Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-652-105-4 |
Language | Sinhala |
Pages | 157 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
මගේ නඩුව ඉවරයි
රු300.00
Price Summary
- රු300.00
- රු300.00
- රු300.00
අපි දේශපාලනඥයන්ගේ නොමනා කටයුතු ගැන නිතර කතා කරන්නෙමු. විවේචනය කරන්නෙමු. එහෙත් සිය උගත්කම හා සිවිල් බලය ඉවහල් කරගෙන ප්රතිරූප ගොඩ නගාගෙන කටයුතු කරන උදවිය ගැන කතා නොකරන්නෙමු. මේ පිරිසගේ කටයුතු දේශපාලනඥයන්ගේ කටයුතුවලට වඩා සාහසිකය. මන්ද ඔවුන් සතු බලය එක්තරා කාලයකට පමණක් අදාළ නොවන හෙයිනි.
මේ ගද්‍යමය ආඛ්‍යානය වාග් ප්රහාරයකි. එය ආවේගාත්මකය. කර්කෂය. තමන් සතු සිවිල් බලය දඩමීමා කරගෙන නොපනත් කටයුතු කරන්නන් හෙළිදරව් කිරීම සඳහා තනා ගන්නා රීතියකට වඩා ස්වාභාවික වූ ආවේගාත්මක රීතියක් පාඨකයාට ප්‍රබල බලපෑමක් ඇති කිරීමට ඉවහල් වේ.
Notify me when item is back in stock.
Be the first to review “මගේ නඩුව ඉවරයි” Cancel reply
Related Products
නිදහසේ රැජින 1 (අඳුරු අධිරාජ්‍යය පළමු කොටස)
ක්‍රි.පූර්ව 17 වන ශතවර්ෂයයි. හික්සෝවරුන් ඊජිප්තුව යටත් කරගත් අඳුරු කාලපරිච්ඡේදයයි. හික්සෝවරුන් යනු වෙනත් රාජ්‍ය වලින් පැමිණි කුමාරවරුන්ය. මේ කෘෘර ඒකාධිපති පාලකයන්ගේ ආක්රමණයත් සමගම ඒ වනතෙක් ඊජිප්තුවේ පැවැති සාධාරණත්වය, ආදරය, නීතිගරුක බව යන උතුම් ගුණාංග සියල්ල යටපත් විය. කෘෘරකම, ආත්මාර්ථකාමී බව ඉස්මතු විය.
ඊජිප්තුවට බලපෑ මේ ආක්රමණික පාලනයෙන් බේරී අවසානයේ ඉතිරි වූයේ තීබසය නම් වූ කුඩා රාජ්‍යය පමණි. තීබසය පාලනය කළ ටේටි රැජිනගේ දියණිය අහොටෙප් කුමරියයි. ඊජිප්තුව, ආක්‍රමණිකයාගේ කෘෘර හස්තයෙන් ගලවාගැනීමට ඉදිරිපත් වූයේ ආහොටෙප් කුමරියයි.
ඉතින් තම මෑණියක් වූ ටේටි රැජින, සැමියා වු සීක්වෙන්, සුරතලා වූ සිනාසෙන්නා සහ ආවතේවකරු වූ ක්වාරිස් සමග මේ දරුණු පාලකයා පරාජය කිරීමට ඇයට හැකි වේද?
අපේ යාළු දඟ මල්ල
එලිසබෙත්ගේ පන්තියේ දැන් අලුත්
පිරිමි ළමයෙක් සිටියි. කොච්චරවත්
බුම්මාගෙන තරහින් සිටින ඔහු
එලිසබෙත්ව තරහ ගැස්සීම සඳහා
හැමවිටම මාන බලයි.
ඈ තරහ නොගෙන ඉවසිල්ලෙන් කටයුතු
කිරීමට උත්සාහ කරන නමුත් වරක් පාසලේ
නරකම සිසුවිය වී සිටි කෙනකුට එය පහසු
වැඩක් නොවේ….
රිදී නූලේ මායාව
අඟහරුවාදා දිනයක උපන් නිසා, ටියුස්ඩේ නම ලැබූ දැරියක සිටියාය. ඇගේ මව ළමා පොත් ලියන ලේඛිකාවකි. දිනක් හදිසියේ තම මව අතුරුදන්ව ඇතැයි දැන ගන්නා ටියුස්ඩේ, ඈ සෙවීමට වෑයම් කරයි. එහිදී හමුවන විශ්මිත රිදී නූලක් මගින් ඈ අපුරු ලෝකයකට පිවිසේ. එහිදී ඈ ලබන ත්‍රාසජනක අත්දැකීම් රැසක් මෙම පොතට පසුබිම් වී තිබේ.
ආදරණීය ගුරුභවතුනි
දරුවන්ගේ ජීවිත ආලෝකවත් කරන වැදගත්ම ස්ථානය පාසලයි. සැබැවින්ම පාසලක් උතුම් තැනකි. පාසලක සිටින්නේ දැනුම් තේරුම් ඇති වැඩිහිටියන් සහ දැනුමෙන්, කුසලතාවලින් සහ ආකල්පවලින් ටිකෙන් ටික වඩා වර්ධනය කළ යුතු දරුවන්ය. පාසලක සිටින වැඩිහිටියන් හා පාසලක සිටින දරුවන් සතුටින් මෙන්ම ප්‍රීතියෙන් සිටීම අවශ්‍ය වේ. මේ දෙපිරිසට සතුටින් සහ ප්‍රීතියෙන් කාලය ගත කිරීමට අත්‍යාවශ්‍ය වන්නේ අවබෝධයයි. ඒ අවබෝධ සාධනීය අන්දමින් ඇති කර ගැනීමට කල්පනා කළ යුත්තේ ගුරු භවතුන්ය.
ජන සංහාරයේ දින පොත
මෙය ‘නොනා ලිසෝවිස්කජා බැනිස්ටර්’ නම් රුසියානු ඇමරිකානු කාන්තාව විසින් දෙවන ලෝක යුද සමය හා නාසි හමුදා භීෂණයේ තම පෞද්ගලික අත්දැකීම් පදනම් කරගෙන ලියූ සටහන් පෙළකි. නමුත් ඇගේ රහසිගත ජීවිතය පිළිබඳ මෙම සටහන් පෙළ ග්රන්ථයක් ලෙස ප්‍රසිද්ධ කෙරුණේ වසර 2004 දී ඇය මිය යෑමෙන් පසු ය.
භාෂා පහකට වඩා දැන සිටි නොනා යුද්ධයට මැදි වීමෙන් පසු පියා විසින් දුන් දින පොත්වල තම අත්දැකීම් ලීවා ය. නොනා දෙවන ලෝක යුද සමයේ නාසි හමුදා අත්තඩංගුවට පත් ව දිවි බේරා ගත් කිහිපදෙනාගෙන් අයෙකු වීම විශේෂත්වයකි.
පුතාට ලියමි
“පුතාට ලියමි” අර්ධ නව කතාවකි. දෙමාපියන් හා ගුරුභවතුන් මේ පොතෙහි පාඨකයන් ලෙස සැලකීමට කතුවරයා කල්පනා කරයි.
කැඩපත් දහයක්
සිරුර දෙපැත්තේ ම නෙරා පෙනෙන අංගෝපාංග පමණට වඩා සොලවමින් ඇවිදින ස්ත්‍රියකගේ ඒ ගමන ඇගේ වයසට නොගැළපෙන්නේ යයි ඩග්ලස්ට සිතුණ ද ඔහු ඒ ඇවිදිල්ල වඩා තියුණු ඇසකින් නිරීක්ෂණය කළේය. දුර දිවීමේ තරගයකට පුහුණු වන්නකු සේ ඇවිදින තවත් අයෙක් අනෙක් සියල්ලන් පසුකරමින් යයි.
** බයිපාස් සොසයිටි **
“මට ඕන වෙලා තියෙන්නෙ මිනිහගෙ තුවාලෙ සනීප කරවලා බෙල්ල කෙළින් කරවලා අරන් හැන්දෑවක අපේ මිදුලෙ අඹ ගහ යට වාඩිවෙලා පොඩි අඩියකුත් ගහන ගමන් කවි ගැන කතාබහ කරන්න. ඒ වගේ දියුණු රසිකයෙක් එක්ක මොන තරම් දේවල් කතා කරන්ඩ පුළුවන්ද?
** රසිකයෙක් සහ කවියෙක්**
සිතුවිලි කළවම
ජීවිතාවබෝධය හා සමාජාවබෝධය පිණිස කවරෙකු වුව සංවේදී විය යුතු ක්ෂේත්‍ර කිහිපයක් ඇත. සාහිත්‍ය කියවීම, කලාව ආස්වාදනය, සමාජ දේශපාලන සංසිද්ධීන් කෙරේ විචාරශීලී වීම ඒ අතර වැදගත් ය. ‘සිතුවිලි කළවම’ ඒ වෙනුවෙන් සම්පාදනය කරන ලද කෘතියකි. ජීවිතය හා සමාජය මෙහි ඇතුළත් ය.
සත්‍යය ම පමණයි
මඳ වේලාවකට පසු දුරකතනය නාද වීමෙන් හූ අවදි වුණා ය. ඇය අඬමින් ම නින්දට ගොස් තිබුණි.
“හලෝ?” ඇය කීවා ය. ඇඬීම නිසා ඇගේ කට හඬ වියළී තිබුණි.
“මට හූ ඈන් යුවාන් මහත්තයත් එක්ක කතා කරන්න පුළුවන් ද? මම බැංකොක් අන්තර්ජාතික විශ්ව විද්‍යාලයෙන් ඩේවිඩ් රයිඩීන් කතා කරන්නෙ.”
හූ ගේ හදවත නැවතුනි. “මම හූ. තාත්ත තවම වැඩ ඇරිල ගෙදර ආවේ නෑ. ඔයා ළඟ එයාගෙ අංකය තියෙනව ද?”
ළමා මනාලියකගේ කඳුළු කතාව
සානියා ක්‍රැවන් එංගලන්තයේ ජීවත්වූ වයස අවුරුදු දහතුනක ගැහැනු ළමයෙකි. පාසල් ගිය. අසල්වැසි පංති මිතුරන් සමඟ ගතකළේ ප්‍රීතිමත් ජීවිතයකි. නමුත් ඇගේ ඉරණම වෙනස් වුයේ පියාගේ මරණයත් සමඟය.
රජවරුන්ගේ ශාපය
කාත් කවුරුවත් නැති දුගී දැරියක් ලෙසින් හැදී වැඩුණු
මට පුරාවිද්‍යාව ඉගෙන ගන්නට ලැබීමම අහම්බෙන් ලද
ආශ්චර්යයක් විය.ඉතින් පුරාවිද්‍යාවේ අසිරිමත් දේශය වු
ඊජීප්තුවට යන්නට වරම් ලැබීම මගේ සිහිනයක්
සැබෑවීමක් බඳුය. එහෙත් ඒ සැබෑවු සිහිනය මහා
භයංකාර සිහිනයක් බවට පත් වෙන්නට වැඩි කලක් ගියේ
නැත්. අලුත් පාරාවෝ සොහොන්කොත්ක් ගවේෂණය
කරන්නට ගිය අපේ කණ්ඩායමේ එකින් එකා මිය යන්නට
පටන් ගත්තේ, පාරාවෝ සොහොන්ගැබ් වල සැඟවී
ඇතැයි කියන “රජවරුන්ගේ ශාපය” නිසාමද.? නැතිනම්
ඊටත් වඩා රුදුරු, අඳුරු බලවේගයක් නිසාද…?
දයාබර ගුරුතුමිය වෙතටයි
මේ කෘතිය ඉතාලියේ වස්කනී ප්‍රදේශයේ බාර්බියානාවේ ශිෂ්‍යයන් අට දෙනෙකු විසින් ලියන ලද සත්‍ය කථාවකි. මෙය අධ්‍යාපනයට අදාළ දුර්ලභ ගණයේ කෘතියකි. තමන්ට සිදු වූ අසාධාරණයක් හුදු අදෝනාවක් ලෙස නොව, තර්කයෙන්, සංඛ්‍යා ලේඛන මගින්, දත්ත මගින් කරුණු තහවුරු කරමින් ඉතා ප්‍රබල කථා පුවතක් මින් ඉදිරිපත් කෙරේ. මේ පුවත සැබැවින්ම හඳ කකියන ඛේදවාචකයකි. දුප්පත් ශිෂ්‍යයන් පිළිබඳ සුළු තැකීමක්වත් ඇති කිසිවෙකුට මේ පොත නොසලකා හැරිය නොහැකිය.
Recently Viewed
ගණිතය (11 ශ්‍රේණිය) මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – පළමු, දෙවන හා තෙවන වාර විබාග (Akura Pilot Revision Papers)
ගණිතය (11 ශ්‍රේණිය) වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – පළමු, දෙවන හා තෙවන වාර විබාග (Akura Pilot Revision Papers)
උසස් පෙළ මානුෂ භූගෝල විද්‍යාව – 02
2017 සිට ක්‍රියාත්මක වන උසස් පෙළ මානුෂ භූගෝල විද්‍යාව නව නිර්දේශය යටතේ කෘෂිකර්මය, කර්මාන්ත, ඛනිජ සම්පත්, සංචාරක කර්මාන්තය, ගෝලීයකරණය, කලාපීය සංවිධාන පිළිබඳ විෂය නිර්දේශයට අලුතින් ඇතුලත් කරුණු පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්ව්මින් පොත සකස් කර ඇත.
Alice in Wonderland (Usborne Young Reading Series Two)
Attractive retelling of Lewis Carroll’s story with evocative illustrations. Clear, engaging text to encourage independent reading with direct speech and speech bubbles. Part of Young Reading Series 2 for readers growing in confidence. Also available with an audio CD with a dramatic listen-along recording with music and sound effects, followed by a read-along version with prompts for page turns.
Never Say Die
Alex Rider will soon be a star in his very own TV series! The world’s greatest teen spy is back in action in a thrilling new mission: destroy once and for all the terrorist organization SCORPIA.
Great Stories in Easy English – Monte Cristo
The Count of Monte Cristo, written in 1844 by the French author Alexandra Dumas, is considered an epic novel. It is one of the most popular works of this author. This book, which is available to you as a concise edition, is important for English literature lovers as well as English literature students. It should be noted that at the end of each book there are questions posed by this story and exercises that are useful for further language development.
BUY EBOOK VERSIONලෝකෝපකාරය
උපදේශාත්මක කාව්‍ය්‍යට සාහිත්‍යයෙහි විශේෂ තැනක් හිමි ව තිබේ. සංස්කෘත සාහිත්‍යයෙහි පංචතන්ත්‍රය, හිතෝපදේශය, ව්‍යාසකාරය , නීති ශතකය, ප්‍රත්‍ය ශතකය ආදී උපදේශාත්මක කාව්‍යයෝ බෙහෙවින් අගය කරනු ලබති. සිංහලයෙහි ද උපදේශාත්මක කාව්‍යයාවලියක් තිබේ. ලෝවැඩ සඟරාව, ලෝකෝපකාරය හා සුභාෂිතය ඉන් මුල් තැනක් ගනී. මේ සිංහල උපදේශාත්මක කාව්‍යයන් අතුරින් දීර්ඝතම කාව්‍යය වනුයේ ලෝකෝපකාරයයි.
සේද කුඩය
“ඔබ කුඩා කල ආසාවෙන් රසවිඳි චීන ළමා කතන්දර වල විචිත්රත්වය”
“මේ මණ්ඩපයට පුළුවන් මිනිසුන් අව්වෙන් වැස්සෙන් දෙකෙන්ම ආරක්ෂා කරන්න. මොන තරම් ලස්සන මාලිගාවක්ද මගේ නංගි දැනටමත් පරාදයි.”
ලු බෑන් ආපහු තානායමට ආවා. එයා දැක්කා නංගිගෙ කාමරයේ තාමත් පහන් නිවලා නැති බව. හැබැයි සම්පූර්ණයෙන් නිශ්ශබ්දයි. “මගේ නංගි කම්මැලියි.”
මෙම ලස්සන පින්තූර සහ රසවත් කථා ළමා හදවත් තුළ චීන සංස්කෘතිය හා ලෝක සංස්කෘතිය අතර පාලමක් ගොඩනඟයි.
හෙරලිය
ප්‍රවීණ ළමා කතා රචිකාවියක සහ සිතුවම් ශිල්පිනයක වූ සිබිල් වෙත්තසිංහයන් අතින් කරන ලද නිර්මාණයකි. දරුවන්ගේ සිත්ඇදගන්නා සුළු, ළමා මනෝ විද්‍යාත්මක කාරණාවලට අනුගතව නිර්මාණය කරන ලද සිතුවම්වලින් පරිපූර්ණය.
BUY EBOOK VERSION10 ශ්‍රේණිය -සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ගුරුවරයකුගේ පෞද්ගලික සහය ලබාගත නොහැකි අවස්ථාවල දීමෙම කෙටි සටහන් පොත් පෙළ ඔබට මහඟු පිටිවහලක් වනු ඇත. මෙම උපකාරක පොත් පෙළ සම්පාදනය කර ඇත්තේ ඊට අදාළ විෂයන් ඉගැන්වීමේ හා පිළිතුරු පත් ලකුණු කිරීමේ දීර්ඝ කාලීන පළපුරුද්දක් ලත් ප්‍රවීන ආචාර්ය මණ්ඩලයක් මගිනි.
අත්තම්මගේ උපන්දිනේ
“අත්තම්මා මගේ හැම උපන්දිනයනටම තෑගි දෙනවා. ඒත් මම කවදාවත් අත්තම්මට තෑග්ගක් දීලා නෑ. අත්තම්මටත් මේ වගේ උපන්දින උත්සවයක් තිබුණොත්, මේ වගේ තෑගී ගොඩක් ලැබුණොත් කොයි තරම් සතුටු හිතෙයි ද? කූංචන එයාගේ තෑගි ගොඩ දිහා බලාගෙන හිතුවා.
Cambridge Igcse And O Level Accounting Coursebook Second Edition
Covers the Cambridge IGCSE Accounting syllabus (0452) and Cambridge O Level Accounting syllabus (7110), first examination 2020. With more practice questions than the previous edition and content matched to the Cambridge IGCSE and O Level Accounting syllabuses,
සුවිසල් පැතුම්
සුප්‍රකට ඉංග්‍රීසි ජාතික කතුවරයකු වූ චාල්ස් ඩිකන්ස් විසින් රචිත දහතුන් වැනි නවකතාව වූ Great Expectation හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය ‘සුවිසල් පැතුම්’ නමින් ප්‍රකාශයට පත්ව තිබේ. ඩේවිඩ් කොපර්ෆීල්ඩ් (මෙය ද ගුණසේන ප්රකාශනයක් ලෙස සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම පවතී) හැරුණු විට උත්තම පුරුෂයෙන් ලියන ලද ඔහුගේ දෙවැනි නවකතාව වන්නේ මෙයයි. 19 වැනි සියවසේ මැද භාගයේ එංගලන්තයේ කෙන්ට් සහ ලන්ඩන් යන නගර ආශ්රිත සිදුවීම් මෙම නවකතාවෙන් පිළිබිඹු වේ. කතාව ගෙතී ඇත්තේ ‘පිප්’ නම් අනාථ දරුවකු වටාය.
There are no reviews yet.