Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-31-2745-7 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
ලාඩං
රු1,500.00
Price Summary
- රු1,500.00
- රු1,500.00
- රු1,500.00
ලාඩං යනු අතීත මෙන්ම වර්තමාන කුදිරකාර පරපුරේ ජීවන අන්දරයයි. සිතුවමකට නැගීමට දැරුණු ප්රයත්නයයි. ලෙයින් කඳුළින් තෙත් වූ ඔවුන්ගේ එදා මෙදාතුර එම ජන සමූහයාට උරුම වූ නිමක් නැති දුක්-දොම්නස් ඉතිහාස කතාවේ අංශු මාත්‍රයක් හෝ මේ වෘත්තාන්තයේ තැවරී ඇත්නම් සහෝදර ජන ප්‍රජාවක් වෙනුවෙන් පිදෙන උත්තමාචාරයකි.
Notify me when item is back in stock.
Be the first to review “ලාඩං” Cancel reply
Related Products
රජ කුමරියකගේ දිනපොත 2 – නම රැන්දු කුමරිය
රාජකීය උත්තමාවී අමෙලියා මිඤ්ඤෝගේ ග්‍රිමාල්ඩ් රෙනාල්ඩෝ පාසැල ඇරි ගෙදර එන්නේ අවුල් වූ සිතකිනි. අම්මා ගේ අනීතික පිළිසඳ ගැනීම පිළිබඳව තම පන්ති මිතුරු මිතුරියෝ පමණක් නොව තමාට ඉතා කිට්ටුවෙන් සිටින මිතුරිය ලිලීගේ මාපියෝද ප්‍රශ්න කරති. නමුත් ගෙදර පැමිණි විට දැනගන්නට ලැබෙන්නේ මිස්ට ගියානිනී අම්මාව විවාහ කරගන්නට සුදානම් බවය. තාත්තාත්, ආඩම්බර කිරි අම්මාත් එය දැනගන්නේ, කිරි අම්මා හදිසි විවාහ මංගල්‍යයකට දෙදෙනා සුදානම් කරවන්නේ අමෙරිකානු ජනාධිපති ඇතුළු කතානායක නායිකාවන් සහභාගි වන ගම්භීර උත්සවයකට සුදානම් වන්නටද, තමාට ප්‍රිය නොවු තම යෙහෙලියගේ නෙරා එන උදරය ඒ අමුත්තන්ට දකින්නට සලස්වා ඇයට අපහාසයක් කරන්නටදැයි ගැටළුවකි.
අමෙලියා කුමරිය ගණිතයට වැඩි ලකුණු ලබන්නී, ඇය පතා එන්නන් අතර රජ කුමරුවරු ඇතුළු පන්තියේ දෙදෙනෙක් ද දකී. කෙනී සහ මයිකල් අතරින් ඇගේ සිත වැඩියෙන් දුවන්නේ මයිකල් දෙසටය.
රාජ්‍ය මංගල උත්සවය සඳහා ලහි ලහියේ සියල්ල සුදානම් වද්දී, තම විවාහය චාම් මට්ටමින් සිදුවිය යුතු යැයි ප්‍රකාශ කරමින් මනාලයා සහ මනාලිය වෙනත් රටකට පලාගොස් එහිදි අප්රසිද්ධියේ විවාහ වෙති.
එතන සිට නොසිට
අමන්ද ඔහු වෙනුවෙන් රාක්කය අවුස්සා සයිමන්ගේ සංසාරණ්‍යයේ දඩයක්කාරයා පිටතට ගත්තේය.
“හා.” ඒ කුඩා පොතේ පිට කවරය දකිද්දී ඔහුගේ මුහුණ එළිය වූයේය. ‘මේ ඉන්නෙ පූර්වජ පියා. නීති පනවන නීතියට පිටින් ඉන්න සේරම ගෑනුන්ගේ අයිතිකාරයා. මේ අතන ගහේ බැඳල හිටපු මනුස්සයම තමා.’ දඩයක්කාරයාගේ ගොරෝසු රුව දෙස බලමින් කියූ ඔහු නැවතත් එක්වරම ඒ කියන්නේ දිගුක් මෙන් ඒ ස්වරයෙන්ම ඇසුවේය.
“අමන්දට තාත්ත අන්තිමට හම්බවෙලා අවුරුදු කීයක් විතර වෙනවද?”
“වයස එකොළහක් දොළහක් කාලෙ වගේ ඉඳල දැකල නෑ.”
චමත්කාර චරිත
ලාංකේය සමාජය තුළ නොමැකෙන මං සලකුණු සටහන් කළ චරිතවල සැඟව ඇති චමත්කාරය සරලව හා රසවත්ව අප වෙත ගෙන එන මෙම කෘතිය, තවත් එක් චරිත කතා එකතුවක් පමණක් ම නොවන අපූර්ව කෘතියකි.
දේශපාලන සමාජ විද්‍යාව-3
දේශපාලන සමාජ විද්‍යාව යනු සමාජ හා දේශපාලන බලයේ පැතිකඩ පිළිබඳ අධ්‍යයනය කිරීමයි. එනම් සමාජ සම්බන්ධතාහි පවතින මූලික මානයන් වන දේශපාලනික ආයතන, සමාජ කණ්ඩායම් (සමාජ පන්ති, ස්ත්‍රී පුරුෂභාවය හා ජාතිකත්වය) පිළිබඳ අධ්‍යයනයයි.
ජීවිතය යළි ලදිමි
බෙනයක්, ගුහාවක් වැනි තැනකට රිංගාගෙන මිනිසුන්ට ජීවත්විය හැකි ද? එහෙත් දෙවැනි ලෝක යුද සමයේ යුදෙව්වන්ට දිවි බේරාගැනීමට සතුන් මෙන් එලෙස සැගව සිටීමට සිදුවිය. යුදෙව්වෙකු වීමේ ශාපයට වන්දි ගෙවන තරුණ මවක් සිය පස්මසැති බිලිදු දරුවා සමග එවැනි ජීවිතයක් කරා තල්ලුවේ. එයද දවසකට දෙකකට, මාසෙකට හමාරකට නොව යුද්ධය පවතින තුරාවටය. අනෙක් මව්වරුන් ජීවිතාශාවෙන් තම දරුවන් අතරමග දමා ස්වයං විමුක්තිය පැතුවද මේ මව තම දරුවා මත්තෙම නැහෙයි.
සමාජ ඉතිහාසයේ ඉතා අදුරුම යුගයකදී මානව බැදීම් හා අදිටන මතින්, පලාගිය ජීවිතය යළි ළගාකර ගත් අයුරු මෙම අනුවේදනීය සත්‍ය කතාවෙන් ලියෝකාඩියා ෂ්මිට් ලොවට හෙළිකරයි.
අන්ධයා සහ සුරුට්ටු න්‍යාය
බඩ තඩියා නැවතත් සිගරට්ටුවක් දල්වා ගනිමින් මෙසේ කියන්නට විය.
”කැලේ ඉන්න කොටියට දඩයම උගන්නනවලු ගඟේ ඉන්න මාළු”
අමාරුකාරයා ද අත්හැරියේ නැත.
”දැලි පිහිය හිාගෙන ඉන්නෙ තමන්ට කපන්න පුළුවං රැවුල විතරයි කියලලු”
”දෙපැත්ත කැපෙන ආයුධ මෝඩයන්ට බයයිලු”
නැවතත් අමාරුකාරයාගේ වාරය පැමිණියේ ය.
”තුවක්කුව වුණත් බයගුල්ලෝ අතට ගියහම කොකා මැරිල වැටෙනවලු හාමතේ ඉඳල ම”
”කාටද තමුසෙ කොකා කිව්වේ? මට ද? මට ද?”
බඩ තඩියා අතක් මීට මොලවා ගනිමින් අමාරුකාරයට අනින්නට ඉදිරියට පැන්නෙන් කිහිපදෙනෙක්ම හනික තම අතවු දුම් බට මුවෙහි රුවා ගනිමින් ඔහු අල්වා ගත්තෝ ය.
සන්නිවේදන සංකල්ප හා මාධ්‍ය සාක්ෂරතාව
“ජන සන්නිවේදනය ශිෂ්ටාචාරයේ අභාවයට හේතු වනබව එක් සමාජ විවේචනයකි. බුද්ධිමය හා සදාචාරාත්මක හරයන් නරක අතට හැරී තිබේ. මෙම සියවසේ විද්‍යාඥයින්ගේ අපේක්ෂාව ජන මාධ්‍ය වර්ධනය සමග ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලිය සක්‍රීය කිරීමට අවශ්‍ය බුද්ධිය ඉන් සැපයෙන බවයි. ජන මාධ්‍ය අධ්‍යාපනය තුළින් ඒ සඳහා අපේක්ෂා ගොඩනැඟිය. නූතන දේශපාලන ඉතිහාසය තුළ බුද්ධිමය බලාපොරොත්තුවලට වලකපා ඇති අතර ජන සමාජයේ සංවර්ධනය පෞද්ගලිකත්වය විනාශයට පමුණුවා ඇති බවට ද විවේචනයකි”
රසකැවිලි වෙළෙන්දා
සිදාදියේ කොලිජීයක අධ්‍යාපනය එපාවී ඇමරිකාවේ මනෝලෝකී විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබා හරක් මසටත් පුරුදුව සුදු කෙල්ලකද සමඟ ගෙදර එන මාලී ඉන්ද්‍රජාලික කථා කර්මාන්ත ශාලාවක් අරඹන්නට සැලැසුම් ඇඳ සිරගෙදරට යයි
පියෙකුගේ කතාවක්
ලයනල් ඩාමර්ගේ දරුවා වසර 11 ක් තුළ පුද්ගලයින් 17 දෙනෙකු මරා දැමුවේ ය. අඳුරු කාමර තුළ සිරකොට, වධ දී, අතපය වෙන්කොට මරා දැමුවේ ය. ඇමෙරිකාවේ මිල්ටෝකි හි නිවෙස් අහිංසක දෙමවුපියන්ගේ විලාප හඬින් පිරවී ය.
ලයනල් ඩාමර්ගේ බිඳුණු හදවතින් ගලා ආ කඳුළු අකුරු, වෙවුලන වචන පේළි වල ඩාමර් අමුණා ඇත. එම කකියන වචන සමඟ ඔබේ හිත සුසර වූ තැන දී ඔබේ දැස් බොඳ වනු ඇති බව මම සඵත කරමි.මම පොත, ජීවිත 17 ක් බිළිගත්, මිල්ටෝකි හි යක්ෂයා ලෙස ලොව ම හඳුනන, වසර 941 කට සිර දඬුවම් ලැබූ ජෙෆ්රි ඩාමර් යන දාම ඝාතකයාගේ ජීවිතය ඔහුගේ පියාගේ ඇසින් දකින ලේ වැකුණු, සත්‍ය කතාවකි.
DUO – ඩුඕ
උමා සහ සාරා කාලවකවානු දෙකක දෙරටක
ජීවත්වන තරුණියන් දෙදෙනෙකි. ඔවුහු
සමාන සමාජ සංසිද්ධීන් හරහා ඇවිද යති.
හෙවත් පර පීඩක පිරිමින්ට මුහුණ දෙති.
අනතුරුව උදාවන සමාජ පරාමිතීන් හා මේ
දෙදෙනා ගනුදෙනු කරන්නේ දෙයාකාරවය.
උමා සන්තානගත අඳුරක වෙළී උකටලීව
සැනසුම සොයා සරන්නී, සතුට අන්
තැනෙක සෙව්වාය.සාරා අරුමැසි ජිවිතයේ
ප්‍රහර්ෂය හඹා යන්නී, දිවියේ සාරය දකින
අදිටන සුරතට කැටි කොට ගත්තාය.
යසාවා සාන් මා සහ ජපානය
ශ්‍රී ලංකා සහ ජපන් ජන ජීවිතය පොදු බෞද්ධ සංස්කෘතිය අනුව අධය්‍යත්මික ගුණ වගාවත්,භෞතික කාර්මිකරණය මත භෞතික දියුණුවත් සංකලනය කරගෙන නූතන සංවර්ධන සංකල්ප ප්‍රගුණ කරන් සැටිත් හිතකර සේ තම ආකල්ප සකස් කර ගැනීම සදහා පොදු ජනතාවට, ප්‍රතිපත්ති සාධක පිරිස්වලට සහ අනෙකුත් බලධාරින්ට මෙම ග්‍රන්ථය උපකාරි වනු නියතය.
There are no reviews yet.