Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-686-187-7 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
මිළිඳු රාජ ප්රශ්නය 01
රු500.00
Price Summary
- රු500.00
- රු500.00
- රු500.00
මිළින්ද ප්රශ්නය වනාහී ඉතා පැරණී වුත්, සැදැහැවත් බෞද්ධයන්ගේ මහත් සම්භාවනාවට ලක් වුත් ග්රන්ථ රත්නයකි. මිළිදු මහරජුගේත්,නාගසේන මහරහතන් වහන්සේගේත් මෙම දුර්ලභ ධර්ම සංවාදය සිදුවී ඇත්තේ බුද්ධ පරිනිර්වාණයෙන් පන්සිය වසරක් ගත වු කල්හි ය.
Be the first to review “මිළිඳු රාජ ප්රශ්නය 01” Cancel reply
Related Products
චමත්කාර චරිත
ලාංකේය සමාජය තුළ නොමැකෙන මං සලකුණු සටහන් කළ චරිතවල සැඟව ඇති චමත්කාරය සරලව හා රසවත්ව අප වෙත ගෙන එන මෙම කෘතිය, තවත් එක් චරිත කතා එකතුවක් පමණක් ම නොවන අපූර්ව කෘතියකි.
ශ්‍රී ලංකා රාවණ රාජධානිය සහ සීගිරි පුරාණය
“රාවණ සමය” සෙල්ලිපි හා පුරාවස්තු ආශ්රයෙන් ම උපුටා ගත් කරුණු ස්වල්පයක් පාධ්කයා වෙත ඉදිරිපත් කිරිම මාගේ ප්රයත්නයයි. මා දක්වන සධක හා ඊට දැක්විය හැකි විරෝධාභාෂා යටතේ විනිශ්චයකට එළැඹීම පාධකයා සතු කාර්යයකි
උරුමය 2 – වැවේ වගතුග
වැව ශ්‍රී ලාංකික වාරි සංස්කෘතියේ හදවත යි. එම හදවතේ ස්පන්දනය අනුව වාපී සංස්කෘතියේ නාඩි වැටෙයි. එහෙත්, අද දවසේ ජීවත්වන අපේ දූ දරුවන්ට ඒ පිළිබඳ ඇති අවබෝධය අඩුයි.
“වැවේ වගතුග” මගින් එම අතීත උරුමයේ හෘද ස්පන්දනය කෙසේ ක්‍රියා කළේ දැයි වටහා දීමට වෑයම් කළෙමු. මෙහි සඳහන් වන්නේ අදින් අඩසියවසකට පමණ පෙරාතුව රජරට හා හත් කෝරලයේ වාපී සංස්කෘතියේ මූලික තොරතුරු ය.
සිංහලේ මහා රාජවංශෙ 2
ලංකා ඉතිහාසය සොයා යන්නන්ට අමතක කල නොහැකි මහගු ග්‍රන්ථය මහාවංසයයි.මෙහි එන සුළු කරුණක් පවා සොයා ගැනෙන සෙල්ලිපි වලින් තහවුරු වීම පුදුම සහගතයි. මේ ශ්‍රේෂ්ඨ ග්‍රන්ථය භික්ෂූන්ගේ ප්‍රබන්ධ කථාවක් ලෙසත් එය පක්ෂග්රාහීව ලියන ලදී. එහෙත් ඔවුන් එලාර රජු දැහැමින් පාලනය කළ බව සඳහන් වන මහාවංස පාඨය කියවා නැත. නැතහොත් වාසිය තකා නොකිය වු සේ ඔවුහු සිටිති.
උතුරේ දෙමළ රාජ්‍යක් තුබුණු බවට අමු බොරු කියන මොවුහු එයට කිසිදු සාධකයක් ඉදිරිපත් නොකරති. දෙමළ ජනයා වැඩියෙන් උතුරේ සිටීම වෙනම රාජ්‍යයක් තුබු බවට සාධකයක් නම් මුස්ලිම් ජනයා වැඩියෙන් සිටින බේරුවල ද වෙනම මුස්ලිම් රාජ්‍යයක් තුබුණා යැයි කිව හැකිය. මේවා මිථ්‍යා කථා වෙයි. යාපනයේ සිටි සිංහලයන් ලක්ෂ ගණනක් පලවා හරින ලද්දේ වර්තමානයේ ප්රභාකරන් මෙන් දහහත්වන සියවසේ සිටි සංකිලි නම් දාමරිකයා විසිනි.
දුටුගැමුණු මහරජ
දෙසීයක් පමණ වු මෙරට රජදරුවන් අතරින් ශ්‍රේෂ්ඨතම රජවරුන් කිහිපදෙනා අතරින් ප්‍රධාන ගණයේ කෙනෙකි දුටුගැමුණු රජතුමා. ශ්‍රී ලංකාව හා ජාතිය බේරාගත් වීරවරයන්ගෙන් කෙනෙකි. ක්‍රි.පූ.205 දි උපන් මෙතුමා ක්‍රි.පූ.237-261 දක්වා කාලයේ එක්සත් ලංකාවක් ගොඩනඟා පාලනනය කළේය. ප්‍රථම වරට ලංකාව එක්සත් කළේ මෙතුමාය. මෙතුමාගේ භෂ්මාවශේෂ පරණවිතාරන මහතා විසින් 1948 දී සොයාගන්නා ලදි. එතුමා ආදාහන කළ ස්ථානයේ ගොඩනංඟන ලද සිථුපය දකුණු දාගැබ ලෙස ස්ථිරවම හඳුනාගන්නා ලදි.
ශ්‍රී ලාංකේය අස්පර්ශ්‍ය සංස්කෘතික උරුමය
ශ්‍රී ලංකාව විවිධ ජන කොට්ඨාස විසින් අතීතයේ
පටන්ම ගොඩනඟා ගන්නා ලද ඒ ඒ ජන සමාජවලට
ආවේණික වු දේශීය සංස්තින්ගෙන් පෝෂණය වු
රටකි. එකී සංස්කෘතියේ බෞතිකව හඳුනාගත නොහැකි
පාර්ශ්වය හෙවත් අස්පර්ශ්‍ය සංස්කෘතිය රටක අනන්‍යතාව
නිරූපණය කිරිමෙහි ලා වැදගත් කාර්යභාරයක් ඉටුකරයි.
අස්පර්ශ්‍ය සංස්කෘතික උරුමය යනු අද වන විට ලොව
පුරා පුළුල් ස්ංවාදයකට භාජනය වෙමින් පවතින විෂය
කේෂ්ත්‍රයකි. මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ සුවිශේෂි ජන
කණ්ඩායමක් වන රොඩී ජන සමාජය ඇසුරින් හෙළිදරව්
කිරීම සඳහා කතුවරිය මෙම කෘතියේ දී ගෙන ඇති
උත්සාහය ප්‍රශංසනීය වේ. ආරම්භයේ පටන් ම හුදකලාව
ජිවත් වු කුඩා ජන කොට්ඨාසයක් වශයෙන් රොඩී
ජනතාව විසින් ගොඩනඟා ගත් ඔවුනට ආවේණික
සමාජ චර්යා, සිරිත්,විරිත්,ඇදහිලි හා විශ්වාස,
භාෂාව හා සාහිත්‍යය,ප්රසාංගික කලා සහ ශිල්ප
කර්මාන්ත ආදී අස්පර්ශ්‍ය සංස්කෘතිකාංග පිලිබඳව
මෙහි දී ගැඹුරින් අධ්‍යනය කර ඇත.
Little House in the Big Woods
Classic tales by Laura Ingalls Wilder about life on the frontier and America’s best-loved pioneer family.
Inside the little house in the Big Woods live the Ingalls family: Ma, Pa, Mary, Laura and baby Carrie. Outside the little house are the wild animals: the bears and the bees, the deer and the wolves. This is the classic tale of how they live together, in harmony mostly, but sometimes in fear . . .
The timeless stories that inspired a TV series can now be read by a new generation of children. Readers who loved Anne of Green Gables, Little Women, and Heidi will be swept up by this timeless rural coming of age saga. Perfect escapism for readers aged 8+. Beautifully illustrated by Garth Williams.
කුඹුරුගමුවේ වජිර ස්වාමින්ද්‍ර ප්‍රත්‍යවලෝකන
අති පූජ්‍ය අග්ග මහා පණ්ඩිත, මහාචාර්ය කුඹුරුගමුවේ වජිර ස්වාම්න්ද්ර ප්‍රත්‍යවලෝකන ග්‍රන්ථය සිංහල භාෂා සාහිත්‍යය ප්රදානය කෙරෙන නව මාදිලියේ සාහිත්‍ය නිර්මාණයකි. සම්භාවිත පුද්ගල චරිත හා ආයතනයක් පදනම් කොටගෙන දශක හත අටක කාල පරාසයක් තුළ දේශයක සිදු වූ සමාජ, ආර්ථක , දේශපාලන හා සංස්කෘතික විපරිනාමය විචාරාත්මක විවරණයකට යොමු කළ අයුරු මෙම කෘතිය මගින් දැක බලාගත හැක.
All The Light We Cannot See
Open your eyes and see what you can with them before they close forever.’
For Marie-Laure, blind since the age of six, the world is full of mazes. The miniature of a Paris neighbourhood, made by her father to teach her the way home. The microscopic layers within the invaluable diamond that her father guards in the Museum of Natural History. The walled city by the sea, where father and daughter take refuge when the Nazis invade Paris. And a future which draws her ever closer to Werner, a German orphan, destined to labour in the mines until a broken radio fills his life with possibility and brings him to the notice of the Hitler Youth.
In this magnificent, deeply moving novel, the stories of
Marie-Laure and Werner illuminate the ways, against all odds, people try to be good to one another.
මිලිඳු රාජ ප්රශ්නය 04
රාග ද්වේෂ මෝහ නැසු – සියලුම කෙලෙසුන් වැනසූ
තණ්හා නැති ඇල්මක් නැති – බුදු සව්වෝ වසන්නෝ ය
දහම් නගරයෙහි.
වන සෙනසුන්වල ස්ටිමින් – ධුතාංග ගුණ දරමින්
රළු සිවුරුත් පොරොවාගෙන – නිරතුරුව ම දැහැන් වඩන
විවේකයට ඇලුණු සිතින් – නුවණින් වීරිය වඩනා
බුදු සව්වෝ වසන්නෝ ය – දහම් නගරයෙහි.
වාඩිවෙමින් රැය ගෙවනා – ලද කුටියෙන් තුටු වෙමිනා
සිටිමින්, සක්මනින් යුතුව – පංශුකූල සිවුරු ඇති ව
බුදු සව්වෝ වසන්නෝ ය – දහම් නගරයෙහි.
තුන් සිව්රෙන් අමතර කොට – හිඳිනා සම්කඩයක් ඇති ව
එක් අසුනක හිඳ වළඳන – මැනැවින් සිහි නුවණ යොදන
බුදු සව්වෝ වසන්නෝ ය – දහම් නගරයෙහි.
( මිළිඳු රජතුමා විසින් නාගසේන මහරහතන් වහන්සේගෙන් ඇසු ප්‍රශ්න )
බාහිය දාරුචීරිය මහ රහතන් වහන්සේ
“දසබලධාරී බුදුරජුන් ද පෙරවරුවෙහි පිඬු සිඟා වැඩ දන් වළඳා පස්වරුවෙහි බොහෝ භික්ෂු සංඝයා ද පිරිවරා ගෙණ සැවැත් නුවරින් නික්ම වඩිනා සේක් ගව දෙනක විසින් ඇනීම නිසා පිරිනිවන් පා කුණු ගොඩක් අසල වැටී සිටි බාහිය දාරුචීරීය මහ රහතන් වහන්සේ දුටු සේක.
විදේශීන් දුටු සිංහල ලකුණ
සංස්කෘතිය ගැනත් ඒ හා සම්බන්ධ සාරධර්ම ආදිය පිළිබඳවත් ජන අසංස්ථානයක් පවතින මෙවන් යුගයක අප ගැන විදේශිකයන් ලියූ ඇතැම් දේ එක්කොට මෙම කුඩා කෘතිය රචනා කරන්නට මා පෙළඹුණේ කරුණු කිහිපයක් නිසාය. ස්වදේශික උගතුන් කියන දේට වඩා විදේශික වියතුන් කියන දෙය වැදගත් කොට සලකන ප්‍රවණතාවක් ඇති ව තිබීම නිසා, ඔවුන්ගේ වචන වලින් ම අප ගැන කියූ දේ ඉදිරිපත් කිරීම මැනවැයි සිතීම එක් කරුණකි. අපේ ඇත්තන්ට වඩා අපේ හොඳ නරක පිටස්තරයන්ට බාධාවක් නැති ව කිව හැකි වීම නිසා අප ගැන නැවත සිතන්නට මඳ හෝ අවස්ථාවක් ලබා දීමට වෑයම් කිරීම දෙවන කරුණ ය.
There are no reviews yet.