Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 955-8129-92-5 |
Language | Sinhala |
Pages | 185 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
ත්‍රිවිධ රත්නයෙහි සූවිසි මහා ගුණ
රු400.00
Price Summary
- රු400.00
- රු400.00
- රු400.00
බුද්ධ රත්නය ධර්ම රත්නය සංඝරත්නය යන මේ වස්තු තුන බෞද්ධයන්ගේ අත්‍යුත්තම ප්‍රතිෂ්ඨා තුන ය. ඒ රත්න තුන තමාගේ උතුම් පිහිට ලෙස පිළිගන්නා තැනැත්තේ බෞද්ධ නම් වේ. සරණ යාමය යි කියනුයේ ඒ පිළිගැනීමට ය. රත්නත්‍රයේ එක ගුණයකුදු නො දැන නමින් පමණක් රත්නත්‍රය දැන සිටින බෞද්ධයා නමින් පමණක් බෞද්ධයෙකි. නියම බෞද්ධයකු වන්නට නම් තරමක්වත් රත්නත්‍රයේ ගුණ දැන රත්නත්‍රය හැඳින ගත යුතු ය. පෘථග්ජන පුද්ගලයකුට තබා ආර්‍ය්‍ය පුද්ගලයකුට ද සම්පූර්ණයෙන් තෙරුවන් ගුණ දත නො හැකිය. එහෙත් සකල බෞද්ධයන් විසින් ම තරමකින්වත් තෙරුවන් ගුණ දැන සිටිය යුතු ය. තෙරුවන් ගුණ දන්නා පමණට ඒ ඒ පුද්ගලයාගේ බෞද්ධත්වය උසස් ය.
Notify me when item is back in stock.
Be the first to review “ත්‍රිවිධ රත්නයෙහි සූවිසි මහා ගුණ” Cancel reply
Related Products
භාවනා මානසික සුවයේ උදාව
භාවනාව ජිවීතයට සම්බන්ද කර ගැනීම සදහා ඉතා සරල ලෙසින් කරුණු විස්තර කරමින් සතර කමටහන් හා ආනාපාන සති භාවනාව හදුන්වා දෙමින් ලියන ලද ග්රන්ථයකි.
ආනාපානාසති භාවනාව
ආනාපානසති භාවනාව පිළිබද ලියැවී ඇති ඉතා ක්‍රමවත් එමෙන්ම ඉතා සරල කුඩා පොතකි
අභිධර්ම මාර්ගය
“ මේ පොතට ඇතුලු කර ඇත්තේ සාමාන්‍යයෙන් ධර්මඥානය ඇති කරගන්නා කෙනෙකු විසින් අවශ්‍යයෙන් දතයුතු කරුණු පමණකි, ” ලෙසින්ද “ අභිධර්ම මාර්ගය නැමැති මේ පොත පහසුවෙන් උගැන්විය හැකි පරිදි පිළියෙල කර ඇති බැවින්ද,” බුදුරජාණන් ව වහන්සේ විසින් දේශිත ගැඹුරුම විද්‍යාවක් බදු වූ අභිධර්ම දේශනාවේ ඇති මූලික කරුණු ඉතාහොදින් තේරුම් ගත හැකි වන පරිදි මේ ග්‍රන්ථය සම්පාදනය කර ඇත
ධම්මචක්කප්පවත්තන සූත්‍රය අනාත්මලක්‍ෂණ සූත්‍රය
මෙම ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවෙන් සතියකට පමණ පසු පස්වග මහණුන් උදෙසා දේශිත සූත්‍රය අනාත්ම ලක්ෂණ සූත්‍රයයි. මෙම සූත්‍රය සමහර තැන්වල හදුන්වන්නේ පඤ්ච වග්ගිය සූත්‍රය නමිනි. ඒ පඤ්ච වග්ගිය භික්ෂූන් උදෙසා ම දේශනා කළ බැවිනි. මෙම සූත්‍රයෙහි අන්තර්ගත දර්ශනය අනාත්ම වාදයයි. අනාත්ම වාදය බෞද්ධ දර්ශනයේ මුලික මෙන්ම සුප්‍රකට සංකල්පයයි.
මනෝකාය, මරණය සහ සසර ප්රගමනය
මෙහි කතුවරයා ගැන කිවයුතු දෙයක් නැත.සැබෑව නම් එය හුදු පාඨක ඔබගේ සිතෙහි හටගත් මිත්‍යා සංකල්පයක් මිස, සත්‍ය එවැනි කෙනෙකු නැති බවයි.කවදා හෝ පුද්ගල සංඥාව ඔබේ සිතෙනුත් නැති වූ කල ඔබට මෙහි සත්‍යතාව අවබෝධ වනු ඇත.
සසර ගමනේදී සිදුවන අකුසල කර්ම පලදීම
කර්මය හා කර්ම විපාක පිළිබඳව ධර්මානුකුලව සැකෙවින් ලියවුනු ග්රන්ථයකි.
අසූ මහා ශ්‍රාවකයෝ
මේ කෘතිය අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා පිළිබද තොරතුරු එක් රැස් කොට රචිත කෘතියකි.තැනින් තැන විසීරී පවතින තොරතුරු ගොනු කොට චරිත කථා ගොඩ නංවා පාඨක මන බදින සේ ඉදිරිපත් කිරීමට මුන් වහන්සේ සමත් වී ඇත.
සුත්‍ර ධර්ම නාමාවලිය
සූත්‍ර ධර්ම නාමාවලිය – ත්‍රිපිටකයට අයත් සූත්‍ර පිටකයෙහි ලියැවී ඇති සියලූම සූත්‍ර අකාරාදි පිළිවෙලට, මෙම පොත පරිශීලනය කිරීමෙන් පහසුවෙන් සොයාගත හැක.
ඉතා පැරණි සිංහල බණ කතා
මෙම ග්‍රන්ථය සීහලවත්ථුවේ සිංහල අනුවාදයයි.
මෙහි කතා අසූ දෙකක් ඇත. එයින් වැඩි හරිය බණ කතාය.
බණ කතා නොවන කතාත් අතරින් පතර ඇත.
ඒ හැම කතාවක්ම බාල තරුණ මහලු ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැම දෙනාට එකසේ කියවිය හැකිය.
සාමණේර බණ දහම් පොත(බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය )
සැදැහැයෙන් සසුන් වන් කුල දරුවන් විසින් අනිවාර්යයෙන්ම අධ්‍යායනය කළ යුතු සාමණේර බණ දහම් පොත ප්‍රධාන මාතෘකා විසි දෙකක් යටතේ අලුතින් කරන ලද සංස්කරණයකි.දහර භික්ෂුවකට අවශ්‍ය සෑම පාඩමක්ම ඇතුළත් වී ඇත.
දුක් බිය නැති ජීවිතය
ලෝකයේ විවිධ භාෂා රැසකට පෙරළා ඇති මේ අගනා කෘතිය සිත් ඇදගන්නා අයුරින් දැන් සිංහලයෙන් පළ වී ඇත.කිසිදු ආගමකට ගුරුකුලයකට සීමා නොවී නාහිමිපාණන් විසින් රචනා කොට ඇති මේ කෘතිය දුක් බියෙන් තොර සුන්දර ජිවිතයකට මං පෙන්වන පහන් වැටක් බදුය.
මේ ජීවිතයේදීම පලදෙන කර්ම
මේ ජීවිතයේදීම පලදෙන කර්ම
Recently Viewed
බාලේ පෙම්බර
“අම්මේ.. අන්න ඉලුප්පැල්ලෙ නැන්ද ලිප්බොක්කෙ නිදානයක් වලදැම්ම. මමයි හිච්චිඅයියයි දැක්ක ඇත්තමයි. වැලියි කොස් ඇටයි නිදානෙයක්…”
“ආ… උන්දැගෙ වැලිකොස්ඇට වල එහෙනං මේ සැරෙත් දැම්මද?”
“අම්මෝ අම්මෙ, මහ කන්දරාවක් දැම්ම අන්න. කාට කන්නද ඔයාකාර…”
Grade – 7 Mathematics
Grade 07 – Mathematics
- syllabus started in 2025
- Revision exercises for class work book
- Including three-term test paper with answers
බුද්ධ ඇදහිල්ල
අපේ බෞද්ධ සංස්කෘතික පරිචයක් වශයෙන් අවුරුදු පතා යන වන්දනා ගමන්වල දී අත්පොතක් වශයෙන් මෙම පොත ගෙන යා හැකිය. මෙහි භාවනා නමින් වෙනම පරිජෙදයක් එයි. එහි සියළුම භාවනාවන් ඒකරාශි කර ඇත. වන්දනාවක දී හෝ ගෙදර සිටිය දී තමන්ට කැමති භාවනාවක් මේ පොත බලාගෙන වුවද කළ හැකිය.
බෞද්ධ ඇදහිල්ල නම් මෙම කෘතිය බෞද්ධ අත් පොතක් වශයෙන් පරිශිලනය කිරීමට සුදුසුය. සිතුවම්ද ඇතුළත් කොට ඇති මෙහි ජන සමාජයේ ඇදහිලි ක්‍රම පිළිබඳවත් බෞද්ධයින් සතු සියලු පුද පූජාවල් පිළිබඳවත් පැහැදිලි කිරයි.
ෂැංහයි සොඳුරිය
චෙයි චෙයි හමුදා නිලධාරියකුගේ දියණියකි’ ඇය තම ළමා කාලයේ වසර තුනක්ම ජිවත් වුයේ සංස්කෘතික විප්ලව සමයේ , භික්ෂුන් නෙරපා දමා හමුදා බලාඇනි විසින් අල්ලාගන්නා ලද පන්සලක් තුලය.ෂැංහිනි කිරතිමත් ෆුඩාන් සරසවියේ ඇය සාහිත්‍යය හැදෑරුවාය. ඇගේ පරම්පරාවේ නැගී එන තාරකාවක් ලෙසට මුලින් රාජය මාධ්‍ය මගින් උසස්කොට සලකන ලද ඇය දැන් හදුන්වනු ලබන්නේ කමකට නැති, දුෂිත, විදේශීය සංස්කෘතික වහලියක ලෙසයි. 2000 වසරේ අප්‍රේල් මාසයේදී බලධාරීන් විසින් තහනම් කරන ලද ‘ෂැන්හයි බේබි ‘ කෘතියෙහි පිටපත් 40000 ගිනි තබන ලදී.
Books That Changed History
|
5 ශ්‍රේණිය පරිසරය (කෙටි සටහන්)
පරිසරය විෂයට අදාළ කෙටි සටහන් (පාඩම් සාරංශ) මෙහි දැක්වේ.
විමුක්තිය
යතාර්ථ රීතියෙහි පිහිටා නිර්මාණය කරන ලද මෙහි ඇතුළත් කතා ‘අත්දැකීම් හා පරිකල්පනය’ සම්බන්ධයෙන් කළ අත්හදා බැලීම්වලින් සමන්විත වන්නේ ය. අත්දැකීම්වල නිර්ව්‍යාජ ගුණයත් ‘පරිකල්පනයත්’ නිර්මාණයක ‘අර්ථවත්භාවය‘ මෙන්ම ‘මෙන් ම ‘රසවත්භාවය‘ සම්බන්ධයෙන් ඉවහල් වන්නේ ය. ඒ අවබෝධයෙන් රචිත මෙහි ඇතුළත් කතා, පාඨකයාගේ පරිකල්පන ඥානය අවදි කරයි. සාහිත්‍ය කෘතියක් එය පහළ වු සමාජයේ – එය පහළ වූ අවධියේ, දර්පණ තලයක් ය යන්න මෙන්ම, සාහිත්‍ය කෘතියක් අදාළ වන්නේ ඒ අවධියට පමණක් නොවේ ය යන්න ද මේ කතා සනාථ කර සිටියි. කවර කලක බිහිවුණ නිර්මාණයක් වුව පාඨකයාට වැදගත් වන්නේ ඉන් අත්විඳිය හැකි ජීවනාස්වාදය හේතුවෙනි යන අදහසත් මේ කතා සපථ කරයි.
අභිධර්මචන්ද්‍රිකාව (සම්පූර්ණ පොත)
අභිධර්මය උගෙනීමට, භාවිතා කිරීමට විශාල පිරිසක් උනන්දුවක් දක්වන මේ යුගයේ එසේ අභිධර්මය උගන්වන අයට අත්පොතක් වශයෙන් පාවිච්චි කිරීමට මෙය ඉතාම යහපත්ය. ගැඹුරු ධර්මයක් වන අභිධර්මය කුඩා ළමයාගේ පටන් වැඩිහිටියා දක්වා සෑම තරාතිරමේ අයෙකුටම පහසුවෙන් සිතට වේදනාවක් නැතිව උගැන්වීමට ලියන ලද පොත අභිධර්ම චන්ද්‍රිකාව යි. පිරිවෙන් ප්‍රාචීන, මධ්‍යම, ප්‍රා.අවසන් හා අභිධර්මාචාර්ය විභාගයට අභිධර්මය උගන්වීමට භාවිතා කිරීමට මෙය ඉතා සුදුසු වේ.
අ.පො.ස. උසස් පෙළ තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය
අ.පො.ස. උසස් පෙළ තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය විභාග ප්‍රශ්න පත්‍ර (2011-2021) උත්තර ඇතුළත් වේ.
There are no reviews yet.