Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-31-2807-2 |
Language | Sinhala-English |
Pages | 71 |
Publishers |
සිරවූ කිරිල්ලිය
රු380.00
Price Summary
- රු380.00
- රු380.00
- රු380.00
ළා නිල් පාට අහස් තලයේ කැටි ගසන වලාවන්
නොයෙක් හැඩ රුව ගන්නා තැන මම කවියක්
දකිමි.
වැස්ස වහිනා විට ගස්වල අතුපතර ඔස්සේ
වු වැහි බිඳුවල රේඛා චිත්‍ර අතරේ මම කවියක්
දකිමි.
රෑ අහසේ නිතර බබළන තරු අතුරින් වඩා
නිසලව රශ්මි ධාරා විහිදුවන්නා වූ සිකුරු,
බෘහස්පති වැනි ග්‍රහ තාරකාවන් අතරේ
මම කවියක් දකිමි.
එබැවින් කවිය යනු කුඩා කිවිඳියක වන මට
සාහිත්‍ය අංගයක් නොවන ජීවිත හැඟීමකි.
සිතුලි සඳගෝමි.
Be the first to review “සිරවූ කිරිල්ලිය” Cancel reply
Related Products
කලියුගය – Kaliyugaya
“Come Nalika, I am going to read Alan’s letter in Sinhala. Come, listen” said Tissa to Nalika as the she entered the drawing room.
“I don’t want to listen to Uncle Tissa’s sarcastic comments,” giggled Nalika.
“Alan sent the letter to me. Why do you ask Nalika to listen to it?” questioned Nanda.
“I have no intention of listening to Alan Aiya’s letter, mummy,” said Nalika, with a mischievous smile directed at Tissa.
උපන් දා සිට බාල විය.
මාර්ටින් වික්‍රමසිංහයන් 1961 වසරේදී ලියා පළ කළ උපන් දා සිට ග්‍රන්ථය, බාලවිය, තරුණ විය, මැද විය යන කොටස් තුනකින් යුතු ය. එහි මුල් කොටස වන බාල විය වෙනම පොතක් ලෙස පළ කරන ලද්දේ පාසල් දරුවන් සඳහා වූ අතිරේක කියවීම් පොතක් වශයෙන් එහි ඇති වැදගත්කම සලකා ගෙන ය.
මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ලේඛන ජීවිතයට පසුබිම් වූ පරිසරය හා ක්‍රියාකාරකම් හැදෑරීමේ දී, දරුවන්ට පමණක් නොව, වැඩිහිටියන්ට ද මෙම පොත බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.
ඉන්දියානු ජනකතා
ඉන්දියානු ජනකතා, සිංහල අපට ඉතා සමීපයි; ඒ ඉන්දියාව, ශ්‍රී ලංකා දිවයිනේ අති සමීපතම ඥාතියා වීම හේතුවෙන්. ඉඳින් ලොව පුරා රටවල් දහයක ජනකතා හැත්තෑ දෙකක් පියසේන වික්‍රමගේ සිංහලට අනුවර්තනය කර ඇත. ඒ අතරින් ඉන්දියානු ජනකතා නම් මේ සංග්‍රහයේ ජනකතා තිස් හතරක් (34) ඇතුළත්ය.
මේ ඉන්දියානු ජන කතන්දර රජුන්, බිසවුන්, ප්‍රභූන්, ධනවතුන්, දිළින්දන් පිළිබඳ ජනකතා පමණක් නොවෙයි. ව්‍යාඝ්‍රයෝ, පුංචි කුරුල්ලෝ, හිවල්ලු, යෝධ බිලාලයෝ වගේම ගිර වු සහ බුරුවෝ ද සිටිති. මුව රජවරු ද හිඳිති. ඒ විතරද ? සත්තු, මිනිසුන් වගේ කතා කරති…! සත්තු – සත්තු පමණක් නොවේ. මිනිසුන් සමඟ ද අදහස් හුවමාරු කරගනිති.
තවත් විශේෂ පිරිසක් ද ඉන්නවා; ඒ යක්ෂයන් හා රාක්ෂයන්;
මිනිසුන්ගේ හුස්ම පොද නිසි කල්හි රැගෙන යන යම දේවයා ද වෙයි. ඒ හැර විවිධ වර්ගයේ දෙවිවරු ද ඉන්නවා. නල දමයන්ති කතාවේ දමයන්තිගේ අත පතා එන දෙවිවරු ද ඉන්නවා; නල කුමරුගේ වෙස් ගෙන ස්වයං වරයේදී කලබගෑනි ද කරති. සාපයක් නිසා දුෂ්මන්ත රජුට සකුන්තලාව හඳුනා ගැනීමට බැරි වූ මොහොතේ පිහිටට එන්නේ මහා දේව රාජයෙකි.
යශෝධාරා කාව්‍ය සංග්‍රහය
“පව්වෙන් පව්වට ලි
යලන පව්-මල්
පින්නෙන් පින්නට
ගිලිහෙන පින්-මල්
ලන්දෙන් ලන්දට අටවන ලණු වැල්
මන්දෙන් මන්දට ගෙලටම ලන වැල්
බල තල ගත් අය – කල දුටු කල වළ
ඉහගන්නා හැටි හෙමිහිට බල බල
මහමග යන එන
පොඩි මිනිසුන් ගෙල
සිඳිනට අටවන
උගුලක රඟ බල ”
සිහින විමන්
සිහින සහන්‍යාට එකග වෙමින් සිනාවක් පෑවේ ය. ඔහුට ඇය සමග කතා කිරීමට බොහෝ දේ නොතිබුණි. ඇයගේ මව ගැන විමසීමට සිතක් පහළ නොවීම පුදුමයට කරුණක් නොවේ. සිහින තම ජීවිතයේ පිළිකුල් කරන එක ම ගැහැනිය වසුන්දරා ය. සහනය්‍යා සුවිසල් මන්දිරයේ උද්‍යානය වෙත සිහිනව කැදවාගෙන ගියා ය.මනාව සකස් කර නඩත්තු කළ උදය්‍යානය නොයෙක් වර්ණිත මලින් පිරී ගොසිනි. ඇයගේ හැසිරීම සැහැල්ලු ය; ප්‍රබෝධමත් ය.සේවක සේවිකාවන් කිහිප දෙනෙකු සමග මෙම සුවිසල් මන්දිරයේ ඇය තනිව වෙසෙතැයි සිතුවේ ය.
ගුත්තිල ගීතය – ගුත්තිල කාව්‍ය විචාරය
කෙළිමින් තැන තැන ලන්දූ
දෙනමෙන් කන අම බින්දූ
කියමින් සොඳ ගී සින්දු
ඇසුවත් සිත දුක් සින්දූ
රජ කුමරියකගේ දිනපොත 2 – නම රැන්දු කුමරිය
රාජකීය උත්තමාවී අමෙලියා මිඤ්ඤෝගේ ග්‍රිමාල්ඩ් රෙනාල්ඩෝ පාසැල ඇරි ගෙදර එන්නේ අවුල් වූ සිතකිනි. අම්මා ගේ අනීතික පිළිසඳ ගැනීම පිළිබඳව තම පන්ති මිතුරු මිතුරියෝ පමණක් නොව තමාට ඉතා කිට්ටුවෙන් සිටින මිතුරිය ලිලීගේ මාපියෝද ප්‍රශ්න කරති. නමුත් ගෙදර පැමිණි විට දැනගන්නට ලැබෙන්නේ මිස්ට ගියානිනී අම්මාව විවාහ කරගන්නට සුදානම් බවය. තාත්තාත්, ආඩම්බර කිරි අම්මාත් එය දැනගන්නේ, කිරි අම්මා හදිසි විවාහ මංගල්‍යයකට දෙදෙනා සුදානම් කරවන්නේ අමෙරිකානු ජනාධිපති ඇතුළු කතානායක නායිකාවන් සහභාගි වන ගම්භීර උත්සවයකට සුදානම් වන්නටද, තමාට ප්‍රිය නොවු තම යෙහෙලියගේ නෙරා එන උදරය ඒ අමුත්තන්ට දකින්නට සලස්වා ඇයට අපහාසයක් කරන්නටදැයි ගැටළුවකි.
අමෙලියා කුමරිය ගණිතයට වැඩි ලකුණු ලබන්නී, ඇය පතා එන්නන් අතර රජ කුමරුවරු ඇතුළු පන්තියේ දෙදෙනෙක් ද දකී. කෙනී සහ මයිකල් අතරින් ඇගේ සිත වැඩියෙන් දුවන්නේ මයිකල් දෙසටය.
රාජ්‍ය මංගල උත්සවය සඳහා ලහි ලහියේ සියල්ල සුදානම් වද්දී, තම විවාහය චාම් මට්ටමින් සිදුවිය යුතු යැයි ප්‍රකාශ කරමින් මනාලයා සහ මනාලිය වෙනත් රටකට පලාගොස් එහිදි අප්රසිද්ධියේ විවාහ වෙති.
කල්බදු (ලීසිං) හා කුලී සින්නක්කර නීතිය
එකවර මුදල් ගෙවා භාණ්ඩ මිලදීගත නොහැකි සාමාන්‍ය මහජනතාව බහුලව භාවිත කරන කල්බදු (ලීසිං) හා පහසු ගෙවීමේ ක්‍රමයට භාණ්ඩ මිලදී ගැනීම හෙවත් කුලී සින්නක්කර ක්‍රමයට අදාළ නීති තත්ත්වයන් මේ ග්රන්ථයෙහි අන්තර්ගත වේ. පරිච්ජේද 28 කින් හා පිටු 141 කින් යුත් කල්බදු (ලීසිං) හා කුලී සින්නක්කර නීතිය ග්‍රන්ථය චකී මාතෘකා වලට අදාළ ව්‍යවස්ථාපිත අණපනත් හා විනිශ්චිත නඩු තීන්දු 28 ක් ද ඇසුරින් ප්‍රායෝගික නඩු නිමිති පදනම් කරගෙන රචනා වී ඇත. එසේම 2000 අංක 56 දරන කල්බදු මූල්‍ය කරණ පනත සියලු සංශෝධන සහිතව ග්‍රන්ථයේ අගට චක්කර ඇත. මාතෘකා අනුව වර්ගී කරණය කරන ලද නඩු තීන්දු නාමාවලියක්ද යුහු යොමුව සඳහා (For Quick Reference) as අන්තර්ගත වේ.
මේ නිසා සිංහලයෙන් සරල බසින් ලියැවුණු කල්බදු (ග්‍රීසිං) හා කුලී සින්නක්කර නීතිය නමැති මෙම ග්‍රන්ථය නීති වෘත්තිකයන්ට, නීති සිසුන්ට හා නීතිය පිළිබඳ උනන්දුවක් දක්වන සාමාන්‍ය පාඨකයන්ටද එකසේ ප්‍රයෝජනවත් වේ. සිවිල් අධිකරණ වල නඩු කටයුතු සඳහා පෙනී සිටින නීතිඥවරයෙකු සහ JMC (ජයසේකර කළමනාකරණ මධ්‍යස්ථානයේ) ව්‍යාපාර නීතිය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස ද කටයුතු කරන මෙම ග්‍රන්ථයේ කතුවරයා වන නීතිඥ කපිල ගාමිණී ජයසිංහ මීට පෙර සිංහලෙන් නීති ග්රන්ථ 43 ක් ද නවකතා 5ක්, කෙටිකතා පොත් 4ක්, පර්වර්තන නවකතා 2ක් සහ නාට්‍ය ග්රන්ථ එකක් ලියා පළකර ඇත. ඒවා නීති වේදීන් මෙන්ම සාමාන්‍ය පාඨකයන් අතරද අතිශය ජනප්‍රිය විය. මෙම ” කල්බදු (වීසිං) හා කුලී සින්නක්කර නීතිය ඔහුගේ 44 වන නීති ග්‍රන්ථයයි.
මගහැරුණු දූපත්
වීදි ලාම්පු එළියෙන් ආලෝකමත් උනත් පාලම මත සමහර තැන් තියෙන්නෙ අඳුරත් ආලෝකයත් අතරෙ. එහෙම තැන්වල ඒ ගන්ධබ්බ ආලෝකය තුළින් දුර දකින්න පුළුවන් පාලම මත රාත්‍රිය පුරුදු ඇස් දෙකකට විතරයි. ඉදිරිය බලාගෙන යන ඔහුගේ දෙනෙත් කෝණය මදක් උඩට ඉස්සුනේ කිසියම් නුහුරු දෙයක් ඉවෙන් මෙන් දැනුණු නිසා. ඉව හරි. ඔහුට තරමක් දුරින් පාලමේ තියෙන උසම කණු වලින් එකක් මත අඳුරු ඡායාවක්. වීදි ලාම්පු වල එළිය අඩුවෙන්ම වැටී තිබුණු ඒ කණුව මත කවුරුන් හෝ සෘජුව හිටගෙන ඉන්නවා. ඔහු කවදාවත් එවැනි දර්ශනයක් දැක තිබුණේ නෑ. දෑස ඒ වෙතම මානා ගත් ඔහුව ඉබේම වගේ එහෙමම නැවතුණා, කණුව මත හුන් වී රුව විසින් මුද්‍රා හරින ලදැයි සිතිය හැකි සැහැල්ලු දේවල් සමූහයක් මුදු සුළඟට හසුව සමනල රෑනක් සේ දස අත පියාඹන හැටි ඔහු දුටුවා. අවට පැතිරි තිබූ ගන්ධබ්බ වළියෙන් ඒ පියාඹන දේවල් කඩදාසි යයි තහවුරු කර ගන්න ඔහුට පුළුවන් උනා. ඒත් ඒ සිතිවිල්ලට බාධා පැමිනුණේ කණුව උඩ සිටි රුව අනපේක්ෂිතව එකවරම පහළට පනිනවා දැකීමෙන්.
මල්ගුඩියේ මිනීකන්නා
ලොව බිහිවූ ශ්‍රේෂ්ඨ නවකථාකරුවකු වන අභාවප්‍රාප්ත, ඉන්දියානු ලේඛක ආර්. කේ. නාරායන් තමාගේ කෘතීන් තුළින් ඔහු ඉපැදුණු ඉන්දියානු ගැමි සමාජය තුළ ඔහුට මුණගැසුණු විවිධ මිනිස් චරිත අපූරුවට විග්රහකරයි. “මල්ගුඩියේ මිනීකන්නා” (මැන් ඊටර් ඉන් මල්ගුඩි Man Eater in Malgudi) නමින් සිංහලට නැගුණු මෙම නවකතාව තුළින් ප්‍රකට වන්නේද කතුවරයා තුළ පැවති එම අව්‍යාජත්වයයි. මෙහි එන ප්‍රධාන චරිත දෙක වූ නටරාජ් සහ වාසු යන චරිත අපට සමාජයේ බෙහෙවින් දක්නට නොලැබුණ ද, ඒවායින් එළි දැක්වෙන මිනිස් ගතිලක්ෂණ අපට ඒ ආකාරයෙන් ම නැතත් සුළු වශයෙන් හෝ අප සමාජයේ ද දක්නට ලැබේ. නිර්මාණකරුවකු වශයෙන් නාරායන් ලේඛකයාගේ සාර්ථකත්වය රැඳී ඇත්තේ සමාජය තුළට එබී බලමින් කරන චරිත විග්‍රය තුළය.
සයිබර් ප්‍රේමය
අන්තර්ජාලය සහ ජංගම දුරකතන ශ්‍රී ලංකාව නමැති
මේ කොදෙව්වේ හතර දිග් භාගය පුරා පැතිරෙද්දී එහි
වැසියන්ගේ ජීවන රටා, හැසිරීම් හා සිතුම් පැතුම් ද
තුරඟ වේගයෙන් වෙනස් වෙයි.
එහෙත් මේ වෙනස් වන ශ්‍රී ලාංකික සමාජයේ තාක්ෂණික
භාවිතාව, වත්මන් සාහිත්‍යකරුවන්ගේ නිර්මාණ වපසරියට
බොහෝ විට මඟ හැරෙන ඉසවුවකි.
ජීව පද්ම සඳගෝමිගේ සයිබර් ප්‍රේමය කාව්‍ය කෘතිය එබඳු
ඉමි පෙදෙස් පවා ස්පර්ශ කරමින් ලිවීමට ගත් නිර්මාණශීලී
උත්සාහයකි. මොරටුව සරසවියේ ඉංජිනේරු උපාධිධරයකු හා
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රයේ කළමනා
කරණ වෘත්තිකයෙකු වන ජිව පද්ම සඳගෝමි විදහ
සන්නිවේදකයෙකු ලෙසද කටයුතු කර ඇත. මේ ඔහුගේ
පළමු කවි අස්වැන්නයි.
තුර්කි මතක මං පෙත්
විදෙස් සංචාරයක් යනු විනෝද චාරිකාවක් පමණක් නොව තමන් පැමිණෙන රට පිළිබඳව පූර්ව අධ්‍යයනයකින් යුතුව සංවිධානාත්මකව අත් කරගත යුතු අත්දැකීමක් බව පැහැදිලි කරන සංචාරක මාර්ගෝපදේශයක් ලෙස මෙම කෘතිය පාඨක ප්‍රසාදය දිනාගනු නිසැකය.
There are no reviews yet.