Author Publication

Author Publication

(Showing 121 – 180 products of 460 products)

Show:

අ.පො.ස උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය – ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය

Highlights:

මෙම පොතේ 12 හා 13 ශ්‍රේණි වල ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදයට අදාළ විෂය කොටස් ඉතා සරලව හා ක්‍රමානුකූලව සාරංශයක් ලෙස පෙළ ගස්වා ඇත. එම සාරාංශය අධ්‍යනය කිරීමෙන් පසු සපයා ඇති බහුවරණ වලට පිළිතුරු සපයා දැනුම පරීක්ෂා කිරීමට අවස්ථාව දී ඇත. බහුවරණ සඳහා සපයා ඇති විවරණ අධ්‍යනය කිරීමෙන් ගැටලු පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගත හැක. පොතේ අවසාන පරිච්ඡේදයේදී මෙම විෂය පථයට අදාළව ප්‍රායෝගික පරීක්ෂණ කිහිපයක් ඉදිරිපත් කර ඇත.

DOREME – Grade 08 Theory of Western Music Work Book 3

Highlights:

DOREME
THEORY OF WESTERN MUSIC
Work Book 3
Grade 08
Based on The Government New Syllabus

DOREME – Grade 06 Theory of Western Music Work Book 1

Highlights:

DOREME
THEORY OF WESTERN MUSIC
Work Book 1
Grade 06
Based on The Government New Syllabus

Grade 09 English Language – Model Term Test Papers

Highlights:

රජයේ පාසල්වල ඉගැන්වෙන පන්ති පොතට හා විෂය නිර්දේශයට අදාලව මෙම ප්‍රශ්න පත්‍ර සකස් කර ඇත.
එක් එක් වාරය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර 03 බැගින් ද සෑම ප්‍රශ්න පත්‍රයකටම නිවැරදි පිළිතුරු ආදර්ශ රචනා සමඟ ද මෙම ගොණුවට ඇතුළත් කර ඇත.

අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව – ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර (පස්වන ඒකකය)

Highlights:

අධ්‍ය‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ භෞතික විද්‍යාව නව විෂය නිර්දේශයේ පස්වන ඒකකය වන “ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර” ඒකකයට අදාල විෂය කොටස ආවරණය වන පරිදි සැකසු කෘතියකි.

ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර යටතේ මූලික මට්ටමේ දී සාකච්ඡා කරනු ලබන විෂය කරුණු සියල්ලම වාගේ මෙම පොතෙහි ඇතුලත්ව ඇති අතර සියලු විෂය කරුණු ආවරණය වන පරිදි සැකසු ගැටලු වලින් යුත් අභ්‍යාස මාලාවක් සහ පිළිතුරු විවරණයකින් සමන්විත වේ.

අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව – චුම්බක ක්ෂේත්‍ර (හත්වන ඒකකය)

Highlights:

අධ්‍ය‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ භෞතික විද්‍යාව නව විෂය නිර්දේශයේ හත්වන ඒකකය වන “චුම්බක ක්ෂේත්‍ර” විෂය කොටස ආවරණය වන පරිදි සැකසු මෙම කෘතිය විෂය කරුණු ඇතුලත් පරිච්ඡේද හතරකින් සමන්විත වේ.

පළමු පරිච්ඡේදයේදී චුම්බක හා චුම්බකත්වය පිළිබඳ විශ්ලේෂණයක් සිදු කෙරේ. චුම්බක ක්ෂේත්‍ර හා එහි යෙදීම් සම්බන්ධව සාකච්ඡා කිරීමට දෙවන පරිච්ඡේදය වෙන්කර ඇත. තුන්වන පරිච්ඡේදයෙන් චලිතවන විද්‍යුත් ආරෝපණ මත ඇතිවන චුම්බක බලය හා එහි යෙදිම් විස්තර කෙරේ. විද්‍යුත් ධාරාවක් ගලායන සන්නායක මත ඇතිකරන චුම්බක බලය හා ඒ සම්බන්ධ නියමයන් හා ප්‍රායෝගික යෙදීම් හතරවන පරිච්ඡේදයෙන් විස්තර කෙරේ.

අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව – ස්ථීති විද්‍යුත් ක්ෂේත්‍ර (හයවන ඒකකය)

Highlights:

අධ්‍ය‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ භෞතික විද්‍යාව නව විෂය නිර්දේශයේ හයවන ඒකකය වන “ස්ථීති විද්‍යුත් ක්ෂේත්‍ර” විෂය කොටස ආවරණය වන පරිදි සැකසු මෙම කෘතිය විෂය කරුණු ඇතුලත් පරිච්ඡේද හතරකින් සමන්විත වේ.

පළමු පරිච්ඡේදයේදී විද්‍යුත් ආරෝපණ, විද්‍යුත් ක්ෂේත්‍ර සහ ඒ හා සම්බන්ධව නියමයන් පිළිබඳ විශ්ලේෂණයක් සිදු කෙරේ. ගවුස් නියමය හා එහි යෙදීම් සම්බන්ධව සාකච්ඡා කිරීමට දෙවන පරිච්ඡේදය වෙන්කර ඇත. තුන්වන පරිච්ඡේදයෙන් ස්ථීති විද්‍යුත් ආරෝපණ සම්බන්ධ විද්‍යුත් විභවය හා විභව ශක්තිය පිළිබඳ විෂය කරුණු ඉදිරිපත් කර ඇත.

අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව – පදාර්ථයේ යාන්ත්‍රික ගුණ

Highlights:

අධ්‍ය‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ භෞතික විද්‍යාව නව විෂය නිර්දේශයේ දහවන ඒකකය වන “පදාර්ථයේ යාන්ත්‍රික ගුණ” විෂය කොටස ආවරණය වන පරිදි සැකසු මෙම කෘතිය විෂය කරුණු ඇතුලත් කර ඇත.

පළමු පරිච්ඡේදයේදී ඝන ද්‍රව්‍ය‍ය වල යාන්ත්‍රික ගුණ පිළිබඳ විශ්ලේෂණයක් සිදු කෙරේ.තරලවල යාන්ත්‍රික ගුණ හා එහි යෙදීම් සම්බන්ධව සාකච්ඡා කිරීමට දෙවන පරිච්ඡේදය වෙන්කර ඇත. තුන්වන පරිච්ඡේදයෙන් පෘෂ්ඨීක ආතතිය හා එහි යෙදිම් විස්තර කෙරේ.

නූතන සමාජ විවරණයක් – 02

Highlights:

“නූතන සමාජ විවරණයක් ” පළමු කෘතියේ දී ද, ඔහු සමාජ අසාධාරණයට එරෙහිව බොහෝ කරුණු කාරණා තම විචාර බුද්ධියෙන් ඉදිරිපත් කළ අතර, මෙම කෘතිය ද එහි දිගුවක් සේ ඉදිරිපත් කරයි.

අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව – මූලික අංශූ හා විකිරණ

Highlights:

අන්තර්ගතය

  1. පරමාණුවේ ව්‍යුහය
  2. හයිඩ්‍රජන් පරමාණුව
  3. X-කිරණ
  4. පදාර්ථයේ තරංග
  5. පරමාණුක න්‍යෂ්ටිය
  6. විකිරණශීලිතාවය
  7. න්‍යෂ්ටික ශක්තිය
  8. මූලික අංශූ
  9. බහුවරණ ප්‍රශ්න

නො ලියත් කිසිවෙක්

Highlights:

‘නො ලියත් කිසිවෙක්’ නිරූපණය කරන්නේ අපට අදට ද වලංගු, එදා කොලොම්බියානු දේශපාලනයේ එක් අඳුරු පැතිකඩකි. දේශපාලනයෙනුත්, රාජ්‍ය අකාර්යක්ෂමතාවෙනුත් බැට කන විශ්‍රාම වැටුප අහිමි මහලු කර්නල්වරයෙකුත්, ඔහුගේ පවුලත් වටා මෙම කතාව ගෙතී ඇත.

ප්‍රජාතන්ත්‍රවාදය ගිලිහුණු සමාජයක ගෙවන සාමාන්‍ය වැසියෙකුගේ ජීවිතය කෙතරම් කාලකන්නි හා දුක්ඛිත එකක් දැයි මෙම කතාවෙන් මනා ව පිළිබිඹුන් වෙයි.

විචිත්‍ර ප්‍රභාස්වර

Highlights:

සරල බසින් හා නිර්මාණශීලීව රචිත මෙම කෘතිය, යන්න හිතෙන තැනක් විලස දහම් පාසල හඳුන්වා දී ඇත. දහම් පාසල් සේවාවෙහි වටිනාකම මනාවට විස්තර කරයි. ඉටුවන සේවා ව සංවාදාත්මක ස්වරූපයෙන් විග්‍රහ කරයි. දහම් පාසලක සිදුවන සේවාවන් වෙන් වෙන් ව විස්තර කර ඇති අයුරු හරිම අපුරු ය.

නිවාසාන්තර තරඟ, ශීල සංවිධාන, ශ්‍රමදාන කටයුතු මෙන් ම පන්සල මුල් කර ගත් කඨින පුණ්‍යෝත්සවය පිළිබඳ සමාජය දැනුවත් කර ඇත.

බිඳුණු ගැහැණු

Highlights:

මිනිසුන් හිතුවේ, මං මොළේ අමාරුවක් තිබුණ කෙනෙක් කියලා. එයාල හිතුවා මට මුකුත්ම කරගන්න බැහැ කියලා. මං පාසලේදි හැමෝගෙම උපහාසයට ලක් වුණා. ඒ, මගේ සුළු ආබාධිතකම නිසා.. දේවල්වලට මං ප්‍රතිචාර දැක්වුයේ, අනිත් අයට වඩා සෙමින්. ඒකට මං, භෞතචිකිත්සක ප්‍රතිකාර ලබාගෙන තියෙනවා.

මට මතකයි සමහර අය, සිගරට් අළු පවා මගේ ඔළුවට දැම්මා. කසළ බාල්දි මගේ ඇඟට විසි කළා. සමහර මගේම පංතියේ, එකට ඉගෙනගත්ත ළමයි පවා, මාව විසිළුවට ලක් කළා. මාව කෙනෙත්තුවා. මට රිදෙව්වා…

වෙඩි හඬින් කැලඹුණු නුගේගොඩ

Highlights:

“අවුරුද්ද ඒ තරම් සුබ වෙන පාටක් නෑ සාජන් ගිහාන්..
කෝල් එක ආවේ නුගේගොඩ එස්. එස්. පී.
ඕලුගල මහත්තයාගෙන්…
නුගේගොඩ කාංචනා ජුවලර්ස් එක කොල්ල කාලාලු..

ඕලුගල මහත්තයා කිව්ව විදිහට නම්
කේස් එක ගොඩක් බරපතලයි වගේ..
මේ යක්කු ජුවලරි ශොප් එක කොල්ලකාලා විතරක් නෙවෙයි…
කොල්ලකාලා පැනලා යද්දී එතන ඉදපු
මුරකාරයටත් වෙඩි තියලා..
තව පාරේ ගිහිපු අය කිහිපදෙනෙකුටයි,
බස් හෝල්ට් එකේ ඉදපු කිහිප දෙනෙකුටයි
වෙඩිත් තියලා…”

ඉසිදාසි

Highlights:

“ගෑනියෙක් හිමකිරමක් වගේ දියවෙන්නේ
ඒ ගෑනිගෙ පපුවට දැනෙන්න ආදරේ කරන
උණුසුම් හිතක් තියෙන පිරිමියෙක්ගෙ අසීමිත ආදරේ
ළඟදි විතරයි සුධීර…
ඔයා රත්තරන් කූඩුවක් හදලා
මාව ඒක ඇතුළෙ හිරකරලා
ඔයාට ඕන ඕන විදිහට ජීවිතේ විඳිද්දි
අපි දෙන්නගෙ හිත් අතරෙ කොන්ක්‍රීට් තාප්පයක් හැදුණා.
මම ඔයාගෙ කූඩුවෙන් ඉගිලුණේ නිදහස හොයාගෙන නෙවෙයි.
මට නොලැබුණු ආදරේ හොයාගෙන…”

හදට දැනෙන යට ගියාව

Highlights:

මෙම කතාව වැඩිහිටි අයට පමණක් නොව සාමාන්‍ය පෙළට ඉගෙනුම ලබන දරුවෙකුට වුව ද කියවිය හැකි ආදර්ශවත් කතාවකි. මෙහි සඳහන් ප්‍රධාන චරිත තුළ පිළිබිඹු කරන යහගුණදම් දරුවන්ගේ දිවි ගමනට ද පෙර මග සලකුණක් කර ගත හැක.

අ.පො.ස. / සා.පෙළ ජ්‍යාමිතිය ( ප්‍රමේයන් / සාධනයන් සහිතයි )

Highlights:

ඉතා තරඟකාරි වන අ.පො.ස. /සා.පෙළ විභාගයේදී ගණිතය යනු ප්‍රධානතම විෂයයි. මෙම ගණිතය විෂය නිවැරදිව හැදෑරීමට ඉතා කෙටි ක්‍රම භාවිතා කළ හැකි අවස්ථා බොහොමයක් ඇත. එහිදි ජ්‍යාමිතිය යනු බොහෝ දරුවන් අපහසු යැයි කියන පාඩමකි. ජ්‍යාමිතිය පාඩමට අදාළව නියමයන් සහ එහි සාධනයන් සරලව ඔබට මෙම කෘතියෙන් ඔබට පැහැදිලිකර ඇත.

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍ය‍යනය – 11 ශ්‍රේණිය

Highlights:

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍ය‍යනය විෂය ඉගැන්වීම කාර්යයෙහි නිරත ගුරුවරුන්ට මෙන්ම මෙම විෂය ඉගෙන ගන්නා දරු දැරියන්ට ද මෙම පොත උපකාරක පොතක් වනු ඇත

සීතල රාත්‍රිය

Highlights:
එසැණින් ගබඩාවෙහි කෙළවර වූ දොර හැරිණි. මා ගත සීතල ව ගියේ ය. මගේ සිත තුළ මැවෙමින්, මා බලාපොරොත්තුව සිටි මිනිස් රුව සිහි විසඥ කරවන තරමට මා ගත සිත හිරි වට්ටමින් ඇරුණු දොරින් මතුවනු මම දුටිමී. ඊළග මොහොතෙහි ඒ රුව, දොර සමීපයෙන් ඉදිරියට ඇදෙමින් මා සිටි දෙසට එනු මට පෙනුණේ බියකරු සිහිනයක් මෙනි.

Work Book Grade 7 (New Syllabus 2016)

Highlights:
This book is compiled as a workbook according to the new syllabus of Year 7.

උම්මග්ග ජාතකය සහ ගුත්තිල කාව්‍ය‍ය

Highlights:

උම්මග්ග ජාතකයෙන් මෙහිදී විචාරයට ලක්ව ඇත්තේ එහි ඇතුළත් සතරකන් මන්ත්‍රණයයි. එහි එන මහෞෂධ පණ්ඩිතයන්ගේ උපාය කෞෂල්‍ය‍යන් ඔසවා තබමින් වේදේහ, චුලනී, බ්‍රක්මදත්ත යන රජුන්ගේ හා කේවට්ට ආචාරීන්ගේ නිවට ක්‍රියා කලාපයන් උම්මග්ග ජාතක කතුවරයා හාස්‍ය‍යෙන් උපහාසයෙන් යුතුව නිරූපණය කරන අයුරුත් මේ ග්‍රන්ථයෙන් පෙන්නා දී ඇත.

ගුත්තිල කාව්‍ය‍යෙන් නියමිත පද්‍ය කොටස්වල රසභාව නිරූපණය කෙසේ සිදු වී ඇද්ද යනු කතුවරයා අනාවරණය කොට ඇත්තේ ද විචක්ෂණ අයුරිනි.

සංශෝධිත 1982 අංක 29 දරන පාරිභෝගික ණය පනතට අදාළ නීතිය

Highlights:

ෆිනෑන්ස් සමාගම් වලින් ලබා දෙන කුලී සින්නක්කර පහසුකමට අදාළ වාරික මුදල් ආපසු අයකර ගැනීමේ දී සහ අදාළ පහසුකම මත ලබාදෙන ලද දේපල නැවත අත්පත් කර ගැනීමේදි අනුගමනය කළයුතු කාර්යය පටිපාටිය මෙම පනතින් හදුන්වා දී ඇත.

බලන්ගොඩ නායක හාමුදුරුවෝ පිරිනිවන් පාලා 5-2

Highlights:

ආනන්ද මෛත්‍රෙය හිමියන් එතුමන් විසූ යුගයේදී අනගාරික ධර්මපාලතුමා සමඟ එක්ව කරන ලද කාර්යයන් සහ කැපකිරීම් ශ්‍රී ලංකාවේ බුදු දහම නගා සි‍ටුවීමේදී වැදගත්වූ බලවේගයන්ගෙන් එකක් විය. එතුමන් ලෝකයේ විවිධ රටවල් වල බුදු දහම ප්‍රචලිත කිරීම වෙනුවෙන් ධර්ම ප්‍රචාරයේ යෙදෙමින් සංචාරය කළේය. අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී තෙරණුවෝ එකසිය එක් වසක් ආයු වළඳා 1998 ජූලි 18 වනදා අභාවප්‍රාප්ත වූහ.

පිරිනිවන් මංගල්‍ය‍ය

Highlights:

පොඩි හාමුදුරුවන් යන දෙස බලා සිටි තිලකරත්නගේ සිතට ඉමහත් සෙනෙහසක් ඇති විය.

සරුංගලය බිමට බෑමට පටන් ගත් තිලකරත්න, කුමන වැඩක් තිබුණ ද, සරුංගල් කාලය අවසන් වෙන තුරු පොඩි හාමුදුරුවනට සරුංගලය අහසට නංවා දීමට හිතා ගත්තේය.

සති දෙකකට පමණ පසු ඉපනැල්ලට දියවර හරවා ඇති අයුරු ගමේ කොල්ල කුරුට්ටනට දැක ගත හැකි විය.

ජීවිත අභියෝග ජයගත හැකිද?

Highlights:

“ජීවිත අභියෝග ජයගත හැකිද” උසස් පෙළ සියළුම විෂයන් අසමත් වුවත් ප්‍රථම උපාධියද, යුධ භූමියේ සිට පශ්චාත් උපාධියද, පසුව දර්ශනශූරී (PhD) අභියස දක්වාද පැමිණි ගිනස් වාර්තාලාභී සෙන්පතියෙකුගේ ජිවිත කතාව වටා ගෙතුණු අපූරු පුරාවෘතයක්.

බලන්ගොඩ නායක හාමුදුරුවෝ රහත් වෙලා(1965දී) 5-1

Highlights:

පිරිනිවන් පා වදාළ මහ රහත් බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නායක ස්වාමීන්වහන්සේ පිළිබඳව කතුවරයා විසින් ලියා පළ කරන ලද ලිපි හා පොත්පත් කියවූ පාඨකයන් උන්වහන්සේ පිළිබඳ තවත් තොරතුරු හෙළි කරන ලෙස කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් කතුවරයා විසින් මෙම කෘතිය සම්පාදනය කර ඇත. මෙම කෘතියට ඇතුළත් කර ඇත්තේ මහනාහිමියන් විසින් තමන් වහන්සේගේම අත්අකුරින් ලියන ලද සිංහල හා ඉංග්‍රීසි ලිපි පමණක් වීම විශේෂත්වයකි.

අරුම පුදුම අති විස්මිත නාඩි වාක්‍ය 4

Highlights:

අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමි විසිවන සියවසේ විසූ ථෙරවාද බුදු දහම පිළිබඳ විද්වත් භික්ෂූන් වහන්සේ නමක් විය. උන්වහන්සේ ශ්‍රී ලාංකීය බෞද්ධ භික්ෂූන් වහන්සේලා අතර වඩාත් සම්භාවනාවට පාත්‍ර වූ භික්ෂුවක් ලෙස සැලකෙයි. උන්වහන්සේ භාවනාව තුළින් ඉහළ තලයේ ආධ්‍යාත්මික සංවර්ධනයක් ළගා කරගත් හිමි නමකි. නිරහංකාර සරල දිවිපෙවතක් අනුගමනය කළ උන්වහන්සේ බුදුදහම ලොව පුරා ප්‍රචලිත කිරීමට අගනා සේවාවක් ඉ‍ටුකරන ලදී. ශ්‍රී ලාංකික බෞද්ධයෝ ආනන්ද මෛත්‍රෙය හිමියන් බෝධිසත්ත්වවරයෙකු ලෙස සලකති.

මුතු මාලය 2

Highlights:

මෙම කාව්‍ය සංග්‍රහයේ අන්තර්ගතය වනුයේ පස්පව් කිරීමේ විපාක මිතුරා හදුනා ගැනීම,වසලයා සමාජය මුලා කිරීම, වංචාව,අල්ලස, සොරකම, කේලම් කීම, රැවටීම හා රැවටීමේ විපා හඳුන්වාදීමේදී ධර්මාවබෝධය ලබාදීම, ඥාණවන්තයා ද දෙමව්පියන්ට ද වැඩිහිටියන්ට සැලකීම හා එහි වටිනාකම පැහැදිළි කිරීම ද හොද බොදු කරුණු අප සමාජයේ ඇති යහපත් අයහපත් දේ මාතෘකා කරගෙන රචනා කර ඇති මෙම කාව්‍ය සංග්‍රහය ළමා වැඩිහිටි සියලු දෙනාටම එකසේ රසවිදිය හැකි වටිනා ග්‍රන්ථයකි.

සංශෝධිත 1990 අංක 2 දරන ණය ආපසු අයකර ගැනීමේ ( විශේෂ විධිවිධාන ) පනතට අදාළ නීතිය

Highlights:

ශ්‍රී ලංකාවේ ණය අයකර ගැනීම පිළිබඳව 1918 අංක 02 දරන මුදල් ණයට දීමේ ආඥා පනත,1927 අංක 25 දරන විනිමය බිල්පත් ආඥා පනත සහ 1949 අංක 06 දරන උකස් පනත ආදි වශයෙන් පනත් සහ ආඥා පනත් ව්‍යවස්ථාදායකය විසින් සම්මත කර ඇත.

එම පනත් වලට අමතරව ප්‍රථම වතාවට කාර්යක්ෂමව ණය ආපසු අයකර ගැනීම අරමුණු කොටගෙන 1990 අංක 2 දරන ණය ආපසු අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත සම්මත කර ඇත.

මැන්ඩකෝන්ලාගේ නව යටත් විජිතය

Highlights:
කතුවරයා ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම ප්‍රදේශයේ කෙනෙකි. ගමේ පාසලෙන් අ. පො.ස (සා.පෙළ) සමත්ව බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරා කොළඹ විශ්ව විද්‍යාල වරම් ලබයි. උපාධියෙන් පසු හම්බන්තොට දිස්ත්‍රික්කයේ වසර 2ක් ගුරු වෘත්තියේ යෙදුන අතර 1984 දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට ඇතුළත්ව අරන්තලාව (මහඔය) ප්‍රදේශයේ උප දිසාපති ලෙස පරිපාලන සේවය ආරම්භ කොට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබයි. රත්ගම ප්‍රදේශයේ වාමාංශික දේශපාලන පන්නරයද සමග කතුවරයා කොළඹ විශ්ව විද්‍යාලයේ වාමාංශික ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉදිරි පෙළ ක්‍රියාකරුවකු වේ. ඒ හරහා ලබා ගන්නා ප්‍රායෝගික හා න්‍යායාත්මක දේශපාලන දැනුමත්, රාජ්‍ය පරිපාලන සේවයේ විචක්ෂණ රාජ්‍ය සේවාවක යෙදීමෙන් ලද දේශපාලන, පරිපාලනමය, සමාජමය හා ගෝලීය කටයුතු පිලිබඳව දැනුම හා විඥාණය, මෙම ග්‍රන්ථය තුළින් පිළිඹිබු වේ.

දේශපාලන මෙන්ම සංවර්ධන පරිපාලනය නිසි මගට ප්‍රවිෂ්ඨ කිරීම සඳහා දේශපාලන න්‍යායාත්මක කරුණු හා නව යටන් විජිතවාදී උපක්‍රමයන් පිළිබඳ දැනුම අත්‍යවශ්‍ය බව මෙම ග්‍රන්ථය පරිශීලනය කරන්නන් අවබෝධ කරගනු ඇති බව කතුවරයා විශ්වාස කරයි.

Western Music Question Papers With Answers Grade 08

Highlights:
Western Music Question Papers with Answers – Grade 8

දීප්තිමත් ශිෂ්‍ය නායකයෙක් වන්නේ කෙසේද? – How To Shine as a Prefect?

Highlights:
මෙම කෘතිය මගින් ශිෂ්‍ය නායක කුසලතා, වගකීම්, ඉදිරිපත්වීම්, සැලසුම් කිරීම, තීරණ ගැනීම, සන්නිවේදන කුසලතා ආදී වශයෙන් ශිෂ්‍ය නායකයකු තුළ තිබිය යුතු සියලු ගුණාංග පෙන්වා දෙන අතර ඒවා වැඩි දියුණු කර ගැනීමට මග පෙන්වයි.

Science Short Notes – Grade 09

Highlights:
This book is designed with short notes related to science syllabus.

11 ශ්‍රේණිය සිංහල භාෂා ආදර්ශ ප්‍රශ්න පත්‍ර I – II

Highlights:

11 ශ්‍රේණිය සිංහල භාෂා ආදර්ශ ප්‍රශ්න පත්‍ර I – II

09 ශ්‍රේණිය සිංහල භාෂා වාර විභාග ආදර්ශ ප්‍රශ්න පත්‍ර I – II

Highlights:

09 ශ්‍රේණිය සිංහල භාෂා වාර විභාග ආදර්ශ ප්‍රශ්න පත්‍ර I – II

03 ශ්‍රේණිය දෙවන බස සිංහල වැඩපොත

Highlights:

නව පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුකූලව 3 ශ්‍රේණිය දරුවන් සඳහා සිංහල භාෂාව පිළිබඳ දැනුම වැඩි දියුණු කරලීම සඳහා මෙම පොත රචනා කර ඇත. සරල අභ්‍යාස මඟින් දෙමළ බස මනා ලෙස ප්‍රාථමික සිසුන්ට අවබෝධ කරවීමට මෙම පොත මහඟු දායාදයක් වනු නිසැකය.

ජාතික නිදහසේ මහා පුරුෂයා

Highlights:

“මට ඕනෑ කරන්නෙ
විජය කුමාරයා පළමු කොට ම
ලංකාවට ගොඩ බැස්ස
මේ තම්මැන්නාවෙ පටන්
බුදු හාමුදුරුවො පළමු කොට ම
ලංකාවට වැඩම කළ මහියංගනය දක්වා
ආයෙත් එක ම සිංහල
ගොවි ජනපදයක් කිරීම යි.”

බොදුනුවන් දැනුවත් කළ ඕල්කට්තුමා

Highlights:

“ඇමෙරිකන් ජාතිකයකු වූ සෙන්පති හෙන්‍රි ස්ටීල් ඕල්කට්තුමා අපේ ජාතික වීරයෙක් වුණේ කොහොම ද කියා ගෙදරදී කරුණු දැනගෙන අවිල්ලා ලබන ඉරිදා දහම් පාසල් රැස්වීමේදී කතාවක් කරන්න කියලා මට ලොකු මහත්මයා කිව්වා. අම්මා ඒකට මට තොරතුරු කියා දෙන්න ඕනෑ.”

දෙනුවර රණමඬල (මුල්ලේරියා අභිමානය II)

Highlights:

මෙකල්හි..
මෙනුවර ඇත්තෝ පරම්පරා හා ඉතිහාසය දැනුමෙන්ද
දේශප්‍රේමයෙන් හා ජාතිකානුරාගයෙන්ද
දුප්පත් වූය..
ඔවුන්ගේ මීමුත්තන් රට බිළිගන්නට ආ පරංගින්
එක්දහස් හයසියයක් කඩුගා මුල්ලේරියාවෙල
ලෙයින් පුරවා, සිංහලයාගේ අභිමානය රැකදුන් බව හෝ
නොදැන සිටින්නාය.

වෙල්ලස්සේ රන්මැණිකේ

Highlights:

මැණිකෙගෙ සොහොන එක්කම කෙළවර               ඉදිරි
නැග එන සිතින් හඬකිය කෙනෙකුගෙ                    කෙඳිරි
ඒ දෙස නෙත් හෙළී යළි බියවුන                                ටිකිරි
සෙනෙවි ඳු මහනාම එහි ඉන්නේ                               වැතිරී

නිර්මල රේඛා

Highlights:

“දරුවො හැදුවා වගේ නෙවෙයි පුතෝ, උන් පාරට ගිහිල්ල වාහනයකට අඩ තිව් දාට තමයි උඹලගෙ ඇස් ඇරෙන්නෙ. ඔන්න අද නම් පූරුවෙ වාසනාවකට තමයි කොලුවා බේරුණේ. කොහෙද ඉතින්- මෙතන දරුවා බලා ගන්න කෙනෙක් නැති වග කවුරුත් දන්නෙ නැහැ නේ.” ආච්චි ආරම්භ කළේ එසේ ය.

ගෙත්තම් කල සිත්තම්වල හැටි

Highlights:

“මින් ඉදිරියට අයියාටයි මටයි එළවලු කොටුවට වතුර දාන්න ලැබෙන්නේ නැහැ.
තව දවස් පහකින් මම මෙහෙන් කැන්දගෙන යනවා.
අද තමයි මුණගැහෙන අන්තිම දවස.
අනේ අයියේ මං ගැන හිතලා දුක් වෙන්න එපා.”
“ගීතානි අක්කා බැඳලා සතුටින් ඉන්න.
මමත් මගේ මහත්තය එක්ක සතුටින් ඉන්න උත්සාහ ගන්නවා.”
“අයියා මොන වරදක් කලත් මම අයියට සමාව දෙනවා.”
“අයියට මගේ හිතේ තියෙන ආදරේ අබ මල් රේණුවකින්වත් අඩු නැහැ කියලා හිතා ගන්න.”
වෙලාගත් දෑත් ගැල වී දෙදෙනා දෙපැත්තට ගියේ හදවත් ගිණි සුලකින් දැවී යද්දීය.

මුල්ලෙරියා පෙම්පුවත

Highlights:

දෑ අබිමනය ඉහටත් ඉහළින්                         රන්දා
වෙළ මැද සටන් කොට අපි ජය දද              බැන්දා
මුල්ලෙරියාව නම විහිළුවකට                        අන්දා
නොකරවු මිනිසුනේ පරපුරකට                  නින්දා

සිංහල පුවත

Highlights:

මනනන්දන  හැඟුම් සිතුවිලි     කුළුණු                     නැඟ
රස වින්දන   දහම පෙන්විය      දියුණු                        මඟ
හද බන්දන   දනගෙ සෙනෙහස  පිදුණු                    රඟ
‘නගරංගන   වෙහෙර’ කරවිය    දකුණු                      දිග

පිය පුතු වත

Highlights:

අතීත ලංකා ඉතිහාසයේ පැතිකඩක් මුල් කර ගෙන ලියැවුණ මෙම කතාවේ එන චරිත කීපයකි. ඉන් ප්‍රධාන වන්නේ කාවන්තිස්ස, විහාර මහා දේවිය, ගැමුණු හා තිස්ස චරිත ය. ඉනුත් සුවිශේෂ වන්නේ ගැමුණු කුමරුවන්ගේ චරිතයයි. මෙම චරිතය තුළින් රාජ්‍ය පාලනයේ දී ඉටු කිරීමට සිදු වන කැප කිරීම් කවරේ දැයි මනාවට එළිදැක්වෙයි.එසේම පාලකයන්ට මුහුණ පෑමට සිදු වන අභියෝග ද අවස්ථානුකූලව ඉදිරිපත් කෙරෙයි. එම අභියෝග ජය ගැනීමට පිය කාවන්තිස්ස රජුත්, මවු විහාර මහා දේවියත් කළ කැප කිරීම්, දැරූ උත්සහයන්, ඇති වූ ගැටලු ආදියත් මෙහි දැක්වෙයි.

සසර කතරෙන් එතෙර වන්නට (සදහම් දෙසුම් අංක -1)

Highlights:

මේ ධර්ම ග්‍රන්ථය ලේඛණ ශෛලියෙන් නොව සාමාන්‍ය‍යෙන් ධර්මදේශණයක් පවත්වන ව්‍යවහාර විලාශයෙන්ම සංස්කරණය කර ඇත.

ධර්මාභිලාෂි පැවිදි-ගිහි සැමටම “සසර කතරෙන් එතෙර වන්නට” නම් මේ දහම් පොත අතිශයින් ප්‍රයෝජන්වත් වේ.

සීල සමාදානෝපදේශය

Highlights:

පොහෝ දිනවල සිල් සමාදන් වන උපාසක උපාසිකාවන්ට ප්‍රයෝජනවත් වනු පිණිස ශීල සමාදානෝපදේශය නමැති මෙම පොත සකසා ඇත. මෙහි ඇතුළත් විවිධ කොටස් කියවා බලා තේරුම් ගැනීම බොහෝ ප්‍රයෝජනවත් වනු ඇත. සියලු ප්‍රධන කරුණු සිංහල තේරුම්ද සහිතව ඇතුළත් කර ඇත්තේ වඩාත් ඵලදායක වීම සඳහාය.

සිංහල ව්‍යාකරණ – 2

Highlights:
  1. අපේ හෝඩිය
  2. පද
  3. ක්‍රියා පද
  4. නිපාත පද
  5. වාක්‍ය තැනීම කර්තෘකාරක හා කර්මකාරක වාක්‍ය
  6. උපසර්ග
  7. සමානාර්ථ පද
  8. විරෝධාර්ථ පද …

සම්මත යහපාලනය සහ ශ්‍රී ලංකාවේ භාවිතය

Highlights:

‘යහපාලනය’ යන පදය සඳහා පොදුවේ පිළිගත් එක් නිර්වචනයක් නැති අතර එයින් අදහස් කෙරෙන්නේ කිසියම් පාලන ක්‍රමයක් ද නොවේ. මහජනතාව වෙනුවෙන් පාලන කටයුතුවල නියැලෙන දේශපාලන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් තමන්ට හිමි වන ‘බලය’ (Power) පාවිච්චි කිරීමේ දී එය ජනතාවගේ යහපත වෙනුවෙන් ම යොදා ගත යුතු බව පොදුවේ පිළිගනු ලැබුව ද ලෝකයේ බොහෝ රටවල එය ඒ ආකාරයට ම සිදු වන්නේ නැත.

මහ රහතුන් වැඩි මඟ ඔස්සේ – අතහැරීම 16

Highlights:

බුදුරජාණන් වහන්සේ විඤ්ඤාණය මැජික්කරුවෙක්, මායාවක් යැයි දේශනා කොට තිබියදීත්, අපි තවමත් එම මැජික්කරුවා, මායාකරුවා මම යැයි ගන්නවා, මගේ කොට ගන්නවා, මාගේ ආත්මය කොට ගන්නවා. සංස්කාර හේතුවෙන් සකස්වෙන දැනීම මම යැයිම ගන්නවා.

සිකිපිල් අසෙනිය

Highlights:

“ඔයාල මොකට ද අඬන්නේ ? මෙයාලට පිස්සු”
අක්කා එසේ කියමින් අම්මාගේ රූරා වැටෙන්නට වෙර දරන කඳුළු කැටයක් පිසදා හැරියා ය.
දරුවන් කුමන වරදක් කළත් මවුවරුන්ට ඔවුන් දරුවන්ම ය. දසමසකට ආසන්න කාලයක් කුස තුළ හොවා පෝෂණය කර ඉන් අනතුරුව රුහිරු කිරට හරවා ඇති දැඩි කළේ යම් අනතුරක සේයාවක් දැනෙන විට ද මවුවරුන්ගේ දෙනෙතේ කොනක කඳුල උපදී. පියවරුන් ද එසේ නැතුවාම නොවේ.”

රෝග සුවයට භාවනා සහ පිරිත් දේශනා

Highlights:

“රෝග සුවයට භාවනා සහ පිරිත්” යන කුඩා ග්‍රන්ථය 90% ක්ම රෝග සුවය ලබාදීමට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය සපයනවාට කිසිදු සැකයක් නැත. මෙම පොත පරිශිලනය කර එහි සඳහන් භාවනා ක්‍රම පිළිපැදීමෙන් කායික, මානසික නිරෝගීතාවය ලබාගත හැකිය.

නමක් නැති නුඹ

Highlights:

“ඔයා නම් පුදුම ශක්තියක් තියෙන කෙල්ලෙක්
ඒ මනුස්සයට වාසනාවක් නෑ ඔයත් එක්ක ඉන්න”

“ඔය කතාව මට නොකියපු කෙනෙක් නැති තරම් හසරැල්…
ඒත් එයාට මගේ අගයක් නැති නම් මට වෙන කරන්න
දෙයක් නෑ හිත හදාගෙන පැත්තකට වෙනවා ඇරෙන්න..”

“ඔව්…. ඒක ඇත්ත. ඔයා අරන් තියෙන්නෙ ගන්න තියෙන
හොඳම තීරණේ. ඒත් ඔයා තාමත් එයා මත්තේ නැහෙන
එක නම් මම අනුමත කරන්නෙ නෑ.”

“ඒක මට වචනයෙන් විස්තර කරන්න අමාරුයි… ඒත් වෙන
කෙනෙක් ගාව නවතින්න තරම් මං හිත හදාගෙන නෑ තවම.
බලමු… ජීවිතේ කවදාහරි මට පුළුවන් වෙයි. ”

සාර්ථක ඉදිරිපත්කිරීමක් කරන්නේ කෙසේද?

Highlights:
අද වනවිට ඉදිරිපත් කිරීම හුදෙක් ම විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ වඩාත් දියුණුවට පත් වී හමාරය. එනිසා සාර්ථක කථිකයෙකු වීමට, සාර්ථක විවාදකයකු වීමට, සාර්ථක ඉදිරිපත් කරන්නෙකු වීමට මෙම මාර්ගෝපදේශයන් ඔබට හොද අත්වැලක් වනු නොවනුමානය.

කළුතර සහ මොරොන්තුඩුවේ තුන්තරා බෝධි බුද්ධ පූජා

Highlights:

කළුතර සහ මොරොන්තුඩුවේ තුන්තරා බෝධි බුද්ධ පූජා නම් කෘතිය, වන්දනා අවස්ථා වල කළ නොකළ යුතු දේ පිළිබඳ අගනා කවි සහ ගීත ඒ ඒ අවස්ථාවලට අත්‍යවශ්‍ය පිරිත් සූත්‍ර, පිරිත් පාඨ හා ආශිර්වාද ගාථා, භාවනා විධි සහිත නිර්මාණයකි.

ප්‍රොමීතියස්ගේ දරුවෝ

Highlights:

අද ලොව පුරා දක්නට ලැබෙන,පළමු පෙළේ සාහිත්‍යකරුවන් තම නවතම නිර්මාණ විද්‍යා ප්‍රබන්ධ ලෙස එළිදැක්වීමේ ප්‍රවණතාවයෙන් සනාථ වන්නේ විද්‍යාව හා තාක්ෂණය මත පදනම් වන අනාගත ලෝකයේ ප්‍රධාන සාහිත්‍යාංගය බවට විද්‍යා ප්‍රබන්ධය පත් වීම නො වැළැක්විය හැකි බවයි.

මේ වන තෙක් ශ්‍රි ලංකාවේ විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍ය බොහෝ දුරට පරිවර්තන වලට සීමා වී තිබූ නමුත් දැන් අපේ තරුණ ලේඛකයන් අතින්ද සාර්ථක විද්‍යා ප්‍රබන්ධ බිහි වීමෙන් පෙනී යන්නේ ගෝලීය ප්‍රවණතාව අනුගමනය කරමින් අනාගතයේ අප රටේ ද සාහිත්‍යයේ ප්‍රධාන ධාරාව බවට විද්‍යා ප්‍රබන්ධය පත් වීමේ සුබ ලකුණයි.

ආදරේ ඒ වගේ

Highlights:
“අහස පොළොව ගැටල ගැටල කල්පනා කරන්නෙ මොකක්ද” කුෂී විදුලි වේගයෙන් තුෂේන් දෙස බැලුවේ ඒ හඩට. ඇය තවත් රතු වුණා.

“මොකෝ….. බයවෙලා….” හේතුව දැන දැනම ඔහු ඇසුවේ ඒ රතු වී ඇති වත තවත් රතු කරන්නට ඇතිවූ ආසාවෙනි.

“ම්… මගේ ඇඳුම…..  ඒක කොහොමද ගැලවුනේ….” ඇය ගොත ගසමින් ඇසුවේ

ඒ දෑස් මගහරිමිනි

“හරි වැඩේ තමා. මොකෙක් හරි ඊයේ රෑ කාමරේට ඇවිත් ගවුම ගලවලා තියෙනවා. ”

ඔහු ඇයව විහිළුවට ගන්නේය.

“අනේ බය කරන්න එපා”

මම නම් දන්නේ නෑ කවුරු ගැලෙව්වද කියලා නම්. මම මැඩම්ව ඊයේ රෑ ඇඳෙන් තිබ්බෙ ගවුම පිටින්මයි

ඔයාම වෙන්නැති රෑ නින්දෙන් ගලවන්න ඇත්තේ. ”

“මම ගැලෙව්වේ නෑනේ….” ඇයගේ මුවින් ඒ වදන් පෙළ පිට වූයේ නම් සිහින් හඬිනි.

“හරි එතකොට ඔයා කියන්නේ ඔය ගවුම මම ගැලෙව්වා කියලද” තුෂේන් ඇඳෙන් නැගිට්ටේ සිනහව සඟවාගෙන ය.

,හැබැයි ඉතිං මම ගැලෙව්වා නම් ඒක විතරක් ගලවලා නිකා ඉන්නේ නෑ ……. ඉතුරු ටිකත් ගලවනවා………” රතු වූ ඇය තව තවත් රතු වෙද්දී , ඒ කෝල හැඟීම ඇයට නිදහසේ විඳින්නට ඉඩදී තුෂේන් නාන කාමරයට වැදුණේය.

13 ශ්‍රේණිය ප්‍රායෝගික භෞතික විද්‍යාව

Highlights:

අන්තර්ගතය

  1. වියැලි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සහ විද්‍යුත් ගාමක බලය සෙවීම
  2. මීටර සේතුව භාවිතා කරමින් ප්‍රතිරෝධ දෙකක් සැසඳිම
  3. මීටර සේතුව භාවිතයෙන් ලෝහයක් ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණක සෙවීම
  4. මීටර සේතුව භාවිත කර කම්බියක ආකාරයෙන් ඇති ද්‍රව්‍ය‍යක ප්‍රතිරෝධකතාව සෙවීම….

SCIENCE Grade 08 – Part III

Highlights:

Contents

  1. Main Biological Processes in plants
  2. Life Cycles of living organisms
  3. Food Preservation
  4. Phenomena and Explorations Associated with solar system …etc.

රාහුල හංදිය

Highlights:

රාහුල හංදිය

1 2 3 4 5 7 8
Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping