Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-624-00-1774-9 |
Language | Sinhala |
Pages | 216 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
- You cannot add "කෙලෙස් පර්වත" to the cart because the product is out of stock.
පහනක අඳුර
රු1,100.00
Price Summary
- රු1,100.00
- රු1,100.00
- රු1,100.00
මෙරට මැද පංතිය තමා තුළ සිදු වුණු සංක්‍රාන්තීන් ඔස්සේ
දම්බ සමාජයක් හෙවත් ප්‍රෝඩාකාරී මගඩි සමාජයක් දක්වා
අවගමනය වීම මෙහි සටහන් වන්නේ එමඟින් ඇති කරන ලද
දරුණු ආර්ථික හා සමාජ ව්‍යසනයේ ඇතුළාන්ත පරිණාමය
අවබෝධ කර ගන්නට ඉඩක් ලබා දෙන සමාජ නිරූපණයක්
ලෙසිනි.
අවංකකම, හෘදසාක්ෂිය හා නීතිය මත කටයුතු කරන සිවිල්
නිලධරයකුගේ පාපෝච්චාරණය මැද කොළඹ නගර සිතියම
මත ඇඳෙන සංකීර්ණ බල සබඳතා මෙරට සමකාලීන මානව
ප්‍රහසනය නිමවයි.
සමාජ-දහවල එළිය කළ ප්රබුද්ධත්වයේ සූර්යයා ද,
සමාජ-රාත්‍රිය පහන් කළ ප්රබුද්ධත්වයේ පහත් ද නිවී යයි.
පරිහානියට පත් වුණු සමාජ හා සංස්කෘතික සංස්ථාපිතයෝ
ආලෝකය වෙනුවට අන්ධකාරය පතුරති. රැස් වළලූ වෙනුවට
කළු කුහර ද මවති. දුස්වප්නයක් බවට පත් වුණු මෙරට
රාජ්‍යයේ හා නිදහසේ සිහිනය සිංහල නවකථා වංශාවලිය
තුළ කියැවේ.
Notify me when item is back in stock.
Be the first to review “පහනක අඳුර” Cancel reply
Related Products
කන්ද උඩ ගින්දර
සෙල්ලම් නිරිඳු ලෙසින් ප්‍රකට වූ කුන්ඩසාලේ කුමාරයා රාජාවලියේ හමුවන අවසන් සිංහල රජු වේ. ඒ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුය. එතුමාගේ ජීවිතයෙන් එක්තරා කාල පරිච්ඡේදයක් මෙම කෘතියට පසුබිම් වී තිබේ. ඒ කාලයේ රජු වටා සිටි චරිත අතර ප්‍රමිලා දේවිය, දස්කොන් අදිකාරම, මොණරවිල කුමාරිහාමි, කැප්පෙටිපොළ මහ නිළමේ, රම්මොලක මහ අදිකාරම, වැලිවිට සරණංකර හිමි ආදී ඓතිහාසික චරිත රැසක් සමග නිර්මාණාත්මක ලෙසින් ප්‍රබන්ධ කොට ඇති ඓතිහාසික නවකතාවකි. ප්‍රවීණ කලාවේදී ජැක්සන් ඇන්තනී මහතාගේ පළමු නවකතාව වන මෙය පාඨක මනස ඇදබැඳ ගැනීමට සමත් වූ භාෂා ශෛලියකින් සමන්විතය.
අපූරු යාළුවෝ
1974 වර්ෂයේ විශිෂ්ටතම යොවුන් නවකතාව ලෙස රාජ්‍ය සම්මානය දිනූ මේ කෘතිය ලාංකීය යොවුන් කතා අතර ඉතා දිගු කාලයක් සහෘද මනදොළ සපිරුවකි. දරුවන්ගේ චින්තනය අති ප්රබලය. ඔවුන් රටේ සංවර්ධනයට මනාව උර දෙයි.
අදිසි නදිය
මායාරූපී ප්‍රබන්ධ, අධිතාත්වික පරිකල්පනය, වීරාඛ්‍යානය, දේශපාලන සහ විද්‍යා ප්‍රබන්ධ යනාදී සාහිත්‍ය ශානර ඔස්සේ ගලා බස්නා ‘අදිසි නදිය’ කුතුහලාත්මක බවින් පිරි සුපාඨනීය කියැවීමක් බවට පත්වෙයි. එසේම මානවවාදී ධීරවීර පුද්ගලයන් හා අදූරදර්ශී අධිපතිවාදී පාලකයින් අතරෙදී පවත්නා නිරන්තර අරගලය ද ‘අදිසි නදී’ දැලේ නිරූපණය වෙයි.
සක්කාරං
මෙරට වැඩවසම් සමාජය හා බැඳුණු රාජකාරී ක්‍රමය සමග ඈඳුණු
ලිංගික සූරාකෑම පිටුදැක රාජකාරිය සිය දේවකාරිය කරගත් උතුම්
මිනිසුන් කොටසකගේ කතාන්දරයයි. ස්වර්ණ පුස්තක හා රාජ්‍ය
සාහිත්‍ය සම්මාන නිර්දේශිත කතාවකි.
රජා මං වහළා
‘රජා මං වහලා‘ යනු, ඇම්.ඩී. ගුණසේන සමාගම විසින් මෙයට පෙර ප්‍රකාශයට පත් කරන ලද ‘පඹයයි ළමයයි‘ සහ ‘මකරට‘ යන වේදිකා නාට්‍ය පිටපත් කෘති දෙක මෙන්ම ගුණසේන Q&A නාට්‍ය සහ රංගකලාව කෘතියෙහි කතුවරයා විසින් රචිත තවත් සුවිශේෂී නාට්‍ය පිටපත් කෘතියකි.
BUY EBOOK VERSIONකාල නදී ගලා බසී
කඳුකරයේ සිට මුහුදුකරයට නිසොල්මනේ ගලා යන කළු ගඟ මෙන්ම එහි ඉහල පහල ගිය පාරුවක නිසල ජීවිතයක් ගෙවූ තණ්ඩලේට එක්වූ සාදිරිස් ද අත්විඳි අවට පරිසරයේ මෙන්ම වැවිලි කර්මාන්තයේ ආගමනය සමග මිනිස් ජීවිතවල සිදුවූ භෞතිකමය වෙනස්වීම් ඇසුරෙන් රචිත යුගයක සමාජ විපර්යාසය, අපූරුවට ගෙත්තම් කළ චිත්තාකර්ෂනීය නවකතාවකි.
කෙලෙස් පර්වත
‘මහත්තයා හුඟ වෙලාවක ඉඳල නින්දෙන් දොඩවනවා” යි මෙතෙක් ඔහු ළග නිහඬව සිටි සෝමා කිවා ය. ” මම හරියට බය වුණා… ” “සෝමා අහගෙනද හිටියෙ? ” “ඇහුණා…. මට හරියට බය හිතුණා. ” යි පැවසු සෝමා හිස ඔසවා ඔහු දෙස උනන්දුවෙන් බැලුවාය. උපතිස්ස ඇගේ බැල්ම මඟහැර, මඳ වෙලාවක් වහල දෙසට ඇස් යොමුකර ගෙන සිට මෙසේ කිවේය. “ඒ මගේ අතීතේ වෙන්නැති…… මගේ අතීතේ මට වද දෙනවා “
Kakiyan
Captain Elmo Jayawardena’s latest book ‘Kakian’ is published as follows. Written in English, it contains, quite simply, the story of the ravens we often see. The raven is a nuisance to many, but the author sees it differently. This book describes very interestingly how he sees the life of a raven.
BUY EBOOK VERSIONසිංහලේ අවසන් රජදහන
කැප්ටන් එල්මෝ ජයවර්ධනයන්ගේ The Last Kingdom of Sinhalay කෘතියේ සිංහල පරිවර්තනය ‘සිංහලේ අවසන් රජදහන’ නමින් ප්‍රේමසිරි මාහිංගොඩ විසින් මෙසේ පිළිගන්වයි. අප රට අවසන් රාජධානිය වූ මහනුවර යුගය ඇසුරින් මෙය ලියැවී තිබේ.
ධරණී
” එතැන් සිට අවරුදු ගණනාවක් යනතුරු ඇය මගේ කොට්ටය යට හැම වෙලේම සිටි අතර අම්මා මට අසාධාරණ ලෙස බැණ වැදුණු හැම දිනෙකම, අර සුරඟනා කතාවේ දැරිය විදිහටම, ගෙයි පිළිකන්නේ තිබුණු ලී බැංකුව මත වාඩි වී ඇය ඉදිරීයේ මගේ පෑරුණු හදවත විවර කළෙමි. ඇය මා කියන කතා අසා සිටින බවටද, කිසියම් රහස් හඬකින් මගේ හිත සනසන වදන් කියන බවටද මට එකල විශ්වාසයක් තබිණි. නොඑසේ නම්, මම රෙදි බෝනික්කෙකුට පණ ලැබෙන එවැනි සිහින ලෝකයක සැරීසැරුවෙමි. “
ස්වයංජාත
මේ පවුලට කොහෙන්දෝ පාත් වූ විභූතිරත්න ඇත්තෙන්ම කවරෙක්ද ? ඔහු සිය පියපසින් ලැබූ ගති පැවතුම් හෝ නාමරූපාදී ලක්ෂණ හෝ කිසිවකුත් නැත්තෙකි.රූපය හැර අන් සියල්ලම ඔහු ලබා ඇත්තේ මව් පසිනි. ඇවතුම් පැවතුම් විසින් ඔහු තුල සපුරාම සිටින්නේ පබිලිනාහාමි නොවේද? එසේ නම් මේ අභූත රූපය ඔහුට ලැබුනේ යක්කුටිගල හිමියන්ගෙන් ද? නැතහොත්, ඒබරන් අප්පු කියන්නාක් මෙන් පබිලිනාහාමිගේ පරම්පරා රුධිරය තුළ සැඟවී සිටි ඇඟේ මීමුත්තෙකුගෙන්ද? එසේත් නැත්නම් ඔහු පබිලිනාහාමිගේ හද මනස ඇසුරු කොට උපන් ස්වයංජාත පුත්‍රයෙක් ද?
රාමා සහ දිනූ
දරුවන් යහමගට පත්වන්නේ දෙමාපියන්ගේ හා ගුරුවරුන්ගේ යහපත් මග පෙන්වීමත් ගුණගරුක බවත් තුළිනි. ඒ සඳහා ආගම් හා ජාති භේද අවශ්‍ය නොවේ. රාමා හා දිනූ නවකතාව අපට පවසන්නේ එයයි.
BUY EBOOK VERSIONRecently Viewed
Winnie the Pooh Complete Collection 30 Books Box Set
Once upon a time, a very long time ago now, about last Friday, Winnie-the-Pooh lived in a forest all by himself under the name of Sanders.’ Why settle for one Winnie-the-Pooh story, when you could have the complete collection of A.A. Milne’s 30 stories? Quite simply the most wonderful gift books to give a child, this elegant slipcase contains every heart-warming moment of this classic character series. Since Pooh’s first appearance in publication in 1924 the “bear of very little brain” and his friends Piglet, Eeyore and Tigger have charmed millions of children – not to mention their parents – across the world. And his continuing success proves the timeless nature of A.A. Milne’s stories, based upon the nursery toys played with by his own son, Christopher Robin.
කැවුං.. කැවුං..
ටික දුරක් යනකොට යාළුවන්ගෙ කිසිම සද්දයක් නැතුව ගියා. බළල් හාමිට ටිකක් සැක හිතිලා හැරිලා බැලුවා. යාළුවො ටික නම් හොඳට ඉන්නවා. ඒත් කැවුම් කද පෙනෙන්න නෑ.
“කෝ මගේ කැවුම්?” බළල් හාමි ඇහුවා.
කාගෙවත් සද්දයක් නෑ.
“කෝ මගේ කැවුම්?”
බළල් හාමි කෑ ගහලා ඇහුවා.
අටමහ පිංකම්
සිංහල බෞද්ධ සම්ප්රදායේ අට වැදෑරුම් මහ පින්කම්
- කඨින චීවර පූජාව
- අටපිරිකර පූජාව
- ආවාස දාන පූජාව
- බුද්ධ ප්රමුඛ සාංඝික දානය
- ධර්ම ලේඛනය
- ඛෙත්ත දානය
- පටිමාකරණය හෙවත් පිළිම කරවීම
- සංඝයා උදෙසා වච්ච කුටි කරවීම
The New Millennium Illustrated Dictionary
The New Millennium Illustrated Dictionary sets new standards in reference publishing for today’s generation. Over one thousand superb colour illustrations, many surrounded by labels with more specialized vocabulary, are combined with text written in friendly, accessible language. The perfect dictionary for home and school from age 9 to adult.
Poster Colours Plastic Box (FABER CASTELL) Set of 6 Tin
|
Robin Hood – Timeless Classics
These enduring classics span various epochs and genres of storytelling, captivating readers across countless generations. M.D.Gunasena – Timeless Classics infuses renewed vitality into these magnificent stories to ensure that these tales will continue to enchant the hearts and minds of readers for generations to come. This is Robin Hood which belongs to timeless classic series.
අවසාන පැය
කෘතියේ පෙළගැස්ම
- අවසාන පැය
- බාප්පාගේ මරණය
- ඩයස් මහත්තයා
- ජයසේනගේ බලාපොරොත්තුව
- නාගයා
- ආච්චිගේ උදව්ව
- පන්සලේ කපු මහත්තයා….යනාදි කෙටිකතා 16 කින් සමන්විත වේ.
වනගත භික්ෂුව
මෙයට වසර දෙදහස් පන්සියයකට පමණ පෙර, එනම් භාග්‍යවත් බුදුන් වහන්සේගේ පිරිනිවනින් පසු, බොහෝ භික්ෂූහු වනවාසීව, කඳු මුදුන් හා ලෙන් ආශ්‍රිතව බවුන් වැඩීමෙහි නිරත වුහ. ඔව්හු එවන් ක්‍රියාදාමයන් තුළීන් කායිකව හුදකලා වී බුදුන් වහන්සේගේ දහමේ සත්‍යතාව මැනවින් අවබෝධ කර ගත්හ.
Heidi – Timeless Classics
These enduring classics span various epochs and genres of storytelling, captivating readers across countless generations. M.D.Gunasena – Timeless Classics infuses renewed vitality into these magnificent stories to ensure that these tales will continue to enchant the hearts and minds of readers for generations to come. This is Heidi which belongs to timeless classic series.
කපටි බළලා
“මං කියන දේ ඇහුවොත් ඔබට මුළු ජීවිතේම වාසනාවන්ත කර ගන්න පුළුවන්. අද ගඟට ගිහින් මං කියන තැන නාමින් ඉන්න ඕනෑ. ඉතුරු හරිය මං බලා ගන්නම්!”
හාම්පුතා බළලා කියූදේ අහලා ගඟට නාන්න ගියා. හැබැයි එහෙම කරන්නෙ මොකටද කියලා නම් එයා දැන ගෙන හිටියේ නෑ.
එයා ගඟේ නාමින් ඉන්න කොට රජ්ජුරුවෝ ගං ඉවුර දිගේ අශ්ව කරත්තෙන් ගමන් කළා.
බළලත් බලන් හිටියෙ ඒ මොහොත උදා වන තුරු තමයි. අශ්ව කරත්තය ළං වෙන කොටම බළලා මහා හයියෙන් කෑ ගැහුවා.
“බේරාගනියෝ! බේරාගනියෝ! කරබාස් සිටුතුමා ගඟේ ගිලෙනවෝ!”
ඒ ශබ්දය ඇහිලා රජ්ජුරුවෝ කරත්තයෙන් එබිකම් කරලා බැලුවා. රජ්ජුරුවෝ බළල හඳුනා ගත්තා. වහාම කරබාස් සිටුවරයා බේරා ගන්නැයි සේවකයින්ට අණ කළා.
වලස් පවුල – Fairy Tale Classics – Sinhala
අප රටේ කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුරංගනා කතා පොත් මාලාවක එක් කෘතියක් ලෙසින් ඔබ අතට පත්වන මේ ‘වලස් පවුල ‘, Goldilocks and the Three Bears නම් සුප්‍රකට සුරංගනා කතාවේ සරල සිංහල අනුවාදයකි. සරල බසින් යුක්තව, ඔප කඩදාසියේ මුද්‍රිත, වෛර්ණ සිතුවම්වලින් යුක්ත මේ පොත කුඩා දරුවන්ගේ ආදරයට ලක්වනු නොඅනුමානය.
4 ශ්‍රේණිය ගණිතය වැඩපොත (ශිල්ප)
මෙම කෘතිය ගුරු අත්පොත අනුව සම්පාදනය කර ඇත. වාර විභාග පුනරීක්ෂණ හා පිළිතුරු සහිතයි.
09 ශ්‍රේණිය සිංහල භාෂාව ( MY TUTOR )
- පාඩම් අවබෝධය පිරික්සුම
- වාර විභාග ප්‍රශ්න පත්‍ර
- පිළිතුරු ඇතුළත් ය.
09 ශ්‍රේණිය සිංහල භාෂාව විෂය සඳහා අනුමත නිර්දේශ ඇතුළත් කෙටි ප්‍රශ්න හා එම ප්රශ්නවල අදාළ පිළිතුරු ඇතුළත් ය.
සරල සංස්කෘතශික්ෂකය 2
සරල සංස්කෘත ශික්ෂකය 2 – මේ සරල සංස්කෘත ශික්ෂක නම් පොත් පෙලේ දෙවැන්නයි. මෙහි පළමුවන පොත හදාලහට මේ දෙවැන්න මැනවින් ඉගැන්මෙන් සකුබසෙහි මහත් නිපුණ බවක් ලැබෙනු ඇත.
ශ්‍රී ලංකාවේ භූගෝලීය විස්තර
ශ්‍රී ලංකාවේ භූගෝලීය විස්තර නම් මෙම ග්‍රන්ථය අප රටේ භූගෝලීය හා පාරිසරික පැතිකඩ පිළිබඳව පාසල්, විශ්වවිද්‍යාල සිසුන්, පරිසරය පිළිබඳව අධ්‍යයනය කරන්නන්, මෙන්ම මහජනතාවද දැනුවත් කිරීම සඳහා රචනා කෙරුණකි. අප රටේ භූමි දර්ශනය, දේශගුණය, ජලවහනය, වනාන්තර, වාරි කර්මාන්ත හා ඓතිහාසික උරුම පිළිබඳව මෙම ග්රන්ථයෙහි කරුණු අන්තර්ගත කොට ඇත.
There are no reviews yet.