හැඩ ඇති සෙවණැල්ල
මෙය සුප්‍රකට නීතිඥ පෙරී මේසන් විසඳන තවත් සාර්ථක අපරාධ නඩු විභාගයකි. ජල කරාමයක ජලය ගලායාම අධ්‍යයනය කිරීමෙන් මිනීමැරුම් අබිරහස් විසඳිය හැකිද?. විත්ති කාරිය වූ අහිංසක තරුණිය එම චෝදනාවෙන් නිදහස් කරගැනීමට ඔහුට හැකිවේ ද?.
ආදර කුටිය
“කොහොමද උත්පලා රසාන්ති යාලු උණේ?”
“ෆේස් බුක් එකෙන්”
“ෆේස් බුක් එකෙන් අඳුන ගෙන කොච්චර කාලයක්
වෙනව ද?”
“මාස දෙකක් විතර”
“ඔය දෙන්නා මුණ ගැහුණු පළවෙනි දවසද?”
“නෑ… දෙවෙනි දවස”
“ඇයි මරන්ඩ හිතුණෙ?”
“මම මරන්ඩ හිතුවෙ නැහැ. එයාට මාව කසාද
බඳින්න ඕන කියලා කරදර කෙරුවා….
මම බෑ කිව්වා…. ඔය දිගට ගියා. අවසානේ
මට මල පැන්නා, ඊට පස්සේ ඉවරයක් කරා”
“ඒ වෙන කොට ඔය දෙන්නා ලිංගිකව හැසිරිලා
ද හිටියේ”
“ඔව්”
“කී පාරක් ද?”
“දෙපාරක්”
“ආදරය කරපු කෙනෙක් එහෙම මරන්න හිතෙනවද?”
කර්මක්ෂය
“විමුකති ලැබීම සඳහා කර්මක්ෂය කළ යුතු නැත. කර්ම ඉතිරි වුවද තෘෂ්ණා ක්ෂය කිරීම තුළින් විමුක්තිය ලද හැකිය.
– බුදුරජාණන් වහන්සේ –
මණි මේඛලා හෙවත් මායා බන්ධනය
මම සැලෙන හදින් යුතුව එම ස්වර්ණමය කුටිය ඇතුළු වීමි. කුටිය තුළ දල්වා තිබූ විලක්කුවල ආලෝකය වැටී බිත්ති සරසා තිබූ රන්පත් දිදුළමින් පැවතියේ ය. ඒවායින් නික්මුණු කාන්තියෙන් මාගේ දෙනෙත නිලංකාරව යන්නාක් මෙන් දැනිණි.
සැඟවුණු අද්භූත කතා – මරණ තුනක් සහ තවත් අද්භූත කතා
…මා හිඳගෙන උන් ගල් තලාවට මඳක් ඔබ්බෙන් වූ වෙරළෙහි රැඳී සිටියේ අතිශය රූමත් තරුණියකි. රන්වන් පැහැ කෙස් කළඹකින් යුත් ඇය මට පිටු පා වෙරළට වී රළ පෙළ දෙස බලා සිටියා ය. ඈතින් ඇදී ආ වේගවත් රළ පහරක් වෙරළ සිප විත් ඇගේ ඇත් දළ පැහැ ගත් සියුමැලි දෙපා ද තෙමාලීය.
අවසන් සටන
ඈතින් ඇදී ආ ඊයක් අප දෙදෙනා අතර පතිත් වූවේ අප තව තවත් භීතියට පත් කරමිනි… මිහිමත පතිත වූ ඊයෙන් එක්වර ම ගිනි ජාලාවක් අහසට පැන නැඟුණේ දසත ආලෝකවත් කරමිනි. අප මේ දකින්නේ මායාවක්ද? නොඑසේ නම් සැබෑ ගිනි ජාලාවක්ද?
“ඇලෙක්!” මේ අතර මට ඇසුණේ එන්කිගේ විලාපයයි.
මාරක උණ්ඩය
යොට් යාත්‍රාවක් තුළ සිදුවූ අබිරහස් ඝාතනයක්. අහිංසක යුවතියක් පසුපස හඹා එන කප්පම්කරුවන් පිරිසක්, තම සුරූපී බිරිඳට එල්ලවන මිනීමැරුම් චෝදනාවෙන් ඇය මුදාගැනීමට වැර දරන ධනවත් ව්‍යාපාරිකයෙක්, සුප්‍රකට රහස් පරීක්ෂක නීතිඥ පෙරී මේසන් මහතාට මෙම සංකීර්ණ ගැටළු විසඳා ඇය එම චෝදනාවෙන් මුදා ගැනීමට හැකිවේ ද?.
භීෂණයේ හෝරාව
“…මම දැන් ඔබගේ මනෝමය කාය ඔබේ භෞතික සිරුරෙන් වෙන් කර මේ අවකාශයට මුදා හරිනවා… ඉන්පසුව ඔබ කළ යුත්තේ…”
මෙම බිහිසුණු මිනිසාගේ ග්‍රහණයට නතුවන සිය පෙම්වතිය මුදා ගැනීමට රොජර් ඇට්කින්සන් හට හැකිවේද?
විලාසිනිය
පෝල් ඩ්‍රේක් පත්තරයක දැන්වීමක් පලකළේ හදිසි අනතුරක් දුටු අයෙක් සොයාගැනීම සඳහාය. දැන්විමට ලුසින් බාර්ටන් ඔහුවෙත එන්නේ හදිසි අනතුර පිළිබඳව ඔත්තුවක් දීම සඳහාය. එහෙත් පසුව ඇය මිනීමැරුම් නඩුවක විත්තිකාරිය වී පෙරී මේසන් ගේ පිහිට පතන්නීය.
හොල්මන් වාසනාව
“හොරේස් වොරන් මහත්මය මගෙන් මොන විදියෙ උපදෙස් ගන්න ද බලා ගෙන ඉන්නේ?” මේසන් ඇසුවේ ය.”එක නම් අබිරහසක්. ඩෙලා කීවා ය.
“මොනවා?” මේසන් ඇසුවේ ය.
“මොකක් ද අබිරහස?”
යාබදව හිඳ
..ඇය අත්වැලට තවත් බරවිය. ඇත්තටම මත ගත වැදුනා වැඩීය. නමුත් තව ටික දුරකි, පියවර කිහිපයකි. ඈන්, මාර්කෝ පසුකර ඉස්සර විය. දැන් මේ පෙනෙනුයේ ඔවුන්ගේ පඩිපෙළය. ඉන්පසු අර තරමටම සුවිසල් වූ එකම මෝස්තරයේ ඉපැරණි දොරය. ඈන් නිහඩව ඇවිද ගියා යා.
පුදවාලක්කන් කෙටිකතා සංග්‍රහය
බෝ වනතුරු ම පියදාස ගෙදර පැමිණියේ නෑ. සඳුනිත්, අම්මාත් බය බීරාන්තව කුප්පි ලාම්පුවත් පිල උඩ තියාගෙන පාර දිහා බලාගෙන හිටියා. චූටි මල්ලීට අම්මාගේ ඔඩොක්කුවේ ම නින්ද ගියා. මේ අතරේ හිටපු ගමන් කඩුල්ල ළඟින් මතු වුණ පියදාස,
“ආ…උඹලා තාම නිදි නැද්ද?” අසමින් ගෙට ගොඩ වුණා.
වජිර පබ්බත
මොහොතකින් මම තිගැස්සී ඇහැරෙමි. සරස් ඇස් පියාගෙන නිදයි. ඈ ගෝපාලන් තුරුළු කර ගෙන සිටී. ඇගේ මුහුණ කොයි තරම් සුන්දරද? ඇගේ මුහුණේ තැනක් ඉතා සිනිඳුවට මට පෙනේ. ඒ තැන් කොතරම් මෙළෙක ඇද්ද? ඒ සුන්දරත්වය කෙලෙසන්නට මා කොතරම් දුෂ්ටයෙකු විය යුතුද?
සැඟවුණු මහාද්වීපය
යුද්ධය! භයංකර ය; ක්‍රෑර ය; නිරනකම්පීය ය. පළමු වැනි ලෝක මහා යුද්ධය අවසානයක් නැති ව දිගට ම කර ගෙන ගියේ නම්, ලෝකයට අත් විමට තිබුණු මහත් විනාශය පිළිබඳ ව පරිකල්පනාත්මක ව ලියැවුණු ප්රබන්ධයකි. සැඟවුණු මහාද්වීපය.
නත්තල් ගීතයක්
ඉංග්‍රීසි සාහිත්‍යයේ විලියම් ශේක්ස්පියර් හා සම කළ හැකි එකම ලේඛකයා වන්නේ චාල්ස් ඩිකන්සය. ඉංග්‍රීසි සාහිත්‍යය නව මඟකට අවතීර්ණ කරවමින් ඔහු එකල වික්ටෝරියානු සාහිත්‍යකරුවන් විසින් වසා දමනු ලැබ තිබු සමාජ කඩතුරාව ඉවත් කර පොදු ජනතාව වෙනුවෙන් ලේඛකයා සතු විය යුතු සමාජ වගකීම පෙන්වා දුන්නේය. නත්තල් ගීතයක් නමින් සිංහල සාහිත්‍යයට එකතු වන A Christmas Carol නම් ජනප්‍රිය නවකථාව ඔස්සේ ඩිකන්ස්, එදා එංගලන්තයේ පැවැති කටුක සමාජ ඛේදවාචකය මානව හිතවාදී ලෙසින් විවරණය කරන්නේ අවතාරමය තේමාවක් පාදක් කර ගනිමිනි.
ලෝහිත හාදුව
“මගේ පුංචි යක්ෂ කෙල්ල. ඔබ මොනවාද මෙහේ කරන්නෙ? මම කිව්වනෙ අපි දෙන්නටම හරියන්න මම බොන්නම් කියල…” “මොහොතක් ගත් වුණා. ඔහු ආපසු ගිහින් පුටුවේ ඉඳගත්තා. මම ඔහු ළඟට ගිහින් නළලට හාදුවක් දුන්නා. ඒක සමුගැනීමේ හාදුවක්…”
ශාපලත් උරුමය
අවස්ථාවාදී ඥාතීන් පිරිසක්ගේ කුමන්ත්‍රණයකට හසුවන ඩැෆනි ෂැල්බි යුවතිය හට සිය මහප්පාගෙන් උරුම වීමට තිබූ සියලු දේපළ අහිමි වන්නේ ඉතා අවාසනාවන්ත අයුරිනි. කිසිත් හව්හරණයක් නොමැතිව වල්මත් වන ඇය මිනීමැරීමේ චෝදනාවකට හසුවන්නේ නොසිතූ විරූ අයුරිනි.
බියපත් උරුමකරුවෝ
ලොරේටා ට්‍රෙන්ට් මහත්මිය විශාල දේපළකට හිමිකම් කී වංශවත් වැන්දඹුවකි. නීතිඥවරයකුගේ ලේකම්වරිය ලෙස කටයුතු කළ බැක්ස්ටර් යුවතිය හට හිටි හැටියේ එල්ලවන මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාවක් හමුවේ ඇය අසරණ වන්නීය. එම චෝදනාවෙන් ඇය මුදා ගැනීමට පෙරී මේසන් සමත් වුවද ඉන් පසු ලොරේටා ට්‍රෙන්ට් නම් ධනවත් වැන්දඹුවගේ ඝාතනය සම්බන්ධව ඇයට චෝදනා එල්ල වන්නේ පැහැදිලි සාක්ෂි මතය.
සිංහයන්ට මැදිව
සිය පෙම්වතිය සතුරන්ගෙන් මුදා ගැනීම සඳහා බිහිසුණු වනසතුන්ගෙන් සහ ම්ලේච්ඡ ස්වදේශිකයන්ගෙන් ගහණ බිහිසුණු අප්‍රිකානු වනාන්තර තුළ අභීතව සටන් වදින තරුණයෙක්!
“…මැතිව් දැන් අපිට සමුගන්න වෙලාව ඇවිත්. මගේ ඇස් දෙක ගණ අන්ධකාරයකින් වැහීගෙන යන බව මට දැනෙනවා….
විරුද්ධවාදියා
“මම ඉරිදා දවසක උදෙන්ම, ඇයත් එක්ක එහේ ගියා. ඇයට ඇගේ ගීත සහ නැටුම් කණ්ඩායමේ වැඩවලට එදා රෑ දහයට ආපහු එන්න තිබුණා. ඒක හමුදාවේ නීතිය. බස් කීපයක් මාරු වෙවී. බස් නැවතුම්වල බලා ඉඳ ඉඳ, ගිහින් ආපු ගමනක්.
දඟකාරියේ
කොල්ල කියන කොණ්ඩෙ වවාගත්තු කොල්ල තාපස උත්තමය කියලා හිතාගන්න මට අමරු වුනේ නෑ. කතාවෙන් කතාවෙන්ම අපි පුස්තකාලෙට ඇවිත් හිටියෙ. කොල්ලා විස්තර හොයන ගමන්ම ෆෝන් එකෙනුත් තව විස්තර සර්ච් කළා. අපිත් පුළුවන් උපරිමෙන් මහන්සි වුනා විස්තර හොයා ගන්න.
ගී කිරිල්ලී
තමාට තම සිත පාලනය කර ගැනීමට නොහැකි වේවියැයි සුමිත්‍රාගේ සිතට බියක් ඇතුලු විය. ඔහු ඉදිරියේ තමා තම හදවත විවෘත කළා වැඩියැයි තේරුම් ගන්නා විට ඇය සියලු දේ පවසා අහවරය. හඬ බිඳී, හදවත සැලී නෙතට කඳුළක් උපන්නේ වියෝගය හිතට බරක් එක් කළ නිසාය. ඇඳ මතින් නැගී සිටි ආලෝක සුමිත්‍රා ඉදිරියේ සිට ගත්තේ ඇයට ඉවතට යන්නට කාලයක් නොතියාමය.
ලොවීනා
මෙය,
තෝමස් මෙට්ලන්ට් ආණ්ඩුකාරවරයා සහ
ලොවීනා නම් රොඩී තරුණිය අතර සිදු වූ
ප්‍රේම වෘත්තාන්තය පමනක්ම නොවේ.
එසේම,
දස්කොන් මහ අදිකාරම් සහ
ප්‍රමිලා නම් බිසව අතර සිදු වූ
ප්‍රේම වෘත්තාන්තය පමනක් නොවේ.
මෙය වූ කලී,
කිසි කලෙක ප්‍රේමය හිමි නොවූ
එහෙත් තමා හැර අන් හැම දෙනාගේම
ප්‍රේමය වෙනුවෙන් ජීවත් වූ
පුන්නී නම් රොඩී කිරි අත්තම්මාගේ
පුරා අවුරුදු එකසිය නවයක
හද ගැහෙන ප්‍රේම වෘත්තාන්තයද වන්නේය.
නොනිමි සිත්තම සහ තවත් කෙටිකතා
කෘතියේ පෙළගැස්ම
- අපට වැසිකිළියක්
- නොනිමි සිත්තම
- ජාත්‍යාල රූපවාහිනී
- මතක සටහනක්
- එය සත්‍යයකි
- වෙසක්! ‘වෙසක්’ හා වෙසක්
- තවද එක් චරිතයක්
කැතී – 3
“මං හිතන්නෙ දැන් භයානක කොටස පහුවෙලා ඇති. දැන් නැව පොඩ්ඩක් වත් ගැස්සෙන්නෙ නැහැ. වේටර් කිව්වා අපට නැව් තට්ටුවට ගියාම ලොකු පහසුවක් දැනේවි කියලා. එයා දැන් ඇවිදින් මට උදවු කරාවි. ඇමී අවදි වුණාම මම එයාට ඇඳුම් අන්දවන්නම්. බෙරට් මහත්මිය ඔබට උදව් කරාවි…”
ඔලිවියා – 2
ඉන් සතියකට පසු ඊල් සහ ඔලිවියා හීත්රෝ ගුවන්තොටුපලේ බලා සිටියේ ඇලිසියා හා පැබ්ලෝද සමගය. ඉන් මොහොතකට පෙර ඔව්හු හෆ් සමග තිර පරික්ෂණය සදහා හොලිවුඩ් බලා ගිය ඇබීට සමුදී තිබිනි.
අසෙනිය වර්ෂා
මා තීරණයක් ගත යුතුව ඇත. එහෙත් ජීවිතය අරඹන්නේ කොහොමද කවුරුන් සමගින්දැයි මට නොතේරිණි. අසෙනිය ඔබව නැති කරගෙන සැනසෙන්නට මට බැරිය. මා ජිවිතය වින්දා නම් ඒ ඔබ නිසාය. ඔබේ ආදරය නිසාය. ඇස් වලින් ආයෙම කඳුළු වැටිණි.වසර තුනහමාරක් බිම නොදැමු කඳුළු දෝරේ ගලා ගියේය.
නිදිකුම්බා මල් කැකුළී
“මම දන්නෙ නැහැ ඉන්දු..ඔයත් එක අතකින් දේවින්ද වගේම තමයි… තමන් ජීවිතෙන් ඉල්ලන දේ මිසක්, ජීවිතය දෙන දේ ගන්නෙ නෑ.. පුදුම විදිහට දඩබ්බරයි..”
සයුරි අක්කා එහෙම කිව්වහම ඇත්තටම මට ඉවසුම් නැතිව ගියා.අක්කෙ මම අක්ක එක්ක කට ගහනව නෙමෙයි..
අනන්ත වසන්තය 2
දෑස් පියන්පත් විවරව තැබුවෙමි
ඔබෙ රුව දකිනු රිසින්
සවන් පියන්පත් විවරව තැබුවෙමි
ඔබේ හඬ අසනු රිසින්
එනමුදු නොදුටිමි නොඇසුණි කිසිවක්
රහසින් සැඟව ගිහින්…
මාගම් සෝලිය
2017 වර්ෂයේ ස්වර්ණ පුස්තක සම්මාන සදහා නිර්දේශිත වු කෘතියකි. ක්‍රි.ව. 1809 ත් ක්‍රි. ව 1819 ත් අතර දශකයක කාළ පරාසයේ ඌව වෙල්ලස්සේ ගමක සිදු වු හා නොවු සිද්ධි සමුදායක් මෙම කතාවට වස්තු විෂය වේ.
ආදරණීය වික්ටෝරියා
ඔහුගේ ලෝකයේ
පරමාදර්ශය වූයේ
ඇයයි.
එසේම
නම කියූ සැණින් දත්
අරක්කු රේන්දරාළ කෙනෙක් වන්නට
ඔහු තුළ
බලාපොරොත්තු දැල් වූයේද
ඇයයි.
එපමණකුදු නොව
තුංග පොල් ගසක් තරමට
තරව මුල් දරා වැඩෙන්නට
ඔහුගේ
හෙවණැල්ල වූයේද
ඇයයි.
ඉක්මන් සල්ලි
පුද්ගලයන් පැහැරගෙන කප්පම් ඉල්ලා
සිටීම ඉතාලියේ සුලබය. එරට බලවත්ම
ධන කුවේරයා වු කාලෝස් ගැර්ඩ් සිය
දියණිය ජීනා විදුලි සැර කැවු වැටකින්
වටවු, මිනීමරු බල්ලන් මුරට යෙදවු
වතුයායක් මැද මන්දිරයක, වෙඩි තැබීම
පසුපස තවත් හේතු තිබිණිද.?
ප්‍රේමය නම්
හෙලෝ… ච..න්..ද..න..
ඔව්… චන්දන තමයි කතා කරන්නේ… ඔයා..
කවුද?.. චන්දන ඇයි ඔයා ඔහොම කතා කරන්නේ.
මගේ කටහඬ දැන් ඔයාට අඳුනන්න බැරිද? අනේ…
පුළුවං…ඒත්..මට ඔයත් එක්ක කතා කරන්න දැන්
කිසිම දෙයක් ඉතිරිවෙලා නෑ ඉන්දු… කරුණාකරලා
දැන්වත් දෙයියන්ගේ නාමෙට මගේ ජිවිතෙත් එක්ක
සෙල්ලම් කරන එක නවත්වලා ඔයාගේ වැඩක් බලාගන්න..
ආයෙත් මගේ ෆෝන් එකට කතා කරන්න එපා..
අනේ..ප්ලීස්..චන්දන.. ෆෝන් එක කට් කරන්න
නම් එපා.. මට ඔයාට ගොඩක් දේවල් කියන්න
තියෙනවා. ඒ ටික අහගෙනවත් ඉන්න, ඒක
ඔයා මං වෙනුවෙන් කරන ලොකු පිනක්.
මගේ හිත සැහැල්ලු කරගන්න ඉඩ දෙන්න
ප්ලීස්.. මාව පිච්චෙනවා වගේ දැනෙනවා
චන්දන.
දම්සාරි 2
සඳට පෙම් බැඳි කුමුද හිනැහෙයි
විලට පමණක් දැනෙන විලසේ
ඇගේ සෙනෙහස සඳට දැනුණා
විසල් මහ පොළොවටත් රහසේ
සඳ කොතෙක් නම් කවි ලියාවිද
ඇගේ පෙම ගැන සොඳුරු අහසේ
කුමුද සඳ එළීයෙන්ම සැනහෙයි
සඳට ළංවිය හැකිද කෙලෙසේ…..
දෝන කමලාවතී
“ඒක නෙමෙයි. ඇමැතිතුමා අර කමලා ගැන මොකද කියන්නෙ?” යි තරුණ මන්ත්‍රීවරයෙක් පිටිපස සිට ඇසීය. “ඔව් කමල ගැනත් මම කියන්නම්. ඒ ළමයා හොඳ දස්කම් ඇති අසරණ ළමයෙක්. නිලධාරී අධිරාජ්‍යය ඒ ළමයට ජීවිතය එපා වෙන තරමට හිරිහැර කරල තියෙනව.”
තෙවෙනි සිල්පදය නොකඩමි
අනෝමාගේ අභාග්‍ය සම්පන්න මරණයත් සමඟ වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ අසරණයෙකුගේ තත්ත්වයට පත් මම මතුගම අපේ ගෙදරටම වී කල්ගත කළෙමි. මා යළිත් රස්සාවට යැවීමටත් වෙනත් විවාහයක් කර දීමටත් දෙමව්පිය නෑදෑ හිතවතුන් කෙතරම් උත්සාහ කළත් එයින් පලක් නොවීය.
ලේ වෙළෙන්දකුගේ වංශකතාව
“මගේ පුතා,” ෂූ සැන්ගුවාන් පැවසීය. “එයා බරපතලව රෝගාතුර වෙලා ඉන්නේ, ඔහුව බේරා ගත හැක්කේ ෂැංහයි හි විශාල රෝහලකට විතරයි. මට මුදල් නැහැ, ඒ හින්දා මගේ ලේ විකිණීමට මට සිදුවෙලා මට ෂැංහැයිවලට යනකම් ලේ විකුණා දාන්න හැකි නම්, මම එහි යන විට වෛද්‍ය බිල ගෙවන්න ප්‍රමාණවත් මුදලක් ලබා ගන්න පුළුවන්.”
වුල්ෆන්ඩාල් ස්ට්‍රීට්
වුල්ෆන්ඩාල්හි ප්‍රීතිමත් කුඩා නගරය හෙවත් වෘක ගුහාවේ විසූ ගැහැනු දහනමදෙනාගේ කතාව
දම්සාරි 3
නිබඳ සිඳුතෙර ළවැලි තලයේ
සැදු වැලිමාලිගා අතරේ එදා
සෙල්ලම්වියේ සිහිනය බොඳව
ගිය අයුරින්…
ඔබේ අතඟිලි අතර පැටලී
තැනූ ලොව වෙත පිය
නඟන්නට දකින සිහිනය
බොඳව යාදෝ නොයාදෝ
නොදනිමි…
මායාකාරි
රූමත් ගැහැනියක් කෙරේ වසඟ වී ඇය
පිළිබඳව ඇතිවන උමතු තෘෂ්ණාවෙන්
බැඳෙන මිනිසෙකු හට නොකළ හැක්කේ
කුමක්ද..?
ඇය තමන් වෙත නතුකර ගැන්ම උදෙසා
ඝාතනයක් වුවද ඔහුට සුළු දෙයක් වනු ඇත.
ගිල්ඩා විවාහ කර ගැන්මට නම් පළමුව ඇයගේ
කෘර හිංසාකාරී අබ්බගාත සැමියා ඉවත් කළ
යුතු බව ටෙරී රීගන් දැන සිටියේය.එසේ කිරීම
සඳහා ඔහු විචක්ෂනශීලි ව සැලසුම් කළ ඝාතන
සැලැස්මක් ක්‍රියාත්මක කෙරිණ.
එහෙත්.. එවැනි සූක්ෂම සැලසුම් පවා
නොපිට ගොස් වැරදී යන ස්වභාවයක් ලොව
පවතී.
දියට හඬන කෑඳැත්තෝ
නවකථාවක ඇතුළත් විය යුතු මූලික ම අංගලක්ෂණ සියල්ල මේ තුළ විද්‍යමානය. විශේෂයෙන් නවකථාව සමාජය පිළීබඳ පුළුල් පර්යේෂණයක් වු කල්හි එය ඉතිහාසය පිළිබඳ විවරණයක් මෙන් ම සමාජ සමාජ විද්‍යත්මක කෘතියක් ද වනු ඇත. මේ කථා පුවත ඔස්සේ ලාංකේය සමාජයේ එක්තරා පැතිකඩක් අපට රසවත් ව රැගෙන එයි.
කව්ලකුණු මිණිමල් හෙවත් කාව්‍යලක්ෂණ මණිමාලාව – මහාදෙවර්ෂීන්ගේ ලඝුතන්ත්ර බන්ධනය
කව්ලකුණු මිණිමල් හෙවත් කාව්‍යලක්ෂණ මණිමාලාව නමැති තෙල ගත ඉටුනිටු කව් රැසැයුමට උපදෙස් ඇතුළත් පැරණි පොත්වලින් මුල්තන්හි ලා සලකුණු ලැබේ. මේ විෂය ගැන ලියැවුණ පැරණි පොත් බෙහෙවින් විරලය. ඇත්තේ සිදත් සඟරායෙහි ඉෂටානිෂට කාණ්ඩයත් ගණ සුබ අසුබ සද, සුබ අසුබ වත් ඈ සුළු වැනුමක් පමණක් ඇති ලකුණුසර හා මේ පොතත් පමණි.
චපලී
ඇය දුටු සැණින් තම සිත සසල වූයේ ඇයි දැයි පැවසිය නොහැකිය. බොහෝවිට කුලවත් හින්දු කාන්තාවෝ උත්සව අවස්ථා වලදී මාල, පා වළලු, අත්වළලු හා නළලෙහි හා පා ඇඟිලිවලත් මුදු පළඳිති. යුරෝපයේ ගැහැනුන්ට ඇත්තේ වෙනත් සුදකි. චම්පා රන් කළදක්වත් නැතිව කළු කලිසමකින් හා ඕෆ් ෂෝල්ඩර් හැට්ටයකින් සැරසී සිටි හැටි ඔහුට හැටි සිහිවුණි.
පල්ලවී
“මේ ගැහැණිය රැවටෙන්නට ඇත්තේ මේ පිරිමියාගේ අනුරාගී පෙනුමට විය යුතුය. තනපටය බැඳ චීත්ත රෙදි කෑල්ලකින් සැරසී වැදි ගැහැණියක මෙන් වෙස්වලා සිටින අසුන්තා දුටු උමි ගේ සිතේ ඇතිවුණේ තරහකි.”
ස්නේහයේ දොරමඬලාවයි
සුන්දරා,
වැලි ඉස්ස ගාණට ආකහේ තාරකා ඉතිරිලා.
දන්නවද, මයෙ හිතත් ඒ වගේමයි.
ප්‍රේමණීය හාදු වගේම ලේ පැල්ලම් තැවරිච්ච අහීමාන,
නපුරු දවසුත් තිබුණා තමයි මට….
මහ උළු ගෙදර කළුවර බිත්ති විතරක් නෙමේ,
ඔයාගෙ අළු තෙත පාට ඇස් අස්සෙ තැවරිච්ච
ප්‍රේමයත් මට ජීවිතේ කියලා දුන්නා.
වැලන්ටයින්ගේ සිහිනය
අපිට තාමත් තීරණය කරගන්න බැරි වුණානේ පුදුමවීම මනින මිම්ම මොකද්ද කියලා. කිලෝමීටර් නම් කොහෙත්ම වෙන්න විදියක් නෑ, ඒක සහතිකයි. අනික පුදුමවීම තරාදියක දාල කිරන එකක් එච්චර හොඳ විදියක් කියල මං නම් හිතන්නේ නෑ. ඒත් දවසක් එක් මෝඩ පහේ මිනිහෙක් මට කිව්වනේ එයා පුදුමයෙන් බින්දු දහයක් හැම රෑකම එක බින්දුව ගානේ වීදුරුවකට දාල නින්දට කලින් බිව්වා කියල.මං හිතන්නේ එයා හැදුවේ මාව මෝඩයා කරන්න. ඒත් අපි ඕවට රැවටෙන්න නරකයි.
ස්වරාවී
දන්නවද සුන්දරා නුඹ..
පෙම පිරී පණ ගැහෙන හිත අල්ලා
කටු ගසා මැසු තැන නුඹ නොවේ
ප්‍රේමය හිරි ඔතප් සිඳ කසී සළු
ගැලවු තැනත් අනේ, නුඹ නොවේ..
අම්මා – මක්සිම් ගෝර්කි
රුසියානු හා ලෝක සාහිත්‍යයේ උසස් තැනක් දරන මාහැඟි කෘතියකි, මක්සිම් ගෝර්කිගේ “අම්මා”.අද වුවද එය විප්ලවවාදී සාහිත්‍යයේ මුදුන් මල්කඩකි. ලෝක සාහිත්‍යයේ පළමුවැනි වරට අතිශයින්ම පැහැදිලි ලෙසත්, දයාන්විත ලෙසත් කම්කරු පන්තියේ ජීවන තතු පැහැදිලි කළ පළමු වැනි කෘතිය “අම්මා” ය.
කම්කරු පංති සටන්වල වැදගත්කම ඔප් නගා පෙන්වා දුන් මේ කෘතිය රුසියානු ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් සමාජවාදී විප්ලවයේ ජයග්‍රහණය සඳහාත්, සාර්ථක ලෙස සමාජවාදය ගොඩනැගීම සඳහාත් මහඟු සේවයක් ඉටු කළේය.
සිහිනයක් වගේ
“ඇයි එහෙම කළේ අයියේ. මං ආදරෙයිනේ. මං ආදරෙයිද කියලා දෙපාරක් අහද්දිත්, මේ ගර්ල් හින්දද සද්ද නැතුව ගියේ.තමුසේ මගේ නළලට දීපු කිස් එක මාව තුරුලු කරගත්ත ඒව ඒ සේරම බොරුද? තමුසෙට මාව පෙනුනේ සෙල්ලම් බඩුවක් ගාණටද? එතකොට මං විතරද ආදරේ කරලා තියෙන්නේ ආහ්? මං විතරමද?”
යුගයක ඇරඹුම
මම ලෑල්ලක එල්ලා තිබු සිතියම වෙතට කිට්ටු වුනෙමි. එහි නිකේතනයේ බිම් සැලැස්ම පැහැදිලිව පෙන්වා තිබුණි. බිම් සැලැස්ම කොටස් දෙකකට වෙන් කර තිබුණේය. එක් කොටසක් මිත්‍රත්ත්ව සරසවියේ සිසුන් සඳහා සහ වෙනත් සරසවිවල හා උසස් අධ්‍යපන ආයතනවල සිසුන් සඳහා යනුවෙන් අනෙක් කොටස වෙන්කර තිබුණි.
යුද බිමක ඇසින් දුටු මතක
“සර්… මේ කොහෙද යන්න හදන්නේ…කට්ටා විමසා ඇත. “අළුතෙන් පිහිටුවන සිංහල ගම්මාන වල නැවත පදිංචි කිරීම් බලන්නලු යන්නේ… පාර ක්ලිය කරලා දන්වන්න…! කර්නල් සාලිය පවසා ඇත. ප්‍රදේශය පිළිබඳව සනාථවීමෙන් පසුව පිරිස ජීප්රථ දෙකකින් ගමන් අරඹා ඇත.
සම්මත අසම්මත
කෙසේ වෙතත් සුදු මහත්තයාව ගුරුන්නාන්සේගේ ගෙදරට එක්ක නොගිය අතර ඔහු කියාදෙන ලද ඇවතුම් පැවතුම් හා ප්‍රතිකාර නිවසේදී වහාම ලබාදෙන ලදි.ඉන් අනතුරුව සුදු මහත්තයාගේ යම්කිසි ප්‍රගතියක් සියළු දෙනාම බලාපොරොත්තු වන ලදි.
මෙලඩි
“රාත්‍රිය අඳුරුය
දැඩිසේ අඳුරුය
තරු කැට කිහිපයකින්
ඒ අඳුර පලවා හැරිය නොහැකිය…
හුදෙකලාව දරුණුය
අන්ධකාරයටත් වඩා දරුණුය
මීත්යාගේ ප්‍රේමය
මීත්‍යා සිය නිවසට පැමිණි මුල් දිනවලදීම පටන් මේ හැඟීම් සතුටින් අත්වින්දේය. ඒ දිනවලදී වස්සානය පටන්ගත්තා පමණි. මීත්‍යා මැද සාලයේ වූ විවෘත කවුලුවක් අසල හිඳගෙන, ගෙවත්තේ වූ පයින් ගස් හා දේවදාර ගස් අතරින්, තණබිම මැදින් ගලන බොර පැහැති ගංඟාව දෙසත්, ඊට එපටින් කඳු බෑවුමේ වූ ගම්මානය දෙසත් නෙත් යොමා ගෙන සිටියේය.
දුබ්රොව්ස්කියි
“උතුමාණෙනි, මම නගරයට යනවා. ඉතින් ලිපිකරු ඉවාන් දෙම්යානව් හමුවීමට ආවේ. ඔබතුමා ගෙන් කිසියම් නියෝගයක් තිබෙනවාදැයි දැනගැනීමටයි” ෂබාෂ්කින් පිළිතුරු දුන්නේය”
“නුඹ ආවේ මට ඕනෑ වේලාවට යි. නුඹේ නම මොකක්ද?
හීන
“සර් කියන විදිහට අපි රැඳිලා ඉන්නෙ මිනිස්සු දකින හීනවල එළියෙන්?” මංජුල නානායක්කාර මඳ සිනාවකින් මුහුණ පුරවගෙන නායකතුමා දිහා බලාගෙන අහද්දි නායකතුමාගෙ හිනාව තවත් පළල් වුණා.
“හරියටම හරි මංජුල… මේ රටේ මිනිස්සු හීන දකින්නෙ බලාපොරොත්තුවල එල්ලිලා.”
සානුවක සීනුව
‘හැමදාම පරණ සරමක් අඳුරු පැහැති බැනියමක් ඇඟ ලා සිටින මා ඒවා පසෙක ලා එදාට හොඳම පලයකාට් සරමකින් හා මෙරූන් පැහැති කමීසයකින් ද සැරසී පැමිණෙන සැම පිළිගැනීම මම ම කළ යුතුව ඇත.
කවුළුවෙන් එහා
කයියාම් මහල්ලා මී බඳුන බිම නමා
මිදි උයනෙ නිදනු වෙද මිදි පතින් වැසීගෙන
තාගෝර් කිවිඳු තෙම සුදු රැවුල පිස දමා
ගී සරින් මත් ව ගෙන එබෙනු වෙද ඔබ හදට
රෝස අට පෙති
ජනේරුව කොහොමත් සීතලයි
ඒත් අද ඒ ඕනවට වැසියි
කන් පෙතිත් ඔය දෙතොල් අග ගැටී
දෙකම්මුල් මත හිවුඩු නංගවයි….
මං එනකල්ම ගොරව ගොරවා නින්ද
අද මොකද බුම්මාන නමුණුකුල කන්ද….
ලියා
ප්රතාපවත් පෞරුෂයක් හිමි ඔහු දුටු කඩවසම් තරුණයා බව සහතිකය. කෙතරම් රළු පෞරුෂයක් ඉසිළුවද ඔහු මා හට දක්වනා ආදරය කිව නොහැකි තරම් ආදරණීය වන්නේය. මා හට දරන්නට නොහැකි තරම් ආදරයක්, සෙනෙහසක් ඔහු සිතේ වන්නේය.