Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-624-204-077-6 |
Language | Sinhala |
Pages | 427 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
කුර හඬෙකි වියැකෙන
රු1,700.00
Price Summary
- රු1,700.00
- රු1,700.00
- රු1,700.00
නොදන්නා අතීතයක ඉඳන් තවලමක් ගව් යොදුන් දුර ගමන් කරන්නේ චාරිත්‍ර වාරිත්‍ර කැටුවය. මොවුහු අනුන්ගේ බත් පතක් රස ගන්වන ලුණු කැටයක් උදෙසා හත් අට මාසයක් අව්, වැසි, පිනි, නියඟ, ගංවතුර, සොර, සතුරු, මර බිය නොතකා, ලෙඩ දුක් නොසලකමින් කඳු හෙල්, ගංගා පසුකරමින්, දෙපයේ වීරියෙන් ඇවිද එති. රුදුරු වන සතුන් හා ගැටෙති. නපුරු විසකුරු සපුනට ගොදුරු වෙති. ඔවුන් ආපසු යන ගමනේ දී ද එබඳුම දුරක් ගෙවිය යුතුය. එබඳුම දුකක් අත්විඳිය යුතුය. බොහෝ විට ඔවුන් එනවා මිසක් ආපසු යන ගමනක් ගැන විශ්වාසය තබනු අසීරුය. එය හරියට මුහුදෙත්, අතුරෙත් යන ගමනක් වැනිය. ගිනි කාස්ටක අව්වේ හෙවණක හව්හරණයක් නැතුව රත්වුණු යවටක් බඳු ලුණු මිදුණු ලියැදිවලට බැස ගෝණිවලට ලුණු පැටවීම පණපිටින් අපාගත වන වැඩකි. මිදුණු ලුණු තට්ටුව යකඩ ඉණිවලින් ඇන කඩද්දී ලුණු කැට විසිරෙන්නේ බිඳුණු වීදුරු කැබලි වගේය. වාන් පතුල් දාගෙන හිටියත් යටි පතුල් කැපී ගලන ලෙයින් ධවල ලවණ තලාව රත් පැහැ ගනී. එවිට ලුණු කඩන, ගෝනිවලට අසුරන කම්කරුවන් පෙනෙන්නේ හරියට පන්සලේ විහාර මන්දිරයේ බිතු සිතුවම් තුළින් හමුවන අජාසත්ත පුතා විසින් පතුල් පළා ලුණු දමන බිම්බිසාර තාත්තලා වගේය. මේ හැම කුලීකාරයෙක්ම රජවරු වෙන්න සියලු සුදුසුකම් සහිත බිම්බිසාර තාත්තලාය. එහෙත් සංසාරගත යම් කරුම දෝෂයක් නිසා මේ වගේ පණපිටින් අපාගත කුලී කුරක්කමකට, ලුණුත් එක්ක දියව යන කරුම ජීවිතයකට ඔවුහු ගොදුරුව සිටිති.
Be the first to review “කුර හඬෙකි වියැකෙන” Cancel reply
Related Products
සිංහලේ අවසන් රජදහන
කැප්ටන් එල්මෝ ජයවර්ධනයන්ගේ The Last Kingdom of Sinhalay කෘතියේ සිංහල පරිවර්තනය ‘සිංහලේ අවසන් රජදහන’ නමින් ප්‍රේමසිරි මාහිංගොඩ විසින් මෙසේ පිළිගන්වයි. අප රට අවසන් රාජධානිය වූ මහනුවර යුගය ඇසුරින් මෙය ලියැවී තිබේ.
Awurudu Thegi
ලෝක ප්‍රකට ප්‍රවීණ ළමා කතා රචිකාවියක වූ සිබිල් වෙත්තසිංහයන් විසින් නිර්මාණය කරන ලද පොතකි. සිංහල අලුත් අවුරුදු දිනෙක දුන් තෑගි පිළිබඳ කතාවක් මෙහි ඇතුළත් වේ.
BUY EBOOK VERSIONසක්කාරං
මෙරට වැඩවසම් සමාජය හා බැඳුණු රාජකාරී ක්‍රමය සමග ඈඳුණු
ලිංගික සූරාකෑම පිටුදැක රාජකාරිය සිය දේවකාරිය කරගත් උතුම්
මිනිසුන් කොටසකගේ කතාන්දරයයි. ස්වර්ණ පුස්තක හා රාජ්‍ය
සාහිත්‍ය සම්මාන නිර්දේශිත කතාවකි.
අපූරු යාළුවෝ
1974 වර්ෂයේ විශිෂ්ටතම යොවුන් නවකතාව ලෙස රාජ්‍ය සම්මානය දිනූ මේ කෘතිය ලාංකීය යොවුන් කතා අතර ඉතා දිගු කාලයක් සහෘද මනදොළ සපිරුවකි. දරුවන්ගේ චින්තනය අති ප්රබලය. ඔවුන් රටේ සංවර්ධනයට මනාව උර දෙයි.
එකෝමත් එක දවසක
ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක් සහ ගී පද රචිකාවක් ද වූ දයා ද අල්විස් විසින් ඉරිදා ලක්බිම පුවත්පතේ ‘රිද්ම’ අතිරේකය සඳහා වසර තුනකට අධික කාලයක් තිස්සේ ලියන ලද ‘එකෝමත් එක දවසක’ තීරු ලිපි මාලාවේ එකතුවක් ලෙස මෙම කෘතිය සම්පාදනය වී තිබේ. මේ කෘතියෙහි ඇත්තේ බොහොමයක්ම ලේඛිකාවගේ පෞද්ගලික ජීවිත අත්දැකීම්ය. ගැහැනියක ලෙස ජීවිතයට මුහුණ දෙන්නේ කෙසේද යන්න ඇය සිය අත්දැකීම් ඔස්සේ විස්තර කරයි. මෙම කෘතියෙහිම දිගුවක් ලෙස ‘එකෝමත් එක දවසකට පස්සේ ’නමින් තීරු ලිපි එකතුවක් ද ඇය කෘතියක් ලෙසින් සම්පාදනය කොට තිබේ.
BUY EBOOK VERSIONකදඅරනි
අහිමි වූ ආදරයේ , තැවුල් පිරිපත මකන්නට නොව, අත්හැරුණු අබිමනේ ,මන් සලකුණු සොයන්නට , න යකුන් නොරිදා , නැගී ගුරුලෙකු පිට , අතීතයට පියාබන , ගිලිහුණු වැදී වංශයේ , පබළු එකිනෙක අමුණන මී පැණි සුවදින් පිරුන,ඒ පනියේ පහ තැවරුණු , වැඩි යුවතියකගේ , අරුමැසි කතාන්දරය වෙයි , කඩ අරනි.
ධරණී
” එතැන් සිට අවරුදු ගණනාවක් යනතුරු ඇය මගේ කොට්ටය යට හැම වෙලේම සිටි අතර අම්මා මට අසාධාරණ ලෙස බැණ වැදුණු හැම දිනෙකම, අර සුරඟනා කතාවේ දැරිය විදිහටම, ගෙයි පිළිකන්නේ තිබුණු ලී බැංකුව මත වාඩි වී ඇය ඉදිරීයේ මගේ පෑරුණු හදවත විවර කළෙමි. ඇය මා කියන කතා අසා සිටින බවටද, කිසියම් රහස් හඬකින් මගේ හිත සනසන වදන් කියන බවටද මට එකල විශ්වාසයක් තබිණි. නොඑසේ නම්, මම රෙදි බෝනික්කෙකුට පණ ලැබෙන එවැනි සිහින ලෝකයක සැරීසැරුවෙමි. “
ස්වයංජාත
මේ පවුලට කොහෙන්දෝ පාත් වූ විභූතිරත්න ඇත්තෙන්ම කවරෙක්ද ? ඔහු සිය පියපසින් ලැබූ ගති පැවතුම් හෝ නාමරූපාදී ලක්ෂණ හෝ කිසිවකුත් නැත්තෙකි.රූපය හැර අන් සියල්ලම ඔහු ලබා ඇත්තේ මව් පසිනි. ඇවතුම් පැවතුම් විසින් ඔහු තුල සපුරාම සිටින්නේ පබිලිනාහාමි නොවේද? එසේ නම් මේ අභූත රූපය ඔහුට ලැබුනේ යක්කුටිගල හිමියන්ගෙන් ද? නැතහොත්, ඒබරන් අප්පු කියන්නාක් මෙන් පබිලිනාහාමිගේ පරම්පරා රුධිරය තුළ සැඟවී සිටි ඇඟේ මීමුත්තෙකුගෙන්ද? එසේත් නැත්නම් ඔහු පබිලිනාහාමිගේ හද මනස ඇසුරු කොට උපන් ස්වයංජාත පුත්‍රයෙක් ද?
නන්ද හා සරණ
නන්ද හා සරණ සම වයසේ වූ පාසල් මිතුරෝය. නන්ද මහණ දම් පිරූ නමුදු සරණගේ මිතු දමින් ඈත් නොවිණි. පොඩි හාමුදුරුවන් නිසාවෙන් සරණ ද පන්සලේ ඇසුර නිරතුරු ලබයි. ඒ හේතුවෙන් ඔහුත්, වැරදි මාර්ගයේ ගිය ඔහුගේ පියාගේ දිවියත් යහමගට යොමුවෙයි.
BUY EBOOK VERSIONකන්ද උඩ ගින්දර
සෙල්ලම් නිරිඳු ලෙසින් ප්‍රකට වූ කුන්ඩසාලේ කුමාරයා රාජාවලියේ හමුවන අවසන් සිංහල රජු වේ. ඒ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුය. එතුමාගේ ජීවිතයෙන් එක්තරා කාල පරිච්ඡේදයක් මෙම කෘතියට පසුබිම් වී තිබේ. ඒ කාලයේ රජු වටා සිටි චරිත අතර ප්‍රමිලා දේවිය, දස්කොන් අදිකාරම, මොණරවිල කුමාරිහාමි, කැප්පෙටිපොළ මහ නිළමේ, රම්මොලක මහ අදිකාරම, වැලිවිට සරණංකර හිමි ආදී ඓතිහාසික චරිත රැසක් සමග නිර්මාණාත්මක ලෙසින් ප්‍රබන්ධ කොට ඇති ඓතිහාසික නවකතාවකි. ප්‍රවීණ කලාවේදී ජැක්සන් ඇන්තනී මහතාගේ පළමු නවකතාව වන මෙය පාඨක මනස ඇදබැඳ ගැනීමට සමත් වූ භාෂා ශෛලියකින් සමන්විතය.
Kakiyan
Captain Elmo Jayawardena’s latest book ‘Kakian’ is published as follows. Written in English, it contains, quite simply, the story of the ravens we often see. The raven is a nuisance to many, but the author sees it differently. This book describes very interestingly how he sees the life of a raven.
BUY EBOOK VERSIONවණ්ණ දාසි
ඒ ඉතා කටුක ජීවිතයක් ගෙවා යන්තම් ඔළුව ඔසවා ගැනීමට හැකිවූ මට මගේ අතීතය ගැන සැගවීමට හෝ ඒ ගැන ලජ්ජා වීමට වුවමනා නැති බවය එහෙත් තුවාලයේ වේදනාව දන්නේ එය තිබෙන පුද්ගලයා ය. යන ප්‍රකට කියමන මෙහිදී සිහිපත් කිරීමට කැමැත්තෙමි. ඇඟ විකුණු ගැහැනියකගේ දියණියක ව්‍යාපාරීක ලෝකයේ ඉහළට ම නැගීම ඔබට රස මවන පුවතක් වුවාට මට එය එසේ නොවේ. මේ තුවාලය මගේ ය. එය ඔබේ නොවේ. එහෙයින් එහි වේදනාව ගැන ඔබට විස්තර කිරීමේ පලක් ඇතැයි නොසිතමි.
Recently Viewed
දෙමළ (9 ශ්‍රේණිය )
දෙමළ (9 ශ්‍රේණිය )
කලියුගය
ග්‍රාමීය ජීවිතයත් ඉංගිරිසි අනුකාරක වෙස් ගත් නාගරික ජීවිතයත් සැබෑ ඉංගිරිසි වත පිළිබිඹු කරන එංගලන්ත පීවිතයත් යන මේ තුනෙහි ගැටෙන සිංහල පවුලක ආධ්‍යාත්මික තතු මෙන්ම බාහිර තතු ද පිරිසිඳ දකින නවකථාවකි. කලියුගය. අනුලා, පියල්, නන්දා, ඇලන් යන චරිතයන් මගින් සිදුවන යට කී සමාජ ස්ථර තුනේ ගැටුම පිළිබඳ පරිණාමය, කලියුගය නවකථාවෙහි තියුණු ලෙස නිර්මාණය වී තිබේ.
ගුණසේන පෙර පාසල් වැඩපොත – 2
පෙර පාසල් විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය වන සේ සම්පාදනය වූ මෙම වැඩපොත් පෙළ 1, 2 සහ 3 වශයෙන් පොත් 3ක් ලෙසට නිර්මාණය වී ඇත. වසරේ සෑම දිනකටම එක් අභ්‍යාසයක් බැගින් නිර්මාණය වූ මෙම පොත් පරිශීලනයෙන් දරුවාගේ ගණිත සංකල්ප දැනුම, හසුරු කුසලතා වර්ධනය මෙන්ම යහපත් ආකල්ප රෝපණය ද සිදු වෙයි. මේ, වසරේ දෙවන වාරය වෙනුවෙන් සම්පාදනය වූ ගුණසේන පෙර පාසල් පොත් මාලාවේ දෙවැන්නයි.
හීරා මණ්ඩි අභිසාරිකාවෝ
හීරා මණ්ඩි අභිසාරිකාවෝ හෙවත් ලාහෝරයේ නැට්ටුක්කාරියෝ පාකිස්තානයේ ලාහෝර් විනෝද දිස්ත්‍රික්කය හෙවත් රක්තාලෝක කලාපයේ ඩාන්සින් ගර්ල්ස් (නැට්ටුම්කාරියන්) වශයෙන් හඳුන්වන යුවතියන්ගේ ආදරය අලෙවිකීරිම හා සිහින සුරැකීම හා අදාළ කතාන්තරයයි. මෙය එම යුවතියන්ගේ ජීවිත පිළිබඳව, විශ්වවිද්‍යාලයීය කථිකාර්යවරියක වන ලුවිස් බ්‍රවුන් මහත්මිය විසින් කරන ලද පර්යේෂණ පාදක කරගෙන අමතක නොවන හා දයානුකම්පිත බැල්මකින් හෙලිකරන කතාවකි. (කතුවරියගේ විශේෂත්වය වන්නේ ඇය ලොව ප්‍රථම නළ දරුවා ලෙස උපත ලබා ඉතිහාසයට එක්වීමයි.)
මෙම නැට්ටුක්කාරියන් වාසය කරන්නේ ලාහෝරයේ මහ පල්ලියක සෙවනේය. 21 වෙනි සියවසේදී ඔවුහු පැරණි නගරයේ තාප්පවලින් පිටතට පැමිණෙති. ඔවුන්ගේ වෙළෙඳාම ගණිකා වෘත්තිය ලෙස නිරවද්‍යතාවයෙන් විස්තර කළ හැකි වුව ද එසේ නර්තනයේ යෙදෙන යුවතියන්ට කීර්තිමත් ඉතිහාසයක් ඇත.
ඔවුන්ට සුල්තාන්වරුන් විසින් දැඩි රුචිකත්වයක් දැක්වු අතර මෝගල් සංස්කෘතියේ හොඳම විදග්ධ සහ විචිත්‍ර සම්ප්‍රදායන් ඔවුන් සතු විය. වර්තමානයේ නූතන බොලිවුඩ් සෞන්දර්යය, එහි විචිත්‍රවත් සංදර්ශන, සංගීතය සහ නැටුම්වලට ආදරය කිරීම එම යුවතියන්ගේ දුරස්ථ උරුමයයි. එහෙත් මාහා හා ඇගේ දියණියන් තිදෙනා දැන් ගත කරන්නේ පම්පෝරි ගැසිය හැකි ජීවිතයක් නොවේ. ආගමික නායකයන් විසින් ඉවසා සිටින නමුත් ඔවුන්ගේ වැඩ කටයුතු ඉස්ලාමය මගින් තහනම් කර ඇති දේවල්ය. ඔවුන් ගණ්ජි (අපිරිසිදු) ලෙස සැලකෙන නමුත් මාහාට මෙන්ම ඇගේ දියණියන්ට ද එයින් ඉවත්විය නොහැකියි.
YOUNG LEARNERS PINOCCHIO
Reading books is a kind of enjoyment. Reading books is a good habit. We bring you a different kinds of books. You can carry this book where ever you want. It is easy to carry. It can be an ideal gift to yourself and to your loved ones.
Paper Ribbons Mix Mdap 73
Paper Ribbons Mix Mdap 73
ජ්‍යොකිෂ පර්යේෂණ හා නාඩි සිද්ධාන්ත
නාඩි ශාස්ත්‍රය යනු ඉන්දියාවේ විසූ පැරණි ඍෂිවරු විසින් තල් කොලවල ලියා ඇති අනාගත වාක්‍ය ලෙස හැඳින්වේ. ජ්‍යෝතිෂ පර්යේෂණ සඳහා මෙම ශාස්ත්‍රය භාවිත කරන අන්දම මෙයින් විස්තර කෙරේ.
හිමාලයානු යෝගී ස්වාමි රාමාගෙ නිල චරිතාපදානය – 2
හිමාලයානු යෝගී ස්වාමි රාමා හිමාලයේ හිමෙන් වැසුණු උස් කඳු ශිඛර අතර හැදී වැඩී කෛලාස කූටයේ පාළු ගල් ගුහා තම වාසස්ථාන කොට උග්‍ර තවුස් දම් වඩා මහා යෝග බල ඇති කර ගෙන බටහිර විද්‍යාඥයන්ට අභියෝග කොට හදවත, රුධිර සංසරණය හා නාඩි වැටීමත් ශ්වසනයන් නතර කොට ප්රාතිහාර්ය පෑ විස්මිත යෝගියෙකි.
Anny And Me
One day, an UGLY CATERPILLAR turns in to a BEAUTIFUL AND COLORFUL BUTTERFLY to make our nature a wonderful place.’
විසි වසක් වන්නියේ
වන්නි ජනයාගේ ගති පැවතුම්, සිරිත් විරිත් හා භාෂා විලාශය ඔවුන්ට පමණක් සීමා වී ඇත. මාස ගණනක් දිවා රෑ නොබලා වෙහෙස විද වගා කරගත් හේනක්, එක් රැයකදී වල් අලීන් වැද සම්පූර්ණයෙන් විනාශ කල හොත් ඔබට මොන අන්දමේ සිත් වේදනාවක් ඇති වෙයිද? එහෙත් ඔවුහු එය ස්වාභාවික සිදුවීමක් ලෙස සලකා ඔබ මෙන් සිත් වේදනාවක් ඇතිකර නොගැනීමට සමත් වෙති. වන්නි ජීවිතයේ අත්දැකීම් ඇසුරින් සකසා ඇති මෙම කෘතිය සුනිල් කුලරත්න මහතා ගේ රචනයකි.
ෂර්ලොක් හෝම්ස් වගේ හිතන්නේ කොහොමද?
” වොට්සන් මේ ලෝකයේ මිනිසුන් වර්ග තුනක් ඉන්නවා කියලා ලියනාඩෝ ඩිවින්චි වරක් කියලා තියෙනවා. පළමු වර්ගය තමයි දකින අය. දෙවෙනි වර්ගය තමයි අනිත් අය පෙන්නු වූ විට දකින අය. තුන්වැනි වර්ගය තමයි කිසිවක් නොදකින අය. ඒත් මම ඔය නම් වර්ග තුනටම අයත් නෑ මගේ හිතවත් මිත්‍රයා. “
” එහෙනම් ඔබ අයත් වන්නේ මොන වර්ගයටද හෝම්ස්? “” මම අයත් වෙන්නේ දකින අයත් නොදකින බොහෝ දේවල් දකින මිනිසුන් වර්ගයට “ ඔහු එහෙම කියලා වයලීනය අතට අරගෙන පුටුවේ දිගා වුණා.
- කළ හැකි දේවල් අතරින් කළ යුතුම දේ සිතිමේ හැකියාව
- ප්‍රශ්න නොකරන දේවල් ප්‍රශ්න කිරීමේ කලාව
- අනෙකා හිතෙන විදිය සිතා ගැනීමේ සෙල්ලම
- විශ්මිත විරාමයක් ගැනීමේ පුරුද්ද
- යමක් පුරුද්දක් වනතුරුම පුහුණුවීමේ වාසි
- සංකීර්ණ ගැටලු සරලව දැකීමේ රහස
There are no reviews yet.