Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-624-6000-06-6 |
Language | Sinhala |
Pages | 134 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
- You cannot add "Why Politics Fails" to the cart because the product is out of stock.
රාජ්‍ය පරිපාලනය සංකල්ප සහ න්‍යායයන්
රු950.00
Price Summary
- රු950.00
- රු950.00
- රු950.00
රාජ්‍ය පරිපාලනය යනු ආණ්ඩුවේ වැඩකටයුතු සැලසුම් කිරීම, සංවිධානය කිරීම, ක්‍රියාවට නැංවීම, සම්බන්ධීකරණය, මෙහෙයවීම හා පාලනය කිරීම යන සමස්ත ක්‍රියාදාමයේම එකතුවක් ලෙස දළ වශයෙන් හැඳින්විය හැක. සෑම රටකටම රාජ්‍ය පරිපාලන ක්‍රමය වනුයේ එම රටෙහි රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිණිස වන අතර, එම රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ කාර්යභාරයන් රාශියක්ම එක්තරා පරිපාලන ක්‍රියාවලියක් ලෙස හඳුන්වනු ලැබේ.
Notify me when item is back in stock.
Be the first to review “රාජ්‍ය පරිපාලනය සංකල්ප සහ න්‍යායයන්” Cancel reply
Related Products
පීකිං පෙම්පත
“පීකිං පෙම්පත” (Letter from Peking) නැමති මේ නවකථාවට පාදක ව ඇති ජාතිය, ජන්මය,දේශය හා දේශපාලනය පිළිබඳ පරස්පරතා නිසා පවුල් දිවිය, ආදරය, දාරක ප්‍රේමය, පැවැත්ම හා අපේක්ෂා තුළින් මතුව එන ඝටනාව මෙහි විරහ කාව්‍යයක විලාසයෙන් නිර්මිත ය. කාලය, අවකාශය හා දීපය බඳු බාධක මත වුව ද මෙහි කුළු ගැන්වී ඇති හා බැඳීම් ළබැඳියන්ගේ සංවේදී සංජානනය පළ කරයි.
11 ශ්‍රේණිය සන්නිවේදනය සහ මාධ්‍ය විමසුම
11 ශ්‍රේණිය සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යාපනය නව විෂය නිර්දේශයට අදාළ වු මාතෘකා පිළීබඳව සිසුන්ගේ දැනුම පුළුල් කිරීමේ අරමුණින් ප්‍රයෝජනවත් සාකච්ජාවක යෙදීමට මම මෙහිදී උත්සාහ ගතිමි. 11 ශ්‍රේණිය සිසුන්ට අලුත්ම විෂයයක් වන මෙහි දී හැකිතාක් සරලව, ඔවුන්ගේ අවධානයට තුඩු දෙන පරිදී එය කිරීමටද උත්සාහ කොට ඇත.
පෘථිවි භක්ෂක
විසි එක්වන සියවසේ මිනිස් වර්ගයා මුහුණ දෙමින් සිටින ගෝලීය පරිසර අර්බුදයේ මූලයන් පිළිබඳව වන කතිකාව තුළ දි එතරම් සාකච්ජාවට ලක් නොකරන පරාසයක් මෙම කෘතිය තුළින් අවධානයට ලක් කර තිබේ.
සත්ව පරිනාමයේ මුල් අවදියෙහි ජීවින්ගේ පැවැත්ම උදෙසා වන රසායනික අවශ්‍යතාවක් ලෙස ඇරැඹි පරිභෝජනය ක්‍රමිකව ජීවින්ගේ ජෛව විද්‍යාත්මක අවශ්‍යතාවක් බවට පත්වන අතර දියුණු සත්වයින් තුළ දී එය මනෝමූලික වු සංකීර්ණ් චර්යාවක් බවට පත්වන ආකාරය මෙහිදී විස්තර කරයි.
හිට්ලර්ගේ SS හමුදාව
ඒ 1963 වර්ෂයයි.ස්ථානය ජර්මනියේ හැම්බර්ග් නුවරයි. මහළු යුදෙව් ජාතිකයෙක් දිවි නසා ගනියි. ඔහු ළඟ තිබූ දිනපොතක් පීටර් මිලර් නම් පුවත්පත් කලාවේදියෙකු අතට පත් වෙයි. දිනපොතෙන් හෙළිදරව් වනුයේ යුද සමයේ රීගා සහ ලැට්වියා හි ඝාතන කඳවුරුවල අණදෙන නිලධාරියා වු හිට්ලර් ගේ SS හමුදාවේ කපිතාන් එඩ්වඩ් රොෂ්චිමාන් විසින් සිදුකරන ලද කෲර අති බිහිසුණු, අමානුෂික වධ හිංසා සහ සමුහ ඝාතන පිළිබද සත්‍ය තොරතුරු යි.
71 කැරැල්ල දෙනියාය
1971 අප්‍රේල් මස සිදු වූ ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයවන ලද කැරැල්ලට මෙම වර්ෂයේ වසර 50ක් සපිරුනි. මෙතෙක් කළ් සිත තුළ පුරවාගෙන සිටි, එහිදී සිදු වූ සිද්ධීන් නැවත ආවර්ජනය කර මෙම පොත ලිවීමට පටන් ගත්තෙමි. මෙහිදී ඒ කාලයේ මාත් සමඟ එකට සිටි මිතුරන් බොහෝ දෙනෙකු මෙම සිද්ධින් ඒ ආකාරයෙන්ම විස්තර කිරීමට එම මතකයන් බොහෝ උපකාරී වුනි.
STORY OF THE WORLD: Geopolitical Alliances and Rivalries Set in Stone
“STORY OF THE WORLD: Geopolitical Alliances and Rivalries Set in Stone” is a follow-up to the author’s previous “Globe in a Nutshell” book, which presented a collection of facts on geopolitics, history, culture, international relations, and so on. This book is an in-depth examination of the New World Order in the context of current geopolitical developments, particularly the conflict between Ukraine and Russia. It is a compilation of a systematic and comprehensive overview of world affairs, which is a rare find in today’s educational publishing circle. The content is well-organized, factual, and consistent. This literary work is suitable for both students of world affairs and academics.
Globe in a Nutshell
Globe in a Nutshell is an attempt to explore the many dimensions of geopolitics which encompasses a concise presentation of facts on geography, politics, history, culture, demography and international relations with reference to spatial politics. Seldom found together in one book, the facts presented range from the level of state to international which help deciphering the present day. This publication is meant to present itself as pertinent collection of facts for students of geopolitics and for other reader whose interest lie exploring geopolitics and its diverse aspects.
සමාජ ප්‍රගමණය
ස්වදේශීය සංතියෙන් ද/ වාග්සෙල්යයෙන් ද/ දේශප්‍රේමයෙන් ද/ මානව දයාවෙන් ද/ ස්වදේශානුරාගයෙන් ද දෙස, බස, රැස, සමය විමසති, දකිති,වඩති. මොහොතින් මොහොත දිරියෙන් ඉදිරියට ම සමාජය ඔසවයි. මේ භූමියේ ජනතාවගේ පොදු උන්නතිය උදෙසා දඩිය හෝ සිතුවිලි හෙළන කුමන රට වැසියාත් පන නලින් සුසුම් පොදින් එකම එක් මිනිත්තුවකටත් අපේ කමට අපේ රටට, අපේ බසට ඉතා අගෙයි.
මේ අපේ සමාජයයි, සමාජයේ ඉදිරිය උදෙසා එකාමෙන් ගමන් කරමු. රටේ සමාජයේ ඉහළම ජනපති තුමාගේ සිට පහළම හිඟමන් යදින්නාගේ ද පොදු අරමුණ රටේ, සමාජයේ, ඉදිරි දියුණුවට ගමන් ගත යුතු බවකි. සමාජයේ කොයි කවුරුත් පොදු දායකත්වයක් දරමින් රට දැය සමාජ ප්‍රගමණයක් දකින්නේ ඒ නිසා වෙනි.
රතු කිමෝනාව
ජපානයේ පාරම්පරික ශිෂ්ටාචාරයේ බර තවමත් උසුලාගෙන දිවිගෙවන කාන්තාවන්ට ජපන් සංස්කෘතිය තුළ මුහුණ දීමට සිදුවන දුෂ්කරතා ඇසුරින් මෙහි අන්තර්ගතය සකස් වී තිබේ.
නූතන සමාජ විවරණයක් – 02
“නූතන සමාජ විවරණයක් ” පළමු කෘතියේ දී ද, ඔහු සමාජ අසාධාරණයට එරෙහිව බොහෝ කරුණු කාරණා තම විචාර බුද්ධියෙන් ඉදිරිපත් කළ අතර, මෙම කෘතිය ද එහි දිගුවක් සේ ඉදිරිපත් කරයි.
ශ්‍රි ලංකාවේ කුල සංයුතිය
ශ්‍රි ලංකාවේ කුල සංයුතිය අප රටේ සිංහල පාඨකයින් පරිශීලනය කළ යුතු අගනා ග්රන්ථයකි. දැනට අප රට තුල ක්‍රියාත්මක වන්නේ කුල 12ක් වැනි සුළු ප්රමාණයකි. එම කුල සියල්ල පුවත් පත්වල මංගල යෝජනා දැන්වීම් තුළින් හමුවීම ඊට සාධකයකි.
ශ්‍රී ලංකාවේ වීදි ලිංගික ශ්‍රමිකයෝ
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන පරිදි ලිංගික කර්මාන්තය පිළිබඳ පුළුල් අවබෝධයක් පාඨක ඔබට ලබා ගැනීමට හැකිවනු ඇත. සමාජ වැඩ හා සමාජ විද්‍යාව විෂයක් වශයෙන් හදාරන විද්‍යාර්ථීන්ට මෙන්ම ලිංගික ශ්‍රමිකයින් සඳහා සේවා සපයන්නන් හා නීතිය ක්රියාවේ යොදවන්නන් සඳහා ලිංගික කර්මාන්තය පිළිබඳ තම අවබෝධය පුළුල් කර ගන්නටත්, ලිංගික ශ්රමිකයිගේ වෘත්තිය භූමිකාව ආශ්‍රිතව මතුවන අභියෝග හඳුනා ගනිමින් ඔවුන් බලගැන්වීමේ ප්රවේශයකට යොමුවීම සඳහාත් මෙම ග්‍රන්ථය බෙහෙවින් ඉවහල් වනු ඇත.
There are no reviews yet.