Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-31-2745-7 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
![10190073](https://mdgunasena.com/wp-content/uploads/2023/03/10190073.jpg)
![10190073](https://mdgunasena.com/wp-content/uploads/2023/03/10190073.jpg)
ලාඩං
රු1,500.00
Price Summary
- රු1,500.00
- රු1,500.00
- රු1,500.00
ලාඩං යනු අතීත මෙන්ම වර්තමාන කුදිරකාර පරපුරේ ජීවන අන්දරයයි. සිතුවමකට නැගීමට දැරුණු ප්රයත්නයයි. ලෙයින් කඳුළින් තෙත් වූ ඔවුන්ගේ එදා මෙදාතුර එම ජන සමූහයාට උරුම වූ නිමක් නැති දුක්-දොම්නස් ඉතිහාස කතාවේ අංශු මාත්‍රයක් හෝ මේ වෘත්තාන්තයේ තැවරී ඇත්නම් සහෝදර ජන ප්‍රජාවක් වෙනුවෙන් පිදෙන උත්තමාචාරයකි.
Notify me when item is back in stock.
Be the first to review “ලාඩං” Cancel reply
Related Products
රජ කුමරියකගේ දිනපොත 3 – ආදරයෙන් බැඳුණු කුමරිය
රතුපාටයි රෝස කුසුම්
ඊට වඩා රතුයි චෙරි
පලතුරු මැස්සන් ක්ලෝනීය කරන්නට
ඇයට හැකි වෙන්නට පුළුවන්
ඒත් මං ඔයාට කැමතියි වැඩියෙන්
මා එයින් අදහස් කළේ මා ජුඩින්ට වඩා ඔහුට කැමති බවයි.
ඒත් මට සහතිකයක් නෑ මේ කවියෙන් වැඩක් වෙයි කියලා. ටීනා නං කියනව ඒක වැඩ කරයි කියලා. ඒ වුණත් ඇය හිතන්නේ මං එතන කැමතියි වෙනුවට ආදරෙයි කියල යොදන්න තිබුණෙයි කියලයි. ඒත් කවුද දන්නෙ ඇගේ අදහසේ යම් අගයක් තියේවීද කියලා
DUO – ඩුඕ
උමා සහ සාරා කාලවකවානු දෙකක දෙරටක
ජීවත්වන තරුණියන් දෙදෙනෙකි. ඔවුහු
සමාන සමාජ සංසිද්ධීන් හරහා ඇවිද යති.
හෙවත් පර පීඩක පිරිමින්ට මුහුණ දෙති.
අනතුරුව උදාවන සමාජ පරාමිතීන් හා මේ
දෙදෙනා ගනුදෙනු කරන්නේ දෙයාකාරවය.
උමා සන්තානගත අඳුරක වෙළී උකටලීව
සැනසුම සොයා සරන්නී, සතුට අන්
තැනෙක සෙව්වාය.සාරා අරුමැසි ජිවිතයේ
ප්‍රහර්ෂය හඹා යන්නී, දිවියේ සාරය දකින
අදිටන සුරතට කැටි කොට ගත්තාය.
තණ කන අපි
”උන්ට විසිකරන්න දෙයක් නැති නිසා උන් අපිට සෑම දෙයක්ම විසි කරන්නේය.ඇහිඳ ගන්නට පොරකන අපි බලන විට අප ඇහිද ගෙන තිබෙන්නේ අපිම විසිකළ දේමය.උන්ට කිසි දෙයක් නැති බව දැනෙන්නේ අපිට අපි ඇහිඳගත් දේ යළිත් උන්ට දුන් විටය”
රජ කුමරියකගේ දිනපොත 01
පාසැලේ සිටි රූමත්ම කෙල්ල, ඒ සෙයින්ම කඩවසම් ධනවත් තරුණයා සමග ඇති කර ගත් මිතුරු දමෙහි ප්‍රතිඵලය වුයේ ඇය ගැබිණියක් බවට පත්වීමයි. ඇගේ මා පියෝ ඈ නොසලකා හැරියාහ. එහෙත් දක්ෂ චිත්‍ර ශිල්පිනියක් ලෙස ලැබු ප්‍රසිද්ධියෙන් ඇය තම දියණිය හදා වඩාගෙන තනිවම ජිවත්වූවා, දරුවාට කිසි ලෙසකින් අඩුවක් නොකළාය.
මෑණියන්ගේ රූමත් බව හෝ පියානන්ගේ කඩවසම් බවට කුමන අයුරකින් වත් හිමිකම් නොකී අමෙලියා දියණිය වැඩිවිය පත්වූ පසුව අසීමිත උසකින්, තරුණියකට නොගැලපෙන අති මහත් දෙපතුල් ඇතිව, වර්ධනය නොවූ ලැම ප්‍රදේශයක් සහිතව, ඉගෙනීමටද අදක්ෂව, පන්තියේ අන් සියළු මිතුරියෝ තම පෙම්වතුන් සමඟ කරන ගණුදෙනු ගැන කතා වලට වේදනාවෙන් කන් දිදී තම අවාසනාව මෙනෙහි කරමින් කල් ගෙවන්නී,
ඇගේ ඉසුරුමන් රසික පියා නව අනත්ත සංඛ්‍යාවක් තරුණියන් සමඟ ගැවසී, වෘෂණ කෝෂයේ පිළිකාවක් නිසා ශල්‍ය කර්මයකට භාජනය වී, ඉන් එකක් අහිමිව දරුපල නොලබා, ඔහුගේ පරම්පරා ගත මහා ධනස්කන්ධයක උරුමක්කාරිය බවටද, යුරෝපයේ ප්‍රාන්ත රාජ්‍යයක පාලක කුමරි තනතුරේ හිමිකාරිය බවටද පත් වන්නීය.
ආධිපත්‍ය
මෙම ආධිපත්‍ය කෘතිය, එක්ස් කලාපය ගැන ලියවුණු, “සදන්රීච්” නවකතා ත්‍රිත්වයේ දෙවැන්න වන “අතෝරිට්” හි සිංහල පරිවර්තනය යි. ජෙෆ් වැන්ඩමියර් සඳහන් කරන පරිදි.. ඇනයිහිලේශන් (සර්වනාශ) එක්ස් කලාපය තුළට ගවේෂණයක් වූවා සේම, අතෝරිටි ආධිපත්‍ය එම ගවේෂණ මෙහෙයවන ඒජන්සිය වන සදන්රීච් තුළට වූ ගවේෂණයකි. මායාරූපී, ත්‍රාසජනක, අද්භූත, විද්‍යාප්‍රබන්ධ යන ශානරයන් හී සම්මිශ්‍රණයක් සේ මෙය සැලකිය හැකිය. පළමු පොත මෙන් නොව මෙහි කතාව දිවෙන්නේ මිනිස් වාසයෙන් යුතු ප්‍රදේශයක් වන සදන්රීච් කේන්ද්‍ර කර ගනිමිනි. එක්ස් කලාපයේ සිදුවූ අද්භූත සිදුවීම් ගැන කෙරෙන ගවේෂණ පිළිබඳ විමර්ශනයන් සම්බන්ධව මෙය ලියැවී ඇත.
මල්ගුඩියේ මිනීකන්නා
ලොව බිහිවූ ශ්‍රේෂ්ඨ නවකථාකරුවකු වන අභාවප්‍රාප්ත, ඉන්දියානු ලේඛක ආර්. කේ. නාරායන් තමාගේ කෘතීන් තුළින් ඔහු ඉපැදුණු ඉන්දියානු ගැමි සමාජය තුළ ඔහුට මුණගැසුණු විවිධ මිනිස් චරිත අපූරුවට විග්රහකරයි. “මල්ගුඩියේ මිනීකන්නා” (මැන් ඊටර් ඉන් මල්ගුඩි Man Eater in Malgudi) නමින් සිංහලට නැගුණු මෙම නවකතාව තුළින් ප්‍රකට වන්නේද කතුවරයා තුළ පැවති එම අව්‍යාජත්වයයි. මෙහි එන ප්‍රධාන චරිත දෙක වූ නටරාජ් සහ වාසු යන චරිත අපට සමාජයේ බෙහෙවින් දක්නට නොලැබුණ ද, ඒවායින් එළි දැක්වෙන මිනිස් ගතිලක්ෂණ අපට ඒ ආකාරයෙන් ම නැතත් සුළු වශයෙන් හෝ අප සමාජයේ ද දක්නට ලැබේ. නිර්මාණකරුවකු වශයෙන් නාරායන් ලේඛකයාගේ සාර්ථකත්වය රැඳී ඇත්තේ සමාජය තුළට එබී බලමින් කරන චරිත විග්‍රය තුළය.
මෞන බල කේන්ද්‍රය හා රාජ දොරටුව
“ව්රෙයිතේ තීන් ක්ලිරොනොමිආ කයි දොස්නේ මොවූ මගිකි ඩයිනම්. තොතෙ තු ඩොසො තින් එක්සොඋසියා ස්ති ඩිකයිඔස්සයිනි.” කිසි දිනෙක අසා නොතිබු අමුතු වචන පෙළක් කාව්‍යා එකදිගට මිමිනුවාය. නිමිටද ඉතා කුතුහලයකින් යුතුව ඒ දෙස බලා සිටියේය. තමා මායාකරුවකු නොවේ නම් මේ කරන්නා වූ වංචාවට දඬුවම මරණය බවත් හොඳින් දැනගත් තිමිර, කාව්‍යා කියන්නා වූ සෑම දෙයම අකුරක් නෑරම සිදු කරන්නට වූයේය. එසේ කිරීමට හේතුව වූයේ මේ ප්රශ්නය තමන් ඇති කළ දෙයක් නිසාත් ඇය අද මෙතැන සිටින්නේද තමන් නිසාත් වීම යන හේතු මතය. තමන්ට මියැදෙන්නට සිදු වුවත් අවසන් හුස්ම තෙක් තමන්ගේ කාර්යයට කැපවෙන්නා වූ කාව්‍යාට ආරක්ෂාව සැලසීම ඔහුගේ යුතුකමක් බව ඔහු සිතීය. උරුමයක් පරම්පරාවෙන් ලැබුණාද පරම්පරාවේ සියල්ලන්ම මායා කරුවන් වන්නේද නැත. එසේම වර්තමාන පිෆෙක්ස් නායක ක්‍රෙමස්ටන්ද මායාකරුවෙකු නොවේ. මරණය වෙත ඇති සම්භාවිතාවය වැඩිය. මේ සියල්ලම තිමිරගේ සිතෙහි රැව්පිලිරැව් දුන්නේය. නමුත් කාව්‍යා කියූ කාරණය එවිට තිමිරට සිහි විය. තමන්ගේ සිත පාලනයට ඉතා වෙහෙසක් දැරූ තිමිර මෞනය බේරාගැනීම යන කාරණය පිළිබඳම සිතමින් බලපාෂාණය මත තම සුරත තබා ගෙනම සිටියේය.
ඕස් දේශයේ අපූරු මායාකරු
ලොව පුරා සෑම ප්‍රධාන භාෂාවකට ම පරිවර්තිත ව පිටපත් මිලියන දහයකට අධික ව අලෙවි වී, චිත්‍රපට හා නාට්‍ය සිය ගණනකට පාදක වූ, ඇමරිකානු භූමියේ ලියැවුණු උසස් ම ළමා නවකතාව, 2021 වර්ෂයේ රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී පරිවර්තිකාවක වෙතින් සිංහලයට නගා රැගෙන එන සම්පූර්ණ හා අසංක්ෂිප්ත පරිවර්තනය.
පුළුවන්නම් අල්ලන්න
පුළුවන් නම් අල්ලන්න ලෙස පාඨකයාට තිළිණ කෙරෙන නිර්මාණය දෙස් විදෙස් සුපතළ Catch Me If You Can නමැති චිත්‍රපටයට පාදකවු ෆ්රෑන්ක් ඩබ්. ඇබග්නේල්ගේ ජීවිත කතාවයි.Catch Me If You Can යන වාක්‍ය ඛණ්ඩය පවා පොදු ජන වහරට එක්කිරීමට තරම් අසීමාන්තික වූ ජනප්‍රියත්වයක් හිමිකර ගත් ෆ්රෑන්ක් ඩබ්. ඇබග්නේල්ගේ ස්වයං චරිතාපදානයට ඉතාම සමීපව රුක්ලන්ති පෙරේරා විසින් කර ඇති මෙම අනුවාදයෙන් විහිදෙන්නේ අප බසින් ලියන ලද නවකතාවක ගුණ සුවඳමය
ඇබග්නේල් ජීවිත කාලය තුළ එකිනෙකට වෙනස් අනන්‍යතා අටකින් ඔහු පෙනී සිටියේය.
වයස අවුරුදු විසි එකේදී අත්අඩංගුවට පත්වුවද සිව්වසරකට පසු ඔහුට නිදහස පිරිනැමුනේ ඔහු වැනි වංචාකරුවන් (චෙක්පත් වංචාකරුවන් විශේෂයෙනි) විසින් සිදු කරන වංචාවන් සාර්ථකව වළක්වන අයුරු එෆ්. බී. අයි. ආයතනයට ඉගැන්වීමට වූ පොරොන්දුව මතයි.
ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ රාජ්‍ය සේවය එදා සහ අද
සීමිත රාජ්‍ය සම්පත්,
දේශයේ මුළු ජනගහනයටමයි.
දේශපාලනඥයාට සහ රාජ්‍ය
නිලධාරියාට බලය තිබුණාට,
අනෙකාට හිමි පංගුව කොල්ල
කෑමෙන්, මේ ආත්මයේ දී අතැම්
විට දඬුවමට සහ හැම විටම
නින්දාවට පත් වෙයි.
එතන සිට නොසිට
අමන්ද ඔහු වෙනුවෙන් රාක්කය අවුස්සා සයිමන්ගේ සංසාරණ්‍යයේ දඩයක්කාරයා පිටතට ගත්තේය.
“හා.” ඒ කුඩා පොතේ පිට කවරය දකිද්දී ඔහුගේ මුහුණ එළිය වූයේය. ‘මේ ඉන්නෙ පූර්වජ පියා. නීති පනවන නීතියට පිටින් ඉන්න සේරම ගෑනුන්ගේ අයිතිකාරයා. මේ අතන ගහේ බැඳල හිටපු මනුස්සයම තමා.’ දඩයක්කාරයාගේ ගොරෝසු රුව දෙස බලමින් කියූ ඔහු නැවතත් එක්වරම ඒ කියන්නේ දිගුක් මෙන් ඒ ස්වරයෙන්ම ඇසුවේය.
“අමන්දට තාත්ත අන්තිමට හම්බවෙලා අවුරුදු කීයක් විතර වෙනවද?”
“වයස එකොළහක් දොළහක් කාලෙ වගේ ඉඳල දැකල නෑ.”
ප්‍රේමාක්ෂර
මේ එළැඹ ඇත්තේ වාල්මිකී තැබූ පියසටහන් පසුකර යා යුතු නිමේෂය යි. සීතා පළමුව, රිසි සේ, ඇයගේ දිවි පුවතින් ඒ ඉසිවර ගැඹුරු වර්ණවත් කරන්නට ඇති. යම් හෙයකින් ඒ මුල්වරය රාමචන්ද්‍ර හෝ රාවණා ලද්දේ නම් ඔවුන් කුමක් පවසනු ඇත්දැයි මම තවමත් උපකල්පනය කරමි.
ප්‍රේමයේ විශ්වීයත්වය වූ රාධා – ක්‍රිෂ්ණා ද තවත් එබඳු වූ ප්‍රභාෂ්වරයකි. මේ සියල්ල අතීත ඥානය යි.
වත්මනෙහි, ප්‍රේමාක්ෂර මට ගැඹුරින් සාක්ෂාත් කළ, මේ දිවි පුවත, නල පවසන විට එය මා වින්දේ සංගීතයට සවන් දෙන්නාක් වැනි කෑදර සිතකිනි.
සංගීතයේදී අප විඳින්නේ ද ස්වර කම්පනයේ වේදනාව ය.
“ගැඹුරු නින්දේත් ප්‍රේමය අවදියෙන්. අප නිදන විට එය රිදුම් තැවුල් පිරිමැද ජීවිතය සුවපත් කරනවා. ප්‍රේමයෙන් විසීම යනු ම අනෙකා තුළ හදවතින් විසීම යි,” සකුන්තලා එසේ කියමින් සිටියා ය.
මේ පුවත සාහිත්‍යමය අතිශයෝක්තියක් නොවන්නේ ඔවුන් තවමත් අප සමඟ වෙසෙන බැවිනි.
There are no reviews yet.