Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-21-2976-6 |
Language | Sinhala |
Publishers |
නස්රුදින්ගේ අමුතු කතා
රු375.00
Price Summary
- රු375.00
- රු375.00
- රු375.00
නස්රුදීන් යනු මැදපෙරදිගට අයත් රටක් වූ තුර්කියේ ජීවත් වූයේ යැයි සැළකෙන චරිතයකි. ඔහු වටා බැඳුණු කතා බොහොමයක් වන අතර ඒවා ලෝකයේ බොහෝ රටවල සංස්කෘතියට කා වැදී එම රටවල ජනතා බවට ද පත්ව තිබේ. නස්රුදින්ගේ කථාවලින් සමාජයේ කැපී පෙනෙන්නට උත්සාහ කරන අඥාන මිනිසුන්ගේ සැබෑ ස්වරූපය හාස්‍යයෙන් යුක්තව ඉදිරිපත් කරයි. ඒ තුළින් සාමාන්‍ය ජනතාවට හාස්‍යයත් බුද්ධියත් ලබා දෙයි. ‘නස්රුදින්ගේ අමුත් කතා‘ තුළින් මෙතෙක් ඔබ අසා නැති අපූර් කතා 113 ක් ඉදිරිපත් කෙරේ.
Add a review Cancel reply
Related Products
සීතලෙන් සීත වුණු සීත සමය
ඩකෝටා ප්‍රදේශයේ ජීවත් වන ලෝරා ඉන්ගල්ස් සහ ඇගේ පවුලේ අය 1880-81දි ඇති දරුණු සීත සෘතුවකට මුහුණ දෙති. හිම කුණාටු මුළු නගරය සම්පුර්ණයෙන්ම වසාගෙන, පිටතින් ආහාර ලැබෙන සියලු මං වසා දැමු අතරේ ජීවත් වීම සදහා උග්‍ර අරගලයක යෙදෙන්නට අප්පච්චිටත්, අම්මාටත්, ලෝරාටත්, මේරීට සහ කේරීටත් සිදුවෙයි.නගරවැසියන්ට ඉතා ඉක්මනින් දරුණු ආහාර හිගයකට මුහුණ දෙන්නට සිදුවන අතර තරුණ අල්මන්සෝ වයිල්ඩර් සහ ඔහුගේ මිතුරු කැප් ගාර්ලඩ් තිරීගුසොයා බිහිසුණු ගමනක යෙදෙති.
මේ මිහිරැති සොඳුරු සමය
තැනිතලාවේ පිහිටි කුඩා නගරයේ ජීවත් වන පහළොස් හැවිරිදි ලෝරා ඉන්ගල්ස් ඇගේ ජීවිතයේ පළමුවැනි වතාවට නිවසින් පිටවී තනිවම ජීවත් වන්නට යයි. ඈ දැන් උගන්වන්නේ නිවසට සැතපුම් දොළහක් ඈතින් පිහිටි කුඩා පාසලකය. අප්පච්චිත්, අම්මාත්, කේරීත් නැතිව ඈට දැඩි පාළුවක් දැනෙන නමුත්, තමාගේ වැටුප අන්ධ විද්‍යාලයේ ඉගෙන ගන්නා මේරීගේ අධ්‍යාපන කටයුතු වලට මුදල් ගෙවීමට උදව්වක් වන බව දන්නා නිසාවෙන් ඇය සිත දිරීමත් කරගෙන රැකියාව කරයි.
මාටින් ලූතර් කිං ජීවිතය සහ මරණය
“මම පෞද්ගලික අනතුර පිළිබද ගැටලුව විසදා ඇත්තෙමි” යි හේ වරක් පැවසීය. “සෑම දවසකම මම මරණයේ තර්ජනය සමග ජීවත් වෙමි.එසේම බියට මා යටත් කර ගැනීමට ඉඩ හැරියහොත් මට ක්‍රියා කළ නොහැකි බව අවුරුදු ගණනාවකට පෙර මම දුටුමි.” ඒ අනුව ඔහු ධෛර්යය ගැන කතා කරනවට වඩා මරණය ගැන කතා කිරීමට කැමැත්තක් දැක්වීය- එය නිරායාසය.
විත්යාගේ ළමාවිය
මේ යටගියාව හිතට සමග ම මා චංචල වුයේ යම්කිසි පුදුම සිදුවීමකින් මෙන් දෙපා ඉබේ ම තදින් ක්රියාකරන්නට පටන් ගත් බැවිනි. ඉතා ඕනෑ කමින් වේගය නවත්වා ගත්තේ පහළ පංතියේ ළදරුවෙකු මෙන් ක්‍රියා කිරීම හතර වැනි පංතියේ මා වැන්නකුට නුසුදුසු බව සැලකීමෙනි.
හොඳ දඟ මල්ල
තමන්ව ශිෂ්‍ය නායිකාවක ලෙස තෝරාගන්නා ලද නිසා එලිසබෙත් ඇලන් මහත් සතුටට පත්වෙයි. එහෙත් එය කොතරම් වගකීම් සහිත ධුරයක් දැයි තේරුම් ගන්නට ඈට වැඩි කලක් ගත වන්නේ නැත.
වන සරණ
“වද්දන් වැනි ඇති පුරාණ මනුෂ්‍ය වර්ගයන් ගැන සියුම් පරීක්ෂණ කොට ඔවුන්ගේ භාෂාව, දඩයම, සිරිත් විරිත් ආදිය පිළිබද විස්තරයන් ඇතුළත් කොට කරන ලද මානව විද්‍යාත්මක සංග්‍රහයක් මින් අවුරුදු කීපයකට ඉහත පළ විය. මෙය සම්පුර්ණයෙන් ශාස්ත්‍රීය කෘතියකී.
අපි අවතැන් වූවෙමු
එදින අප නිවසට බොහෝ ශෝකී දවසකී.මට එය වඩාත් දුක්බර ව දැනුණි.බාලිකාවන් ගේ අධ්‍යාපනය තහනම් කිරීම යනු මගේ සිහින තහනම් කිරීමකි.මගේ අනාගතයට සීමා පැනවීමකි.මට අධ්‍යාපනය ලැබිය හැකි නොවේ නම් ,මට හිමිවන්නේ කිනම් අනාගතයක ද ?
වහලිය
වහලිය
තාත්තා වගේ කෙනෙක්
“ඉස්කෝලෙදි අපිට හුඟක් වෙලාවට ලියන්න වෙන රචනාවක් තමයි ‘මගේ අනාගත බලාපොරොත්තුව’ මොකද ඒක අපේ සාහිත්‍ය ගුරුතුමියගේ ප්‍රියතම මාතෘකාව. මට ඕනෙ වුණේ නැහැ හැමදාම එකම දේ ගැන ලියන්න. ඒ නිසා එකපාරක් මං ලිව්වා මට ඕන භූවිද්‍යාඥයෙක් වෙන්න කියලා. තවත් පාරක් ලිව්වා ජීවවිද්‍යාඥයෙක් වෙන්න කියලා. තුන් වෙනි සැරේ ලිව්වා ගගනගාමියෙක් වෙන්නයි මං බලාපොරොත්තු වෙන්නෙ කියලා. ඒත් ඇත්තම කියනව නම් මං තාම කිසිම දෙයක් තීරණය කරලා නැහැ.”
තැනිතලාවේ පිහිටි කුඩා නගරය
ජීවිතය උද්යෝගිමත් සිදුවීම්වලින් පිරෙන්නට පටන් ගන්නා අතර වයසින් වැඩෙන ලෝරා ඇගේ පළමුවැනි සැදෑ සාදයට සහභාගී වෙයි. මේරිට අන්තිමේදී අන්ධ විද්‍යාලයට යන්නට අවස්ථාව උදාවෙයි. ලෝරා සමග අන්ධ විද්‍යාලයට යන්නට අවස්ථාව උදාවෙයි. ලෝරා සමග දේවස්ථානයේ සිට නිවසට ඇවිද යාම සදහා අල්මන්සෝ වයිල්ඩ්ර් ඇගෙන් අවසර ඉල්ලා සිටියි.දැන් දහසය හැවිරිදි යුවතියක වන ලෝරාට ගුරු පත්වීමක් ලැබෙයි.
ලස්සන වසිලීස්සා
බාබයිගා යකින්න කෑම මේසය පිළියෙල කළා . වයින් සහ මී පැණි ගෙනාවා. අන්ද්රේ ආඩම්බරකම් නැතුව මේසයට ඉඳගෙන කෑවා. බීවා. බාබයිගා යකින්න මාර්යා කුමරිය ගැන විපරම් කළා. කසාද බැඳලා හොඳින් ජීවත් වෙනවද කියලා ඇහුවා. අන්ද්රේ සියලු විස්තර ඈට කීවා. රජතුමා නැති රටින් නැති දෙයක් ගේන්ට කියලා අණ කළ හැටිත් ඇයට කීවා.
කාල් මාක්ස් ජීවන චරිතය
ජනයා ආර්ථික සංවර්ධනයේ හෝ යුගයක සංවර්ධනය හෝ රඳා ඇත්තේ ද්‍රව්‍යමය මාධ්‍යයන් නිපදවීමේ මට්ටම අනුව බවත් රාජ්‍ය සංස්ථා, නීතිය පිලිබඳ සංස්ථා, කලාව සහ ආගම පිලිබඳ ආකල්පයන් පවා ඇති වන්නේ මෙම සංවර්ධන මට්ටම අනුව බවත්, එබැවින් එය වසන් නොකොට සම්පුර්ණයෙන් හෙළි කලයුතු බවත් මාක්ස් කිවේය.
දුලාන් –
බුද්ධිය,පරිකල්පනය වර්ධනය කරන රසවත් වගේම වටිනා දාර්ශනික උපමා කතා මාලාවකි.පර්සි ජයමාන්නයන් විසින් මීට දශක කීපයකට පෙර ලිඛිත දැනට මුද්‍රණයේ නොමැති “සූූෆි උපමා කතා” නමැති ග්‍රන්ථයත් නැවත මුද්‍රණය කර අලෙවි කිරීමට හැකි නම් ඉතා අගනේය.