Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-652-105-4 |
Language | Sinhala |
Pages | 157 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
මගේ නඩුව ඉවරයි
රු300.00
Price Summary
- රු300.00
- රු300.00
- රු300.00
අපි දේශපාලනඥයන්ගේ නොමනා කටයුතු ගැන නිතර කතා කරන්නෙමු. විවේචනය කරන්නෙමු. එහෙත් සිය උගත්කම හා සිවිල් බලය ඉවහල් කරගෙන ප්රතිරූප ගොඩ නගාගෙන කටයුතු කරන උදවිය ගැන කතා නොකරන්නෙමු. මේ පිරිසගේ කටයුතු දේශපාලනඥයන්ගේ කටයුතුවලට වඩා සාහසිකය. මන්ද ඔවුන් සතු බලය එක්තරා කාලයකට පමණක් අදාළ නොවන හෙයිනි.
මේ ගද්‍යමය ආඛ්‍යානය වාග් ප්රහාරයකි. එය ආවේගාත්මකය. කර්කෂය. තමන් සතු සිවිල් බලය දඩමීමා කරගෙන නොපනත් කටයුතු කරන්නන් හෙළිදරව් කිරීම සඳහා තනා ගන්නා රීතියකට වඩා ස්වාභාවික වූ ආවේගාත්මක රීතියක් පාඨකයාට ප්‍රබල බලපෑමක් ඇති කිරීමට ඉවහල් වේ.
Notify me when item is back in stock.
Be the first to review “මගේ නඩුව ඉවරයි” Cancel reply
Related Products
ආදරණීය ගුරුභවතුනි
දරුවන්ගේ ජීවිත ආලෝකවත් කරන වැදගත්ම ස්ථානය පාසලයි. සැබැවින්ම පාසලක් උතුම් තැනකි. පාසලක සිටින්නේ දැනුම් තේරුම් ඇති වැඩිහිටියන් සහ දැනුමෙන්, කුසලතාවලින් සහ ආකල්පවලින් ටිකෙන් ටික වඩා වර්ධනය කළ යුතු දරුවන්ය. පාසලක සිටින වැඩිහිටියන් හා පාසලක සිටින දරුවන් සතුටින් මෙන්ම ප්‍රීතියෙන් සිටීම අවශ්‍ය වේ. මේ දෙපිරිසට සතුටින් සහ ප්‍රීතියෙන් කාලය ගත කිරීමට අත්‍යාවශ්‍ය වන්නේ අවබෝධයයි. ඒ අවබෝධ සාධනීය අන්දමින් ඇති කර ගැනීමට කල්පනා කළ යුත්තේ ගුරු භවතුන්ය.
කැඩපත් දහයක්
සිරුර දෙපැත්තේ ම නෙරා පෙනෙන අංගෝපාංග පමණට වඩා සොලවමින් ඇවිදින ස්ත්‍රියකගේ ඒ ගමන ඇගේ වයසට නොගැළපෙන්නේ යයි ඩග්ලස්ට සිතුණ ද ඔහු ඒ ඇවිදිල්ල වඩා තියුණු ඇසකින් නිරීක්ෂණය කළේය. දුර දිවීමේ තරගයකට පුහුණු වන්නකු සේ ඇවිදින තවත් අයෙක් අනෙක් සියල්ලන් පසුකරමින් යයි.
** බයිපාස් සොසයිටි **
“මට ඕන වෙලා තියෙන්නෙ මිනිහගෙ තුවාලෙ සනීප කරවලා බෙල්ල කෙළින් කරවලා අරන් හැන්දෑවක අපේ මිදුලෙ අඹ ගහ යට වාඩිවෙලා පොඩි අඩියකුත් ගහන ගමන් කවි ගැන කතාබහ කරන්න. ඒ වගේ දියුණු රසිකයෙක් එක්ක මොන තරම් දේවල් කතා කරන්ඩ පුළුවන්ද?
** රසිකයෙක් සහ කවියෙක්**
අපේ යාළු දඟ මල්ල
එලිසබෙත්ගේ පන්තියේ දැන් අලුත්
පිරිමි ළමයෙක් සිටියි. කොච්චරවත්
බුම්මාගෙන තරහින් සිටින ඔහු
එලිසබෙත්ව තරහ ගැස්සීම සඳහා
හැමවිටම මාන බලයි.
ඈ තරහ නොගෙන ඉවසිල්ලෙන් කටයුතු
කිරීමට උත්සාහ කරන නමුත් වරක් පාසලේ
නරකම සිසුවිය වී සිටි කෙනකුට එය පහසු
වැඩක් නොවේ….
ආදරණීය දරුවනි
මෙහි ඇතුළත් වන්නේ කතෘ විසින් විවිධ පාසල්වල දී උසස් පන්තිවල දරුවන්ට පවත්වන ලද දේශන කීපයකි. එහෙත් ඒ දේශන ඒ ආකාරයෙන් ම පිටපත් කර නැත. ඒ දේශන දරුවන්ට වඩාත් ප්‍රයෝජනවත් වන අන්දමට සකස් කර, සංස්කරණය කර, ප්‍රයෝජනවත් අන්දමට නිදසුන් ඇතුළත් කර, විස්තාරණය කර තිබේ. මෙහි මුලින් ම ඇතුළත් වන ‘මිහි මඬලේ අඳුරු කුසේ දිය උල්පත…’ නම් දේශනය සැබවින් ම දේශන කීපයක එකතුවකි.
හෙට අලුත් ජීවිතයක්
සාර්ථක ව අධ්‍යාපන කටයුතු සිදු කර ගන්නා තරුණ තරුණියන් අනපේක්ෂිත කාරණා හේතුවෙන් අනාගත අපේක්ෂා බිඳ දමා ගන්නා අවස්ථා අද අපමණය. තරුණ වියේ දී ම විවාහ ජීවිත පටන් ගෙන අවුල් සහගත දිවි පෙවතක් උරුම කර ගන්නා තත්ත්වයන් ද කැපී පෙනේ.ජීවිතය ඉදිරියට ගෙන යෑමට නම්, ජීවන අපේක්ෂා බිඳ වැටුණ විට ඒ ගැන පියවි සිහියෙන් කල්පනා කළ යුතු ය.
මේ පොත තමන් ගැන විචාරශීලී වීමට කැමති කාටත් ඒ සඳහා අවශ්‍ය අත්දැකීම් සංග්‍රහ කරමින් ජීවිතාවබෝධය උදෙසා සම්පාදනය වූවකි.
දිලක්ත නීතිය සහ ලතින් භාෂාවේ නෛතික යෙදුම්
දිලක්ත නීතිය යනු රෝම ලන්දේසි නීති ක්‍රමය අනුව වර්ධනය වූ නීති ක්රමයකි.
දරුවන්ට ගහන්න එපා
පාසල සංස්කෘතිය පවරා දෙන තැනකි. දේශපාලන සමාජ හා ආර්ථික වශයෙන් බිඳ වැටුණ සමාජයක පාසලට නිරුපද්‍රිතව පවතින්නට අපහසුය. එහෙත් ආපසු හැරී බලන විට රටක අධ්‍යාපනය හා සංස්කෘතිය කඩාවැටීම සියලු ව්‍යසනයන්ට මුල්වී ඇති බව පිළිගන්නට සිදුවෙයි.
දිනෙන් දින ප්රචණ්ඩත්වය ඉහවහා යන වාතාවරණයක අපට ජීවත්වන්නට සිදුවී තිබේ. වෙනත් අයුරකින් පවසතොත් අප ජීවත්වන්නේ – අපේ දරුවන්ට ජීවත්වීමට සිදුවී තිබෙන්නේ වැඩිහිටියන් විසින් බරපතල ලෙස දූෂණය කරන ලද සමාජයකය.
ඇතැම් ගුරු භවතුන් තම මානසික පීඩනය තුනීකර ගැනීමට දරුවන්ට දරුණු ලෙස පහරදීම හා ඒ පහරදීම සාධාරණ බව හුවා දැක්වීමද සිදුවෙයි. දරුවන් අවබෝධ කරගැනීම හා ඔවුන්ට ආදරය දැක්වීම වෙනුවට දරුවන් හික්මවන හොඳම ක්‍රමය ලෙස පහරදීම හඳුනා ගැනීමේ විපාක අද අපට ඇස් පනා පිට විඳින්නට සිදුවී තිබේ. එබැවින් සිවිල් නීති රීති සුරැකීමත්, ඒවායෙන් ප්‍රයෝජන ලැබීමත්, හිංසනය හා කෲරත්වය හෙළා දැකීමත්, උදෙසා සෑම ශිෂ්ට පුරවැසියෙකුම දායකවීම අවශ්‍යවේ. මේ පොත ඒ සඳහා පෙරවදනකි.
මිනිපිරියගේ ලියුම
පියෙකුගේ ආදරය රැකවරණය මට අහිමි විය. එහෙත් කිසිම දරුවෙකුට හිමි වී නැති අන්දමේ ආදරණීය මවකගේ සෙනෙහස මට නොමඳව ලැබිණි. දයාව, කරුණාව, ආදරය පමණක් නොව මට මගේ මව උරුම කළේ…….. ඇය අකම්පිත ගැහැනියක ලෙස ජීවත්වීමෙන් මට ජීවිතය ගැන නිහඬව ලබා දුන් අවබෝධය මෙනෙහි කරන විට ඇය සැබැවින්ම පරමාදර්ශී කාන්තාවකි.
මම සීයාට මේ ගැන ලියන්නට කල්පනා කළේ මගේ තාත්තා හා සීයා අතර පවතින ගුප්ත වූ සමානකමත් මගේ අම්මා හා මගේ ආච්චි අම්මා අතර තිබෙන හෘදයාංගම සමානකමත් මට ම වඩාත් හොඳින් පසක් කර ගැනීමටය.
රිදී නූලේ මායාව
අඟහරුවාදා දිනයක උපන් නිසා, ටියුස්ඩේ නම ලැබූ දැරියක සිටියාය. ඇගේ මව ළමා පොත් ලියන ලේඛිකාවකි. දිනක් හදිසියේ තම මව අතුරුදන්ව ඇතැයි දැන ගන්නා ටියුස්ඩේ, ඈ සෙවීමට වෑයම් කරයි. එහිදී හමුවන විශ්මිත රිදී නූලක් මගින් ඈ අපුරු ලෝකයකට පිවිසේ. එහිදී ඈ ලබන ත්‍රාසජනක අත්දැකීම් රැසක් මෙම පොතට පසුබිම් වී තිබේ.
මිහිරි හැඟුම්
සිතට, සැනසුම සතුට ළඟා කර ගැනීමට පෘතග්ජන කොයි කවුරුනුත් කැමති බව කිව යුතු නැත. සැනසුම- සතුට, භෞතික වස්තූන් අත්පත් කර ගැනීම ඔස්සේ සැබවින්ම හිමි නොවන්නේය. සැනසුම-සතුට අදාළ වන්නේ මිනිස් මනසටය.
“මිහිරි හැඟුම්” නමැති මේ කෘතියෙහි ඇතුළත් වන්නේ මිනිස් සිතට සුවය සදන අත්දැකීම්ය. ඒ අත්දැකීම්වල වෙනසක් ඇත. ඒවා කවි කල්පිත අත්දැකීම්වල වෙනසක් ඇත. ඒවා කවි කල්පිත අත්දැකීම් නොවන්නේය. සත්‍ය අත්දැකීම් වන්නේය.
පුතාට ලියමි
“පුතාට ලියමි” අර්ධ නව කතාවකි. දෙමාපියන් හා ගුරුභවතුන් මේ පොතෙහි පාඨකයන් ලෙස සැලකීමට කතුවරයා කල්පනා කරයි.
ඩැල්මේෂන් 101
පොන්ගෝට සහ මිසිස්ට සිටි සුරතල් ඩැල්මේෂන් පැටව් පහළොස් දෙනා අබිරහස් ලෙස අතුරුදහන් වෙති. දුෂ්ට අසල්වැසි කාන්තාවක වන කෘවෙලා ඩි විල් ගැන සැක කරන බුද්ධිමත් පොන්ගෝ,මිසිස් සමග සිය පැටවුන් සොයා යයි. බොහෝ අනතුරුවලට මුහුණ දෙන ඔවුහු, අතරමග දී හමු වන මිතුරු සුනඛයින්ගේ සහ වෙනත් සතුන්ගේ උදව්වෙන් අන්තිමේ දී දුෂ්ට සතුරන් පරාජය කර සිය පැටවුන් සමග එක් වෙති.
Recently Viewed
Sawan 151 Jataka Tales – English
Sawan 151 Jataka Tales is a storehouse of the most fabulous and popular 151 stories. Each tale in the book has been written in very lucid language accompanied by a colored illustration that adds to its beauty manifold. Young and old alike are sure to get lost in the world of these tales which hold the reader spellbound.
රසායන විද්‍යාව විවරණය ,2015
*රසායන විද්‍යාව 2015 අංගසම්පූර්ණ ප්‍රශ්න ප්‍රත්‍රය.
*බහුවරණ ප්‍රශ්න සඳහා සම්පූර්ණ පිළිතුරු විවරණය
සමඟ ආශ්රිත පසුගිය ප්‍රශ්න ඉදිරිපත් කිරීම.
*වයුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සෘජු
පිළිතුරු සහ අත්‍යවශ්‍ය පිළිතුරු පැහැදිලි කිරීම්
සමඟ ලකුණු දීමේ පටිපාටිය.
*ඔබගේ දැනුම ඇගයීමේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය
ජාතික නිදහසේ මහා පුරුෂයා
“මට ඕනෑ කරන්නෙ
විජය කුමාරයා පළමු කොට ම
ලංකාවට ගොඩ බැස්ස
මේ තම්මැන්නාවෙ පටන්
බුදු හාමුදුරුවො පළමු කොට ම
ලංකාවට වැඩම කළ මහියංගනය දක්වා
ආයෙත් එක ම සිංහල
ගොවි ජනපදයක් කිරීම යි.”
ඉංජිනේරු තාක්ශණවේදය 5 කොටස
කිසියම් දෙයක් නිෂ්පාදනය කිරීමේ කාර්යයේ දී සිවිල් තාක්ෂණවේදය, යාන්ත්‍රික තාක්ෂණවේදය, විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය යන විෂය ක්ෂේත්‍ර එකකට වැඩි සංඛ්‍යාවක දායකත්වය ලබාගැනීමට සිදුවන බව වර්තමානයේ අප භාවිත කරන නිෂ්පාදන පරීක්ෂා කිරීමෙන් තහවුරු වේ. ඒ අනුව වර්තමාන වැඩ ලෝකයේ එවැනි තාක්ෂණික ක්ෂේත්‍ර වෙත වැඩි වශයෙන් අවධානය යොමු වෙමින් තිබේ. එසේම වර්තමාන වැඩ ලෝකයට පුහුණු හා දැනුම්වත් වූ ශ්‍රමිකයන්ගේ දැඩි අවශ්‍යතාවක් පවතින බව ද පෙනී යයි. විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අ.පො.ස. උසස් පෙළ පන්තිවලට ඉංජිනේරු තාක්ෂණවේදය යන නව විෂයය හඳුන්වා දී තිබෙන්නේ, වැඩ ලෝකයට යාමේ දී එක් විෂය ක්ෂේත්රයක මූලික ඉංජිනේරුමය දැනුම ලබා තිබීමට වඩා ක්ෂේත්‍ර කීපයකට අදාළ ඉංජිනේරුමය දැනුම ලබා තිබීම ඵලදායක වන නිසා ය.
රාමා සහ දිනූ
දරුවන් යහමගට පත්වන්නේ දෙමාපියන්ගේ හා ගුරුවරුන්ගේ යහපත් මග පෙන්වීමත් ගුණගරුක බවත් තුළිනි. ඒ සඳහා ආගම් හා ජාති භේද අවශ්‍ය නොවේ. රාමා හා දිනූ නවකතාව අපට පවසන්නේ එයයි.
BUY EBOOK VERSIONM.D.GUNASENA 160 Pages Square Ruled Pack
M.D.GUNASENA 160 Pages Square Ruled 06 Books
Beauty of the White Lotus
This booklet is an attempt to explain in simple and clear terms the supreme qualities of the Buddha.
දෙවිදේවතා සාධනය
නොයෙකුත් පැරැණි යන්ත්‍ර මන්ත්‍ර, බු පියසුන් බැඳ ගෙන වැඩ ගත් මන්ත්‍ර කොටස් පැරැණි නාගර පොත්වලින් උපුටා ගත හැකි තාක් ගෙන සකස් කරන ලද්දෙකි.
Attitude Is Everything
IF YOU CAN DREAM IT, YOU CAN DO IT!Do you dread going to work? Do you feel tired, unhappy, weighed down? Have you given up on your dreams? The road to a happier, more successful life starts with your attitude–and your attitude is within your control.Whether your outlook is negative, positive or somewhere in between, Jeff Keller, motivational speaker and coach, will show you how to take control and unleash your hidden potential through three powerful steps:–THINK! Success begins in the mind. The power of attitude can change your destiny.–SPEAK! Watch your words. How you speak can propel you towards your goals.–ACT! Don’t sit back. Take active steps to turn your dreams into reality.Soon, you will be energized and see new possibilities. You will be able to counter adversities and develop talents unique to you. Your relationships will improve, both at work and in your personal life. All you need is this step-by-step programme to change your attitude and your life!
උසස් පෙළ භෞතික විද්‍යාව – බලය
2011 සිට ක්‍රියාත්මක වන උසස් පෙළ නව නිර්දේශයේ දෙවන ඒකකයට අයත් බලය ආශ්රිත සියලු කොටස් ආවරණය වන පරිදි මෙම ග්‍රන්ථය සකස් කර ඇත. සෑම මාතෘකාවක් සඳහාම උදාහරණ සැලකිය යුතු සංඛ්‍යාවක් ඇතුළත් කර තිබීම සහ ඒවා සවිස්තරාත්මකව පැහැදිලි කර ඇත.
A Cat Tail
One of the latest series of children’s story books written by Sibyl Wettasinghe. Printed in large letters with a small number of pages, it is suitable for primary school children. It is also home to colorful paintings that will appeal to young children.
BUY EBOOK VERSIONKandulu Ganga
කුඩා දරුවකු හඬද්දී වැගිරුණු කඳුළුවලින් ගඟක් සෑදුණු බව කියැවෙන අපූරු ළමා කතාවකි.
BUY EBOOK VERSIONකැවුම් හොරා
බණ්ඩි එක පිම්මට කැවුම් මුට්ටිය ළගට දිව්වා. මුට්ටිය ඇතුළට ඔළුව දැම්මා විතරයි—“හෑ—-හු—හී——හි—- යියා——-කැවුමට ආ කූඕටික බණ්ඩිගෙ කටේ එල්ලීගෙන හපා කන්න පටන් ගත්තා.
Eraser Triangle (Doms) Dust Free
Eraser Triangle (Doms) Dust Free
There are no reviews yet.