Muses Publishing House (Pvt) Ltd

Muses Publishing House (Pvt) Ltd

Showing all 15 results

Show:

හවුස්මේඩ්

Highlights:

මම පිරිසිදු කරන තරමටම නීනා මේ ගෙදර අවුල් ජාලයක් කරන විදිහ නොතකා ඉන්න මම පුළුවන් තරම් උත්සාහ කරනවා. ඒ වගේම, එයා තමන්ගෙම දුව ගැන කියන අමුතු විදිහේ බොරු කතා, එයාගෙ ස්වාමිපුරුෂයා වෙන ඇන්ඩෲ වින්චෙස්ටර් දවසින් දවස බිඳුණු මනුස්සයෙක් බවට පත්වෙන විදිහ. ඒත් වේදනාවෙන් පිරුණු ඇන්ඩෲ වින්චෙස්ටර්ගේ දුඹුරු පාට, ලස්සන ඇස් දෙක දකින වාරයක් පාසා නීනාට උරුම වෙලා තියෙන සැපවත් ජීවිතය ගැන මට නොහිතා ඉන්න අමාරුයි. නිමක් නැති තරමට ඇඳුම් පැලඳුම්, සුඛෝපභෝගී වාහනයක්, සර්ව සම්පූර්ණ සැමියෙක්!

එකම එක වතාවක් මම නීනාගේ සුන්දර සුදු ගවොමක් ඇඳලා බැලුවා. ඒ ඒක මට මොන විදිහට ගැළපෙනවද කියලා බලන්න. ඒත් වැඩිකාලයක් යන්න කලින් ඒක එයාට අහුවුණා… ඒ එක්කම, මම ඉන්න අටලු කාමරය අගුලු දාන්න පුළුවන් පිටතින් විතරයි කියලා මට තේරුම් යද්දිත් මම ප්‍රමාද වැඩියි.

ඒත් තාමත් ඇත්තටම මම කවුද කියලා වින්චෙස්ටර්ලා නොදන්න බව මට සහතික වෙන්න පුළුවන්!
මට කරන්න පුළුවන් මොනවගේ දේවල්ද කියලා එයාලා තාමත් දන්නේ නෑ!

ලිට්ල් ඩාලින්ස්

Highlights:

ලෝරන් ට්‍රැන්ටර් කුලුඳුලේම නිවුන් දරුවන් ලද්දියකි. සෑම අයෙක්ම පවසන්නේ ඈ මානසික ව්‍යාධියකින් පෙළෙන බවයි. නමුත් ඇයට අවශ්‍ය ඇගේ දරුවන් ය. ඇගේම දරුවන් ය.

ජොආනා හාර්පර්… සියලුදෙනා දකිනු ඇත්තේ ඈ හිත්පිත් නැති පොලිස් නිලධාරිනියක ලෙසය. නමුත් ඇය දරු සෙනෙහස හිත පතුලේ සඟවාගෙන වේදනා විඳින්නීය. ඇයට අවශ්‍ය සිය කුසින් බිහි කළ දරුවාගේ මුවින් ‘අම්මා’ යැයි ඇසීමටය.

මවකගේ සහජ බුද්ධිය ගණනය කළ යුතු බලවේගයකි. එයට අඳුරුතම කුණාටු හරහා ඇයට මඟපෙන්විය හැකිය.

මේ ඒ අම්මාවරුන්ගේ කතාවයි.

දෘෂ්ටිමානයට ඔබ්බෙන්

Highlights:

යතුරු සාදන්නකුගේ දියණිය වූ, මරි-ලෝ ලුබ්ලොං සය හැවිරිදි වියෙහි පටන්ම අන්ධ දැරියකි. ඇයට තම නිවසට එන පාර සොයාගැනීම ඉගෙන ගැනීම සඳහා ඇගේ පියා පැරීසියේ ඔවුන්ගේ අසල්වැසි ප්‍රදේශයේ පරිපූර්ණ ක්ෂුද්‍රරූපී ආකෘතියක් ගොඩ නඟයි. එහෙත්, හිට්ලර්ගේ නාසි හමුදාව පැරීසිය ආක්‍රමණය කළ අවස්ථාවේ පියා සහ දියණිය නගරයෙන් පිටවී පලායන්නේ භයානක රහසක්ද රැගෙනය.

වෙනේර් ෆෙනින්, ජර්මන් ජාතික අනාථයෙක් වන අතර, තම පියා ජීවිතක්ෂයට පත්වූ ගල්-අඟුරු පතලේම ශ්‍රමය වැගිරීමට ඔහුට දෛවෝපගතවම නියම වී තිබෙයි. එහෙත් කැඩුණු රේඩියෝවක සුන්බුන් අහම්බෙන් සොයාගන්නා හේ, එය අලුත්වැඩියා කරන අතර, හදිසියේම ඔහුගේ දිවිය ශක්‍යතාවයකින් බැබළෙන්නට පටන් ගැනෙයි. ඔහුගේ සහජ දක්ෂතාවයන් ඔහුට උසස් හමුදා ඇකඩමියකට ඇතුළු වීමේ වරම දිනාදෙනු ලබයි.

එහෙත් කෙතරම් කැපකිරීමක් කරනු ලැබුවද ඔහුට තම සිහිනය ලුහුබැඳ යාමට හැකිවේද?

නොක්නරී අඳුරු සෙවණැලි

Highlights:

1984 වර්ෂයේ එක් අඳුරු ගිම්හාන සැඳෑවක සිය දෙමාපියන්ගේ අඬගැසීම හමුවේ වනාන්තරයේ සිට පුරුදු පරිදි නිවස බලා නොඑන දරුවන් තිදෙනෙක්!

ඒ අතරින් හෝඩුවාවක් පවා නොතබා අතුරුදන්ව ගිය දරුවන් දෙදෙනෙක්!

සැලකිය යුතු තරමේ තුවාලයක් නැතත්, රුධිරය පිරුණු පාවහන් පැළඳ, භීතියෙන් ත්‍රස්තව සිටියදී සොයාගනු ලබන, ගෙවුණු හෝරා කිහිපය පිළිබඳ මතකය අමතකව ගිය එක් දරුවෙක්!

දශක දෙකකට පසු ඒ වනාන්තරය තුළදීම සිදුවන ඝාතනයක්!

සිය ජීවිතයේ අඳුරු රහස් සඟවාගෙන, ඩබ්ලින් අපරාධ විමර්ශන ඒකකය තුළ රැකියාවේ යෙදෙන අපරාධ පරීක්ෂක රොබ් රයන්ටත්, ඔහුගේ සියලු රහස් දැන ඔහු හා සේවයේ යෙදෙන සහය අපරාධ පරීක්ෂකවරිය කැසී මැඩොක්ස්ටත්, දශක දෙකක් පුරා විසිරුණු මේ අබිරහස විසඳාගැනීමට හැකි වේවිද?

කුදු මහත් සියලු සත්වයෝ

Highlights:

කුදු මහත් සියලු සත්ත්වයෝ ( All Creatures Great and Small)
අදටත් පවතින්නේ යුද සමයේ ජේම්ස් හෙරියට් ගේ පශු වෛද්‍ය
චරිත කතා ලෙසින් පමණක් නො ව, ප්‍රශංසාවට පාත්‍ර වූ රූපවාහිනී
අනුවර්තන මාලාවක් ලෙසින් ද වේ. නිකලස් රැල්ෆ්, සෑමුවෙල් වෙස්ට්,
ඈනා මේඩ්ලි, රේචල් ෂෙන්ටන් සහ කැලම් වුඩ්හිවුස් රඟන මේ ටෙලි
නාට්‍ය මාලාවට පාදක වූ මුල් පොත පිළිබඳ ව පවසන්නට ඇත්තේ
කුමක් ද?

ජේම්ස් හෙරියම් ගේ පොත් වනාහි ප්‍රබල, හාස්‍ය ජනක සහ
විනෝදාත්මක වූ සම්භාව්‍ය චරිත කතා වේ.

ජේම්ස් හෙරියට් ගේ ළයාන්විත වූ ද සම්භාවනීය වූ ද චරිත කතාවල
පළමු වැන්න වන කුදු මහත් සියලු සත්ත්වයෝ’ කෘතිය ගොඩ නැගෙන්නේ
වර්ෂ 1930 දී ග්ලාස්ගෝ පශු වෛද්‍ය විද්‍යාලයයෙන් මතු වන තරුණ
ජේ‍ම්ස් වටා ය. ගම්බද යෝක්ෂරයේ රැකියාවේ යෙදීමට ආශාවක් ඇති
වන ඔහුට සීග්රීඩ් ෆානන් සහ ට්‍රිස්ටන් ෆානන් නම් අලුත්, අරුම, වෘත්තීය
සගයන් දෙ දෙනකු සමග හැලහැප්පෙන්නට සිදු වෙයි. එසේ ම, ගුප්ත
ගොවියන් සමඟ ද මුරණ්ඩු ගවයින් සමඟ ද ට්‍රිකි නමැති තරබාරු සුනඛයකු
සමඟ ද ගැටෙන්නට සිදු වේ. පළාතේ ගොවියකු ගේ දියණිය වූ හෙලන් සමඟ
ඔහු මහත් සෙයින් ප්‍රේමයෙන් බැඳුණු විට කරුණු තවත් සංකීර්ණ බවට
පත් වෙයි.

කොළපාට ඉස්කෝලේ

Highlights:

ශිෂ්‍යත්වය සමත් වූ අඬනහිරියාට ‘ලොකු ඉස්කෝලේ’ යන්නට
තෙත් කලාපයෙන් වියළි කලාපයට සංක්‍රමණය වන්නට සිදු වේ.

අලුත් පළාතක ‘කහපාට නෙලුම් පිපෙන කොළපාට ඉස්කෝලේ’
ඇගේ ජීවිතය මත වඩා වර්ණවත් සිතුවම් අඳින්නට පටන් ගනියි.
අලුත් මිතුරන් සමග අලුත් දේ ඉගෙන ගන්නටත් දේවල් ගැන
ගවේෂණය කරන්නටත් ඇය පුරුදු වේ.

අම්මාත් තාත්තාත් තමන්ගේ මුළු ලෝකයම කරගෙන සිටි කුඩා
අඬනහිරියා මලක් ලෝකය වඩාත් පුළුල් බව වටහා ගනිමින්
මන්දහාස මලක් වී උස්මහත් වන කාලය ඇරඹෙමින් තිබේ.

නෝටි 40

Highlights:

ඇත්තටම ගෑනු කියන්නෙ, එක අතකින් බැලුවාම කොච්චර අසරණ ජීවී කොට්ඨාසයක්ද!
උන් හරියට ගිනිකඳු වගේ. එළියට පේන්නෙ නැති ලොකු ගින්දරක් වගෙ ආසාවක් හිත ඇතුළේ, ශරීරය ඇතුළේ තියාගෙන තමන්ට ගැළපෙන කෙනා හම්බවෙනකම් අවුරුදු සීයක් වුණත් ජීවවෙනවා. ඊට පස්සෙ තමා ගිනිකන්දක් වගේ පිපිරිලා යන්නේ.

ගොඩක් පිරිමි ගෑනුන්ගෙ මේ රසායනය හරියට දන්නෙ නැහැ. ගොඩක් උන් හිතාගෙන ඉන්නෙ ගෑනු කියන්නේ සෙක්ස්වලට හරිම කම්මැළි, ඇල්මැරුණු, ඇඳේදී මළකඳක් වගේ උඩුබැල්ලට නිදාගෙන ඉන්න කම්මැළි ජාතියක් කියලා. මම දිගින් දිගටම මගේ කල්පනා ලෝකෙ අතරමං වෙවී ඈතට ඈතටම පාවෙලා ගියා.

“ඒයි, ඔයා මොනවද මං දිහා බලාගෙන ඔච්චර කල්පනා කරන්නේ. අද මං දගලනවා වැඩියි නේද?”

හදිසියේම ටීනා කටහඬ අවදි කළා. ඒත් එක්කම එකපාරටම මගේ සිතිවිලි දාමය ෆියුස් එකක් වගේ නිවිලා ගියා.

රෙඩ්, වයිට් & රෝයල් බ්ලූ

Highlights:

ඇලෙක්ස් ක්ලෙයාමොන්ට් ඩයස්, අමෙරිකා එක්සත් ජනපදයේ ජනපතිනියගේ පුත්‍රයාය. කඩවසම් යෞවනයෙකු වූ හෙතෙම අමෙරිකානු දේශපාලනයේ දීප්තිමත්ව නැගී එන තරුවකි.

හෙන්රි… සැබැවින්ම හැම අතින්ම කුමාරයෙකි. ඔහු එංගලන්තයේ දෙවැනි ඔටුන්න හිමි කුමාරයාය. එරට පමණක් නොව, ලොව පුරා තරුණ තරුණියන්ගේ සිහින කුමාරයාය.

එකිනෙකා නුරුස්සන සතුරන් දෙදෙනෙකු ලෙසින් මුණගැසෙන මේ කඩවසම් තරුණයින් දෙදෙනා ‛අසම්මත’ යැයි පිළිගැනෙන ප්‍රේමයක බැඳෙති. ඔවුන්ගේ ඒ ආදරය ලෝකයා කෙලෙසින් පිළිගනු ඇතිද? දෙවැනිවර ජනපති ධුරයට තරග කරන ඇලෙක්ස්ගේ මව වූ, අමෙරිකානු ජනපතිනියටත්,

රජකමේ ගෞරවය රැකගන්නට වෙර දරන හෙන්රිගේ මිත්තණිය වූ එංගලන්ත මහ රැජිනටත් මේ ආදරය කෙලෙසින් බලපානු ඇතිද?

අසම්මත ප්‍රේමයක් නිසා දෙරටක් යුධ වදිනු ඇතිද?

ඉතිහාසය තුළ මේ ආදරය කෙසේ ලියවෙනු ඇතිද?

ත්‍රී-පයින්ස් ඛේදවාචකය

Highlights:

කැනඩාවේ ඈත කෙළවරක පිහිටි පිටිසර ගම්මානයක් වූ ත්‍රී-පයින්ස් යනු අපරාධ සිදු නොවන, සොඳුරු ගම්වැසියන්ගෙන් පිරි ගම්මානයකි. එහෙත් තුතිපිදීමේ උත්සවය යෙදී තුබූ ඉරිදා උදෑසන, ගමට යාබද මේපල් කැලෑරොදේ තිබී, ත්‍රී-පයින්ස් ගම්මානයේ සැවොම ආදරය කළ ජේන් නීල් නම් වූ වියපත් ගැහැනියගේ මළසිරුර හමුවෙයි.එකී කාරුණික, ආදරණීය ගැහැනිය මියයන්නේ කිසිවෙකු විසින් එල්ල කරනු ලදුව, හදවත පසාරු කළ ඊ පහරකිනි. මෙය, දඩයම් අනතුරක් හැරෙන්නට වෙන කිසිවක් නොවන බවට ගම්වැසියෝ සහතික කරති. එහෙත් මොන්ට්‍රියල් සිට විමර්ශනයට පැමිණෙන ආර්මෝ ගමාෂ් ඇතුළු කණ්ඩායමට මේ දුර ඈතක වූ කැලෑරොදෙහි යම් අප්‍රසන්න යමක ඉවක් දැනෙයි. ඉක්මනින්ම, මෙම මරණය වනාහි කුරිරු මිනීමරුවෙකු විසින් සිතාමතාම කරන ලද මිනීමැරුමක් විනා, නොසැලකිලිමත් දඩයක්කරුවකුගේ අත්වැරැදීමක් නොවන බව ගමාෂ් සොයාගනියි.

ජේන් නීල් කිසිදිනෙක තම නිවසට අමුත්තන්ට ආරාධනා නොකළේ ඇයි?

ඈ මියයන්නට දෙදිනකට ඉහතදී අද්භූත සිත්තමක් චිත්‍ර ප්‍රදර්ශනයකට භාරදුන්නේ ඇයි?

මේ මරණය සමඟ එහි යම්කිසි අයුරක සම්බන්ධයක් තිබේද?

ගමාෂ් ඇතුළු කණ්ඩායම, ත්‍රී- පයින්ස් ගම්මානයේ සැඟවුණු රහස සොයාගනියිද?

ජීවිතයෙන් මාස හයක්

Highlights:

“ඔයාගෙ උරහිසට ඔළුව තියාගත්තාම දන්නෙම නැතිව නින්ද ගියා.” සෙව්වන්දි කීවාය.
සිසිල පහව ගොස් ඇති බීම වීදුරුවෙන් දෙතොල් තෙමාගෙන තත්පර ගණනක් මදෙස බලා සිටින ඇය, ‘අපි දෙන්නට බය වෙන්න කිසි දෙයක් නැහැ නේද?’ යනුවෙන් ඇසුවේ මා කිසි දිනක නොදුටු දුකක් මුහුණට මවා ගනිමිනි. දුක, සන්තාපය ඇගේ මුහුණට ගැළපෙන හැගීම් නොවේ. යම් හෙයකින් නිහාරා සොයා ගියොතින් මා අසල සිටින සුන්දරියගේ මුහුණ අවලස්සන වනු නියතය. සිත කඩා වැටෙනු ස්ථිරය.

හන්ටිං පාටි

Highlights:
ස්කොට්ලන්තයේ දුර ඈත, හුදෙකලා පෙදෙසක වූ මනරම් වන පියසක් මැද නිවාඩු නිකේතනයක අලුත් අවුරුදු සැඳෑවක් අතීත මතක අලුත් කරමින්, ජීවිතයේ අලුත් සැමරුම් සමරන්නට එක්වුණු මිතුරු කැලක්…
ඔවුන්ගේ නිදහස අහුරමින්, නිවාඩු නිකේතනයට පැමිණි තවත් අමුත්තන් යුවළක්…
ඔවුන් සියල්ලන්ම පිළිගෙන මඟපෙන්වන, නිවාඩු නිකේතනය භාරව හිඳින නිහඬ ගැහැනියක් සහ ගුප්ත මිනිසෙක්…
ඔවුන්ගේ ජීවිත වල එක් එක් යුගයන්හි දෛවය විසින් ඔවුනොවුන්වම ඈඳා නිර්මාණය කරන ලද අඳුරුතම ඝට්ටනයන් ඒ දෙදින තුළදී හෙළිවනු ඇත. ඔවුන් තවදුරටත් ඔවුන්ම නොවනු ඇත. කාලයා විසින් වළදමන ලද රහස්, ඒ නව අවුරුදු සැඳෑවේදී යළි මතු වී ඔවුන්ගේ ජීවිත සදහටම වෙනස්කරනු ඇත.
ඔවුන්ගෙන් අයෙක් මිනීමරුවෙකි.
තවත් අයෙක් ඒ දඩයම් බිමෙන් කිසිදා පිටනොවනු ඇත.
ඒ හැන්දෑවේ, දඩබිම් පියසේ සාදයට ඔබටත් ඇරයුම් !

උන්මාත

Highlights:

එය ලාංකේය ඉතිහාසයේ අදුරුතම පරිච්ඡේදයක් විය.යක්ෂයෝ දෙරණ අරා සිටියෝය. මූසල නිහැඬියාවකින් රටම වෙළී තිබිණි. වෙනදා දෙනෝදාහක් සෙනග ගැවසෙන්නා වූ විදි ජනශුතාව තිබුණි. උන්මාද ඝාතකයෝ නිදැල්ලේ සැරිසරති. හදවන උගුළා දැමෙන ලද යුවතියන්ගේ නිරුවත් මළ සිරුරු කොළඹ පුරා හමු වෙයි. ඔවුන්ගේ රුධිරය ධරණිතලය පොඟවමින් තිබිණ. ආත්ම යුක්තිය ඉල්ලමින් පරිසරය සිසාරා මොරදෙමින් තිබිණ.ඉදින් මේ යක්ෂයාගේ හෝරාව නොවන්නේද?විලියම්ස් ඉස්පැක්ටර් සමගින් පුවත්පත් වාර්තාකරු ෆ්‍රැන්සිස් අබිරහසේ පැටලුම් අතර සැරිසරති නමුත්,ඝාතකයා හමුවෙයිද?ඉතිහාසය නැවත නැවතත් එකම ලෙසින් ලියවෙයි. වීරයෝ  තැනෙති. දුෂ්ටයෝ තැනෙති. මහා පාවාදීම් සිදු වෙයි.එකල්හි, ශුද්ධවන්තයෝ, සිංහලයාගේ භූමිය වෙනුවෙන් සටන් කරති.ඔවුහු අරගල කරන්නෝය කැරලි ගසන්නෝය සිංහලයාගෙන් උදුරාගත් භූමියේ අයිතිය වෙනුවෙන් විරුවන් තනන්නෝය සටන් කරන්නෝය.ඔවුන් තම මාතෘ භූමියේ අයිතිය නැවත දිනාගනීද?මෙකී අඳුරු කාල පරිච්ඡේදය පිළිබඳ ලියැවුණු කඩදාසි දවා හළුකර දමා ඇත.කාලයාගේ ඇවෑමෙන් සැගවි ගියා වූත් බලහත්කාරයෙන් මකා දමන ලද්දා වූත් ලාංකේය ඉතිහාසයේ අඳුරුතම කාල පරිච්ඡේදයේ කතන්දරය මෙයයි.ඉදින් මේ එකම එක සාක්ෂියයි.

අත්ලාන්තික් දඩයම

Highlights:

අතුරුදන් ශිෂ්ටාචාරයක්…
බියකරු ගවේෂණයක්…
මාරක රහසක්…

ඉතිහාසයේ වඩාත් කල්පැවතුණු සහ විවාදාපන්න පුරාවෘත්ත අතරින් එකක් වන්නේ අත්ලාන්තික් හි අතුරුදන් නගරය පිළිබඳ පුරාවෘත්තයයි. ඒ අතුරුදන් නගරය කොහේදැයි යන ප්‍රහේළිකාව තමාට විසඳිය හැකි බව පුරාවිද්‍යාඥවරියක වූ නීනා වයිල්ඩ්ගේ විශ්වාසය විය.
ඇය, සියවස් ගණනක අතීතයේ එතෙක් මෙතෙක් ලොව වැදගත්ම ගවේෂණය ආරම්භ කරන්නේ හුදෙකලා බිලියනපතියකු වූ ‘ක්‍රිස්ටියන් ෆ්‍රොස්ට්’ගේ අනුග්‍රහයෙනි. ඔහුගේ රූමත් දියණිය, ‘කාරි ෆ්‍රොස්ට්’ සහ නීනාගේ පෞද්ගලික ආරක්ෂකයා ලෙස කටයුතු කරන, හිටපු විශේෂ බලකා සෙබළෙකු වූ ‘එඩී චේස්’ ඇගේ ගවේෂණයට සහාය වෙති.
එහෙත් ගවේෂණය සාර්ථක වනු දැකීම සැමගේම අපේක්ෂාව වන්නේ නැත. ප්‍රබල සහ අබිරහස් සංවිධානයක් වන ‘සහෝදරයත්වය’ වසර 11,000 පුරා සාගර පත්ලේ සැඟවී තිබෙන රහස මතුපිටට ගෙන ඒම වැළැක්වීමට ක්‍රියා කරයි.
අත්ලාන්තිසයේ රහස හඹා යමින් එය සොයා ගැනීමට උත්සාහ කළ බොහෝ දෙනෙක් දැනටමත් මරු තුරුලට යැවීමට ‘සහෝදරත්වය’ කටයුතු කර තිබිණි. නීනාගේ මව්පියන්ටද අත් වූයේ ඒ ඉරණමය.
මැන්හැට්න්වල වීදිවල සිට බ්‍රසීල වනාන්තරය දක්වාත්, ටිබෙටයේ කඳු මුදුන්වල සිට අත්ලාන්තික් සාගරයේ පතුල දක්වාත්, නීනා සහ එඩී කාලයට එරෙහිව නොවතින ගමනක යෙදෙනු ඇත. අන්තරායකාරී මරණීය මාවතක් ඔස්සේ, සියල්ල උඩු යටිකුරු කළ හැකි රහසක් හෙළිදරව් කරගැනීම පිණිස ඔවුන් යන ගමන, වත්මන් ශිෂ්ටාචාරය සදහටම විනාශ කර දමනු ඇත් ද?
ඔවුන්ට මාරක අභියෝග එල්ල කරන්නේ සහෝදරත්වය පමණද?
මේ, එම ඓතිහාසික ගවේෂණය පිටුපස සැඟවුණු බිහිසුණු ම්ලේච්ඡත්වයේ කතාවයි.

D – ඩී

Highlights:
එය ගිම්හානයේ තවත් එක සරු සැඳෑවකි. ලොව සුන්දරතම නගරය ශනිදා රැයේ සුපුරුදු උත්සවශ්‍රීයෙන් වෙළීයමින් තිබුණි. නගර වැසියෝ මෙන්ම සංචාරකයින්ද ග්‍රීෂ්ම නිවාඩුව නිම කරන්නට පෙර ගතව යන ඒ අවසන් රැය විනෝදයෙන් ගෙවා දමන්නට සූදානම් වෙමින් සිටියහ.
මේ නගරයේ එක් සුඛෝපභෝගී හෝටල් කාමරයක ලොවම ආදරය කළ රූමත් කුමරියක් රැය ගෙවී පහන් වනතුරු හෝරා ගනිමින් සිටියාය. තමන්ගේ සිතේ ඇති, ක්‍රියාවට නංවන්නට සිහින මවන සැලැස්ම සාර්ථක වන්නේ නම් අදහාගත නොහැකි වෙනස්කමකට ජීවිතය හසුවන බව දැන සිටියද ජීවත් වන්නට තමන්ට ඉතිරිව ඇත්තේ තවත් පැය කීපයක් පමණක් බව ඇය නොදැන සිටියාය.
එය තවත් එක් රිය අනතුරක් පමණක් නොවේ. එය මිනීමැරුමකි. ඇයව මරා දමන්නට සැකසුණු සංකීර්ණ කුමන්ත්‍රණයකි. ඇයව මරා දැමූ ඔවුහු. ඉතිහාසයේ මෙතෙක් හෙළි නොවුණු සංකීර්ණතම අභිරහසකට පදනම දැමූහ.
මේ කියැවෙන්නේ ඩයනා කුමරියගේ මරණයේ කතාවයි.

දෙවැනි ගැහැනිය

Highlights:

“මම යනවා.” ඇගේ සැමියා කීවේය.

මෙලොව බහුතරයක් පිරිමින්ට දෙවැනි ගැහැනුන් සිටියි. බොහෝ අවස්ථාවල ඒ දෙවැනි ගැහැනුන් ජීවත් වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි. ඔහු ඇයත් සමඟ, සිහින ලෝකයක, මවා ගත් අධිරාජ්‍යයක සැරිසරයි; ගමන් බිමන් යයි. වස ගත කරයි. ඇයත් සමඟ නින්දට යයි.

ඉඩ ලද මොහොතක ලෝකයෙන් සැඟවී, සුරක්ෂිත ස්ථානයකදී ඇයත් සමඟ සිරුරින් බැඳෙයි.

තවත් අයුරකින් මේ ප්‍රශ්නය දෙස බලන්නේ නම් තම සැමියා ඒ සාමාන්‍ය මිනිසුන් අතර සුවිශේෂ මිනිසෙකි. ඔහු දෙවැනි ගැහැනියක් සමඟ සැබෑ ලෝකයේදීත් ජීවත්ව තිබේ. එපමණක් නොව, ඒ දෙවැනි ගැහැනිය සමඟ අලුත් ජීවිතයක් අරඹන්නට තිස් වසරක විවාහ දිවිය, විවාහක දරුවන්, මුණුබුරෝ, මිනිබිරියෝ, සමාජයේ ගොඩනඟා ගත් මනා කීර්තිනාමය පවා අමතක කර දමන්නට තරම් ඔහු ශක්තිමත්ව සිටියි. ජීවිතය යළි පෙර පැවති තත්වයට පත් කර ගත නොහැකිය.

අදින් ඇරඹෙන්නේ සංකීර්ණ කතාවක් බව සුමිත්‍රා දැන සිටියාය.

මේ, ඒ කතාවයි…

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping