Nipun Books

Nipun Books

Showing all 21 results

Show:
10% DISCOUNTSold Out

කුංකුණාවේ යතිවර විත්ති

Highlights:

කෘතියේ අන්තර්ගතය

  1. දේශානුරාගයෙන් ඔද වැඩී ගෙතූ කවි පද වැල්
  2. ටොකු පූජාවත් මුල් ආසනයේ සිට ම බෙදුවොතින් හොඳයි!
  3. සඟරුවනට නිගා කළ රජු වස් කවියෙන් දණ ගස්වයි
  4. විනකළ වන සතුන්ට වස් කවියෙන් තහංචි පනවයි
  5. අහංකාර ගෙවිලියන්ට අලංකාර දණ්ඩනයක්…යනාදි.
රු306.00
10% DISCOUNTSold Out

අ.පො.ස. (උසස් පෙළ) විභාගයට නියමිත බැද්දේගම විචාරය

Highlights:

අ.පො.ස. (උසස් පෙළ) විභාගයට නියමිත බැද්දේගම විචාරය

  • 2017 නව විෂය නිර්දේශයට අනුකූල
  • ඉලක්ක ප්‍රශ්න සහ පිළිතුරු සහිතයි
රු342.00
10% DISCOUNTSold Out

රහස් පරීක්ෂක කතා අංක 03 ෆෙලූගේ වික්‍රම රන් බලකොටුව

Highlights:

අපට වෙන් කරන ලද කාමර සංචාරක නිවසේ විය.තමන් නිව් බිම්බේ ලොජ් එකේ නතරවන බව ලාල් මොහාන් බාබු පැවසීය. “මං හෙට උදේ ඔයාල මුණ ගැහෙන්නම්, අපි හැමෝටම එකට බලකොටුව බලන්න යන්න පුළුවන්.” යනුවෙන් පවසා, එක පෙළට නවතා තිබු ටොංගා වෙතට ඔහු ගියේය.

රු306.00
10% DISCOUNTSold Out

මගේ පුංචි ගුරුතුමී

Highlights:

සඳුදා දින මම වෙනදාටත් වඩා වේලාසනින් පාසල් යාමට සූදානම් වුයෙමි. ගුරුතුමිය දකින තෙක් මට ඉවසුමක් නැත. ඇය යළිත් නොඒදෝයි සැකයක් මා තුළ පවතියි. අනෙකුත් ගුරුවරු පැමිණ දින දෙක තුනකින් නතර විය.සති තුනක් ගිය පසු ඇය ද නතර වීමට බැරි නැතැයි මට සිතුණි.

“අද උදේම මොකද ලෑස්ති වෙන්නෙ…? අම්මා මගේ කලබලය දැක ඇසුවා ය.

රු315.00
10% DISCOUNTSold Out

17 වන බතරොයිය

Highlights:

නිශාන්තන්ගේ බිරිඳද, දරු දෙදෙනාද රැගත් ‘යාපනය’ බස් රථය වවුනියා නගරය පසු කරමින් ඕමත්තේ දෙසට ඍජු ඒ 09 මාර්ගයේ ඉගිලෙයි. ගොම්මන් හිරු එළිය වැටුණු වියළුනු ගහවැල් තඹ පාටින් බබලයි.බසය තුළට ඇදී එන වා ධාරා සැමදා පරිදිම උනුසුම්ය. එක යායට විහිදී ගිය අතහැර දමන ලද වෙල් යාය කෙළවර, 17 වන බතරොයිය කඳුවර තිනුණු තැන කැඩී,බිඳි දිරා ගිය බංකරවල තල් කොට තැන තැන විසිර ඇත.

රු450.00
10% DISCOUNTSold Out

අසංකගේ විශ්මිත ජය

Highlights:

“පුංචි දොස්තර මහත්තයත් එක්ක වචනයක් කතා කළත් අසනීප හොඳන් වෙනවා.”

“පුංචි දොස්තර මහත්තයට දරුවොත් හරි කැමතියි.”

“පුංචි දොස්තර මහත්තයාගෙ බෙහෙත් කිව්වම සන්තෝසයෙන් බොනවා.”

“ඉස්සර බෙහෙත් බොන්ට ගියාම අඬන දොඩන අපේ දරුවා පුංචි දොස්තර මහත්තයාගෙ බෙහෙත් කීවාම හිනාවෙවී බොන්නේ.”

රු333.00
10% DISCOUNTSold Out

දුම්බර නිළමේ

Highlights:

“ඉඩම වටේම තේක්ක ගස් හිටවපන්…. තේක්ක දැන් බුරුමයෙන් ගෙන්වන්නේ. මම දොරවල්වලට ලී ගෙන්න ගත්තේ කොළඹ වෙළෙන්දෙකුට කියලා.ගිනි ගණන්. හොඳ තේක්ක පැළ වගයක් මට ළඟදීම ලැබෙයි.”

“එහෙමයි හාමුදුරුවනේ.. ඉඩම වටේටම තේක්ක පැළ දාන්ටයි මම හිතාගෙන ඉන්නේ.”

“ඒක හොඳයි… හොඳයි… උඹට මම කියන්ට ඉස්සර සේරම තේරෙනවා.”

රු540.00
10% DISCOUNTSold Out

මම ද ගැහැනියක්මි

Highlights:

“ගෑනියක් දික්කසාද කරල උඹ ඒකා බඳින්න කැමතිද?” ඇය ඇසුවාය.

“ඇයි?”

“ඒත් ගැහැනියක්. උඹත් ගැහැනියක්.තවත් ගෑනියෙක් අමාරුවෙන් දාල උඹව බැඳ ගන්නව නම් ඒක මම විශ්වාස කරන්නෙ නෑ.අනිත් එක එක ගෑනියෙක් අත හැරපු මිනිහට උඹව අත් හරින එක එච්චර දෙයක් නොවෙයි.ඒක මතක කියා ගනින්”

රු378.00
10% DISCOUNTSold Out

හරිකේන් මකරා

Highlights:

“එයාව කෑලිවලට කපලා මාළුන්ට කන්න දාන්න.” මුහුදු මංකොල්ලකාර රජු කෑ ගැසුවේය. මුහුදු මංකොල්ලකාරුවෝ ටොම් වටා රොක් වූහ. ටොම් තම කඩුව කරකවමින් පහර දෙන්නට වූයේය. කිසිවෙකුත් විදුලියක් මෙන් එහා මෙහා ඇදෙන කඩු පත ඉදිරියට එන්නට ධෛර්යමත් වුයේ නැත.ඔවුහු පස්සෙන් පස්සට යන්නට වුහ.

රු216.00
10% DISCOUNTSold Out

නොපැතූ පැතුම්

Highlights:

“අනේ ගැමුණු, වෙරි සොරි අනේ. අප්පච්චිලාගෙ හැටි ඔහොම තමයි.ඒ ගොල්ලො, පරණ හණමිටිකාරයොනෙ.එයාලට ඕනැ,හොඳ වංශවත්, මිල මුදල් යහමින් තියෙන, ලොකු තනතුරක් දරණ කෙනෙකුට මාව බන්දල දෙන්ටා. අනේ මට එහෙම මිනිස්සු නම් කීයටවත් එපා. මට ඕනැ, හොඳ මනුස්කම් තියෙන පිරිමියෙක් විතරයි.ඔයා, ඕක ගණන් ගන්ට එපා ගැමුණු.” සමන්මලී, ඇඬුම් මුහුණකින් යුතුව කීවාය.

රු432.00
10% DISCOUNTSold Out

නුවරකලාවියේ අලුත් නෑයෝ

Highlights:

“අපේ ගම දැන් අලුත්ම එකක් රංකිරෝ.වේලු කසාද බැන්දෙ සිංහල එකියක්.මොහොමඩ් කසාද බැන්දෙ සිංහල එකියක්.මේවා සේරම වෙනස්වෙන කාලයක්.උඹ ක්‍රිෂ්ණාට එකිත් එක්ක පවුල් කන්ට කියපන්.මොකද කොල්ලෙක් හොයාගන්න එකත් ලේසි නෑනෙ.” නායක් හාමුදුරුවෝ මෙන්ම නිලමේද අදහස් දැක්වූයේ එලෙසින්ය.

රු450.00
10% DISCOUNTSold Out

තරුණ දුවේ මේ අහන්න

Highlights:

විශේෂයෙන් තරුණ දූවරුන් ඉන්නවා නිවසේ දී හැසිරෙන්නේ මේ ලෙසිනුයි. ඔවුන් නිවසේ හැසිරෙන්නේ යක්ෂණියන් ලෙස. තව කෙනෙකුගේ නිදහස දෙස බලන්නේ වත් නෑ.ආත්මාර්ථකාමී ලෙස තම විනෝදය සලකාගෙන ඔවුන් කටයුතු කරනවා. සිංදු කියනවා, කෑ ගසනවා, රූපවාහිණි බලනවා, වයසක දෙමාපියන් දවස තිස්සේම මහන්සි වී විවේක ගන්නේ රාත්‍රියටයි.

රු405.00
10% DISCOUNTSold Out

අපොයි මගේ ඉස්කෝලේ

Highlights:

“මේ ළමයින්ට දැන් බඩගිනිත් ඇති.ඉන්න මම රොටී ටිකක් පුච්චලා දෙන්නම් කාල ආපහු මේ පාරෙම ගිහිල්ලා ගඟෙන් ආපහු එගොඩවෙන්ට. ඒ පාර දන්නවා නේද? ආයෙත් මෙහාට එහෙම එන්න එපා.” නෑ මාමෙ අපි දැන් කෙලින්ම ආපු පාරේ ආපහු ගිහිල්ලා වතුර අඩු තැනකින් ගඟෙන් එගොඩ වෙනවා.ඊටපස්සෙ ගඟ උඩහට ගියාම තෙල්දෙනිය කිට්ටුයි.

රු315.00
10% DISCOUNTSold Out

සසල මැදුර

Highlights:

එදා පටන් ඒබරං සියලු වැඩ නිමවා රාත්‍රී ඉගෙන ගන්නට ගියේ ය. මුදලාලි පැවසුවේද ඉංග්‍රීසි ඉගෙන ගත්තොත් ආණ්ඩුවේ තනතුරක් හෝ ලබා ගත හැකි බව ය. ඒබරං තරුණයාගේ ක්‍රියා පිළිවෙළට ඔහු බෙහෙවින් ආකර්ෂණය වී සිටියේ ය.ඔහු අනාගතයේ දියුණු තත්ත්වයකට පත් වෙතැයි ඉසදින් කල්පනා කළේ ය.

රු504.00
10% DISCOUNTSold Out

අන්තිම ඉල්ලීම

Highlights:

සිරිදාස බලු කික්කියක් ගෙදරට ගෙනාවේ පවුලේ සියලු දෙනාගේම බලවත් ඉල්ලීම පිටය. රජයේ කාර්යාලයක ලිපිකරුවෙක් වූ ඔහුගේ බිරිඳ මැහුම් ගෙතුම් කරමින් දවසේ කීයක් හරි සොයා ගත්තා ය. සිරිදාසට එය මහත් පහසුවක් විය. දිනෙන් දින ඉහළ යන ජීවන වියදම ටිකක් හෝ අඩුකර ගැනීමට එයින් හැකි වූවා යයි එහු කල්පනා කළේ ය.

රු288.00
10% DISCOUNTSold Out

අන්තවාදීන් එනවෝ

Highlights:

යම් ගැහැණියක් වෙළඳපොළෙන් තමාට වුවමනා දෙයක් ගැනීම සඳහා ඒවා දෙස හොඳින් බැලීමට මුහුණ වැස්ම මදක් එසවුවහොත්,නැතහොත් පාර මාරුවන අවස්ථාවක හෝ ඇඳුම් අත ලිස්සා ඇගේ මැණික් කටුව හෝ යාන්තමින් නිරාවරණය වුවහොත් කොහෙන් හෝ කඩා පාත් වන බිල් මරූෆ් සාමාජිකයෙකු හැමදෙනාටම දරාගත නොහැකිවන පරිදි වේගවත් හා තිරිසන් “සාධාරණත්වයක්” ඉටු කරයි.

රු441.00
10% DISCOUNTSold Out

සංචාරක කිරිල්ලී

Highlights:

මා මගේ ජීවිත කථාව කොතනින් පටන් ගන්නේ ද කියා මේ වන තෙක් සිතමින් සිටිමි. එහෙත් එහ් පැවසිය යුතුමය යන බලවත් හැඟීම මා සිත කලඹයි.මගේ කුඩා කාලය මව්පිය සෙනෙහස නොලැබුණු එකක් යැයි මට නිතරම සිතේ.

රු432.00
10% DISCOUNTSold Out

සිවිල් සේවයෙන් විශ්‍රාම ගියෙමි

Highlights:

බොහෝ වෙහෙස වී පැමිණි මා නන්දාගේ නිවසට ගොඩ වදින විට රාත්‍රී අට ද පසු වී තිබුණි.ඇය මා එනතෙක් බොහෝ වේලාවක් බලා සිට ඇති බව මම දැන සිටියෙමි. දවස තිස්සේ ම මා වෙනුවෙන් අවශ්‍ය දේ සුමනේ සමඟ ගොස් ගෙනවිත් රාත්‍රී ආහාර සකස් කොට තිබූ ඇය පමණක් නිවසේ සිටීම නිසා මම සුමනෙ ගැන විමසීමි.

රු495.00
10% DISCOUNT

රහස් පරීක්ෂක කතා අංක 07 සත්‍යජිත් රායි ෆෙලූගේ වික්‍රම – බොම්බායේ මංපහරන්නෝ

Highlights:

උඩු මහලෙන් ඇසුණු තට්ටු කරන හඬක් නිසා ෆෙලුඩා හිස ඔසවා උඩ බැලීය. “ඔයාගේ තාත්තා ලී සෙරෙප්පු දානවද?”  “ඔහ් යර්ස්, ඒක සපත්තු දානවට වඩා ස්වභාවිකයි නේද?” “ඔව්. මං එහෙම හිතනවා.මේ රෙදි කෑල්ල විසිකරපු නිසාද ඔයාගෙ තාත්තා මරන්න කවුරුහරි සැලසුම් කරනවයි කියල ඔයා කියන්නෙ, එහෙම නැත්නම් ඊට වඩා දෙයක් තියෙනවද්?”

රු315.00
10% DISCOUNTSold Out

තෑගි ගොඩයි

Highlights:

එදා පවුලේ සියලු දෙනාටම ප්‍රීතිමත් දිනයක් විය. එයට හේතුව ඔවුන් එදා රුපියල් පන්සියයක් පමණ හම්බකර තිබීමය. එය ඔවුනට විශාල ආදායමක් විය. සිරිසෝම කඩයට ගොස් පරිප්පු හා කරවල ගෙන ආවේය. කාලෙකින් දරුවන්ට හොඳට කන්නට දෙන්ට පුළුවන් වීම ගැන සිරිසෝම මෙන්ම ඔහුගේ බිරිඳද සතුටට පත්වූහ.

රු234.00
10% DISCOUNTSold Out

දොස්තර අසංක

Highlights:

අතුල ගොවිපල පුරාම ඇවිද ගියේ ය. ඔහු දුටුවේ ගියවර පැමිණියාට වඩා දැන් ගොවිපළ සරුසාර වී ඇති බව ය. නුවර නගරයට වී සිටීමට වඩා මෙහි පැමිණ නිවාඩුව ගත කිරීම කොයි තරම් හොඳ දැයි ඔහුට කල්පනා විය.ඒ අතරම ඔහුගේ සොහොයුරිය ගැන ද ඔහුට නිතර නිතර කල්පනා විය.

රු252.00
Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping