Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-624-5572-33-5 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
සූර්යනාශ
රු780.00
Price Summary
- රු780.00
- රු780.00
- රු780.00
ඇය තම දෑස් විවර කළාය.
ඒ දෑස් කෝපාග්නියෙන් දැවෙමින් පැවතුණි.
වසර විස්සකට පෙරාතුව ඒ ඛේදජනක රාත්රියේදී
සිදු වූ සෑම සිදුවීමක්ම පාහේ කිසිදු අඩුවක් නොමැතිව
ඇගේ මතකයෙහි ගැඹුරෙහිම රැඳී තිබුණි. ඒ මතකයන් ස්මරණය
කරන්නා වූ සෑම මොහොතක් පාසාම ඇය තුළ වූ වෛරයේ
අග්නිජාලාවන් බුර බුරා ඇවිළෙන්නට වූයේ ඇය තුළ තමන්ට සෑම
සියලු දෙයක්ම අහිමි කළවුන් කෙරෙහි වූ බද්ධ වෛරය තව තවත්
ලියලමින් වඩවාලමින්ය.විසි වසක් මුළුල්ලෙහිම ඇය ඒ වෛරයට
තමන්ගේ සන්තානය තුළ රිසි සේ වර්ධනයට අවකාශය ලබා දී තිබුණි.
ඇයට අවැසිව තිබුණේ එකම දෙයකි.ඒ පළිගැනීමම පමණි…
විසි වසක් මුළුල්ලෙහිම අප්‍රමාණ වූ දුක්ඛදෝමනස්සයන්, වධහිංසනයන්
ඉවසා දරා ගනිමින් කෙසේ හෝ ජීවිතය ගැටගසා ගනිමින් ඇය ඇගේ
අරමුණ වෙතට ක්‍රම ක්‍රමයෙන් ළඟාව තිබුණි. දැන් ඇය අහිමුව වූයේ ඒ
අරමුණෙහි අවසාන පියවර ක්‍රියාත්මක කිරීම පමණි…
Notify me when item is back in stock.
Be the first to review “සූර්යනාශ” Cancel reply
Related Products
හෙයිඩි
‘හෙයිඩි’ යනු 1881 වසරේ දී ස්විස් ජාතික ජොහැන්නා ස්පයිරි විසින් ලියන ලද ළමා කෘතියක් වන අතර වර්තමානය වන විට එය ලෝක සාහිත්‍යයේ අද්විතීය ස්ථානය වැජඹෙයි. මෙය ස්විස් සාහිත්‍යයේ ඉතා ඉහළ අළෙවියක් ඇති කෘතිවලින් එකකි. කතාව ගෙතී ඇත්තේ සිය දෙමාපියන් මිය යාම නිසා මව් පාර්ශ්වයේ නැන්දනියකගේ භාරයට පත්වන ‘හෙයිඩි’ නම් දැරියක වටාය. මේ නැන්දනිය විසින් හෙයිඩිව හදාවඩා ගැනීමට ස්විට්සර්ලන්තයේ කඳුකර පෙදෙසක ඇගේ සීයාට බාර කෙරෙන අතර ඒ ගම්බද පරිසරයේ ඇය සොබා දහමත් සමග හැදී වැඩෙන අයුරු මේ කෘතියෙන් විස්තර කෙරේ. වර්ෂ 1920 සිට මේ දක්වා මෙම කෘතිය ඇසුරින් නිර්මාණය වූ චිත්‍රපට සංඛ්‍යාව 12 කට අධිකය. මෙය භාෂා 50 කට අධික සංඛ්‍යාවකට පරිවර්තනය වී ඇති අතර ලොව වටා මිලියන 50 කට අධික සංඛ්‍යාවක් අළෙවි වී තිබේ.
BUY EBOOK VERSIONThe Dalada Chronicles
The book, Dalada Chronicle is basically written about the arrival of the Tooth Relic in our country. But this is written not as a report but as a novel. It is noteworthy that some facts which the historian did not find have been included here in the form of fiction.
BUY EBOOK VERSIONගම්මානේ අපි
ගම්මානයක ජීවත්වන කුඩා ළමුන් පිරිසක් වටා ගෙතුණු නවකතාවකි. වැඩිහිටියන්ගේ වැඩකටයුතුවලට උදව්වෙමින් සමගියෙන් ගමක ජීවත්වන ආකාරය මෙයින් කියැවෙයි.
BUY EBOOK VERSIONඅපි මහලු වයසේ
විදේශිකයකු හා ශ්‍රී ලාංකික කාන්තාවක් අතර ඇති වන ආදර සම්බන්ධයක් වටා මේ කතාව ගෙතී තිබේ. ඔවුන් ආදරය කළ ද විවාහ වන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැත. ඒ ඔවුන්ගේ වෙනස් වටපිටාවන් නිසා ය. කෙසේ නමුත් මහලු වියේ දී ඔවුනට යළි එක්වන්නට අවස්ථාව උදා වේ. ප්‍රවීණ කතුවරියක වන අනුල ද සිල්වා විසින් ලියා තිබේ.
BUY EBOOK VERSIONසිංහලේ අවසන් රජදහන
කැප්ටන් එල්මෝ ජයවර්ධනයන්ගේ The Last Kingdom of Sinhalay කෘතියේ සිංහල පරිවර්තනය ‘සිංහලේ අවසන් රජදහන’ නමින් ප්‍රේමසිරි මාහිංගොඩ විසින් මෙසේ පිළිගන්වයි. අප රට අවසන් රාජධානිය වූ මහනුවර යුගය ඇසුරින් මෙය ලියැවී තිබේ.
ගඟ අද්දර
මානසික රෝගයක් සහිත රූමත් තරුණියක් සහ ඇයට ප්‍රතිකාර කරන්නට පැමිණෙන තරුණ වෛද්‍යවරයකු අතර ඇති වන සිදුවීම් මාලාවක් වටා ගෙතුණු කතාවකි. සුප්‍රකට ගඟ අද්දර සිනමා කෘතිය සඳහා ද පාදක වූයේ මේ කෘතියයි. මෙයින් පසුකාලීනව ටෙලිනාට්‍යයක් ද නිර්මාණය කෙරිණි.
BUY EBOOK VERSIONමහා වියවුල
සිංහල නවකතාවේ මුල් යුගයේ කතුවරුන් අතර පියදාස සිරිසේනයන්ට හිමිවන්නේ ඉතා වැදගත් ස්ථානයකි. ඔහුගේ කතා තුළින් තත්කාලීන සමාජ ප්‍රශ්න ඉතා ප්රබලව විවරණය විය. මහා වියවුල ඔහු විසින් කරන ලද එවැනි උත්සාහයක් ලෙස හැඳින්විය හැකි ය.
BUY EBOOK VERSIONවනගත මැණික – ලිහිණි පොත්
එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ පී.ටී. මඩවල මහතාගේ ‘වනගත මැණික’ නම් කෙටි කතා සංග්‍රහයයි.
කන්ද උඩ ගින්දර
සෙල්ලම් නිරිඳු ලෙසින් ප්‍රකට වූ කුන්ඩසාලේ කුමාරයා රාජාවලියේ හමුවන අවසන් සිංහල රජු වේ. ඒ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුය. එතුමාගේ ජීවිතයෙන් එක්තරා කාල පරිච්ඡේදයක් මෙම කෘතියට පසුබිම් වී තිබේ. ඒ කාලයේ රජු වටා සිටි චරිත අතර ප්‍රමිලා දේවිය, දස්කොන් අදිකාරම, මොණරවිල කුමාරිහාමි, කැප්පෙටිපොළ මහ නිළමේ, රම්මොලක මහ අදිකාරම, වැලිවිට සරණංකර හිමි ආදී ඓතිහාසික චරිත රැසක් සමග නිර්මාණාත්මක ලෙසින් ප්‍රබන්ධ කොට ඇති ඓතිහාසික නවකතාවකි. ප්‍රවීණ කලාවේදී ජැක්සන් ඇන්තනී මහතාගේ පළමු නවකතාව වන මෙය පාඨක මනස ඇදබැඳ ගැනීමට සමත් වූ භාෂා ශෛලියකින් සමන්විතය.
ඇදහිය නොහැකි සත්‍ය කතා
එදිනෙදා ජීවිතයේ දී අපට අසන්නට ලැබෙන ඇතැම් සිදුවීම අදහා ගත නො හැකි, විස්මය ජනක දෑ වලින් පිරී පවතී. ලක්බිම පුවත්පතේ රිද්ම අතිරේකයට කතුවරයා විසින් සතිපතා ලියන ලද එවැනි විවිධ කතා රැසක් එකතු කරමින් මෙම කෘතිය සම්පාදනය කොට තිබේ.
BUY EBOOK VERSIONදුවකගේ කඳුළු
රුචිරා සුරංගී ද අල්විස් විසින් සම්පාදිත ‘දුවකගේ කඳුළු’ කෘතිය ලක්බිම පුවත්පතේ සතිපතා පළ වූ ලිපි මාලාවක එකතුවකි. නීතියෙන් වෙන් වූ දෙමාපියන් හිමි දැරියක්, තම ජීවිතයේ අනේක විද දුක් දොම්නස් හමුවේ ඒවාට මුහුණ දුන් අන්දම මේ කෘතියෙන් විස්තර කෙරේ. මෙහි ඇති සියලු දේ කතුවරියගේ පෞද්ගලික අත්දැකීම් වේ. ජීවිතයේ විවිධ ගැටලු හමුවේ ඉක්මන් තීරණ ගන්නට සිතන සියලු කාන්තාවන්ට මේ කෘතියෙන් ලබා දෙන්නේ ජීවිතය දින්නනට අවශ්‍ය අත්වැලකි.
BUY EBOOK VERSIONසසර
ටී.බී. ඉලංගරත්න සූරීන් විසින් ලියන ලද ‘සසර’ නවකතාව තුළින් අනුන්ගේ යහපත උදෙසා පරාර්ථකාමීව කාලය යොදවූ ස්වකීය සමාජ දර්ශනය පිළිබිඹු කිරීමට කතුවරය උත්සාහ කරයි.
BUY EBOOK VERSION
There are no reviews yet.