Authors | |
---|---|
Cover | Soft Cover |
Language | Sinhala |
Pages | 44 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
ඕගන් පුහුණුව -2
රු150.00
Price Summary
- රු150.00
- රු150.00
- රු150.00
වර්තමානයේ ආධුනික වාදකයන් වැඩි දෙනෙක් වඩා කැමති නව පරපුරේ ජනප්‍රිය ගීත වාදනය කිරීමටය. එම නිසා මෙම කෘතියෙන් නව පරපුරේ ජනප්ප්රියම ගීත කිහිපයක් ප්‍රස්තාර ගතකොට ඇත.
විශේෂයෙන්ම ආධුනික වාද්‍ය කණ්ඩායම් වල පුහුණුවීම් සඳහා මෙය අත්වැලක් වනු ඇත.
පෙරදිග ප්‍රස්තාර ක්‍රමයට අනුව ඉංගීසි ප්‍රස්තාරයක්ද සෑම ගීතයකටම ඉදිරිපත් කර ඇති අතර කෝඩ්ස් යෙදෙන ආකාරයද වෙනම ප්‍රස්තාර ගතකොට ඇත.
Notify me when item is back in stock.
Be the first to review “ඕගන් පුහුණුව -2” Cancel reply
Related Products
ඉගෙන ගමු වයන හැටි තබ්ලාව
ඉගෙන ගමු වයන හැටි තබ්ලාව යනු සංගීත භාණ්ඩ වාදනය පිළිබඳ පිළිබඳ ලියැවුණු පොත් මාලාවක මුලින්ම එළිදකින කෘතියයි. මෙහි සම්පාදකවරයා වන්නේ අප රටෙහි දක්ෂ මෙන්ම ජනප්‍රිය තබ්ලා වාද්‍ය ශිල්පියකු වන වාද්‍ය විශාරද, ලලිත කලාශූරී, සංගීත අධ්යක්ෂ මනෝජ් පීරිස් මහතාය. තබ්ලා වාදනය හදාරන සියලු දෙනාට ප්‍රායෝගික දැනුමක් ලබා ගත හැකි පරිද්දෙන් මේ කෘතිය සම්පාදනය වී තිබේ.
BUY EBOOK VERSIONWestern Music Theory Work Book Two
Western Music Theory Work Book 2
ලස්සන මල් පිපිලා
විශාරද නන්දා මාලිනී ප්‍රවීණ ගායිකාව විසින් දැනට වසර ගණනාවකට පෙර ගයන ලද ළමා ගීත දහයක් මෙසේ කෘතියක් ලෙස ප්‍රකාශයට පත් වේ. නිවැරදි ළමා ගීත කලාවක් නොමැති වර්තමාන පරපුර වෙනුවෙන් මෙම කෘතිය දායාද කෙරෙන්නේ එම ගීතවල ස්වර ප්‍රස්ථාර සහ ඇගේ හඬින්ම නව සංගීත සංයෝජනයකට අනුව ගැයුණු එම ගීත ඇතුළත් සංයුක්ත තැටියක් ද සමගිනි.
ප්‍රස්තාර සහිත ළමාගී
මෙම කෘතියෙහි අන්තර්ගතය වන්නේ එදා 1925 වකවානුවෙන් ආරම්භ වු ශ්‍රී ලංකා ගුවන් විදුලියෙන් ඇසීමට ලැබුණු ජනප්‍රිය ළමා ගීත වල ස්වර ප්‍රස්තාර සහ ගීතයන් ය. මෙහි දක්නට ලැබෙන ප්‍රස්තාරයන් එදා අසන්නට ලැබුණු ළමා ගීතවල නිවැරදි ප්රස්තාරයන්ම වේ.
ගී මියැසිය-3
වර්තමාන තරුණ පරපුර වාදක කණ්ඩායම් බිහිකර ගැනීමට දක්වන්නේ අසීමිත ආශාවකි. නමුත් බොහෝ දෙනෙකුට සංගීත පංතියක් වෙත ගොස් සංගීතය හැදෑරීම අසීරුය. එම නිසා සංගීතය හදාරන තරුණයන් හට ගී මියසිය පොත් පෙළ ඉදිරිපත් කරමි. හැකියාවක් ඇත්නම් ඔබට තනිවම වුවද මෙම ගීත ප්‍රස්තාරය පුහුණුවිය හැකි වුවත් ගුරුවරයකු නොමැතිව සංගීතය වැනි විෂයක් හැදෑරීමට පහසු නොවන වගද අමතක නොකරන්න.
මෙම ගීත වල පෙර වාදන හා අතුරු වාදන පෙරදිග ප්‍රස්තාර ක්රමයටත් සම්මතයෙන් බැහැරවු නව ක්රමයටත් සකසා ඇත.
ගිටාර් පුහුණුව – 4
වර්තමානයේ ආධුනික වාදකයන් වැඩි දෙනෙක් වඩා කැමති නව පරපුරේ ජනප්‍රිය ගීත වාදනය කිරීමටය. එම නිසා මෙම කෘතියෙන් නව පරපුරේ ජනප්ප්රියම ගීත කිහිපයක් ප්‍රස්තාර ගතකොට ඇත.
විශේෂයෙන්ම ආධුනික වාද්‍ය කණ්ඩායම් වල පුහුණුවීම් සඳහා මෙය අත්වැලක් වනු ඇත.
පෙරදිග ප්‍රස්තාර ක්‍රමයට අනුව ඉංගීසි ප්‍රස්තාරයක්ද සෑම ගීතයකටම ඉදිරිපත් කර ඇති අතර කෝඩ්ස් යෙදෙන ආකාරයද වෙනම ප්‍රස්තාර ගතකොට ඇත.
දේශාභිමාන ගී
නුතන සිංහල ගීත රසිකයා පමණක් නොව පාසල් සිසුන් තුළද දේශාභිමාන ගිත ගැන ඇත්තේ පටු ආකල්පයකි, ජාතික මමත්වය, වීරත්වය, අපේකම මතුකරන දේශාභිමාන ගීත කිහිපයක්ම මෙම ග්‍රන්ථයේ ඇතුළත්ව තිබීම ඉතාම වැදගත්වේ.
මලක් වුණේ ඇයි නුඹ මට
ප්‍රවීණ ලේඛකයකු සහ කෘතහස්ත මාධ්‍යවේදියකු වන සමන් අතාවුදහෙට්ටි විසින් රචනා කරන ලද ජනප්‍රිය ගීත ගණනාවක් වෙයි. එමෙන්ම මෙතෙක් නො ගැයුණු ඒවා ද ඒ අතර වෙයි. අප කාලයක් තිස්සේ රස විඳි අමරසිරි පීරිස් ගයන මලක් වුණේ ඇයි නුඹ මට, සුනිල් එදිරිසිංහ ගයන කවුරුන්ද ඔබ මගේ, අමරසිරි පීරිස් ගයන ඉරි තැළුණු වලා, ගුණදාස කපුගේ ගයන කවුරුත් එන්නැති කවුරුත් දන්නැති ආදී බොහෝ ගීතවල රචකයා ඔහු ය. මෙම කෘතිය ඔහු විසින් රචනා කරන ලද සියලු ගීතවල එකතුවකි.
රුසිරු ස්වර අසිරිය
සෑම සංස්කෘතියකම පාහේ සංගීතයට හිමි වන්නේ ඉතා විශේෂිත වූ ස්ථානයකි. එයට ඉතාම වැදගත් අංගයන්ගෙන් පූර්ණ වූ දීර්ඝ ඉතිහාසයක් ඇත. පෙනෙන විදිහට මැදපෙරදිගින් ආරම්භව විවිධත්වයෙන් යුතුව එය මුළු ලොවටම ව්‍යාප්ත වී ඇත. එම ඉතිහාසගත ව්‍යාප්තියට මූලිකම හේතුව වන්නේ එහි ගැබ්වී ඇත බලය හා ශක්තියයි.
තල මල පිපිලා
සුන්දරත්වයෙන් පරිපුර්ණ වුවද සිංහල සමාජයෙහි තලමල පිපිම විනාශයේ සංකේතයක් ලෙස සැලකේ, ඒ සියුම් සංකේතය මෙරට සමාජයේ පුරා මඩු දිවූ පිලිලයක තරම වේදිකාව මත අතිශය රමණිය ලෙස තලමල පිපිලා නාට්‍ය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සන්ධිස්ථානයක් බවට පත්ව තිබේ.
සුනිල ගී රස විනිය
ගීතය, නූතන කාලංගයන් අතර ජනප්‍රිය ම කලාවයි. එය, ගේය කාව්‍ය රචකයා, සංගීත රචකයා, එහි ගායනා ශිල්පියා – ශිල්පිනිය ගේ ප්‍රතිභාව එක්තැන් කළ සාමුහික කලාවකි.ඕනෑම කලාවක් ජනප්‍රිය වන්නා හා ම ඊට ප්‍රතිලෝමී ව එහි ගුණාත්මක පක්ෂය පිරිහෙයි. නූතන ගීතය ද අද මුහුණ පා ඇත්තේ එකී දුර්දශාවටයි.
Recently Viewed
ස්කාලට්
ස්කාලට් බෙන්වාගේ අත්තම්මා අතුරුදහන් වී ඇත. පොලීසිය ඒ ගැන දැමූ පැමිණිල්ල විභාග කිරීම නවතා දමා ඇත. ස්කාලට්ට උදවුවක් ගැනීමට සිටින එකම කෙනා ඇය විශ්වාස නොකරන වීදි සටන්කරුවකු වෙන වුල්ෆ් නමින් හැඳින්වෙන්නාය. ඇය ඔහු විශ්වාස නොකළත් ඔවුන් දෙදෙනා එකිනෙකාට ආකර්ෂණය වීම සිදු වෙයි. මේ අතරතුර නව බීජිංවල සිටින සින්ඩර් දුෂ්ට ලවානා රැුජිනට වඩා පියවරක් ඉදිරියෙන් සිටිමින් සිරෙන් පැන යෑමත් සමග ඇය නැගෙනහිර නිදහස් රාජ්‍යයට වඩාත්ම සොයා ගන්න ඕනෑ කරන පලායන්නා බවට පත් වෙයි. ස්කාලට් හා වුල්ෆ් එක අබිරහසක සුල මුල සොයා ගැනීමත් සමග ඔවුන්ට සින්ඩර් හමුවීමත් අලූත් අබිරහසක් ගැන දැන ගන්න ලැබීමත් සිදු වෙයි. කයි කුමාරයා තමන්ගේ සැමියා, රජු හා සිරකරු බවට පත් කර ගැනීම සඳහා ඕනෑම දෙයක් කිරීමට සූදානමින් ඉන්නා දුෂ්ට ලවානා රැුජිනට ඔවුන් එකතු වී අභියෝග කළ යුතුයි.
බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර 10 ශ්‍රේණිය සිංහල භාෂාව හා සාහිත්‍යය පළමු – දෙවන – තෙවන වාර පරික්ෂණ
බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර 10 ශ්‍රේණිය සිංහල භාෂාව හා සාහිත්‍යය පළමු – දෙවන – තෙවන වාර පරික්ෂණ
Easy To Colour – Smart Learning Series
Easy to Colour is one of the books in the Coloring Book series published under the Gunasena Smart Learning series.
බුද්ධ ඇදහිල්ල
සූත්‍ර, ව්නය, අභිධර්මය යන දැන ඉගෙනගැනීමට තරම් ධාරණ ශක්තිය හා ඥාන ශක්තිය ඇති අය අප අතර විරලය. ඒ අඩුපාඩුව පිරිමසාලීම සඳහා බෞද්ධ වූ හැම දෙනාටම නිතර දෙවේලේ මේ ග්‍රන්ථය පරිශීලනය කළ හැකි ය.
Space Encyclopedia
The universe is bigger than you can ever imagine and it is full of fascinating facts that will astound you! This Space. Encyclopedia is your guide to the infinite wonders of outer space. Browse through the pages and know more about galaxies, planets, stars and much, much more!.
4 ශ්‍රේණිය පරිසරය වැඩපොත
පෙළගැස්ම..
- අපේ යහපැවැත්ම
- අපි ලක්වැසියෝ
- පැළෑටි හා ගස්වැල්
- අප අවට සත්තු
- අප පරිහරණය කරන දේ…යනාදිය.
උරුමය 2 – වැවේ වගතුග
වැව ශ්‍රී ලාංකික වාරි සංස්කෘතියේ හදවත යි. එම හදවතේ ස්පන්දනය අනුව වාපී සංස්කෘතියේ නාඩි වැටෙයි. එහෙත්, අද දවසේ ජීවත්වන අපේ දූ දරුවන්ට ඒ පිළිබඳ ඇති අවබෝධය අඩුයි.
“වැවේ වගතුග” මගින් එම අතීත උරුමයේ හෘද ස්පන්දනය කෙසේ ක්‍රියා කළේ දැයි වටහා දීමට වෑයම් කළෙමු. මෙහි සඳහන් වන්නේ අදින් අඩසියවසකට පමණ පෙරාතුව රජරට හා හත් කෝරලයේ වාපී සංස්කෘතියේ මූලික තොරතුරු ය.
අනතතා සහ නිබබාන ( Anatta and Nibbana )
අනතතා සහ නිබබාන ( Anatta and Nibbana )
ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – මරණීය උගුල
සර් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද සුප්‍රකට ෂර්ලොක් හොම්ස් රහස් පරීක්ෂණ කෙටි කතා 56න් එකක් වන The Adventure of Norwood Builder හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙසේ ප්රකාශනයට පත් වෙයි.
Life Without Limits
Born without arms or legs, nick vujicic overcame his disabilities to live an independent, rich, fulfilling, and “ridiculously good” life while serving as a role model for anyone seeking true happiness. Now an internationally successful motivational speaker, nick eagerly spreads his message: the most important goal is to find your life’s purpose and to never give up, despite whatever difficulties or seemingly impossible odds stand in your way.
සයුරු කුරුල්ලෝ
තෙදිනක් පුරාවට එක සීරුවට ඇද හැලුණු වර්ෂාවෙන් පසුව හිරු එළිය පොළවට පතිත වුයේ කම්මැලිකමිනි. එහෙත් තෙතබරිත පරිසරය උණුසුම් කරන්නට එම හිරු එළිය සමත් විය.
මාතර වෙරළ තීරය පාළුවට ගොස් තිබුණේ එම කාලගුණය විනෝදකාමීන්ට පිටතට පැමිණීමට ආරාධනා නොකළ නිසාය.
ඕෂධී බංකුවක වාඩි වී මුහුද දෙස බලා සිටියාය. ඇගේ හොදම මිතුරිය නටාෂාගේ පෙම්වතා වන බිමල් සේවය කළේ මාතර නගරයේය. සමහර සති අන්තවල ඔහු නටාෂා දැක බලා ගැනීමට කොළඹට පැමිණි අතර, ඇතැම් දිනෙක නටාෂා ද මාතරට පැමිණියාය. ඇගේ තනි නොතනියට පැමිණියේ ඕෂධීය.
ඇගේ තනි කර, නටාෂා හා බිමල් කතා කරමින් වෙරළ තීරය දිගේ ඇවිද ගියත් ඕෂධීට පාළුවක් නොදැනිණි. මුහුදට බොහෝ සේ පෙම් කළ ඇයට එදෙස බලාගෙන පැය ගණනක් වුව කම්මැලිකමකින් තොරව සිටින්නට හැකියාව තිබිණී. වේලාව උදෑසන එකොළහ වුවත් තද අව් රශ්මියක් නොමැති වීම ගැන හිරුට ස්තූතිවන්ත වූ ඇය බංකුවෙන් නැගිට සෙමින් රළ බිදෙන සීමවට ළං වූවාය.
ඇද සිටි ඩෙනිම් කලිසමේ කකුල් දණහිස තෙක් නමා ගත් ඇය මුහුදු රළට ඇගේ දෙපා සෝදාගෙන යන්නට ඉඩ දුන්නාය.වර්ෂාව නිසාවෙන් මුහුදු රළ චණ්ඩ වී තිබිණි.රළ පහරක් වෙරළට පැමිණ මුහුදට ගියේ ඇගේ නමා තිබු කලිසම ද තෙමාගෙනය. ඇය තනිවම සිනාසෙමින් රළ බිදෙන සීමාව ඔස්සේ සෙමෙන් ඉදිරියට යන්නට වූවාය.
රසායන විද්‍යා ධාරණ සිතියම් – රසායන විද්‍යාව මතක තබාගැනීමේ අතිප්රබල ක්‍රම
උසස් පෙළ රසායන විද්‍යාව විෂය නිර්දේශයට අයත් වන අත්‍යවශ්‍ය විෂය කරුණු සියල්ල, එනම් අනිවාර්යයෙන්ම මතක තබා ගත යුතු විෂය කරුණු සියල්ල ඉතා ප්‍රබල ලෙස මතක තබා ගැනීමට ආධාර වන සුපිරි මතක සංකීර්ණ මූලධර්මවලට අනුව සකස් කළ ධාරණ සිතියම් එකතුවකි.
කුමාරොදය 2 ශ්‍රේණිය
අඩසියවසකට අධික කාලයක් මුළුල්ලේ ජාතියේ දරුවන්ට සිංහල භාෂාව ප්‍රගුණ කර වූ ඇල්. ඇස්. ඊ. අමරරත්න මහතාගේ කුමාරොදය පොත් පෙළෙහි 2 වැන්න මෙයයි. යුගයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් මහාචාර්ය කුසුමා කරුණාරත්න ප්රමුඛ විද්වත් මණ්ඩලයක උපදේශකත්වයෙන් සංස්කරණය වී තිබේ.
BUY EBOOK VERSIONTop Word Search Book – 2
This is an indispensable book for those seeking hours upon hours of enthralling entertainment that also boosts, tests and refreshes one’s vocabulary. Keep your mind active and your intellect sharp with the 72 gigantic word grids inside and the hundreds of scintillating terms they contain from across genres. if you find yourself wanting more, we have 4 other equally addictive books in this series – Top world Search.
There are no reviews yet.