Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-31-2807-2 |
Language | Sinhala-English |
Pages | 71 |
Publishers |
සිරවූ කිරිල්ලිය
රු380.00
Price Summary
- රු380.00
- රු380.00
- රු380.00
ළා නිල් පාට අහස් තලයේ කැටි ගසන වලාවන්
නොයෙක් හැඩ රුව ගන්නා තැන මම කවියක්
දකිමි.
වැස්ස වහිනා විට ගස්වල අතුපතර ඔස්සේ
වු වැහි බිඳුවල රේඛා චිත්‍ර අතරේ මම කවියක්
දකිමි.
රෑ අහසේ නිතර බබළන තරු අතුරින් වඩා
නිසලව රශ්මි ධාරා විහිදුවන්නා වූ සිකුරු,
බෘහස්පති වැනි ග්‍රහ තාරකාවන් අතරේ
මම කවියක් දකිමි.
එබැවින් කවිය යනු කුඩා කිවිඳියක වන මට
සාහිත්‍ය අංගයක් නොවන ජීවිත හැඟීමකි.
සිතුලි සඳගෝමි.
Be the first to review “සිරවූ කිරිල්ලිය” Cancel reply
Related Products
කුරුලු මෙහෙයුම
පරිසරයේ සුවිශේෂී අංගයක් වන සත්ත්ව සම්පතට ආදරය කරමින් අපමණ අභියෝගවලට මුහුණ් දෙමින් ජීවත්වන සතුන් වෙනුවෙන් උදාර සේවයකට කැපවු දරු පිරිසක් ගැන කියවෙන “කුරුලු මෙහෙයුම” යොවුන් නවකතාව පරිසර හිතැති ආචාරධර්ම දරුවන්ට හුරු කිරීමේ අරමුණෙන් ලියවුණු කෘතියකි.
පාරිසරික කතා ගනයට ඇතුළත්වේ. සත්ව සම්පතට ආදරය කරන දරු පිරිසකගේ වික්‍රමයක් ගැන කියැවෙන කතාවකි. මතු පරපුර පරිසර හිතැත්තන් බවට පත්කිරිමේ අරමුණෙන් ලියැවී ඇත.
සාහිත්‍යෝදය කථා
සිංහල සාහිත්‍ය අරභයා ලියැවුණ මුල්ම ප්‍රාමාණික විචාර ග්‍රන්ථය වන සිංහල සාහිත්‍යයේ නැඟීම (1945) බිහිවීමට වසර දහතුනකට පෙරාතුව මාර්ටින් වික්‍රමසිංහ විසින් ලියා පළ කරන ලද සාහිත්‍යෝදය කථා නමැති මෙම ග්‍රන්ථය අපේ සාහිත්‍ය වංශය පිළිබඳව බිහිවුණ පළමුවන ග්‍රන්ථය යි.
ක්‍රි:පූ: 543 සිට මහනුවර මාතර අවධීන් දක්වා ප්‍රචලිත සාහිත්‍ය සම්ප්රදාය යුග වශයෙන් වෙන් කොට දක්වන වික්‍රමසිංහ ඒ එක් එක් යුගයන්හි බිහි වූ වැදගත් ග්රන්ථ හා සාහිත්‍ය දෘෂ්ටීන්හි කැපී පෙනෙන ලක්ෂණ සාහිත්‍යෝදය කථාවෙහි ලා විග්රහ කොට ඇත.
සිංහල සාහිත්‍ය ඉතිහාසය හදාරන විද්‍යාර්ථින්ට මෙන්ම ගුරු භවතුන්ටත් මෙය ඉතා ප්‍රයෝජනවත් ග්රන්ථයකි.
මල්ගුඩියේ මිනීකන්නා
ලොව බිහිවූ ශ්‍රේෂ්ඨ නවකථාකරුවකු වන අභාවප්‍රාප්ත, ඉන්දියානු ලේඛක ආර්. කේ. නාරායන් තමාගේ කෘතීන් තුළින් ඔහු ඉපැදුණු ඉන්දියානු ගැමි සමාජය තුළ ඔහුට මුණගැසුණු විවිධ මිනිස් චරිත අපූරුවට විග්රහකරයි. “මල්ගුඩියේ මිනීකන්නා” (මැන් ඊටර් ඉන් මල්ගුඩි Man Eater in Malgudi) නමින් සිංහලට නැගුණු මෙම නවකතාව තුළින් ප්‍රකට වන්නේද කතුවරයා තුළ පැවති එම අව්‍යාජත්වයයි. මෙහි එන ප්‍රධාන චරිත දෙක වූ නටරාජ් සහ වාසු යන චරිත අපට සමාජයේ බෙහෙවින් දක්නට නොලැබුණ ද, ඒවායින් එළි දැක්වෙන මිනිස් ගතිලක්ෂණ අපට ඒ ආකාරයෙන් ම නැතත් සුළු වශයෙන් හෝ අප සමාජයේ ද දක්නට ලැබේ. නිර්මාණකරුවකු වශයෙන් නාරායන් ලේඛකයාගේ සාර්ථකත්වය රැඳී ඇත්තේ සමාජය තුළට එබී බලමින් කරන චරිත විග්‍රය තුළය.
තුර්කි මතක මං පෙත්
විදෙස් සංචාරයක් යනු විනෝද චාරිකාවක් පමණක් නොව තමන් පැමිණෙන රට පිළිබඳව පූර්ව අධ්‍යයනයකින් යුතුව සංවිධානාත්මකව අත් කරගත යුතු අත්දැකීමක් බව පැහැදිලි කරන සංචාරක මාර්ගෝපදේශයක් ලෙස මෙම කෘතිය පාඨක ප්‍රසාදය දිනාගනු නිසැකය.
ගුත්තිල ගීතය – ගුත්තිල කාව්‍ය විචාරය
කෙළිමින් තැන තැන ලන්දූ
දෙනමෙන් කන අම බින්දූ
කියමින් සොඳ ගී සින්දු
ඇසුවත් සිත දුක් සින්දූ
කල්බදු (ලීසිං) හා කුලී සින්නක්කර නීතිය
එකවර මුදල් ගෙවා භාණ්ඩ මිලදීගත නොහැකි සාමාන්‍ය මහජනතාව බහුලව භාවිත කරන කල්බදු (ලීසිං) හා පහසු ගෙවීමේ ක්‍රමයට භාණ්ඩ මිලදී ගැනීම හෙවත් කුලී සින්නක්කර ක්‍රමයට අදාළ නීති තත්ත්වයන් මේ ග්රන්ථයෙහි අන්තර්ගත වේ. පරිච්ජේද 28 කින් හා පිටු 141 කින් යුත් කල්බදු (ලීසිං) හා කුලී සින්නක්කර නීතිය ග්‍රන්ථය චකී මාතෘකා වලට අදාළ ව්‍යවස්ථාපිත අණපනත් හා විනිශ්චිත නඩු තීන්දු 28 ක් ද ඇසුරින් ප්‍රායෝගික නඩු නිමිති පදනම් කරගෙන රචනා වී ඇත. එසේම 2000 අංක 56 දරන කල්බදු මූල්‍ය කරණ පනත සියලු සංශෝධන සහිතව ග්‍රන්ථයේ අගට චක්කර ඇත. මාතෘකා අනුව වර්ගී කරණය කරන ලද නඩු තීන්දු නාමාවලියක්ද යුහු යොමුව සඳහා (For Quick Reference) as අන්තර්ගත වේ.
මේ නිසා සිංහලයෙන් සරල බසින් ලියැවුණු කල්බදු (ග්‍රීසිං) හා කුලී සින්නක්කර නීතිය නමැති මෙම ග්‍රන්ථය නීති වෘත්තිකයන්ට, නීති සිසුන්ට හා නීතිය පිළිබඳ උනන්දුවක් දක්වන සාමාන්‍ය පාඨකයන්ටද එකසේ ප්‍රයෝජනවත් වේ. සිවිල් අධිකරණ වල නඩු කටයුතු සඳහා පෙනී සිටින නීතිඥවරයෙකු සහ JMC (ජයසේකර කළමනාකරණ මධ්‍යස්ථානයේ) ව්‍යාපාර නීතිය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස ද කටයුතු කරන මෙම ග්‍රන්ථයේ කතුවරයා වන නීතිඥ කපිල ගාමිණී ජයසිංහ මීට පෙර සිංහලෙන් නීති ග්රන්ථ 43 ක් ද නවකතා 5ක්, කෙටිකතා පොත් 4ක්, පර්වර්තන නවකතා 2ක් සහ නාට්‍ය ග්රන්ථ එකක් ලියා පළකර ඇත. ඒවා නීති වේදීන් මෙන්ම සාමාන්‍ය පාඨකයන් අතරද අතිශය ජනප්‍රිය විය. මෙම ” කල්බදු (වීසිං) හා කුලී සින්නක්කර නීතිය ඔහුගේ 44 වන නීති ග්‍රන්ථයයි.
යශෝධාරා කාව්‍ය සංග්‍රහය
“පව්වෙන් පව්වට ලි
යලන පව්-මල්
පින්නෙන් පින්නට
ගිලිහෙන පින්-මල්
ලන්දෙන් ලන්දට අටවන ලණු වැල්
මන්දෙන් මන්දට ගෙලටම ලන වැල්
බල තල ගත් අය – කල දුටු කල වළ
ඉහගන්නා හැටි හෙමිහිට බල බල
මහමග යන එන
පොඩි මිනිසුන් ගෙල
සිඳිනට අටවන
උගුලක රඟ බල ”
දඬුමොණරය
ලොකු පුදුමයකි! පිපුණු මල මැද්දේ මාපට ඇඟිල්ල උරමින් සිටි ඉතා ශෝභන කුමාරියකි! කුඩා දරුවෙකු දුටු කෙනෙකුන් තුළ ඒ දරුවාට ආදරයක් හට ගැනීම සිරිතකි. ඇඟිල්ල උර උරා බොන කුමරිය දුටු හැටියේ තාපසයා තුළත් ඈට ලොකු ආදරයක් හට ගත්තේය. ඔහු කවමින් පොවමින් නාවමින් කුමාරිය ඇති දැඩි කළේය. මේ කුමාරිකාව වැඩි වයසට පැමිණි කල සුරංගනාවක් පරදවන තරම් ශෝභන වී ය.
උන්මාද චිත්‍රා
“සොඳුර, නුඹ මා රවටන්ට හදනවාදැ”යි තම ප්රියාවගේ වචන නොඇදහු කුමාරයා විචාළේ ය. “ඇතුන් ලවා පාගා මැරවූ මාගේ පුත්‍රයා ජීවත්ව සිටින බව මම කෙසේ අදහම්ද? ඒ සියල්ල දන්නා මා රවටන්ට උත්සාහ කරන්නේ කුමක් නිසාද?”
ඉන්දියානු ජනකතා
ඉන්දියානු ජනකතා, සිංහල අපට ඉතා සමීපයි; ඒ ඉන්දියාව, ශ්‍රී ලංකා දිවයිනේ අති සමීපතම ඥාතියා වීම හේතුවෙන්. ඉඳින් ලොව පුරා රටවල් දහයක ජනකතා හැත්තෑ දෙකක් පියසේන වික්‍රමගේ සිංහලට අනුවර්තනය කර ඇත. ඒ අතරින් ඉන්දියානු ජනකතා නම් මේ සංග්‍රහයේ ජනකතා තිස් හතරක් (34) ඇතුළත්ය.
මේ ඉන්දියානු ජන කතන්දර රජුන්, බිසවුන්, ප්‍රභූන්, ධනවතුන්, දිළින්දන් පිළිබඳ ජනකතා පමණක් නොවෙයි. ව්‍යාඝ්‍රයෝ, පුංචි කුරුල්ලෝ, හිවල්ලු, යෝධ බිලාලයෝ වගේම ගිර වු සහ බුරුවෝ ද සිටිති. මුව රජවරු ද හිඳිති. ඒ විතරද ? සත්තු, මිනිසුන් වගේ කතා කරති…! සත්තු – සත්තු පමණක් නොවේ. මිනිසුන් සමඟ ද අදහස් හුවමාරු කරගනිති.
තවත් විශේෂ පිරිසක් ද ඉන්නවා; ඒ යක්ෂයන් හා රාක්ෂයන්;
මිනිසුන්ගේ හුස්ම පොද නිසි කල්හි රැගෙන යන යම දේවයා ද වෙයි. ඒ හැර විවිධ වර්ගයේ දෙවිවරු ද ඉන්නවා. නල දමයන්ති කතාවේ දමයන්තිගේ අත පතා එන දෙවිවරු ද ඉන්නවා; නල කුමරුගේ වෙස් ගෙන ස්වයං වරයේදී කලබගෑනි ද කරති. සාපයක් නිසා දුෂ්මන්ත රජුට සකුන්තලාව හඳුනා ගැනීමට බැරි වූ මොහොතේ පිහිටට එන්නේ මහා දේව රාජයෙකි.
කලියුගය – Kaliyugaya
“Come Nalika, I am going to read Alan’s letter in Sinhala. Come, listen” said Tissa to Nalika as the she entered the drawing room.
“I don’t want to listen to Uncle Tissa’s sarcastic comments,” giggled Nalika.
“Alan sent the letter to me. Why do you ask Nalika to listen to it?” questioned Nanda.
“I have no intention of listening to Alan Aiya’s letter, mummy,” said Nalika, with a mischievous smile directed at Tissa.
සයිබර් ප්‍රේමය
අන්තර්ජාලය සහ ජංගම දුරකතන ශ්‍රී ලංකාව නමැති
මේ කොදෙව්වේ හතර දිග් භාගය පුරා පැතිරෙද්දී එහි
වැසියන්ගේ ජීවන රටා, හැසිරීම් හා සිතුම් පැතුම් ද
තුරඟ වේගයෙන් වෙනස් වෙයි.
එහෙත් මේ වෙනස් වන ශ්‍රී ලාංකික සමාජයේ තාක්ෂණික
භාවිතාව, වත්මන් සාහිත්‍යකරුවන්ගේ නිර්මාණ වපසරියට
බොහෝ විට මඟ හැරෙන ඉසවුවකි.
ජීව පද්ම සඳගෝමිගේ සයිබර් ප්‍රේමය කාව්‍ය කෘතිය එබඳු
ඉමි පෙදෙස් පවා ස්පර්ශ කරමින් ලිවීමට ගත් නිර්මාණශීලී
උත්සාහයකි. මොරටුව සරසවියේ ඉංජිනේරු උපාධිධරයකු හා
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රයේ කළමනා
කරණ වෘත්තිකයෙකු වන ජිව පද්ම සඳගෝමි විදහ
සන්නිවේදකයෙකු ලෙසද කටයුතු කර ඇත. මේ ඔහුගේ
පළමු කවි අස්වැන්නයි.
There are no reviews yet.