Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-624-5834-63-1 |
Language | Sinhala |
Pages | 360 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
ඒ රූ කාගේද…
රු1,800.00
Price Summary
- රු1,800.00
- රු1,800.00
- රු1,800.00
බොහෝ පවුල්වලට රහස් ඇත. ඒවා හරියට අල්මාරියක සඟවා ඇති ඇටසැකිලි වැන්න. කවදාවත් කිසිවෙකුත් ඒ ගැන කතා කරන්නෙවත් නැත. ඇතැම්විට ඒ රහස් බොහෝ වේදනාකාරීය. ඒවා කොතරම් ගැඹුරින් වළලා ඇති දැයි කිවහොත්,ඒවා ඒ පවුලේ අයටම අමතකව යයි.
මේ මැන්ඩිගේ කතාවයි. අර්බුදයක් විසින් ඒ රහසෙහි දොර විවර කරන තෙක්ම තම පවුලේ බියකරු රහසේ යතුර ඇත්තේ තමා අත යැයි නොදැන වුන් මැන්ඩිගේ කහතාවයි.
Be the first to review “ඒ රූ කාගේද…” Cancel reply
Related Products
හඩ නිහඩ
ඇලිසියා බෙරෙන්සන් සිය සැමියා ශ්රේබ්රියෙල්ට බෙහෙවින් ආදරය කළාය එහෙත් එක් රැයකදී ඇයම ඔහුව වෙඩි තබා මාර දැමුවාය .ඒ මන්ද හේතුව අනාවරණය කරගත නොහැකි සිය සැමියා ඝාතනය කළ තැන් පටන් ඇය වචනයක් හෝ කතා නො කිරීම නිසාය .
ඇත්දළ දරුවා
ඉපැරණි ඊජිප්තුවේ පැවති අයිසිස් සහ හෝරස් වන්දනාවෙන් බිඳී ආ ඇදහිල්ලකට අනුව, ඇත්දළ දරුවෙකු දෙවියෙකු ලෙස නමදින ධවල කෙන්ඩාහ් ගෝත්‍රිකයින් හා මිහිපිට වෙසෙන දැවැන්ත ප්රචන්ඩ හස්තිකෙු දෙවියෙකු ලෙස නමදින කළු කෙන්ඩාහ් ගෝත්‍රිකයින් අතර ඇති වන ආගමික සංග්‍රාමයක් මෙම නවකතාවට පාදක වී ඇත.
ධවල කෙන්ඩාහ්වරු විසින් ඔවුන් ගේ පූජකවරියක බවට පත් කර ගැනීම සඳහා ඊජිප්තුවේ දී පැහැර ගනු ලැබූ සුරූපී රෙජනෝල් ආර්යාව බේරා ගැනීම සඳහා එම රටට යන, ඇලන් ක්වාර්ටමේන්, රෙජනෝල් සාමිවරයා, සැවේජ් සහ හෑන්ස් මෙම දෛවෝපගත සංග්‍රාමයට මැදි වෙති.
මෙම පිරිසට පූජනීය කන්දේ පිහිටි දෙවොලක ඇත්දළ දරුවා ගේ භාරකාර ජූජකවරිය බවට පත් රෙජනෝල් ආර්යාව වෙත යාමට සිදු වන්නේ, ඒ සඳහා ඇති එකම මාර්ගය වූ මිනිසුන් ගිල දමන දැවැන්ත නාගයෙකු වෙසෙන ගුහාවක් මැදිනි. ඔවුන් මෙම අභියෝගයට නිරායුධව මුහුණ දෙති.
රයිඩර් හැගාර්ඩ් ගේ සුපුරුදු වික්‍රමාන්විත නවකතාවල ඇති සියලු උපාංගයන්ගෙන් පිරිපුන් මෙම නවකතාව, පාඨකයින්ට අලුත් අත්දැකීමක් වනු ඇත.
ඝෝර යාත්‍රා
|
ගිම්හානයේ පොරොන්දුව
මුළුතැන්ගෙයි කුඩා කවුළුවල වූ රතු පැහැ කපු තීර රෙදි ඇදිය යුතු දෑයී ඇය කල්පනා කර තිබුණද අනතුරුව එසේ නොකළ යුතු යැයී ඇය තීරණය කර තිබිණි.
බර්ඩ් බොක්ස්
එය බිහිසුණුය බියකරුය එහෙත් ඒ කුමක්දැයි කව්රුවත්ම දන්නේ නැත කෙනෙකුට වියරු වැටි ජීවිතය පවා නැති කරගන්නට එය යන්තමින් දැකීම පවා ප්රමාණවත්ය
බැතිමතාගේ අසිපත
සටන්කරුවා තමන් සමඟගෙනයන්නේ නවතම ප්‍රභේදයයි .
සත් වන පරම්පරාවයි . නොනැවත්විය හැකි එකයි . කිසිදු දෙයක් කරන්නට පෙර ආසාදනය වන්නා වූ එකයි . සටන්කරුවා එය මුදා හරිනු ඇත . වසංගතය බටහිර අර්ධගෝලය පීරා , අතුගා දමනු ඇත . එහි පැතිරීම සමුදුරෙන් වැළැක්වෙනු ඇතැයි ඔහු සිතුවේද ? නැතිනම් ඔහුගේ මේ ආගමික උමතුව නිසා ඔහු එය
|
රාග ගිනි
|
උමං සොහොන
මිනී වලවලවලින් මැරුණු මිනිස්සුන්ගෙ ඇටකටු හොරකම් කරගෙන ගුප්ත සුර හදන අස්ථි සිත්තරු ගැන ජෝර්ඩානුයී අබීයී එක්ක නිවාඩුවකට නිවි ඔර්ලින්ස් නගරයට ගියාට පස්සෙයී.
පෙරදා යුවතිය
වන් ෆෝල්ගේට් වීදියේ පරිපූර්ණත්වය පිරුණු ලෝකයට ඇතුළු වන්න…නමුත් ඔබට එහි මිල ගෙවිය හැකි ද? ජේන්ට ජීවිත කාලයටම නොලැබෙන ආකාරයේ අපූරු ගනුදෙනුවකට මග පෑදෙයි: ඒ ප්රබුද්ධ ගෘහ නිර්මාණ ශිල්පියකු විසින් නිර්මාණය කරන ලද සරලතාවයේ උපරිමයට ගිය කුලී නිවසක ජීවත් වීමේ අවස්ථාවකි. එහෙත් ඊට පෙර ඈ කොන්දේසි පත්රයකට අත්සන් තබා අමුතු ආකාරයේ සම්මුඛ පරීක්ෂණයකටත් මුහුණ දිය යුතු ය.
දූවිලි දේදුන්න
මට නොනවතින අතීසාරය වැලදී තිබිණි. ගස් මට උපකාර කරවී යැයි සිතුවද,පේනතෙක් මානයක ගසකුදු නොවිය.අප සිටි කුටියෙහි කවුළුව පිහිටියේ ඉහළිනි.උස බැවින් අහස පෙනුණද,ගහකොළ දැකගත හැකි නොවිය.එසේ වුවද,ගස් දකින්නට නොලැබීම ගුල්වාරිට ප්‍රශ්නයක් නොවීය. සිය ගෝත්‍රික ආදිතමයා වන ඩිංගෝ
පෙරටු කරගෙන ගස් පැමිණෙමින් සිටින බව පවසන්නට එක් රාත්‍රියකදී ඔහු මා අවදි කළේය.”කොයි මොහොතෙ හෝ ඔවුන් මෙහි එනවා.”යැයි මගේ කනට කෙදිරු ඔහු අතීසාරය
සුව කිරීමට අද්භූත බලයක් ඇති ශාක ගණනාවක නම් කෙදිරුවේය.යහපත් ගෝත්‍රික වෙදැදුරෙකු අතෙහි මිනිසෙකු රෝගයකින් පීඩා විදින්නේ අහම්බෙන් බව දැන සිටි හෙයින්,මා වනාන්තරයේ සිටින්නේ නම් ශාක මා සුවපත් කරාවි යන සිතුවිල්ලෙන් මම නින්දට වැටුණෙමි. පසුදා පාන්දර
මා අවදි වූ කල දුටුවේ, ගුල්වාරි බෙණ සෑදුණු විශාල ගසක් කොන්ක්‍රීට් පොළොව මත අදිමින් සිටි බවය.
කිසිවක් නොකියමි අම්මේ …
මෙතෙක් වේලා දැහැනකට සමවැදුනාක් මෙන් නිහඩව රුපවාහිනිය බැලු රීස් එක් වරම ආවේශ වූවාක් මෙන් කෑගසමින් නිවස පුරා දුවන්නට පටන් ගත්තා.කාමරයෙන් කාමරයට යමින් .දෑත් දෙපසට විහිදුවාගෙන ගුවන් යානයක් මෙන් ඉතා අධ්ක වේගයෙන් ඔහු දුවන්නට වුණා
හැරී සහ හෝප්
පාර පුරාම දූවිලි මල් පිපුණා.අපි ඉන්නා දෙසට ජීප් රථයක් සහ ට්‍රේලර් එකක් එමින් තිබුණා. හැරී එච්චර වේගයෙන් දුවනවා මීට කලින් මම දැකලා තියෙන්නේ එකම එක සැරයයි. මොහාතකින් ජීප් එකයි හැරී අතර දුර නැත්තටම නැති උනා. දූවිලි වැකුණු ඉදිරිපස වීදුරුව තුළින් මම ෆ්‍රෑන්ක්ව දැක්කා.ඉතින් මමත් එයා වෙතට දුවමින් හිටියා.
Recently Viewed
ගුණසේන ඉංග්‍රීසි දෙමළ ශබ්දකෝෂය
බහුලව භාවිත වන ඉංග්‍රීසි වචන සදහා දෙමළ උච්චාරණය සහ අර්ථය සහිතව මෙය සම්පාදනය කොට තිබේ.
අධ්‍යාපන සමාජවිද්‍යා චින්තන
අධ්‍යාපන ගැටලු සමාජවිද්‍යාත්මක චින්තනයකින් යථා පරිදි හඳුනාගෙන විසඳුම් සොයා ගැනීමට නිසි මඟ පෙන්වීමක් මෙම කෘතියෙන් ලබා දී ඇත.
සමාජවිද්‍යාව හා අධ්‍යාපන සමාජවිද්‍යා ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියේ නිරත සියලු පාඨකයින්ට මෙන්ම, අධ්‍යාපන වෘත්තිකයන්ට අගනා මූලාශ්‍රයක් ලෙස පරිහරණය සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කළ හැකිය.
ගිනි පඹයාගේ අබිරහස – සත් සුමිතුරන්ගේ වීරක්‍රියා 11
බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක වූ එනිඩ් බබ්ලයිටන් විසින්
ළමුන් සඳහා ලියා පළ කරන ලද රසවත් කතා මාලාවන්ගෙන්
එකක් වන ද සීක්රට් සෙවන් කතා මාලාව අපූරු කතා 15 කින් යුක්තය.
පීටර්, ජෙනට්, ජැක්, බාබරා, පෑම්. කොලින් සහ ජෝර්ජ් යන
ළමුන් හත් දෙනා එක්ව සප්ත සුමිතුරු රහස් පරීක්ෂක සංගමය
නමින් ළමා සමාජයක් පිහිටුවා ගනිති. අපරාධ,හොර මැරකම්වලට
එරෙහිව ක්‍රියා කරන ඔවුහු වීර වික්‍රමාන්විත ක්‍රියාවන්හි නිරත වෙරිත්
අබිරහස් හෙළිදරව් කිරීමට වෙර දරති. පීටර් හා ජෙනට්ගේ නිවසෙහි
සිටින ස් කැම්පර් නමැති සුරතල් සුනඛයා ද ළමුන්ගේ උදව්වට නිතර
එකතු වෙති.
හේඩීස්ගේ දෙවොල
ඇතීනාගේ සළකුණ අවසානයේ දී, පර්සි සහ ඇනබෙත් පාතාල ලෝකය දක්වාම දිව යන්නා වූ ගැඹුරු ආගාධයකට ඇද වැටෙයි. අනෙක් උප දෙවිවරු පස් දෙනා ඔවුන්ගේ ශෝකය පසෙක ලා, පර්සිගේ උපදෙස් අනුව යමින් මරණයේ දොරටු වල මනුෂ්‍ය පැතිකඩ සොයාගත යුතුය.ගයියාගේ හමුදාවන් සමග සටන් කරමින් ඔවුන්ට ඉදිරියට යා හැකිනම්, පර්සි ට හා ඇනබෙත් ට හේඞීස් ගේ දෙවොල හරහා නැවතත් මනුලොවට පිවිසීමටත්, ගයියා ගේ යෝධයින් ව පරදවා මරණයේ දොරටු අගුල දැමීමටත් හැකිය.ඔවුන්ට ඉතිරිව ඇත්තේ සීමිත කාලයකි. මාසයකට අඩු කාලයක් ඇතුලත රෝමාණුවන් අර්ධ ලෝහිත කඳවුර පහර දෙනු ඇත. ඊට පෙර ඇතීනා පාතිනොස් ප්‍රතිමාව නැවත ස්ථාපිත කොට සාමයට මග සැලසිය යුතුය.හේසල් ට, ෆ්රෑන්ක් ට, නිකෝ ට, ජේසන් ට හා, පයිපර් ට මේ සියල්ල කල හැකි වේද ? මරණීය වේදනාව විඳිමින් ටාටරස් හරහා ඇවිද එන පර්සිට හා ඇනබෙත් ට නැවතත් මනුෂ්‍ය ලෝකයට පිවිසීම සඳහා මරණයේ දොරටු සොයාගත හැකි වේවි ද ?යොවුන් පාඨකයින් අතර වඩාත් ජනප්‍රිය වූ ‘හීරෝස් ඔෆ් ඔලිම්පස්’ කතා මාලාවේ සිව්වන කෘතිය ‘‘හේඩීස්ගේ දෙවොල’’, තම ප්‍රථම පරිවර්තනය වූ ‘‘මායා කවය’’ තුලින් ම ශ්‍රී ලංකාව පුරා පාඨක හදවත් අමන්දානන්දයට පත් කල රුෂේනි මානිංගමුව ගේ පරිවර්තනයෙන්.
කැරවෑනයකින් චාරිකාවක් –
” අපි කොහොමටත් හෙට උදේම මෙහෙන් යන්න තමයි ඉන්නේ…9″ ජුලියන් කිව්වා. ” හැබැයි අපි ඔහේලට බයේ දැන්මම මෙහෙන් යයි කියලා නම් හිතන්න එපා.! මේ විල ඔහේලගේ බූදලයක් නෙමෙයි. ඔහේලට විතරක් නෙමෙයි අපිටත් මෙහේ ඉන්න අයිතියක් තියෙනවා. දැන් ඉතින් අපිට කරදර නොකර මෙතනින් යනවලා යන්න.!”
“මේ කොල්ලගෙ කට වැඩියි. මම අද හොඳ පාඩමක් උගන්නලා තමයි පස්ස බලන්නේ…” කියමින් ලෝව් තරහින් පුපුරමින් ආයෙත් වතාවක් කැරවෑනයට අත මිට මොළවා පහරක් ගැසුවා. ඉන් පසුව බඳ පටියත් ගලවාගෙන ජුලියන්ට පහර දෙන්නට ඉදිරියට ආවා.
ඒත් එක්කම ටිමී බුරමින් ලෝව්ගේ ඇඟට පැන්න. ලෝව් ටිමීට බඳ පටියෙන් පහර දුන්නා. ටීමි වහා ඉවතට පැන ඉන් බේරුණා. ලෝව් ආපසු පහර දෙන්නට හැරෙනවාත් එක්කම ටිමි ඔහුගේ කලිසම් කකුලේ එල්ලුණා. ලෝව්ගේ කලිසම ‘කක්රාස්….” හඬින් ඉරේ ගියා. ඔහු ටේමිගෙන් ගැළ වී ඉවතට පැන ගත්තා.
සතුටු ගෙදර
“අයියෝ, මෙතන නම් මට ඉන්න බෑ. හරි කරච්චලේ.”
හා පුංචා බඩු ටිකත් අරගෙන කපුටු හාමිගෙ ගෙදරින් පිට වුණා.
ඔහොම යනකොට හා පුංචාට ඉත්තෑ හාමි හම්බ වුණා. විස්තරේ අහලා ඉත්තෑ හාමිටත් දුක හිතුණා. එයා හා පුංචාව එයාගෙ ගෙදර එක්කගෙන ගියා. ඉත්තෑ හාමිගෙ ගෙදරත් හරි ලස්සනයි, පිරිසිදුයි, වැඩි සද්දයකුත් නෑ. හ පුංචා හරි සතුටින් ඒ ගෙදර නැවතුණා.
අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව – ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර (පස්වන ඒකකය)
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ භෞතික විද්‍යාව නව විෂය නිර්දේශයේ පස්වන ඒකකය වන “ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර” ඒකකයට අදාල විෂය කොටස ආවරණය වන පරිදි සැකසු කෘතියකි.
ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර යටතේ මූලික මට්ටමේ දී සාකච්ඡා කරනු ලබන විෂය කරුණු සියල්ලම වාගේ මෙම පොතෙහි ඇතුලත්ව ඇති අතර සියලු විෂය කරුණු ආවරණය වන පරිදි සැකසු ගැටලු වලින් යුත් අභ්‍යාස මාලාවක් සහ පිළිතුරු විවරණයකින් සමන්විත වේ.
1 ශ්‍රේණිය පරිසරය වැඩපොත
1 ශ්‍රේණිය පරිසරය වැඩපොත
නව විෂය නිර්දේශයට අනුව සකස් කර ඇති අතර සියලුම තේමා ආවරණය වන පරිදි අභ්‍යාස රැසක් ද සිසු මනසට ගෝචර වන පරිදි මෙහි ඇතුළත් කර ඇත.
සදහම් දෙසීම හෙවත් බුදු බණ කියන හැටි
බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන විට අංග අටකින් යුත් උතුම් හඬක් (අෂ්ටාංග සමන්විත බ්‍රහ්ම ස්වරයක්) නිකුත් වූ බව කියනු ලැබේ. 1. මැනවින් ශබ්ද නිකුත් වීම (විස්සට්ඨ) 2. මිහිරි බව (මඤ්ජු) 3. සවන් දෙන්නාට වහා අවබෝධ වීම (විඤ්ඤෙය්‍ය) /4. සවන් දීමේ රුචිය වර්ධනය වීම (සවනීය) 5. පැතිර යන හඬක් ඇතිවීම (විසාරිණී) 6. බින්දුව සහ අනුනාසික අකුරු මැනවින් භාවිත වීම (බින්දු) 7. ගැඹුරු හඬක් ඇතිවීම (ගම්භීර) 8. අවසානයේ සිහින් සිනිඳු හඬක් පැතිරයාම (නින්නාද)යනු ඒ අෂ්ටාංග සමන්විත බ්‍රහ්ම ස්වරයයි. මේ කරුණු අට පහසුවෙන් මතක තබා ගැනීමට පුරාණාචාර්යවරුන් ගාථාවකට නඟා ඇත්තේ මෙසේ ය.
විස්සට්ඨ – මඤ්ජු – විඤ්ඤෙය්යා
සවනීයා විසාරිණෝ
බින්දු – ගම්භීර – නින්නාදි
ත්වෙචමට්ඨඩ්ගිකෝ සරෝ
අකුර – 11 ශ්‍රේණිය විද්‍යාව [වාර ඇගයීම්]
6 ශ්‍රේණියේ සිට සා/පෙළ දක්වා ශිල්ප හදාරන ලක් දූ පුතුන්ට නියමිත විෂය මාලාවේ නිපුණතා සාධනය වන අයුරින් පාඩමෙන් පාඩම ආවරණය වන සේ ක්රමික සැලසුමකට අනුව මෙම වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර පෙළ සකස් කර තිබේ. වාරයක් තුල දරුවා ඉගෙන ගන්නා විෂය කරුණු නැවත පුනරීක්ෂණය කර ගනිමින්, ඉලක්ක සාධන මට්ටම වෙත ඉතා පහසුවෙන් ළඟා වෙමින්, ලකුණු මට්ටම ඉහළ නංවාගැනීමට මෙම වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර හොඳම පෙරහුරු ආධාරකයක් ලෙස දරුවාට උපකාරී වනු ඇත.
රුද්රාක්ෂ 2
රුද්රාක්ෂ නම් බීජයේ මතුපිට පවතින සුවිශේෂ රේඛා රටාවන් නිසා ඒවා එම රේඛා ගණන අනුව වර්ගීකරණයට භාජනය වෙයි එම වර්ග 21 ක් පවතින අතර එහි අධිපතීත්වය විවිධ ලෙස නව ග්‍රහයන්ට හා දෙවියන් අනුව බෙදී යන ආකාරය පහත සදහන්ය ඉන් 14ක් පමණක් සුලබ වෙයි ඊට අමතරව බද්ධ රුද්රාක්ෂ හා නිරුමුඛී රුද්රාක්ෂ යයි තවත් වෙසෙස් රුද්රාක්ෂ පවති ඒ පිළිබද පසුව සදහන් කරම්
රජතුමාගේ අලුත් ඇඳුම – Fairy Tale Classics – Sinhala
අප රටේ කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුරංගනා කතා පොත් මාලාවක එක් කෘතියක් ලෙසින් ඔබ අතට පත්වන මේ ‘රජතුමාගේ අලුත් ඇඳුම, Emperor’s New Cloth නම් සුප්‍රකට සුරංගනා කතාවේ සරල සිංහල අනුවාදයකි. සරල බසින් යුක්තව, ඔප කඩදාසියේ මුද්‍රිත, වෛර්ණ සිතුවම්වලින් යුක්ත මේ පොත කුඩා දරුවන්ගේ ආදරයට ලක්වනු නොඅනුමානය.
පාළු බලකොටුවේ සටනක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 09
බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක වූ එනිඩ් බ්ලයිටන් විසින් 1942 දී ළමුන් සඳහා ලියන ලද ‘ෆේමස් ෆයිව්’ කතා මාලාව කොටස් 21 කින් යුක්තය. මේ ඉන් නවවැන්නෙහි සිංහල පරිවර්තනයයි.
ජුලියන්, ඩික් සහ ඈන් ද, ඔවුන්ගේ නෑ සොයුරිය ජෝර්ජ් ද, ඇගේ සුරතලා ටිමී ද යන පස්දෙනා නත්තල් නිවාඩුව ගත කිරීමට කිරින් ගෙදරට එක් වෙති.
කිරින් ගෙදර අසල පිහිටා තිබූ කිරින් ගොවිපල සහ කිරින් ගොවි ගෙදර කල් ගත කිරීම ඔවුන්ට බොහෝ විනෝද ජනක කරුණක් වේ. ඒ අතර හදිසියේම කොන්ටින් මාමාගේ විද්‍යාත්මක සොයා ගැනීම් ඇතුළත් රහස් ලිය කියවිලි කිහිපයක් අතුරුදහන් වෙයි. එය සොරා ගත්තේ කවුද? ළමෝ කුතුහලයට පත් වෙති.
ඉන් පසුව ඔවුන්ට මුහුණ දීමට සිදු වූ අපූරු වික්‍රමාන්විත අත්දැකීම් රැසක් වටා මෙම කතාව ගෙතී තිබේ.
භෞතික විද්‍යා බහුවරණ සහ ව්‍යුහගත රචනා (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා බහුවරණ සහ ව්‍යුහගත රචනා (12,13 ශ්‍රේණි )
හිම කුමරිය සහ පුංචි මිනිස්සු – Fairy Tale Classics – Sinhala
අප රටේ කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුරංගනා කතා පොත් මාලාවක එක් කෘතියක් ලෙසින් ඔබ අතට පත්වන මේ ‘හිම කුමරිය සහ පුංචි මිනිස්සු, Snow White and Seven Dwarfs නම් සුප්‍රකට සුරංගනා කතාවේ සරල සිංහල අනුවාදයකි. සරල බසින් යුක්තව, ඔප කඩදාසියේ මුද්‍රිත, වෛර්ණ සිතුවම්වලින් යුක්ත මේ පොත කුඩා දරුවන්ගේ ආදරයට ලක්වනු නොඅනුමානය.
There are no reviews yet.