Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 955-551-153-5 |
Language | Sinhala |
Publishers | |
Source | FOREIGN |
Template | BOOKS |
මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 1
රු900.00
Price Summary
- රු900.00
- රු900.00
- රු900.00
Alexandre Dumas විසින් රචිත The Count of Monte Cristo කෘතියේ සිංහල පරිවර්තනය. ඇලෙක්සැන්ඩර් ඩූමාස් ගේ ශ්‍රේෂ්ඨතම කෘතිය වන මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා නවකතාවෙහි පළමු වන වෙළුම වන මෙයින් කියැවෙන්නේ, ප්රචණ්ඩ කුමන්ත්රණයකින් බන්ධනාගාර ගත කරනු ලැබූ අහිංසක සිරකරුවකු ගේ බිහිසුණු පළි ගැනීමක් පිළිබඳ ලොමු දැහැ ගැන්වෙන කතාවකි. ලෝක සාහිත්‍යයට අයත් මේ දැවැන්ත නවකතාව, භීතියෙන් ත්‍රාසයෙන් හා සංවේගයෙන් හදවත කම්පා කරවයි.
Notify me when item is back in stock.
Be the first to review “මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 1” Cancel reply
Related Products
දයාබර ඩාලියා
සයිබර් කැෆේ එකක හිඳ හොර රහසේ ලියූ පොතක්..!!! ජීවිතය පරදුවට තබා ජෝර්දානයෙන් පැනගත් ඇය සිය ප්‍රාණ මිතුරිය වෙනුවෙන් ලොව ජනමතය අවදි කිරීමට ග්‍රීසියට සේන්දු වූවාය. දැන් ඇය ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙයි.
මේ පොත ඩාලියාගේ මරණය වෙනුවෙන් පලිය ගැනීමට තැබූ පළමු පියවර ද?
Norma Khouri ලියූ Frobidden Love කෘතියේ සිංහල පරිවර්තනය .
සිතට ආහාර
පූජ්‍ය අචාන් චා හිමියන්ගේ’Foods for the Heart’ නමැති ග්‍රන්ථයේ සිංහල අනුවාදය.
දෙදෙව් දනව්ව් (DEDEW DANAWWA)
1947 වසරේ දී ඉන්දියාව හා පකිස්ථානය වෙන්වීම බිතාන්‍යයන් විසින් ප්‍රකාශ කළ කාල වකවානුව මෙම කෘතියට පසුබිම වේ. මෙහි කෙටිකතා, පුජකයන්ගේ හා මැරයින් ගේ ග්‍රහණයට යටවු දිල්ලියේ ජනාකීර්ණ මුඩුක්කු තුළින් මතුවන ජාතිවාදයේ බිහිසුණු කම පඨකයා වෙත ගෙන එයි.
වානේ පන්නරය ලැබු හැටි 2
“මල්ලි, මේ ක්‍රියාව කඩදාසි විරකමමකි, ඕනැම මෝඩයකුට ඕනැම වේලාවකදි නුඹව මරා දමන්නට පුලුවනි. තත්ත්වයෙන් මගහැරිමට ඇති එකම ලෙහෙසි ක්‍රමයත්,බියගුලු ක්‍රියාවත් සිය පණ නසා ගැනිමයි. අමාරු වුණාම වෙඩි තබා ගන්නවා.මේ ජීවිතයේ සියලු අමාරුකම් මැඩ ජය ගැනිමට නුඹ උත්සහ කළාද? නොව්ගොරොද්වොලින්ස්කි වලදි අපි එක දවසකදි දහත් වාරයක්ම සතුරාට පහරදිමට ගොස් අවසානයේදි හැම බාධාවක්ම මැඩ ජයගත් සැටි නුඹට අමතක වුනාද? වාහාම පිස්තොලය සගවා ගනින්! ඒ ගැන කාටවත් කිසිම දාක කියන්ට එපා. ජිවත්විම කොහෙත්ම බැරි තරමට දුෂ්කර වු විට පවා, ජිවත්විමට ඉගෙන ගනින්,නුඹෙ ජිවිතය ප්‍රයොජනවත් බවට පරිවර්තනය කරපන්..!”
ගිම්හානයේ පොරොන්දුව
මුළුතැන්ගෙයි කුඩා කවුළුවල වූ රතු පැහැ කපු තීර රෙදි ඇදිය යුතු දෑයී ඇය කල්පනා කර තිබුණද අනතුරුව එසේ නොකළ යුතු යැයී ඇය තීරණය කර තිබිණි.
ඔබ මට තරුවකි
දිගු අතකුරු වලින් ලියැවී තිබුනේ එයයි.ඒ සටහනේ අරමුණ කුමක්දෑයී තෝරා ගත නොහැකි වූ ඔහු සිතීම පසෙක තබා අතැති කාඩ්බෝඩ් පෙට්ටිය වීවෘත කළේය.
බැතිමතාගේ අසිපත
සටන්කරුවා තමන් සමඟගෙනයන්නේ නවතම ප්‍රභේදයයි .
සත් වන පරම්පරාවයි . නොනැවත්විය හැකි එකයි . කිසිදු දෙයක් කරන්නට පෙර ආසාදනය වන්නා වූ එකයි . සටන්කරුවා එය මුදා හරිනු ඇත . වසංගතය බටහිර අර්ධගෝලය පීරා , අතුගා දමනු ඇත . එහි පැතිරීම සමුදුරෙන් වැළැක්වෙනු ඇතැයි ඔහු සිතුවේද ? නැතිනම් ඔහුගේ මේ ආගමික උමතුව නිසා ඔහු එය
|
ඒක රහසක්
ඔව් ඒක තාත්තලාගෙයී බබාලාගෙයී රහසක්…ඒක කාටවත් කියන්න බෑ…වයස අවුරුදු හතරක් වූ කැරොලිනා කියන්නේ අමුතු දේවල්ය.
දූවිලි දේදුන්න
මට නොනවතින අතීසාරය වැලදී තිබිණි. ගස් මට උපකාර කරවී යැයි සිතුවද,පේනතෙක් මානයක ගසකුදු නොවිය.අප සිටි කුටියෙහි කවුළුව පිහිටියේ ඉහළිනි.උස බැවින් අහස පෙනුණද,ගහකොළ දැකගත හැකි නොවිය.එසේ වුවද,ගස් දකින්නට නොලැබීම ගුල්වාරිට ප්‍රශ්නයක් නොවීය. සිය ගෝත්‍රික ආදිතමයා වන ඩිංගෝ
පෙරටු කරගෙන ගස් පැමිණෙමින් සිටින බව පවසන්නට එක් රාත්‍රියකදී ඔහු මා අවදි කළේය.”කොයි මොහොතෙ හෝ ඔවුන් මෙහි එනවා.”යැයි මගේ කනට කෙදිරු ඔහු අතීසාරය
සුව කිරීමට අද්භූත බලයක් ඇති ශාක ගණනාවක නම් කෙදිරුවේය.යහපත් ගෝත්‍රික වෙදැදුරෙකු අතෙහි මිනිසෙකු රෝගයකින් පීඩා විදින්නේ අහම්බෙන් බව දැන සිටි හෙයින්,මා වනාන්තරයේ සිටින්නේ නම් ශාක මා සුවපත් කරාවි යන සිතුවිල්ලෙන් මම නින්දට වැටුණෙමි. පසුදා පාන්දර
මා අවදි වූ කල දුටුවේ, ගුල්වාරි බෙණ සෑදුණු විශාල ගසක් කොන්ක්‍රීට් පොළොව මත අදිමින් සිටි බවය.
නිල් දියමන්තියේ අබිරහස
Sir Arthur Conan Doyle ගේ “Sherlock Holmes Detective Stories” හී ඇතුළත් කතා කීපයක් ඇසුරින් මෙම ” නිල් දියමන්තියේ අබිරහස සහ ෂර්ලොක් හෝමිස් කතා “කෘතිය සකස් කර ඇත.
Sri Arthur Conan Doyle නමැති එම විශිෂ්ට ලේඛකයා කලකට ඉහත රචනා කළද ෂර්ලොක් හෝමිස් කතාවන් වත්මන් පාඨක පිරිස් අතර ද අතිශයින් ජනප්‍රිය ය. ඉතා ආශාවෙන් කියවා රස විදිය හැකි ඔහුගේ “Sherlock Holmes Detective Stories” හි අඩංගු කතාවලින් හතරක අනුවාදයන් මෙම පොතට ඇතුළත්ය.
කතන්දර කියන්නී
සඟවා ගත් රහස් නැත්තේ කාටද? එහෙත් වසර හැත්තෑවක් පුරා රහස් සඟවාගෙන වෙනත් කෙනෙකු නමින් ජීවත්වෙමින් සිට ලොව හැරදා යාමට පෙර පාපෝච්ඡුාරණය කිරීමට සිතන්නේ කව්රුන්ද? ඒ පාපෝච්ඡුාරණයත් සත්‍යයක්ද? ජෝසෆ් වෙබර්, සේජ්, ඇඩම් සහ ලියෝ වර්තමානයේත් ෆ්රාන්ස්, රයිනර්, මින්කා සහ ඩරිජා අතීතයේත්, ආනියා, ඬේමියන්, ඇලෙක්ස් හා කැසිමිර් ප්රබන්ධයේත් හැසිරෙනුයේ වංචනිකව, එකිනෙකා රවටා ගනිමිනි. කිසිවෙක් කිසිවකුට සියයට සියයක් සත්‍යය පවසන්නේ නැත. සත්‍යය අසත්‍යයෙන් වසා දැමීමට කෙතරම් උත්සාහ කළත් අවසානයේ සත්‍යය මතුපිටට එන්නේ දිය යට ඔබා යට ගැසීමට තැත් දැරූ රබර් බෝලයක් මෙනි.
බර්ඩ් බොක්ස්
එය බිහිසුණුය බියකරුය එහෙත් ඒ කුමක්දැයි කව්රුවත්ම දන්නේ නැත කෙනෙකුට වියරු වැටි ජීවිතය පවා නැති කරගන්නට එය යන්තමින් දැකීම පවා ප්රමාණවත්ය
Recently Viewed
ගලිවරය
කුරුමිට්ටන ඉදිරියේ තමන් යෝධයන් යැයි සිතන බොහෝ අය සැබෑ යෝධයන් හමුවේ කුරුමිට්ටන් බවට පත් වෙති. මේ සත්‍යය ගලිවරය කෘතිය තුළින් පාඨකයාට පසක් කර දෙන්නේ ත්‍රාසය කැටි වූ අපූරු කතන්දරයක මිහිර ද සිතට ළඟා කර දෙමිනි.
සත්තිස් බෝධිපාක්ෂික ධර්ම
- බෝධි පාක්ෂික ධර්ම
- සතර සතිපට්ඨානය
- සම්‍යක් ප්‍රධාන
- සෘද්ධි පාද
- ඉන්ද්රිය
- බල
- සද්ධා, විරිය, සති සමාධි හා ප්‍රඥ ලක්ෂණ…
හිස්තැනක සිට…
“දරුවො මොකද මේ අඬන්නෙ”
“මට යන්න තැනක් නැහැ”
“කොහේ ඉඳළද එන්නෙ”
“අනාථ නිවාසෙ ඉඳළ”
“ඉතින් කොහේ යන්න හිතාගෙනද ආවේ”
“දන්නෙ නෑ”
“ඇයි එන්න හිතුවෙ”
“අපිත් එක්ක ඉන්න ලොකු අක්කලව
හැමදාම රෑට එක්කගෙන යනව”
“මාවත් එක්කගෙන යයි කියල බයයි”
“කොහෙද එක්කගෙන යන්නෙ”
“දන්නෙ නෑ”
බබාගෙ මොන්ටිසෝරි පොත
පෙර පාසලේ අධ්‍යාපනය සඳහා ලිය වීඇති පොත්පත් බොහෝ ඇතත් නිවැරදි ව ළමුන්ගේ නිර්මාණාත්මක සංකල්ප සහ ගණිතමය සංකල්ප වර්ධනය කිරීමට සමත් හොඳ පොතපත විරල ය.
පොතේ පෙළගැස්ම
- කැමැති විදිහට මේ පිටුවේ ඉරි අඳින්න
- කඩ ඉරි මත අඳිමු
- කඩ ඉරි මත අඳිමින් සතාට යන්න පාර සොයා දෙන්න
- කඩ ඉරි මත අඳිමින් සමාන පින්තූර සොයන්න… යනාදිය..
නුවණ වැඩෙන බෝසත් කථා 40 (ජාතක පොත් වහන්සේ)
‘නුවණ වැඩෙන බෝසත් කථා’ නමින් ඒ ජාතක කථා ඔබේම භාෂාවෙන් ඔබට කියවන්නට ලැබෙන්නේ එයින් ඉස්මතු වන අරුතත් සමඟින. මෙහි අරුත් දැන එම කථාවන් මතක තබා ගෙන සත්පුරුෂ ගුණධර්ම දියුණු කර ගන්නට මහන්සි ගන්නේ නම් එය ජාතක කථාවෙන් ඔබට ලැබෙන සැබෑම ප්රතිඵලයයි.
දෛව ප්‍රාර්ථනා
“ගිහියෙක් විදින රස වින්දනය චීවරදාරියෙක් විදින්න උත්සහ කරන එක
සුදුසු නැහැ… ආසාව නැති කර ගන්නනේ අත් හැරීමට පුරුදු කර ගන්නේ…
ඒත් ඉතින් මැදහත් සිතින් දෙයක් වැළදගත්තට ඒක වරදක් නෙවෙයි”
“එහෙමයි හාමුදුරුවනේ”
“දවසක් මම ඒක අරගෙන පොඩ්ඩක් කියවලා බැලුවා මොකද්ද මේක කියලා
බලන්න හිතාගෙන”ලොකු හාමුදුරුවෝ හැරී ඉදිරියට යමින් කීවෝය.
“මළා.. ලොකු හාමුදුරුවෝ ලව්සීන් ඔක්කොම බැලුවවත්ද”
විදුන රහසින් ඇසුවේය. ගගනට දැනුනේ ලැජ්ජාවකි.
එහෙත්… එය ප්රබන්ධනයකි. හැම රසයක්ම එහි ඇතුළත් තරමට ප්‍රබන්ධයක්
සාර්ථකය. වදන් ගොතන්නේ යම් යම් පුද්ගල හැසිරීම් රටා මවමිනි. ඒවා තාත්වික
විය යුතුය.. ගගන උන්වහන්සේ පසුපස යමින් සිතුවේය.
” ඇහුනේ නැද්ද මම කියපු එක” විදුන නැවත ඇසුවේය.
“ඇහුනා.. හාමුදුරුවෝ නෙවෙයිනේ නවකතාවේ ලව් කරන්නේ අහස් මන්තීට…
උන්නාන්සේ ඒක කියෙව්වාට ඒක බදා ගන්න එකක් නැහැ උඹලා වගේ”
“අපිත් ඉතින් ඔය පොත් වල තියන විදිහට ලවි කරන්නේ නැහැ….
අපිට ආවේණික විදිහට ඒක කරනවා මිසක්”
“කරන්නේ නැහැ නෙවෙයි එහෙම කරන්න බැහැ…
ඒ තරම් ආදරයක් උඹලාගේ හිත් වලට ඇතුළු කර ගන්න බැහැ…
Jack And The Beanstalk – Fairy Tales
The story of Jack and the Beanstalk is presented in a very simple and interesting way through this book, which is a series of fairy tale books created for the children of our country. This book with colorful illustrations is sure to be loved by young children.
බංචි මාරි
දුක යන අදහසට ලිංග භේදයක් නැත.එහෙත් විලි රුදා දුක ස්ත්‍රී ලිංග ය.සියලු පිරිමි දුක් වද වේදනාවන්හි බර ගැහැනු විලි රුදාවට යටත් ය. අඩු කාලයක විශාල තෙරපීමක් සහිත විලි රුදා දුකට වඩා දිගුකාලීන තෙරපීම් සහිත විශ්‍රාමික මිනිස් දුක බලවත් ය. තරුණ අත් සහ තරුණ හිත් නැති විශ්‍රාමිකයෝ නොහැකියාව නිසාම නාකි ය. විශ්‍රාමික දුක නාකි වේදනාව ලෙස නහුතයක් මිනිසුන්ගේ මානසික හා කායික ලෙඩ හෙට්ටු කරන තෙහෙට්ටුවකි. රටක විශ්‍රාමිකයෝ තෙහෙට්ටු පීඩිත වාට්ටුගත ය. කතුවර සිතේ සිහිනයේ පැහැය වූ බාසි විශ්‍රාමික තෙහෙට්ටුවට එරෙහි ව පණ ලැබූ මිනිසෙකි. ඔහු සිහිනයෙන් අවදි වූ සැණින් කිලිටි වන මිනිසෙකි.
පාළි නාමපද මාලාව හා ආඛ්‍යාත පද මාලාව
පාළි නාම වරනැගිල්ල පුරාණ ආචාර්යවරයන් විසින් ලියා තිබුණු ගාථාව්යාඛ්යානය අඩුතැන් පුරවා ආචාර්ය සිප්කඩුවේ සුමංගලාභිධාන නායක ස්ථරවිරයන් වහන්සේ විසින් කරන ලද අඛ්‍යාත ව්‍යාඛ්‍යාව ද ගළපා එක පොතක් වශයෙන් ගලපා පාළි භාෂාව ඉගෙන ගන්න වුවන්ගේ සුඛාවබෝධය සඳහා අක්ෂර ශොධනාදිය කොට අච්චු ගස්සවන්ට යෙදුණා ඇති.
රෝග සුවයට භාවනා සහ පිරිත් දේශනා
“රෝග සුවයට භාවනා සහ පිරිත්” යන කුඩා ග්‍රන්ථය 90% ක්ම රෝග සුවය ලබාදීමට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය සපයනවාට කිසිදු සැකයක් නැත. මෙම පොත පරිශිලනය කර එහි සඳහන් භාවනා ක්‍රම පිළිපැදීමෙන් කායික, මානසික නිරෝගීතාවය ලබාගත හැකිය.
My First Book of Opposites
‘My First Book of. .. Series is a set of 12 books designed for tiny Jots. The series has been developed to enable the little minds to understand various concepts with the help of everyday objects. The different concepts dealt with in the series would help to develop cognitive, listening, reading and visual skills of the children. The bright and colorful pictures along with the simple text are sure to-appeal to the ever inquisitive minds of the little ones. The books can be used both at home as well as part of the school curriculum.
වන රජදහන
ප්රභාමත්ව වූ අරුණෝදය හිරු කිරණ විචිත්‍ර ලෙසින් පරිසරය සිසාරා ගියේය. ඝන අන්ධකාරයෙන් පීඩිතව සිටි සියොතුන් හිරු එළිය පැතිරීමත් සමගම සුකුමාල ලාලිත්‍යයෙන් ඔකද වී ඒ මේ අත පියඹන්නට විණි. ගස් වැල් හඹාගෙන ආ මද සුළග තුරින්තුරට ළං වෙමින් ඒ මේ අත ගියේය.උදා අසිරිය අතිශයින් චමත්කාරජනකය, සුන්දරය, මනස්කාන්තය, සෝභනය.
මේ පැහැබර දිනයේ වන මැදින් වැටුණු අඩි පාර දිගේ පෙරට යන යෞවනයන් තිදෙනෙකි. ඔව්! සම වයසේ දගකාර යෞවනයන් තිදෙනෙකි. වනාන්තරයටම ආවේණික ඇදුමින් සැරසී ඔරොත්තු නොදෙන තරමේ භාණ්ඩ ප්‍රමාණයක් ද ගෙන ඔව්හු පෙරට ම යති. සමහර විට ඔබට ඔවුන් තිදෙනා මතක ඇති. ‘නෙල්ලි කැලේ වීරයෝ’ හා ‘ගල්ගේ කන්ද ‘ වික්‍රමයන් තුළින් ඔබට සමීප වූ මේ තිදෙනා සුනිල්, සමන් හා ප්‍රියන්ත ය.
සෝබමාන වූ රුවින් ද, නොපසුබට අධිෂ්ඨානයෙන් ද, උට්ඨාන වීර්යයෙන් ද හෙබි, මේ තිදෙනා පුදුම උපදවන සුළු කාර්යය සම්පන්නය. මාපිය අවසරය මත ,දෙටු පෙළ පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් ඔවුන් ගමන් කරන ගවේෂණ චාරිකාවකි මේ…..
The Secret Seven
It’s their very first adventure and the secret seven super-sleuths are already on the trail of a mystery! the gang are dressed in disguise, following a lead to a spooky old house in the snow. About the author: enid blyton died in 1968 but remains one of the best-known and best-loved writers of children’s stories.
The Pilgrimage
The Pilgrimage paved the way to Paulo Coelho’s international bestselling novel The Alchemist. In many ways, these two volumes are companions—to truly comprehend one, you must read the other. Step inside this captivating account of Coelho’s pilgrimage along the road to Santiago. This fascinating parable explores the need to find one’s own path. In the end, we discover that the extraordinary is always found in the ordinary and simple ways of everyday people. Part adventure story, part guide to self-discovery, this compelling tale delivers the perfect combination of enchantment and insight.
කොහොමද පිහිට ලැබගන්නේ…? ! (අලුත් දහම් වැඩසටහන – 14)
පොළොවේ ගව් ගණන් පස්ගොඩ වැඩෙනතුරු
පරදා සයුරු දිය කඳුලැලි වැටෙනතුරු
ලෝ දම හැදි හැදී මේ දුක තිබෙනතුරු
යනවා අපිත් මුනි දම් නොම දකිනතුරු
There are no reviews yet.