Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 955-551-100-4 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
![10185167](https://mdgunasena.com/wp-content/uploads/2023/03/10185167.jpg)
![10185167](https://mdgunasena.com/wp-content/uploads/2023/03/10185167.jpg)
හාදුව
රු600.00
Price Summary
- රු600.00
- රු600.00
- රු600.00
ලෝකයට මෙතෙක් පහළ වී ඇති අතිශූර කෙටි කථා කරුවන් තිදෙනා ගෙන් කෙනෙකු වන අන්තොන් පව්ලොවිච් චේහෆ් ගේ ශ්‍රේෂ්ඨ කථා දහයක් මේ සංග්‍රහයට ඇතුළත් ය. මේවා අතර චිර ප්‍රසිද්ධ “හාදුව”, “ඉඕනිච්”, “ගුසේෆ්”, “කලා කරුවෙකු ගේ කථාව”, “කටු ඇඹිල්ල” හා “පළගැටියා” නමැති කථා ඇත. පාලිතයන්ට මෙන් ම පාලකයන්ට ද පීඩකයන්ට ද එක සේ අනුකම්පා කළ චේහෆ් ගේ මේ කථාවලින් මධ්‍යම පාන්තිකයන් ගේ ජීවිතවල ඛේද වාචකය අනාවරණය වෙයි.
Notify me when item is back in stock.
Be the first to review “හාදුව” Cancel reply
Related Products
නිල් දියමන්තියේ අබිරහස
Sir Arthur Conan Doyle ගේ “Sherlock Holmes Detective Stories” හී ඇතුළත් කතා කීපයක් ඇසුරින් මෙම ” නිල් දියමන්තියේ අබිරහස සහ ෂර්ලොක් හෝමිස් කතා “කෘතිය සකස් කර ඇත.
Sri Arthur Conan Doyle නමැති එම විශිෂ්ට ලේඛකයා කලකට ඉහත රචනා කළද ෂර්ලොක් හෝමිස් කතාවන් වත්මන් පාඨක පිරිස් අතර ද අතිශයින් ජනප්‍රිය ය. ඉතා ආශාවෙන් කියවා රස විදිය හැකි ඔහුගේ “Sherlock Holmes Detective Stories” හි අඩංගු කතාවලින් හතරක අනුවාදයන් මෙම පොතට ඇතුළත්ය.
බැතිමතාගේ අසිපත
සටන්කරුවා තමන් සමඟගෙනයන්නේ නවතම ප්‍රභේදයයි .
සත් වන පරම්පරාවයි . නොනැවත්විය හැකි එකයි . කිසිදු දෙයක් කරන්නට පෙර ආසාදනය වන්නා වූ එකයි . සටන්කරුවා එය මුදා හරිනු ඇත . වසංගතය බටහිර අර්ධගෝලය පීරා , අතුගා දමනු ඇත . එහි පැතිරීම සමුදුරෙන් වැළැක්වෙනු ඇතැයි ඔහු සිතුවේද ? නැතිනම් ඔහුගේ මේ ආගමික උමතුව නිසා ඔහු එය
|
පෙරදා යුවතිය
වන් ෆෝල්ගේට් වීදියේ පරිපූර්ණත්වය පිරුණු ලෝකයට ඇතුළු වන්න…නමුත් ඔබට එහි මිල ගෙවිය හැකි ද? ජේන්ට ජීවිත කාලයටම නොලැබෙන ආකාරයේ අපූරු ගනුදෙනුවකට මග පෑදෙයි: ඒ ප්රබුද්ධ ගෘහ නිර්මාණ ශිල්පියකු විසින් නිර්මාණය කරන ලද සරලතාවයේ උපරිමයට ගිය කුලී නිවසක ජීවත් වීමේ අවස්ථාවකි. එහෙත් ඊට පෙර ඈ කොන්දේසි පත්රයකට අත්සන් තබා අමුතු ආකාරයේ සම්මුඛ පරීක්ෂණයකටත් මුහුණ දිය යුතු ය.
විවාහකයා
මෙය විසිවන සියවසේ මුල් භාගයේ දී ඉංග්‍රීසි ප්‍රබන්ධ සාහිත්‍ය ලෝකයෙහි මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූ ඩී.එච්.ලෝරන්ස්ගේ චරිතාපදානය සහ ඔහුගේ නිර්මාණ පිළිබදව අල ගිය තැන්, මුල ගිය තැන් ඉතා සියුම් ලෙසත්, විචාරශීලීවත් විමර්ශනය කරමි බ්‍රෙන්ඩා මැඩොක්ස් නම් ලේඛිකාව සම්පාදනය කළ ‘The Married Man’ නම් කෘතියේ සිංහල අනුවාදයයි.
හෙළදිවෙහි වසර එකොළහක්
මෙම කෘතිය තුළින් මේජර් ෆෝබ්ස් වෑයම් කොට ඇත්තේ ලංකාවේ පැරණි ඉතිහාසය පුළුල් ලෙස විස්තර කිරීමට යි. ඒ නිසා ම ඔහු දැනුවත් ගවේෂණාත්මක කාර්යයක යෙදී සිට ඇත.ඒ අතරේ ඔහු අලි දඩයමට ද එක්ව තිබේ.මේ කෘතිය ඉවසිල්ලෙන් කියවන පාඨකයෙකුට ලංකා ඉතිහාසය පිළිබඳ මහත් දැනුමක් මෙන්ම සතුටක් ද ලැබෙනු ඇත.
දූවිලි දේදුන්න
මට නොනවතින අතීසාරය වැලදී තිබිණි. ගස් මට උපකාර කරවී යැයි සිතුවද,පේනතෙක් මානයක ගසකුදු නොවිය.අප සිටි කුටියෙහි කවුළුව පිහිටියේ ඉහළිනි.උස බැවින් අහස පෙනුණද,ගහකොළ දැකගත හැකි නොවිය.එසේ වුවද,ගස් දකින්නට නොලැබීම ගුල්වාරිට ප්‍රශ්නයක් නොවීය. සිය ගෝත්‍රික ආදිතමයා වන ඩිංගෝ
පෙරටු කරගෙන ගස් පැමිණෙමින් සිටින බව පවසන්නට එක් රාත්‍රියකදී ඔහු මා අවදි කළේය.”කොයි මොහොතෙ හෝ ඔවුන් මෙහි එනවා.”යැයි මගේ කනට කෙදිරු ඔහු අතීසාරය
සුව කිරීමට අද්භූත බලයක් ඇති ශාක ගණනාවක නම් කෙදිරුවේය.යහපත් ගෝත්‍රික වෙදැදුරෙකු අතෙහි මිනිසෙකු රෝගයකින් පීඩා විදින්නේ අහම්බෙන් බව දැන සිටි හෙයින්,මා වනාන්තරයේ සිටින්නේ නම් ශාක මා සුවපත් කරාවි යන සිතුවිල්ලෙන් මම නින්දට වැටුණෙමි. පසුදා පාන්දර
මා අවදි වූ කල දුටුවේ, ගුල්වාරි බෙණ සෑදුණු විශාල ගසක් කොන්ක්‍රීට් පොළොව මත අදිමින් සිටි බවය.
සකුන්තලා
මහාකවි කාලිදාසයන්ගේ සකුන්තලා පරිවර්තන කෘතියකි
ඔබ මට තරුවකි
දිගු අතකුරු වලින් ලියැවී තිබුනේ එයයි.ඒ සටහනේ අරමුණ කුමක්දෑයී තෝරා ගත නොහැකි වූ ඔහු සිතීම පසෙක තබා අතැති කාඩ්බෝඩ් පෙට්ටිය වීවෘත කළේය.
සිතට ආහාර
පූජ්‍ය අචාන් චා හිමියන්ගේ’Foods for the Heart’ නමැති ග්‍රන්ථයේ සිංහල අනුවාදය.
ගිගිරි හඬේ අබිරහස
යුරෝපයේ සංචාරයක නියැලෙන රොබ් ට්‍රේංටන් හට ලින්ඩා කැරල් නම් තරුණියක හමුවේ.සංචාරය අවසානයේ ලින්ඩාගේ මෝටර් රථය රැගෙන සිය නිවස කරා ගමන් කිරීමට රොබ්ට අවස්ථාව උදා වන්නේ අහඹු ලෙසිනි.එලෙස පිටත් වන තරුණයා හට මුහුණ දීමට සිදුවන්නේ නොසිතූ විරූ සිදුවීමකටය.මේ ඒ ත්‍රාසජනක කතා පුවතයි.
රෙබෙකා
|
දෙදෙව් දනව්ව් (DEDEW DANAWWA)
1947 වසරේ දී ඉන්දියාව හා පකිස්ථානය වෙන්වීම බිතාන්‍යයන් විසින් ප්‍රකාශ කළ කාල වකවානුව මෙම කෘතියට පසුබිම වේ. මෙහි කෙටිකතා, පුජකයන්ගේ හා මැරයින් ගේ ග්‍රහණයට යටවු දිල්ලියේ ජනාකීර්ණ මුඩුක්කු තුළින් මතුවන ජාතිවාදයේ බිහිසුණු කම පඨකයා වෙත ගෙන එයි.
Recently Viewed
ගමෙන් උපන් කතා
විමුක්තිය පතා සිංගප්පූරුව දෙසට හැරුණු ජනතාව අද විමුක්තිය පතා යළි ගම දෙසට හැරෙමින් සිටිති. ගම සිංගප්පූරුවට වඩා සිය දහස් ගුණයකින් සුන්දර බව මේ කෘතිය පෙන්වා දෙයි. එපමණක් නොව යමෙකුට මේ රට සිංගප්පූරුවක් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා මාවත වැටී ඇත්තේ ද ගම ඔස්සේ බව මේ කෘතිය පෙන්වා දෙයි. මිහිබට සුරපුර වනාහී ගමට තවත් නමක් බව මේ කෘතිය පෙන්වා දෙයි. එලෙසම යම් ලේඛකයෙකුට සුන්දර භාෂාවක් හිමිවන්නේ ඔහුට පැවසීමට සුන්දර අත්දැකීම් ඇත්නම් පමණක් බව ද මේ කෘතිය පෙන්වා දෙයි.
There are no reviews yet.