බේත් නෑ නෙ.”
ආදරණීය දරුවනි
මෙහි ඇතුළත් වන්නේ කතෘ විසින් විවිධ පාසල්වල දී උසස් පන්තිවල දරුවන්ට පවත්වන ලද දේශන කීපයකි. එහෙත් ඒ දේශන ඒ ආකාරයෙන් ම පිටපත් කර නැත. ඒ දේශන දරුවන්ට වඩාත් ප්‍රයෝජනවත් වන අන්දමට සකස් කර, සංස්කරණය කර, ප්‍රයෝජනවත් අන්දමට නිදසුන් ඇතුළත් කර, විස්තාරණය කර තිබේ. මෙහි මුලින් ම ඇතුළත් වන ‘මිහි මඬලේ අඳුරු කුසේ දිය උල්පත…’ නම් දේශනය සැබවින් ම දේශන කීපයක එකතුවකි.
වන අරණක කුඩා නිවස
“ඔන්න ඉතින්, සීයගෙ ගෙදර තියෙන්නෙ උස කන්දක් බැහැගෙන බාගයක් දුර ගියපු තැන. කන්ද මුදුනෙ ඉඳන් පල්ලෙහාට වැටුණු පාර ගෙදර ඉස්සරහ දොර ළඟින් යනවා. සීත කාලෙට පල්ලෙහාට ලිස්සලා යන්න කියාපු තැන එතන. ඔයගොල්ලන්ට හිතාගත්තැකි නෙව.”
රජවරුන්ගේ ශාපය
කාත් කවුරුවත් නැති දුගී දැරියක් ලෙසින් හැදී වැඩුණු
මට පුරාවිද්‍යාව ඉගෙන ගන්නට ලැබීමම අහම්බෙන් ලද
ආශ්චර්යයක් විය.ඉතින් පුරාවිද්‍යාවේ අසිරිමත් දේශය වු
ඊජීප්තුවට යන්නට වරම් ලැබීම මගේ සිහිනයක්
සැබෑවීමක් බඳුය. එහෙත් ඒ සැබෑවු සිහිනය මහා
භයංකාර සිහිනයක් බවට පත් වෙන්නට වැඩි කලක් ගියේ
නැත්. අලුත් පාරාවෝ සොහොන්කොත්ක් ගවේෂණය
කරන්නට ගිය අපේ කණ්ඩායමේ එකින් එකා මිය යන්නට
පටන් ගත්තේ, පාරාවෝ සොහොන්ගැබ් වල සැඟවී
ඇතැයි කියන “රජවරුන්ගේ ශාපය” නිසාමද.? නැතිනම්
ඊටත් වඩා රුදුරු, අඳුරු බලවේගයක් නිසාද…?
දයාබර ගුරුතුමිය වෙතටයි
මේ කෘතිය ඉතාලියේ වස්කනී ප්‍රදේශයේ බාර්බියානාවේ ශිෂ්‍යයන් අට දෙනෙකු විසින් ලියන ලද සත්‍ය කථාවකි. මෙය අධ්‍යාපනයට අදාළ දුර්ලභ ගණයේ කෘතියකි. තමන්ට සිදු වූ අසාධාරණයක් හුදු අදෝනාවක් ලෙස නොව, තර්කයෙන්, සංඛ්‍යා ලේඛන මගින්, දත්ත මගින් කරුණු තහවුරු කරමින් ඉතා ප්‍රබල කථා පුවතක් මින් ඉදිරිපත් කෙරේ. මේ පුවත සැබැවින්ම හඳ කකියන ඛේදවාචකයකි. දුප්පත් ශිෂ්‍යයන් පිළිබඳ සුළු තැකීමක්වත් ඇති කිසිවෙකුට මේ පොත නොසලකා හැරිය නොහැකිය.
ජන සංහාරයේ දින පොත
මෙය ‘නොනා ලිසෝවිස්කජා බැනිස්ටර්’ නම් රුසියානු ඇමරිකානු කාන්තාව විසින් දෙවන ලෝක යුද සමය හා නාසි හමුදා භීෂණයේ තම පෞද්ගලික අත්දැකීම් පදනම් කරගෙන ලියූ සටහන් පෙළකි. නමුත් ඇගේ රහසිගත ජීවිතය පිළිබඳ මෙම සටහන් පෙළ ග්රන්ථයක් ලෙස ප්‍රසිද්ධ කෙරුණේ වසර 2004 දී ඇය මිය යෑමෙන් පසු ය.
භාෂා පහකට වඩා දැන සිටි නොනා යුද්ධයට මැදි වීමෙන් පසු පියා විසින් දුන් දින පොත්වල තම අත්දැකීම් ලීවා ය. නොනා දෙවන ලෝක යුද සමයේ නාසි හමුදා අත්තඩංගුවට පත් ව දිවි බේරා ගත් කිහිපදෙනාගෙන් අයෙකු වීම විශේෂත්වයකි.
දරුවන්ට ගහන්න එපා
පාසල සංස්කෘතිය පවරා දෙන තැනකි. දේශපාලන සමාජ හා ආර්ථික වශයෙන් බිඳ වැටුණ සමාජයක පාසලට නිරුපද්‍රිතව පවතින්නට අපහසුය. එහෙත් ආපසු හැරී බලන විට රටක අධ්‍යාපනය හා සංස්කෘතිය කඩාවැටීම සියලු ව්‍යසනයන්ට මුල්වී ඇති බව පිළිගන්නට සිදුවෙයි.
දිනෙන් දින ප්රචණ්ඩත්වය ඉහවහා යන වාතාවරණයක අපට ජීවත්වන්නට සිදුවී තිබේ. වෙනත් අයුරකින් පවසතොත් අප ජීවත්වන්නේ – අපේ දරුවන්ට ජීවත්වීමට සිදුවී තිබෙන්නේ වැඩිහිටියන් විසින් බරපතල ලෙස දූෂණය කරන ලද සමාජයකය.
ඇතැම් ගුරු භවතුන් තම මානසික පීඩනය තුනීකර ගැනීමට දරුවන්ට දරුණු ලෙස පහරදීම හා ඒ පහරදීම සාධාරණ බව හුවා දැක්වීමද සිදුවෙයි. දරුවන් අවබෝධ කරගැනීම හා ඔවුන්ට ආදරය දැක්වීම වෙනුවට දරුවන් හික්මවන හොඳම ක්‍රමය ලෙස පහරදීම හඳුනා ගැනීමේ විපාක අද අපට ඇස් පනා පිට විඳින්නට සිදුවී තිබේ. එබැවින් සිවිල් නීති රීති සුරැකීමත්, ඒවායෙන් ප්‍රයෝජන ලැබීමත්, හිංසනය හා කෲරත්වය හෙළා දැකීමත්, උදෙසා සෑම ශිෂ්ට පුරවැසියෙකුම දායකවීම අවශ්‍යවේ. මේ පොත ඒ සඳහා පෙරවදනකි.
There are no reviews yet.