Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-0600-90-8 |
Language | Sinhala |
Pages | 152 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
දේවත්වයෙන් ප්‍රභාව කරා
රු300.00
Price Summary
- රු300.00
- රු300.00
- රු300.00
ලෝ ප්‍රකට අජාන් චා ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යවරයෙක් වශයෙන් තායිලන්තයේදී උතුම් පැවිදි බිමට පත්ව එංගලන්තයේ අමරාවතී බෞද්ධ මධ්‍යස්ථානාධිපතිව වැඩවසමින් බටහිර ලෝකය තුළ බෞද්ධ භාවනා ක්‍රම ප්‍රචලිත කරන්නට පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ “The Sound of Silense” ආදී ලෝප්‍රකට භාවනා ග්රන්ථ රැසක කතුවරයාණන් වහන්සේ වන අතිපූජනීය අජාන් සුමේධෝ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ලියන ලද “The Way It Is”
නැමති ග්රන්ථ සිංහල අනුවාදයයි.
Be the first to review “දේවත්වයෙන් ප්‍රභාව කරා” Cancel reply
Related Products
විමාන වස්තු ප්‍රකරණය
පුනරුත්පත්තිය බුදුදහමෙහි මූලික ඉගැන්වීමකි.කුසල අකුසල කර්ම පුනරුත්පත්තිය සදහා බලපාන ආකාරය මිනිස් සිතට ඒත්තු ගැන්වීමට බෙහෙවින් ඉවහල්වේ.
භාවනා මානසික සුවයේ උදාව
භාවනාව ජිවීතයට සම්බන්ද කර ගැනීම සදහා ඉතා සරල ලෙසින් කරුණු විස්තර කරමින් සතර කමටහන් හා ආනාපාන සති භාවනාව හදුන්වා දෙමින් ලියන ලද ග්රන්ථයකි.
අති උත්තම ආචාර්ය මන් භුරිදත්ත චරිතාපදානය
අති උත්තම ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන්ගේ ආධ්‍යාත්මික චරිතාපදානය – අතිපූජ්‍ය ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන් වහන්සේ සමකාලීන තායි බුද්ධාගම තුළ මහාපුරුෂයකු ලෙස නැගී සිටිති. පැවිදි ජීවන මාර්ගය ප්‍රගුණ කිරීමේදී හා ශිෂ්‍යයන්ට ධර්මය ඉගැන්වීමේදී පෙන්වූ එඩිතර බව හා අධිෂ්ඨානශීලී බව නිසා උන්වහන්සේ තම ජීවිත කාලය තුළදීම අපරිමිත සම්භාවනාවට සහ ගෞරවයට පාත්‍ර වූහ. අපවත් වී ගෙවී ගිය පනස් වසර තුළදී බෞද්ධ ජනතාව අතර උන්වහන්සේට ලැබී ඇති පූජනීය තත්ත්වය බුදුරජාණන් වහන්සේ සත්‍යය සොයා ගිය මගට සමාන්තර බවට පත්වෙමින් තවමත් ජීවමානව පවතී. මෑත දශක තුළදී තම නිජබිමේ සීමා ඉක්මවා ගිය පිළිගැන්මක් උන්වහන්සේට ලැබුණේ 20 වැනි සියවසේ සම්භාවනීය මහා ධාර්මික පුද්ගලයකු වශයෙනි.
සසර ගමනේදී සිදුවන අකුසල කර්ම පලදීම
කර්මය හා කර්ම විපාක පිළිබඳව ධර්මානුකුලව සැකෙවින් ලියවුනු ග්රන්ථයකි.
අභිධර්මයේ මුලික කරුණු
“ අභිධර්මයේ මූලික කරුණු යන මේ පොත සම්පාදනය කරන ලද්දේ මෙයින්ම අභිධර්මය ඉගැන්වීමට නොවේ. පරමාර්ථ ධර්ම අති ශූක්ෂම බැවින් දුරවබෝධය. එබැවින් මෙම පොත කියැවීමෙන් මෙකල අභිධර්මය පිලිබද අවබෝධය මද වූවෝ අභිධර්මය අබුද්ධ දේශිතයැයි නොයෙක් බස් දොඩති. එවන් ඇත්තන්ගේ වැරදි අදහස් බිද දැමීමට මෙම කෘතිය මනා පිටිවහලක් වනු නිසැකය. ඔබට නිවන් මග ජයගන්නට මනා මාර්ගෝපදේශයක් ලබාදෙන මෙම ග්‍රන්ථරත්නය කියවා අවබෝධ කරගන්න.මෙකල අභිධර්මය පිලිබද අවබෝධය මද වූවෝ අභිධර්මය අබුද්ධ දේශිතයැයි නොයෙක් බස් දොඩති. එවන් ඇත්තන්ගේ වැරදි අදහස් බිද දැමීමට මෙම කෘතිය මනා පිටිවහලක් වනු නිසැකය.
ත්‍රිපිටකයේ සංකෘතික ලක්ෂණ පර්යේෂණාත්මක
තලල්ලේ ධම්මානන්ද නායකහිමියන් විසින් ලියන ලද පර්යේෂණාත්මක ග්රන්ථයකි.අටුවා ටීකාවලින් කරුණු පරික්සා ලියා ඇති මෙහි ත්‍රිපිටකයේ එන රාජ්‍ය දර්ශන අධිකරණ ක්‍රම ඖෂධ වර්ග ශ්‍රමණ හා වෙනත් ආජීවක වර්ග ශාරීරික විද්‍යව ලෝකෝත්පත්තිය ආදී විවිධ විෂයයන් පිළිබද විස්තර ඇතුළත්ය.විභාග සදහා පමණක් නොව බෞද්ධ ගෙදරක තබා ගෙන කියවිය යුතු පොතකි.
දුක් බිය නැති ජීවිතය
ලෝකයේ විවිධ භාෂා රැසකට පෙරළා ඇති මේ අගනා කෘතිය සිත් ඇදගන්නා අයුරින් දැන් සිංහලයෙන් පළ වී ඇත.කිසිදු ආගමකට ගුරුකුලයකට සීමා නොවී නාහිමිපාණන් විසින් රචනා කොට ඇති මේ කෘතිය දුක් බියෙන් තොර සුන්දර ජිවිතයකට මං පෙන්වන පහන් වැටක් බදුය.
බුද්ධ දර්ශනය
චතුරාර්ය සත්‍ය, ආත්මදෘෂ්ටිය, සංස්කාර ධර්ම,විඤ්ඤාණය,අන්තරාභවය ආදී ප්‍රධාන මාතෘකා රැසක් ගැන ඉතා වැදගත් තොරතුරු ඉදිරිපත් කෙරේ.
උපසම්පදා ශීලය
අතීතයේ විසූ භික්ෂූහු ධර්ම වින පමණක් උගත්හ. වර්තමාන භික්ෂුවට උගතයුතු දේ බොහෝ වී ඇත. එබැවින් දැනට පිරිවෙන් වල, විද්‍යාල වල උගන්නා භික්ෂූන්ට ප්රාතිමෝක්ෂය පමණවත් විස්තර වශයෙන් උගන්නට නොලැබේ.එහෙයින් වර්තමාන භික්ෂුවගේ විනය දැනීම අල්ප වී ඇත. උපසම්පදා ශීලය රැකීමට ප්රාතිමෝක්ෂය උගෙනීමද ප්‍රමාණවත් නොවේ. උපසම්පදා ශීලයට අයත් ප්රාතිමෝක්ෂයට ඇතුලත් වී නැකි බොහෝ සිඛ පද ඛන්ධක වලට එන්නේය. ඒවාද භික්ෂූන් විසින් අවශ්‍යයෙන්ම දැන සිටිය යුතුය. මේ කාලයේ සැදැහැයෙන් පැවිදි වූ බොහෝ ශික්ෂාකාමී භික්ෂූහු ආරණ්‍යවලද වාසය කරති. ඔවුනට විනය උගෙනීමට ක්‍රමද අඩුය. ඒ නිසා අප විසින් වර්තමාන භික්ෂූන්ට අවශ්‍යයෙන්ම දත යුතු විනය පහසුවෙන් දැන ගැනීමට පිලියම් කිරීම් ව්ශයෙන් උපසම්පදා ශීලය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී .
පිරුවානා පොත් වහන්සේ සිංහල අර්ථ සහිත
ඉතා සුන්දර ලෙස මුද්‍රණය කොට ඇති මෙය සෑම නිවසකම තිබිය යුතු පූජනීය පුස්තකයකි.පිරිත් වල අරුත් දැන ගැනීමට ඉතා ප්රයෝජනවත්ය.
මේ ජීවිතයේදීම පලදෙන කර්ම
මේ ජීවිතයේදීම පලදෙන කර්ම
සාමණේර බණ දහම් පොත(බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය )
සැදැහැයෙන් සසුන් වන් කුල දරුවන් විසින් අනිවාර්යයෙන්ම අධ්‍යායනය කළ යුතු සාමණේර බණ දහම් පොත ප්‍රධාන මාතෘකා විසි දෙකක් යටතේ අලුතින් කරන ලද සංස්කරණයකි.දහර භික්ෂුවකට අවශ්‍ය සෑම පාඩමක්ම ඇතුළත් වී ඇත.
There are no reviews yet.