පටිඝ
”ඇයි අත්තම්මේ අපේ සීයට සමාව ගන්නවත් දුන්නෙ නැත්තෙ?”
”මගේ මේ ජීවිතේට උනු දේට වගකියන්න ඕන පියල්.මගේ කිසිම වැරැද්දක් නැතුව මගේ දරුවෙක් අප්පච්චි කළුද සුදුද කියලා දැක්කේ නැහැ.ඒ දරුවට ලොකු අසාධාරණයක් වුනේ.මම පෘතග්ජන කෙනෙක්.එයා කරපු දේ අමතක කරලා සමාව දෙන්න පුළුවන්කමක් තිබුණෙ නැහැ මට.”
කතාව කියන තුරු කඳුලක් නොසැලූ සුභද්‍රාවෝ හඬා වැටෙන්නට වූහ. දිල්ෂාන් සහ සයුරිගේ ද දෑස් තෙමී ගියේය.
ගැහැණිය හඬා වැටෙන්නේ හඬා වැටෙන්නට අත්‍යවශ්‍ය තැන්වලදී යැයි දිල්ෂාන් සිතුවේය.
”මෙච්චර වෙලා ක්වීන් එලිසබෙත් වගේ නිර්භීතව ඉඳලා ඇයි මේ අඬන්නේ?අපටත් ශක්තියක් වුනේ ඔයානේ අත්තම්මේ.”
සපත්නි
“බබා නොවී හිටපං බං උඹ ඇරෙන්න වෙන ලෝකයක් අම්මට නෑනේ. එයාගෙ එකම සැනසීම දාලා මැරෙන්න හිතන්නෙ උඹ මොකුත්ම නොකියපු නිසා වෙන්න ඇති.
එහෙම කී කල්පන මගේ කර වටා අතක් දමා මාව ළං කර ගත්තේය. ගෙතුලට ගියේ ඊට පසුවය. මොහොතක් අම්මා දෙස බලා හිඳ ආපසු හැරිණි. කල්පන පැමිණ හිඳි බවක් අම්මා නොදුටුවාය. ඇය සිටියේ අවුල් වූ රෙදි ගොන්න අතර බිම ඉඳගෙන ඇඳට හිස තබාගෙනය.
සීතල හාදු
”ඔය කාලෙට එන ඔළුවේ කැක්කුම නම් එච්චර හොඳ නෑ.හොඳ ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා නිට්ටාවටම හොඳ කරගන්න වෙයි.”
රන්දෙණිය මහතා බැරෑරුම් හඬින් පැවසූයේ දෙපිට අරුත් ගෙන දෙන වදන් පෙළකි.කාමරය පුරා නෙතු යැවූ ඔහු අසුන් ගත්තේ පිළිවෙලකට ඇඳ ඇතිරිලි සාදා තිබූ ඇයගේ යහන මතය.තුර්විගේ සියොළඟ ගිනි ගත්තේ හදිසියට කොට්ටය යට සැඟ වූ ජංගම දුරකථනය සිහිවය.වැරදීමකින් හෝ ඔහුගෙන් ඇමතුමක් පැමිණය හොත්…එතනින් එහාට සිදුවන දෙය පිළිබඳව සිතන්නටවත් බැරිය.
නුහුරු නුපුරුදු හීනයක්
“මහත්තයා …. මම මනුස්සයෙක්. දරුවෙක් වඩාගෙන ඉන්න ගෑණියෙක්ට අත උස්සනවා දැක්කම මට දරා ගන්න බැරැව ගියා. අන්න එකයි මම මෙතනට ආවේ. ගෑනුන්ට අත උස්සන්නේ මොක්කුද කියලා මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. මහත්තයා මං ගැන අහලා තියෙනවද දන්නෙ නෑ.
අහලා නැත්නං ඔරුගොඩවත්තේ රනා ගැන කාගෙන් හරි අහලා බලන්න…”
සිනාසෙමු අතීතෙට
“ඊයේ රෑ පුරාම මිනිහෙක් මගෙ කාමරේ දොරකඩ ගාව ඉඳගෙන ජීවිතේට අහපු නැති කුණුහරුප කියලා බැන්නා.”
“ඒ ඇයි?”
“නැහැ ඊයේ ෆීල්ඩ් එකේ යන දවස.ඒ මනුස්සයාගේ ගෑණු මනුස්සයාට පස්වෙනි දරුවට මාස තුනයි ඊයේට
වැඩිමහල් ළමයාට අවුරුද්දයි. අනිත් ළමයාට අවුරුදු දෙකයි. වැඩිමල් ළමයට අවුරුදු පහයි. ඒ මනුස්සයා හොඳටම දුර්වලයි. පොඩි දරුවට දෙන්න කිරිත් නැහැ.